අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව ප&
අනේ ඩොක්ටර් අම්මට දැන්ම කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරුව මැරෙයි. වේයන්ගොඩදී දුම්රියෙන් වැටී බරපතළ ලෙස තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයා එලෙස ඉල්ලා සිටිද්දී රෝහල් වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ නෙතට නැගී තිබූ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නට පටන් ගත්තේය.
පෙරේදා (17 වැනිදා) සවස 3.30 ට පමණ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ මෙම තරුණයා නමින් සමීර ප්‍රසාද් අසුරමාන්නය. වයස අවුරුදු විසිඑකකි. වේයන්ගොඩ එළුවාපිටිය අංක 326/1 පදිංචිව සිටි මොහුට වෛද්‍ය සහෝදරියකද සිටින බව ඔහු කියා ඇත. කොළඹ රැකියාවක් කරමින් මව සහ නැගණිය ජීවත් කරවූ ඔහු කොරියාවේ රැකියාවකට යාමට සුදුසුකම් ලබා බලාපොරොත්තු සහගතව සිටි තරුණයෙකු බවත් කියැවුණා.
මේ සිද්ධියට මුහුණ පෑවේ කොළඹ සිට වවුනියාව බලා ධාවනයවූ දුම්රියෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් බැස යන්නට සූදානම් වූ 24 හැවිරිදි සමීර ප්‍රසාද් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකි. ඔහු තමන් බසින්නට නියමිත වේයන්ගොඩ දුම්රිය ස්ථානය ළගාවන විට පාපුවරුවට කකුළ තබා ඇති බවත් ඇණ ගැලවී බුරුල්ව තිබුණ එය ඔහුත් සමග රේල්පීලි අතරට කඩා වැටුණ බවත් වාර්තා වනවා. මේ නිසා ඔහුගේ සිරුර කෑලි 3 කට වෙන්ව තිබුණා.
මේ අනතුර සිදුවූ පසු තමන්ගේ සිරුරේ කොටසක් අහිමිවූ බව ඔහුට එක්වරම වැටහී නැති බවත් හොඳින් කතා කරමින් සිටි බවත් වාර්තා වුණා.
උදරයෙන් පහළ කොටස දුම්රියට හසුවී ගැලවී ගොස් තිබියදී තරුණයා සාමාන්‍ය පරිදි කතා කරමින් කළ කී දැ රෝහල් කාර්ය මණ්ඩලය පවා සසල කළේය. දුම්රියට හසුවූ පසු ඔහු ළඟට පැමිණි අයකුගෙන් ඇසුවේ “කෝ මල්ලි මගේ කකුල් දෙක” කියාය. පසුව රෝහලට ගෙන ගොස් ඇත.
“අනේ ඩොක්ටර් මට පොඩි උදව් දෙකක් කරන්න.”
“මොකක්ද ඕනේ උදව්ව”
“මගෙ කොන්ද රිදෙනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒ වේදනාව නතර කරන්න. තිබහයි උගුර ගිලෙන්න වගේ. වතුර ටිකක් දෙන්න.” ඒ තරුණයා එසේ ඉල්ලීය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතා ද පැමිණ රෝගියා පරීක්ෂා කර ඒ මොහොතේ රෝගියා බාරව සිටි වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාට ඉංග්‍රිසියෙන් කළ උපදෙස් ද රෝගියා අසා සිටියේය.
“අනේ මගෙ කන්දෙකට පුළුන් කෑලි දෙකක් ඔබන්න. මම දන්නවා. මම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මාව ජීවත් කරවන්න උත්සාහ ගන්න එපා. කියා ආයාචනා කරන්නට විය.
ඒ අසල සිටි තරුණ වෛද්‍යවරිය දෙස බලා තරුණයා ඇසුවේ “කකුල් දෙක නැති කෙනෙක්ව බඳින්න ඩොක්ටර් වුණත් කැමති නෑ නේදැයි” කියාය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඒ වේදනාවද යටපත් කරගෙන මේ තරුණයා කතා කරන දේවල් රෝහල් කාර්ය මණ්ඩලයට අසන්නට සිදුවූයේ කඳුළු කැට තුළිණි.
සිද්ධිය දුටුවන් පොලිසියට කියා ඇත්තේ අනතුරෙන් පසු සෑහෙන වේලාවක් ඔහු අනතුර වූ ස්ථානයේ සිටි බවය.
“මම හිතාමතා දුම්රියට පැන්නේ නෑ එහෙම පැනලා මැරෙන්න මට ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. මට දැනුනේ දුම්රියේ පඩිය (Footboard) එක කඩාගෙන වැටුණා. වගෙයි. “අනේ ඩොක්ටර්… මගෙ පර්ස් එකේ අයිඩෙන්ටිටිය තියෙනවා. දැන්ම නම් අම්මට කියන්න එපා. මට දැන් ජීවත්වෙන්න ඕනෙ නෑ.” මේ තරුණයා එසේ කියා මහ හයියෙන් හුස්ම ගන්නට පටන් ගත්තේ විනාඩි හතළිහක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමග එලෙස කතා කළ පසුවය.
මේ තරුණයා උගත්, බුද්ධිමත් අයෙක් වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලයට සිතිණි. රෝගියාගේ සිරුරෙන් ලේ වහනය වන්නට වූ පසු වෛද්‍යවරු තරුණ ජීවිතය බේරා ගන්නට නොගත් උත්සාහයක්ද නැත. පිටතින් රුධිරය ලබා දුන්නේ කොහොම හෝ මේ වටිනා ජීවිතය බේරා ගන්නටය.
මවට අසීමිතව ආදරය කළ මේ පුතු පණපිටින් ඒ මව වෙත යවන්නට ඇත්නම් කියා වෛද්‍යවරුන්ට සිතුණි. ඒත් ඒ මවට, මේ පුතුගේ අන්තිම වචන කන්දරාවෙන් එකක් හෝ අසන්නට ඉඩ නොදී මාරයා ඒ පුතුව රැගෙන යන්නටම ගියේය.
“අනේ මගෙ රත්තරන් පුතේ ඔයාට මේ මොකද වුණේ…” ඒ අම්මා එලෙස අසන විට පුතුගේ වචන මැෂිම නතරව තිබිණි.
අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව පතමු!
http://www.elakiri.com/forum/showthread.php?t=1378464

Last edited: