අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව ප&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව ප&

    tr2r.jpg

    අනේ ඩොක්‌ටර් අම්මට දැන්ම කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරුව මැරෙයි. වේයන්ගොඩදී දුම්රියෙන් වැටී බරපතළ ලෙස තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයා එලෙස ඉල්ලා සිටිද්දී රෝහල් වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාගේ නෙතට නැගී තිබූ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නට පටන් ගත්තේය.


    පෙරේදා (17 වැනිදා) සවස 3.30 ට පමණ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ මෙම තරුණයා නමින් සමීර ප්‍රසාද් අසුරමාන්නය. වයස අවුරුදු විසිඑකකි. වේයන්ගොඩ එළුවාපිටිය අංක 326/1 පදිංචිව සිටි මොහුට වෛද්‍ය සහෝදරියකද සිටින බව ඔහු කියා ඇත. කොළඹ රැකියාවක් කරමින් මව සහ නැගණිය ජීවත් කරවූ ඔහු කොරියාවේ රැකියාවකට යාමට සුදුසුකම් ලබා බලාපොරොත්තු සහගතව සිටි තරුණයෙකු බවත් කියැවුණා.

    මේ සිද්ධියට මුහුණ පෑවේ කොළඹ සිට වවුනියාව බලා ධාවනයවූ දුම්රියෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් බැස යන්නට සූදානම් වූ 24 හැවිරිදි සමීර ප්‍රසාද් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකි. ඔහු තමන් බසින්නට නියමිත වේයන්ගොඩ දුම්රිය ස්ථානය ළගාවන විට පාපුවරුවට කකුළ තබා ඇති බවත් ඇණ ගැලවී බුරුල්ව තිබුණ එය ඔහුත් සමග රේල්පීලි අතරට කඩා වැටුණ බවත් වාර්තා වනවා. මේ නිසා ඔහුගේ සිරුර කෑලි 3 කට වෙන්ව තිබුණා.

    මේ අනතුර සිදුවූ පසු තමන්ගේ සිරුරේ කොටසක් අහිමිවූ බව ඔහුට එක්වරම වැටහී නැති බවත් හොඳින් කතා කරමින් සිටි බවත් වාර්තා වුණා.

    උදරයෙන් පහළ කොටස දුම්රියට හසුවී ගැලවී ගොස්‌ තිබියදී තරුණයා සාමාන්‍ය පරිදි කතා කරමින් කළ කී දැ රෝහල් කාර්ය මණ්‌ඩලය පවා සසල කළේය. දුම්රියට හසුවූ පසු ඔහු ළඟට පැමිණි අයකුගෙන් ඇසුවේ “කෝ මල්ලි මගේ කකුල් දෙක” කියාය. පසුව රෝහලට ගෙන ගොස්‌ ඇත.

    “අනේ ඩොක්‌ටර් මට පොඩි උදව් දෙකක්‌ කරන්න.”
    “මොකක්‌ද ඕනේ උදව්ව”
    “මගෙ කොන්ද රිදෙනවා. ඉන්ජෙක්‌ෂන් එකක්‌ ගහලා ඒ වේදනාව නතර කරන්න. තිබහයි උගුර ගිලෙන්න වගේ. වතුර ටිකක්‌ දෙන්න.” ඒ තරුණයා එසේ ඉල්ලීය.
    විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතා ද පැමිණ රෝගියා පරීක්‍ෂා කර ඒ මොහොතේ රෝගියා බාරව සිටි වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාට ඉංග්‍රිසියෙන් කළ උපදෙස්‌ ද රෝගියා අසා සිටියේය.
    “අනේ මගෙ කන්දෙකට පුළුන් කෑලි දෙකක්‌ ඔබන්න. මම දන්නවා. මම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මාව ජීවත් කරවන්න උත්සාහ ගන්න එපා. කියා ආයාචනා කරන්නට විය.

    ඒ අසල සිටි තරුණ වෛද්‍යවරිය දෙස බලා තරුණයා ඇසුවේ “කකුල් දෙක නැති කෙනෙක්‌ව බඳින්න ඩොක්‌ටර් වුණත් කැමති නෑ නේදැයි” කියාය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඒ වේදනාවද යටපත් කරගෙන මේ තරුණයා කතා කරන දේවල් රෝහල් කාර්ය මණ්‌ඩලයට අසන්නට සිදුවූයේ කඳුළු කැට තුළිණි.
    සිද්ධිය දුටුවන් පොලිසියට කියා ඇත්තේ අනතුරෙන් පසු සෑහෙන වේලාවක්‌ ඔහු අනතුර වූ ස්‌ථානයේ සිටි බවය.

    “මම හිතාමතා දුම්රියට පැන්නේ නෑ එහෙම පැනලා මැරෙන්න මට ප්‍රශ්නයක්‌ ඇත්තෙත් නෑ. මට දැනුනේ දුම්රියේ පඩිය (Footboard) එක කඩාගෙන වැටුණා. වගෙයි. “අනේ ඩොක්‌ටර්… මගෙ පර්ස්‌ එකේ අයිඩෙන්ටිටිය තියෙනවා. දැන්ම නම් අම්මට කියන්න එපා. මට දැන් ජීවත්වෙන්න ඕනෙ නෑ.” මේ තරුණයා එසේ කියා මහ හයියෙන් හුස්‌ම ගන්නට පටන් ගත්තේ විනාඩි හතළිහක පමණ කාලයක්‌ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්‌ඩලය සමග එලෙස කතා කළ පසුවය.

    මේ තරුණයා උගත්, බුද්ධිමත් අයෙක්‌ වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්‌ඩලයට සිතිණි. රෝගියාගේ සිරුරෙන් ලේ වහනය වන්නට වූ පසු වෛද්‍යවරු තරුණ ජීවිතය බේරා ගන්නට නොගත් උත්සාහයක්‌ද නැත. පිටතින් රුධිරය ලබා දුන්නේ කොහොම හෝ මේ වටිනා ජීවිතය බේරා ගන්නටය.

    මවට අසීමිතව ආදරය කළ මේ පුතු පණපිටින් ඒ මව වෙත යවන්නට ඇත්නම් කියා වෛද්‍යවරුන්ට සිතුණි. ඒත් ඒ මවට, මේ පුතුගේ අන්තිම වචන කන්දරාවෙන් එකක්‌ හෝ අසන්නට ඉඩ නොදී මාරයා ඒ පුතුව රැගෙන යන්නටම ගියේය.
    “අනේ මගෙ රත්තරන් පුතේ ඔයාට මේ මොකද වුණේ…” ඒ අම්මා එලෙස අසන විට පුතුගේ වචන මැෂිම නතරව තිබිණි.



    අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව පතමු!

    http://www.elakiri.com/forum/showthread.php?t=1378464

    tr3y.jpg



     
    Last edited:

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    pera tttamaye meya danuwat wa ho nadanuwatwa koku papa karmayak karanna ati me wage maranyakta godauru wenna...eaki eyata me wage viptak me attamyedi labune..eka etin loku podi malu duuapt pohosat kyla bedeyak ne ne
     

    Shelphy

    Member
    Mar 19, 2012
    120
    3
    0
    Yaluwane , Puluwan tharam Prawesam weyalla. Anathuru aduwena widihata api weda karamu. Me Sameera Sahodaraya apita Hithanna yamak ithuru karla giye...

    R.I.P brother.

     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    නිවන් සුව අත් වේවා සහෝදරයා . මතු ආත්මයක මෙවැනි නිලදාරී පන්තියක් සිටිනතාක් කල් ලංකාවේ උපදින්න එපා කියලා ප්‍රර්ථනා කරනවා ..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මැවිලා පෙනුනා බන්..... හතුරෙක්ට වත් මෙහෙම නම් වෙන්න එපා. :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පඩි වැඩි කරන්න ස්ට්‍රයික් කරන, අකුරට වැඩ කරන අපේ දුම්රිය සේවක බබාලා කොහෙද දන්නේ නෑ ඉන්නේ.........මේව බලන්න ඕන නඩත්තු කටයුතු කරන උන් නේද? හැබැයි අකුරට වැඩ.......අනේ හුකේ......!!!!!!!
    ඇමතියත් දැං යූනියන් වලට බයේ ඉදියි කටයි *කයි වහගෙන...අන්තිමට කොල්ලෙක් ගේ ජිවිතේ නැති වුනා කාලකන්නි විදියට..........!!!!
    ඔය ඇණය තදකරන එකා උගේ වැඩේ අකුරට කලා නම් මේ කොල්ලා අපි අතර නේද තවම....????? නොදකින්....හෙණ ගහන්න ඕන ඔය වල් හැත්තට.......අපේ බදු සල්ලි වලින් පඩි කකා තමන් ගේ වගකීම හරියට කරන්නේ නැති ගල් මූසලයන්ට..........
    අපේ කේල්ලන්ට ඔහොම මැරෙන්න දෙන්න පුළුවන් ද බං......මේ උඹේ, මගේ මල්ලි නම්, අපට වාව ගන්න පුළුවන් ද?????????? යුද්දෙට ගිහින් නම්, සුනාමිය වගේ එකක් නම් හිත හදා ගත්තෑකි......නමුත් එක පරයෙක් ඇණයක් තද නොකරපු එකකට ජීවිතෙන් ගෙවන්න වෙන කොට උහුලං ඉන්න පුළුවන් ද???????