..::අකුණුසැර සහිත අවස්‌ථවලදි ජංගම දුරකථන භා

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    ..::අකුණුසැර සහිත අවස්‌ථවලදි ජංගම දුරකථන භා


    ..::අකුණුසැර සහිත අවස්‌ථවලදි ජංගම දුරකථන භාවිතය සුදුසුද?::..

    "Before"
    article-0-0BD8D31000000578-987_634x335.jpg







    "After thunder hits...!!!"

    article-0-0BD8D62F00000578-254_634x355.jpg






    "ජංගම දුරකථනවලට අකුණු වදිනවා".... "ජංගම දුරකථන රැගෙන යැම අකුණු මරණවලට හේතුවක්‌"....ජංගම දුරකථන රැගෙන යැම නිසා අකුණු වදින්නට වැඩි ඉඩකඩක්‌ තිබෙනවා"....


    මේ සමාජයේ බොහෝ දෙනා අතර පැතිර යන රාවයකි. මේ මතය තහවුරු කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ද අපේ මාධ්‍යවලින් පළ වේ.දැනට ලංකාවේ භාවිතයේ පවතින ජංගම දුරකථන සිම් සංඛ්‍යාව මිලියන 17ක්‌ පමණ වේ. මෙතරම් විශාල පිරිසක්‌ පාවිච්චි කරන්නා වූ උපකරණයක්‌ සැබැවින් ම අකූණුවලට ලක්‌ වීමේ අනතුරක්‌ ඇත් ද යන්න සහ එසේ නම් ඉන් බේරී සිටින්නට දැන සිටීම ඉතා වැදගත් ය.

    එහෙත් අප යමකින් පරෙස්‌සම් විය යුත්තේ වැරැදි විශ්වාස පදනම් කරගෙන නො වේ. ජංගම දුරකථනවලට අකුණු ආකර්ෂණය වනවා ද යන්න පිලිබඳව විද්‍යාත්මක විමසුමකි මේ....


    --------------------------
    ------------------------------------------

    ජංගම දුරකථනවලට අකුණු අදින බව පවසන්නේ අප ගේ ජනමාධ්‍ය පමණක්‌ නො වේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය ද ඒ බව පවසයි. මේ ජාත්‍යන්තර මාධ්‍ය ද හුදු ඕපාදූප පත්තර හෝ සඟරා ම නො වේ. නිදසුනක්‌ දැක්‌වුව හොත් 2006 දී සයන්ස්‌ ඩේලිහි පළ වූ වාර්තාවකින් කියෑවුණේ ජංගම දුරකථන අත තබාගැනීමෙන් අකුණු වැදීමට වැඩි ඉඩක්‌ ඇති බවයි.

    විද්‍යාත්මක ප්‍රජාව අතර ඊට ද වැඩි පිළිගැනීමක්‌ හිමි බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයෙහි 2006 වසරේ එක්‌ කලාපයක පළ වූ ලිපියකින් කියෑවුණේ 15 හැවිරිදි දැරියක්‌ ජංගම දුරකථනයක්‌ අතේ තබාගෙන සිටීම නිසා අකුණු ප්‍රහාරයකට ලක්‌ වූ බවයි. අකුණට හේතුව ජංගම දුරකථනය බව එහි අවධාරණය කර තිබිණි. මේ ලිපිය පළ වී සති කීපයකට පසු ඇමෙරිකානු National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය තම වෙබ් අඩවියෙහි ඊට මෙසේ ප්‍රතිචාර දැක්‌වී ය.

    ජංගම දුරකථන හා අකුණු

    පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තාවලට පටහැනි ව අප ගේ ආයතනයේ අකුණු විශේෂඥයන් පවසා සිටින්නේ ජංගම දුරකථනවලට (දුරකථනය රැගෙන යන්නාට) අකුණු විශේෂයෙන් ආකර්ෂණය නො වන බවයි. ජංගම දුරකථන, කුඩා ලෝහ අයිතම, ආධාරක වැනි දේ අකුණු ආකර්ෂණය නො කරයි. මිනිසුන් අනතුරට පත් වන්නේ ඔවුන් වැරැදි වෙලාවෙහි වැරැදි තැන සිටින හෙයින් බව ප්‍රකට අකුණු විශේෂඥ ජෝන් ජෙන්සෙනියුස්‌ ගේ අදහසයි. වැරැදි තැන යනු එළිමහනයි. වැරැදි වෙලාව යනු අකුණු ගසනා වෙලාවයි.

    අකුණු අනතුරු ගැන වූ තම නිබන්ධයෙහි ඉලිනොයි සරසවියේ මහාචාර්ය ඈන් කුපර් මෙසේ කියයි.

    "අකුණු ජංගම දුරකථනවලට සම්බන්ධ කිරීම මිථ්‍යාවක්‌ වන අතර වගවිභාගයකින් තොර ව එම මිථ්‍යාවට කදිම ප්‍රචාරයක්‌ ලැබී තිබේ. ජංගම දුරකථන රැගෙන යන පුද්ගලයන් අකුණු නිසා අනතුරට පත් වූ බවට වාර්තා ලැබෙතත් අකුණු හා ජංගම දුරකථන අතර කිසිදු සබඳතාවක්‌ නැත." කෙසේ වෙතත් ස්‌ථාවර දුරකථන මගින් නම් යම් අකුණු අවදානමක්‌ ඇති බව ඇය පෙන්වා දෙයි. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ජංගම දුරකථනවලින් අකුණු ඇදගන්නා බව සඳහන් ලිපියට පාදක වූයේ ලන්ඩනයේ නෝත්වික්‌ පාක්‌ රෝහලේ වෛද්‍යවරුන් කීප දෙනකු ලබා දුන් තොරතුරු ය. එහෙත් පසුව පුවත්පතකට සාකච්ඡාවක්‌ ලබා දෙමින් මේ තිදෙනා ගෙන් එක්‌ අයකු වන වෛද්‍ය ස්‌වින්දා එස්‌ප්‍රිට්‌ කියා සිටියේ (ස්‌වින්දා උගුර නාසය කණ පිළිබඳ විශේෂඥවරියකි) තමන් මේ අනතුරු ඇඟවීම කළේ සද්භාවයෙන් බවයි. එමෙන්ම ඒ මොහොතේ ලැබුණු දත්ත අනුව නිරවද්‍ය ව කටයුතු කළ බව ද ඇය කීවා ය.


    අකුණු ගසන විට ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීම හොඳ ද නරක ද යන්න ගැන විද්වතුන් දරන අදහස්‌වලට ඒකමිතියක්‌ නැත. ඇතැමුන් පවසන්නේ ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරගන්නා බව ය. ඇතැමෙක්‌ එසේ නො වන බව පවසති. අන්තර්ජාලයේ මේ පිළිබඳව පළ වන ලිපි විශාල සංඛ්‍යාවක ඇත්තේ ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරන බවයි. එහෙත් ඊට පටහැනි ව එය එසේ නො වන බව සඳහන් ලිපිද රැසක්‌ ඇත. මා කියවූ ලිපි රැසක සඳහන් වූයේ මෙය නාගරික මිථ්‍යාවක්‌ බවත් එය ප්‍රවර්ධනය කරන ලද්දේ අන්තර්ජාල වෙබ් අඩවිකරුවන් බවත් ය.

    අන්තර්ජාල මිථ්‍යාවක්‌ ද?

    ඇත්තෙන් ම අකුණු ආකර්ෂණය කරන්නට ජංගම දුරකථනවලට නොහැකි ද? එය හුදු අන්තර්ජාල මිථ්‍යාවක්‌ පමණක්‌ ද? එය තවත් මාධ්‍ය බේගලයක්‌ ද? අකුණු හා ජංගම දුරකථන අතර සබඳතාවක්‌ ඇත්තේ ම නැද්ද? මේ පිළිබඳව අපි කැලණි සරසවියේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්ත ජයතිස්‌ස මහතා වෙතින් විමසීමු. මේ ඔහු දැක්‌වූ අදහස්‌ ය.

    "අකුණක්‌ පෘථිවියට එන්නේ ආරෝපණය වැඩි තැනක සිට අඩු තැනක භූගත වන්නටයි. ආරෝපණය විසර්ජනය කරන්නේ කොහොම ද කියලයි අකුණ බලන්නේ. මුලින් ම උඩින් තියෙන කුලුනු ආදී උස්‌ දේට අකුණු ඇදී යනවා. ජංගම දුරකථනය කියන වස්‌තුවට ජංගම දුරකථනය කියන හේතුව නිසා ම විශේෂයෙන් ම අකුණු ආකර්ෂණය වන්නේ නැහැ. හැබැයි එයින් අදහස්‌ කළේ අකුණු ඒ වෙත නො එනවා කියා නො වෙයි. කවුරුන් හෝ හිතනවා නම් එහි ක්‍රියාත්මක වන තරංග ආශ්‍රිතව අකුණු වදිනවා කියා එය මිථ්‍යාවක්‌. ජංගම දුරකථනවලට අදාළ වන්නේ ක්‌ෂුද්‍ර තරංග. භෞතික විද්‍යා සිද්ධාන්ත අනුව නම් ඒ තරංග එක්‌ක එක්‌ වෙලා අකුණක්‌ එන්න බැහැ. මං මේ පැහැදිලි කළේ තරංග සම්ප්‍රේෂණයට අදාළවයි. හැබැයි ජංගම දුරකථනයක්‌ වෙත අකුණක්‌ ආකර්ෂණය විය හැකි ක්‍රම තිබෙනවා. ජංගම දුරකථනවල ලෝහ අන්තර්ගත වනවා. එම ලෝහවලට අකුණු ආකර්¨¨ෂණය විය හැකියි. හැබැයි ඒ ක්‍රමයට ජංගම දුරකථනවලට විතරක්‌ නො වෙයි එවැනි සන්නායක ඇතුළත් තව බොහෝ දෙයට අකුණු ආකර්ෂණය විය යුතුයි. දන් මෙහෙම හිතන්න. ඔබ දන්නවා එළිමහනේ විවෘත අවකාශයක කෙනෙක්‌ හිටියොත් ඔහුට, ඇයට අකුණක්‌ පතිත වන්න වැඩි ඉඩක්‌ තිබෙනවා කියා. ඔබ පිට්‌ටනියකට හෝ වෙනත් මුඩු බිමකට ලෝහ කැබැල්ලක්‌ අරගෙන යන්න තියෙන ඉඩ අඩුයි නෙ. එහෙත් ඔබ නිතර ම ජංගම දුරකථන අතේ තබාගෙන ඉන්නවා. ඉතිං හිස්‌ බිමකට ජංගම දුරකථන රැගෙන යන්න තියෙන ඉඩ වැඩියි. එනිසා අකුණු වදින සම්භාවිතාව ද ඉහළයි."


    වෘත්තීය තාක්‌ෂණ විශ්වවිද්‍යාලයයේ කර්මාන්ත හා වෘත්තීය තාක්‌ෂණ පීඨයේ පීඨාධිපති ඩී. ඩී. විඡේසිංහ මහතා පවසන්නේ ද ජංගම දුරකථන මගින් අකුණු ප්‍රහාරයකට ගොදුරු වීමේ ඉඩකඩ ඉතා අඩු බවයි. මේ පිළිබඳව පළ වී ඇති අධ්‍යයන වාර්තා ඇසුරෙන් ඒ මහතා පැහැදිලි කරන්නේ මේ මතවාදය මිථ්‍යාවක්‌ වීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පිටත ස්‌ථානයක දී ජංගම දුරකථනයක්‌ අත ඇති අයකුට අකුණු වදින්නට ඉඩක්‌ නැත්තේ නැතැයි ද පීඨාධිපතිවරයා පවසයි. ඔහු ගේ මතය නම් අකුණු පවතින විටක දී නිවසක්‌ තුළ හෝ වෙනත් ආවරණ ස්‌ථානයක්‌ තුළ දී ජංගම දුරකථනයකින් ඇමතුම් ගැනීම හානිකර නො වන බවයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ එම්. ඩී. දයානන්ද මහතා මේ ගැන දරන අදහස මෙබඳු ය. "අකුණක්‌ ගහන විට රැහැන් සහිත දුරකථනවලටයි වැදෙන්නට වැඩි සම්භාවිතාවක්‌ ඇත්තේ. ජංගම දුරකථනයක්‌ ඉලෙක්‌ට්‍රොනික උපකරණ අකුණ ආසන්නයේ වැදුණොත් ප්‍රේරණය වී අපට අකුණක්‌ වදින්න ඉඩ තිබෙනවා. එනිසා වඩාත් ආරක්‌ෂාකාරී වන්නේ රැහැන් සහිත හෝ

    රැහැන් රහිත දුරකථන දෙවර්ගය ම අකුණු ඇති විට පාවිච්චි නො කර ඉන්න එකයි".

    2010 මැයි මස දී ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ සපයමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා පවසා ඇත්තේ ද ජංගම දුරකථන පාවිච්චිය අකුණු වැදීමට හේතු වන බවයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‌ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ද ජංගම දුරකථන භාවිතය (අකුණු ඇති විට) නිර්දේශ නො කරයි. "දැනට අකුණු අනතුරු නිසා මරණ 23ක්‌ වාර්තා වෙලා. ගිය වසරේ 34යි. හැබැයි මේ වසරේ අප්‍රේල් මාසයට පමණක්‌ 16ක්‌ වාර්තා වුණා. විවිධ හේතු තියෙනවා. වැඩියෙන් ම මැරුණෙ කුඹුරුවල සිටි, වැව්වල නාමින් සිටි වැනි පරිසරයේ සිටි අය. ජංගම දුරකථනයක්‌ කියන්නේ තරංගයක්‌ සහිත දෙයක්‌. අකුණු සර එයට යම් විදියකින් බලපානවායි මට සිතෙනවා. අකුණු ගහන වෙලාවට අපි නිර්දේශ කරන්නේ පරිපථ විසන්ධි කරන්න. රූපවාහිනි විසන්ධි කරන්න. ඒ වගේ ම ජංගම දුරකථන භාවිතයත් හොඳ නැතැයි යන්න මගේ හැඟීමයි.

    කිසි ම අනතුරක්‌ නැහැ

    කෙසේ වෙතත් දුරකථන අලුත්වැඩියාව සම්බන්ධයෙන් අත්දැකීම් ඇති විශේෂඥයන් ගේ මතය වන්නේ ජංගම දුරකථනත් අකුණුත් අතර පැහැදිලි සබඳතාවක්‌ නැති බවයි. නිදසුනක්‌ දක්‌වත හොත් අබාන්ස්‌ ආයතනයේ සේවා කළමනාකාර සාගර සත්‍යපාල මහතාට අනුව ජංගම දුරකථන කිසිදු ආකාරයකින් අකුණු ආකර්ෂණය කරන බවට සාධක ලැබී නැත. ජංගම දුරකථනයක්‌ තුළ කොපර්, ඇලුමිනියම් හා තවත් ලෝහ ඉතා සුළු ප්‍රමාණයක්‌ අන්තර්ගත ය. ඒවා අකුණක්‌ ආකර්ෂණයට තරම් බලවත් "සාන්ද්‍රණයකින්" නො පවතින බව ඔහු ගේ අදහසයි. වැඩි ම වුණොත් දුරකථනයේ ක්‍රියාකාරිත්වයට පමණක්‌ අකුණකින් බලපෑමක්‌ ඇති විය හැකි බව ඔහු ගේ අදහසයි.

    අකුණක්‌ ඇඟ ඇතුළට යන්නට ජංගම දුරකථනය බලපානවා

    එංගලන්තයේ නෝත්වික්‌ පාර්ක්‌ රෝහලේ විද්වතුන් පිරිසක්‌ Cellphone in Thundestorm නමැති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ජංගම දුරකථන වැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීම අකුණු අනතුරු ඉහළ යෑවීමට හේතු වන බවයි. මිනිස්‌ චර්මයේ පවතින ප්‍රතිරෝධය හේතුකොටගෙන වදින හැම අකුණක්‌ ම සිරුරට ඇතුළු නො වන බව ඔවුහු කියති. එනම් එය හම වටා (පෘෂ්ඨයේ) දිව ගොස්‌ ඉවත යන බව ඔවුන් ගේ අදහසයි. එවිට පුද්ගලයකුට මාරක තුවාල සිදු වීමේ අවදානම අඩු ය. එහෙත් ජංගම දුරකථන හෝ වෙනත් සන්නායක ද්‍රව්‍ය, දියර ආදිය ළඟ තබාගැනීම නිසා ඉහත කී ලෙස අකුණ ඉවතට නො යා ඇඟ තුළට ගමන් ගනී. මෙලෙස ජංගම දුරකථන නිසා මාරක අනතුරු සිදු වූ අවස්‌ථා ගැන (එංගලන්තයේ චීනයේ, මාලදිවයිනේ) ඔවුහු උදාහරණ ලෙස විස්‌තර කරති.

    ජාත්‍යන්තර වාර්තා

    ඕස්‌ටේ්‍රලියානු අකුණු ආරක්‌ෂණ ප්‍රමිතිකරණ ආයතනය අකුණු ගසන අවස්‌ථාවල රැහැන් රහිත ජංගම දුරකථන පාවිච්චිය තහනම් කර ඇත. 2010 වසරේ දී ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටි පුද්ගලයන් අකුණු අනතුරුවලට ලක්‌ වූ අවස්‌ථා 5ක්‌ පමණ ඕස්‌ටේ්‍රලියාවෙන් වාර්තා වේ. ඇමෙරිකාවේ ෆ්ලොරිඩාව යනු නරක ම ලෙස අකුණු තර්ජනයට ලක්‌ වන ප්‍රදේශයකි. ESD ජර්නලයට අනුව හැම වසරක ම ජංගම දුරකථනවලින් එළිමහනේ කතා කරමින් සිටින සැලකිය යුතු පිරිසක්‌ ෆ්ලෝරිඩාවේ දී අකුණු අනතුරුවලට ලක්‌ වෙති. ෆ්ලොරිඩාව සැලකූ කල හැම වසරක ම අකුණු නිසා 10 දෙනෙක්‌ මරණයට පත් වෙති. ඇමෙරිකාවේ සිදු වන අකුණු මරණවලින් සියයට විස්‌සක්‌ පමණ ම සිදු වන්නේ මෙහි ය. ෆ්ලොරිඩා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ රසල් හෙන්ස්‌ අකුණු ගසද්දී ජංගම දුරකථන ළඟ තබා ගැනීම හානිකර බවට අනතුරු අඟවයි.

    China through a lens සඟරාවේ පළ වූ ලිපියකින් කියෑවුණේ 2003 ජුනි මස දී පුද්ගලයන් පස්‌ දෙනකුට ආසන්න ප්‍රමාණයක්‌ ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටිය දී අකුණු වැදීම්වලට ගොදුරු වූ බව ය. එම සඟරාව, මේ සිද්ධි පාදක කරගෙන චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ වායුගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලියු ෂුහුආ සමග සම්මුඛ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබිණි. ලියු පවසා තිබුණේ මේ වැන්නකි.

    "ජංගම දුරකථන මගින් නිකුත් කරන විද්යුත් චුම්බක තරංග හොඳ විද්යුත් සන්නායකයක්‌. ජංගම දුරකථනය අකුණු සන්නායකයක්‌ විදිහට ක්‍රියා කරනවා. අකුණෙන් එන විද්යුත් ධාරාව එතැනට කේන්ද්‍රගත වනවා. අකුණු ඇති වෙලාවට ජංගම දුරකථන පාවිච්චිය භයානකයි. විශේෂයෙන් ම ඉන්ධන පිරවුම්හල්වල හා වෙනත් ඒ වැනි තැන්වල දී ඒවා ඉතා ම භයානකයි. අකුණු සහිත කාලවල දී චීන මහා ප්‍රාකාරය වැනි ස්‌ථාන නරඹන්නට යන සංචාරකයන්ට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා...!!!
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔහු ගේ මතය නම් අකුණු පවතින විටක දී නිවසක්‌ තුළ හෝ වෙනත් ආවරණ ස්‌ථානයක්‌ තුළ දී ජංගම දුරකථනයකින් ඇමතුම් ගැනීම හානිකර නො වන බවයි.

    meka nam aththa.. :) mama call aran athi ona tharam mehema..bt thawama yahathin.. :P
     
    Nov 8, 2013
    113
    5
    0
    GMT -9
    ඔහු ගේ මතය නම් අකුණු පවතින විටක දී නිවසක්‌ තුළ හෝ වෙනත් ආවරණ ස්‌ථානයක්‌ තුළ දී ජංගම දුරකථනයකින් ඇමතුම් ගැනීම හානිකර නො වන බවයි.

    meka nam aththa.. :) mama call aran athi ona tharam mehema..bt thawama yahathin.. :P

    comment ekak nathi welawak hithagathaki....... wechchi de............
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    akunu gahana welaawata elimahane phone paawichchi nokara sitina eka thamanta hondai.land phones walata akunu enna ida thiyenne, phone kanu walata akunu wadinna ida thiyena nisa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔහු ගේ මතය නම් අකුණු පවතින විටක දී නිවසක්‌ තුළ හෝ වෙනත් ආවරණ ස්‌ථානයක්‌ තුළ දී ජංගම දුරකථනයකින් ඇමතුම් ගැනීම හානිකර නො වන බවයි.

    meka nam aththa.. :) mama call aran athi ona tharam mehema..bt thawama yahathin.. :P

    1012607_534184753315786_936394014_n_zpsa3e073d4.jpg


    so math akunu gahanakota tv lap router dagana innawa god wage. thama kisi deyak wela na. ethakota eewath boruda:(:P
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔහු ගේ මතය නම් අකුණු පවතින විටක දී නිවසක්‌ තුළ හෝ වෙනත් ආවරණ ස්‌ථානයක්‌ තුළ දී ජංගම දුරකථනයකින් ඇමතුම් ගැනීම හානිකර නො වන බවයි.

    meka nam aththa.. :) mama call aran athi ona tharam mehema..bt thawama yahathin.. :P

    :yes::yes::yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    aniwa e welawata ganna epa kiyanne nikan neme.mata 9v motor ekakin kalanthe hadenna wadila thiyanawa.e seen eka mama danneth aharunata passe.passe sir kenekgen ahala balapuwama kiwwe aropana wenawa kiyala akunu gahanakota yakada wala.ita passe dethum parak dakka akunu gahanakota niwala thiyana bulb paththu wenawa :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    aniwa e welawata ganna epa kiyanne nikan neme.mata 9v motor ekakin kalanthe hadenna wadila thiyanawa.e seen eka mama danneth aharunata passe.passe sir kenekgen ahala balapuwama kiwwe aropana wenawa kiyala akunu gahanakota yakada wala.ita passe dethum parak dakka akunu gahanakota niwala thiyana bulb paththu wenawa :)

    අකුනක් කියන්නෙ ඇම්පියර් ලක්ෂගානක ධාරාවක්. අකුණ වදිනකොට ඒක නිසා ඒක වටේට අතිශයින්ම ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් ප්‍රේරණය වෙනව. ඒ ක්ෂේත්‍රයට අහුවෙන වටේ තියන සන්නායක දිගේ අර නියමයේම විලෝමයෙන් ලොකු ධාරාවක් ප්‍රේරණය වෙනව..

    කෙටියෙන් කිව්වොත් ළඟින් අකුණක් ගැහුවොත් ජනෙල් වල grills , ඇන්ටෙනා හයි කරල තියන යකඩ බට, යකඩ ඇඳන්, ෆෝන්, ගෙදර පාඩුවේ තියන යකඩ පුටු වලින් හිටන් ලොකු එකක් යනව.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aniwa e welawata ganna epa kiyanne nikan neme.mata 9v motor ekakin kalanthe hadenna wadila thiyanawa.e seen eka mama danneth aharunata passe.passe sir kenekgen ahala balapuwama kiwwe aropana wenawa kiyala akunu gahanakota yakada wala.ita passe dethum parak dakka akunu gahanakota niwala thiyana bulb paththu wenawa :)
    ඔව්, ලඟපාත ලොකු අකුනු ගහනකොට ලෑන්ඩ්ෆෝන් එක රින් වෙනව මම ඕන තරම් දැකලා තියෙනව. :eek:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    අකුනක් කියන්නෙ ඇම්පියර් ලක්ෂගානක ධාරාවක්. අකුණ වදිනකොට ඒක නිසා ඒක වටේට අතිශයින්ම ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් ප්‍රේරණය වෙනව. ඒ ක්ෂේත්‍රයට අහුවෙන වටේ තියන සන්නායක දිගේ අර නියමයේම විලෝමයෙන් ලොකු ධාරාවක් ප්‍රේරණය වෙනව..

    කෙටියෙන් කිව්වොත් ළඟින් අකුණක් ගැහුවොත් ජනෙල් වල grills , ඇන්ටෙනා හයි කරල තියන යකඩ බට, යකඩ ඇඳන්, ෆෝන්, ගෙදර පාඩුවේ තියන යකඩ පුටු වලින් හිටන් ලොකු එකක් යනව.
    onna ohoma thama kiwwe.kohoma wethath kawada hari mama akunaka kochcharak enawada kiyala maninawa kochchara padu unath :)