අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    ඊයේ ඉවර වෙනකම් නැවත නන්ස්ටොප් බැලුවා. පුදුම ඉහළ තේරුමක් තියෙනවා දැන් බලද්දී. ඉතාම කෙටියෙන් කතාව
    මෙහෙමයි.අංගම් සටන් මල්ලව පොර කරන ගුරු කුල
    දෙකක් තුනක් තියෙනවා..A.B.C. කියලා කියමුකෝ..
    මට නම් ගම් දැන් මතක නැහැ හරියට .. මතක
    අය අඩු පාඩු එකතු කරන්න මේකට..ක්‍රි.ව. 900 - 1050
    වගේ වෙන්න ඕනේ කතාව යන්නේ..:eek:

    Akala-Sandya.jpg


    මෙතනින් A සෙට් එකේ කෙනෙක් විදිහට තමයි ජැක්සන්
    ඇන්තනි ඉන්නේ... C සෙට් එකේ අය විදිහට තමයි
    ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා එහෙම ඉන්නේ..

    තව රිටිගල ජයසේන නොහොත් මහසෝණා ඉන්නවා
    A පිල ආරක්ෂා කරන බහිරවයා විදිහට.. හැබැයි ඔහු
    ආරක්ෂා කරන්නේ කුන්ඩලීනි ශක්තිය ඉගෙන ගෙන
    ලබා ගත්ත රණ ශූරයන්ව පමණයි...!
    ඒ වගේම එවැන්නන්
    පසු පස ඔහු යනවා , අණ දෙනවා , බිය වද්දනවා ,
    පදේට නටවනවා වගේ දේවල් කරනවා තමන්ගේ පෙළපත
    ආරක්ෂා කරන්න සහ නම්බුව රැකගන්න..


    1294893898dsc791.jpg




    මේ කාලේ රටේ රජා සෙනරත් මහ උත්තමයන් වහන්සේ..:sorry:
    උන්නාන්සේත් හොඳ අංගම් කාරයෙක්. ඒ වගේම ප්‍රබුද්ධ
    මනසක් තියෙන , ජීවිතයේ පසුකාලෙදී සංසාරයේ අනිත්‍ය
    බව තේරුම්ගන්න තරම් හැකියාවක් තියෙන රජෙක්..

    1294893898dsc791.jpg

    මේවා මෙහෙම වෙද්දී ABC පිල් අතර ආරවුල් අරවා මේවා
    ඇති වෙනවා.. එකම පිලේ අය අතරත් තනතුරු වලට
    රන්ඩුසරුවල් වෙනවා. ඒවා මෙහෙම කියලා වැඩක් නැහැ..:no:
    කතාව බලන්න..

    කොහොමින් කොහොම හරි A පිළේ රණ ශූරයා වෙන
    ජැක්සන් ඇන්තනි ( නාගසේන වගේ නමක් ) ටිකෙන්
    ටික භාවනාව වැඩි දියුණු කරලා අහම්බෙන් වගේ
    අතීතයට අනාගතයට යන්න පුළුවන් ශක්තියක් හදා
    ගන්නවා, සියලු සටන් , තනතුරු ප්‍රතික්‍ෂේප කරනවා..
    ඔන්න එතකොටම මහසෝණා කිපෙනවා "නාගසේනයා
    සෝවාන් වෙන්න වත් මහන්සි ගන්නවද" කියලා.. මහසෝණා
    කැමති නැහැ තමන්ගේ අංගම් පරම්පරාව විනාස වෙනවට..
    :frown:

    නාගසේන තමන්ගේ වර්තමානය මග හරිමින් විවිධ කාල
    වලට යනවා. රහතන් වහන්සේ නමකුත් හම්බෙනවා. බණ
    අහනවා. හාමුදුරුවෝ කියනවා කාලයන් තුළ ගමන් කිරීමෙන්
    ඔබ කරගන්නේ තව තවත් සසර දික් කරගන්න තැනට
    වැඩ සලස්වා ගන්න එකයි කියලා..

    1294893948dsc793.jpg



    ඒත් නාගසේනයා අහන්නේ නැහැ.. මෛත්‍රී බුදුන් හොයාන
    අවුරුදු 100 න් 100 යන්න තීරණය කරනවා අන්තිමට තමන්ගේ
    ගුරුවරයාගේ උපදෙස් අනුව ... මේ ගමනට
    රිටිගල ජයසේන නොහොත් මහසෝණත් , බලෙන් එක්අහු
    වෙනවා කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ... මහසොණටත් ඉන්න බැරි
    කාල කීපයක ඒ අසරණයා හිර වෙනවා.. මහසෝණා itself හයියක් නැහැ කාලතරණයට ..:baffled:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    කොහොමින් කොහොම හරි වැඩ වරදිනවා නාගසේණට. අනාගතයට
    ගොහින් තමන්ගේ මරණය දකිනවා, විවිධ
    අවස්ථා වලදී අතීතයට ,අනාගතයට
    ගිහින් ඇතැම් තැන් සහ සිද්දීන් වෙනස් කරන්න බලනවා..
    මේ මොකක් කරත් සංසාර ගින්නට අහු වෙනවා


    මේක මේ සමාජයට පණිවිඩ දෙන , පින් දහම් කරන්න වගේ
    කතාවක් නෙවේ අර කො නිහාල් කියන්නා වගේ.. හැබැයි බලලා
    ඉවර වෙද්දී අපි මේ මොන තරම් හිස් මිනිස්සුද කියලා හිතෙනවා
    සංසාරය තුළ ..

    මේ කතාවේ නම් ගම් , සිද්දීන් එහෙම තව සියගාණක් තියෙනවා..
    මතක අය එකින් එක නිවැරදි කරන්න.. මටත් පුළුවන් උනොත්
    ආයෙම බලලා තව දුරටත් නිවැරදි කරන්නම්...ඒ නිසා update
    වේවි දැනට තියෙන කරුණු ඉදිරියේදී..:oo:


    එකම මොහොතේ විවිධ කාල වලින් ආ අය ඉන්න අවස්ථා, තමන්
    තමන්ගේ මරණයට පෙර ගොහින් තමාවම බේරගන්න අවස්ථා,
    තමන්ගේ මරණින් පසු අනාගතයේ සිට එම කාලයටම ඇවිත්
    ජීවත් වෙන අවස්ථා එහෙමත් තියෙනවා..

    ඒ නිසා මේ කතාව වෙලාවක් දාගෙන බලන්න...:dull:


    MsBpegYfFaM5DndG7
    hqdefault.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගසේන පොල්ගෙඩියක් අතින් මිරිකන සීන් එකක් තිබුන මතකයි :P සටන් කරන්න හිටපු එකා ඊට පස්සේ පැදුරටත් නොකියා පැනල යනවද කොහෙද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මාත් බැලුව, පට්ට කතාව. තේරුමක් තියෙනවා, ඒ වගේම කතාව ගානට ගලාගෙන යනවා.:cool::cool:



    දැන් තියෙන ලබ්බවල් ලගින්වත් තියන්න බෑ, ඉන්න නළු නිලියෝ උනත් හරියට තෝරාගෙන , උනුත් ඒ චරිතෙට උපරිමෙන් කරනවා.



    අපහු මේ වගේ නාට්‍යක් කවද හැදෙයිද?:(:(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ....ආසාවෙන්ම බලපු නාට්ටියක්.
    ජැක්සන් ඇන්තනි සුදලිය ගුරු කුලයේ
    රිටිගල ජයසේන තමයි ගුරුකුලයේ නිර්මාණය කරන්නේ...

    ශ්‍රියන්ත මෙන්ඩිස් මරු වල්ලිය ගුරු කුලයේ
    ගොඨායිම්බර තමා ඒ ගුරුකුලයේ නිර්මාතෘ.
    :love::love::love:

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නාගසේන පොල්ගෙඩියක් අතින් මිරිකන සීන් එකක් තිබුන මතකයි :P සටන් කරන්න හිටපු එකා ඊට පස්සේ පැදුරටත් නොකියා පැනල යනවද කොහෙද

    නැහැ නාගසේන පොල් ගෙඩිය අතින් බිඳලා වතුර බොනවා.....ශ්‍රියන්ත මෙන්ඩිස් පොල් ගෙඩියක් ගෙනත් අතින් ලෙලි ගහල බිඳලා වතුරත් බීල පොල් කිරිත් මිරිකනවා.

    එදා රෑ ජැක්සන් ආපහු කාල තරණය කරනවා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ නාගසේන පොල් ගෙඩිය අතින් බිඳලා වතුර බොනවා.....ශ්‍රියන්ත මෙන්ඩිස් පොල් ගෙඩියක් ගෙනත් අතින් ලෙලි ගහල බිඳලා වතුරත් බීල පොල් කිරිත් මිරිකනවා.

    එදා රෑ ජැක්සන් ආපහු කාල තරණය කරනවා...
    එහෙමද තිබුනෙ මට දැන් මතක නෑ වැඩිය. පොල් ගෙඩිය බින්දා නං මතකයි.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අම්මෝ....ආසාවෙන්ම බලපු නාට්ටියක්.
    ජැක්සන් ඇන්තනි සුදලිය ගුරු කුලයේ
    රිටිගල ජයසේන තමයි ගුරුකුලයේ නිර්මාණය කරන්නේ...

    ශ්‍රියන්ත මෙන්ඩිස් මරු වල්ලිය ගුරු කුලයේ
    ගොඨායිම්බර තමා ඒ ගුරුකුලයේ නිර්මාතෘ.
    :love::love::love:



    hari ehenam mewa post ekata ekathu karanawa
    1.gif



    Thanks for Rep DoDo... :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නාගසේන පොල්ගෙඩියක් අතින් මිරිකන සීන් එකක් තිබුන මතකයි :P සටන් කරන්න හිටපු එකා ඊට පස්සේ පැදුරටත් නොකියා පැනල යනවද කොහෙද

    නැහැ නාගසේන පොල් ගෙඩිය අතින් බිඳලා වතුර බොනවා.....ශ්‍රියන්ත මෙන්ඩිස් පොල් ගෙඩියක් ගෙනත් අතින් ලෙලි ගහල බිඳලා වතුරත් බීල පොල් කිරිත් මිරිකනවා.

    එදා රෑ ජැක්සන් ආපහු කාල තරණය කරනවා...






    නැහැ බන් ඊයේ බලපු එකේ හැටියට නම් උනේ
    නගසේනයා පොලේ අතින් බිඳලා වතුර බොනවා..:eek:

    ඊට පස්සේ ගෝටයිමබරත් පොලයක් ගේන්න කියනවා..
    ගෝටයිම්බර පොලේ බිඳින්න කළින් නාගසේනයා
    උදුරලා අරන් කිරි එනකම් මිරිකනවා ...:baffled:

    මිරිකලා අරූගෙ පිඟානට දානවා...
    ඊට පහුවදා උනු දේ දැන් මතක නැහැ බන්..:oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    නැහැ බන් ඊයේ බලපු එකේ හැටියට නම් උනේ
    නගසේනයා පොලේ අතින් බිඳලා වතුර බොනවා..:eek:

    ඊට පස්සේ ගෝටයිමබරත් පොලයක් ගේන්න කියනවා..
    ගෝටයිම්බර පොලේ බිඳින්න කළින් නාගසේනයා
    උදුරලා අරන් කිරි එනකම් මිරිකනවා ...:baffled:

    මිරිකලා අරූගෙ පිඟානට දානවා...
    ඊට පහුවදා උනු දේ දැන් මතක නැහැ බන්..:oo:

    හරි හරි ඕක හෙන පොඩි කාලේ බැලුවේ බන්...දැන් පොඩි පොඩි සිද්ධි ලොකුවට මතක නැහැ....හැබැයි කතාවේ සාරාංශය තමා උඹ කියලා තියෙන්නේ.
    :):):)
     
    • Like
    Reactions: silentsahan

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    නැහැ බන් ඊයේ බලපු එකේ හැටියට නම් උනේ
    නගසේනයා පොලේ අතින් බිඳලා වතුර බොනවා..:eek:

    ඊට පස්සේ ගෝටයිමබරත් පොලයක් ගේන්න කියනවා..
    ගෝටයිම්බර පොලේ බිඳින්න කළින් නාගසේනයා
    උදුරලා අරන් කිරි එනකම් මිරිකනවා ...:baffled:

    මිරිකලා අරූගෙ පිඟානට දානවා...
    ඊට පහුවදා උනු දේ දැන් මතක නැහැ බන්..:oo:

    එතන දී මොණර මස් කන සීන් එකකුත් ගියා වගේ මතකයි.....

    ඒ දවස් වල අපේ අම්මා කියනවා මොණරා කියන්නේ කතරගම දෙයියන්ගේ වාහනේ හින්දා මිනිස්සු මොණර මස් කන්නේ නැතිලු. පිලි කියනවලු.

    :yes::yes::yes:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මෙහෙම නිර්මාන කරපු ජයන්ත චන්ද්‍රසිරිගේ අද තත්ත්වය දැක්කාම දුකයි. ඔහුට ඔහුවම අමතක වි ඇති හැඩයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හරි හරි ඕක හෙන පොඩි කාලේ බැලුවේ බන්...දැන් පොඩි පොඩි සිද්ධි ලොකුවට මතක නැහැ....හැබැයි කතාවේ සාරාංශය තමා උඹ කියලා තියෙන්නේ.
    :):):)


    eka hri.. mta me
    iye balapu ekath

    dan amathaka wegena enne...:lol: