අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540

    අකුණු ගහනවා, විදුලි කොටනවා නැත්නම් සරලවම් කිව්වොත් හෙණගහනවා කියන්නෙත් එකම දේකට. ස්ථිති විද්‍යුත් ආරෝපණය නිසා වලාකුළු වල එක් ‍රැස් වෙන ආරෝපණ වලාකුළකින් වලාකුළකට වගේම පොළවටත් පැමිණෙනවා (ඒ ගැන විස්තර කරන්න ගියොත් මේ පෝස්ට් එක ඒකටම වැය වෙනවා) . මේ විදුලි කෙටීම නිසා ඇතිවෙන විදුලි බලය සුලුප‍ටු නෑ. ඒවා මනින්න වෙන්නෙ වෝල්ට් මිලියන බිලියන ගණන් වලින්. ඉතිං මේ විදුලි බලය ගබඩා කරගෙන වැඩක් කර ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඒත් ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.

    teslacoil-2.jpg


    මේ ගැන කල්පනා කරපු සුප්‍රසිද්ධ විදුලි වාහන නිපදවන ටෙස්ලා සමාගම අපූරු කුළුනක් නිර්මාණය කරලා තියෙනවා. "Tesla baby" නමින් මේ කුළුනෙ තියෙන විශේෂත්වය තමයි අකුණු වලදී ඇතිවෙන විදුලිය මේ කුලුණ තුල ගබඩා කර තබා ගැනීමට හැකි වීම. රුසියාවේ මොස්කව් නුවර ඉඳලා කි.මි 40ක් ඇතුලතින් තමයි මේ කුළුණ තියෙන්නෙ. මේක කුළුණක්ම විතරක් නෙවෙයි. විදුලි ගබඩා සංකීර්ණයක්.

    teslacoil-9.jpg


    අකුණක තියෙන විශේෂත්වය තමයි අධික විදුලියක් ඇති වුණත් මේ විදුලිය පවතින්නේ තත්පරයෙන් 1/100 පමණ කාලයක් වීමයි. මේ නිසා මෙයින් ඇතිවෙන ශක්තිය අති විශාලයි. මෙවැනි ශක්තියකට ඔරොත්තු දෙන්න පුලුවන් විදිහට තමයි මේ කුළුණ හදල තියෙන්නෙ. කොහොම උනත් මේක වැඩ කරන්නෙ අකුණු ගහන වෙලාවට විතරයි. මේ ව්‍යාපෘතියට අදාල උපකරණ නඩත්තු කරන්න වගේම පරීක්ෂණ වලටත් ඉතා අධික වියදමක් දරන්න ටෙස්ලා සමාගමට සිදුවෙලා තියෙනවා. ඒ වගේම මේක රුසියාව රහසිගතව ක්‍රියාත්මක කල ව්‍යාපෘතියක්.

    tesla-coil-marx-generator.jpg


    මේ වගේ කුලුණක් මීට ඉස්සර ඇමරිකාවේත් පිහි‍ටුවා තිබුණත් මේ නව කුලුණේ ඇති හැඩය හා තාක්ෂණය අනේක් ඒවාට වඩා වෙනස් ආරකින් නිර්මාණය වූවක්. ‍රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය කිරීම සඳහා කරන පරීක්ෂණ වල ප්‍රථිඵලයක් විදිහට තමයි මේ නිර්මාණය බිහිවෙලා තියෙන්නේ.

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පට්ට නේ . ඔය තරම් විදුලියක් ගබඩා කරලා තියාගන්නේ කොහොමද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද වලාකුලු මට්ටමට යවන්න පුළුවන් බැලුමක් වගේ එකක් පාවිච්චි කල්ල හෙනගහනකං ඉන්නැතුව අකුණු වල දැනටමත් ගබඩා වෙලා තියෙන අකුණක් ගහන්න තරම් ප්‍රභල නැති ආරෝපණ ටික ගත්තනම් ?
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඕක සාර්තක උනොත් පුදුම වටින දෙයක් වෙයි.ඇයි දෙයියනේ volt බ්ලියන ගානක් කිව්වම සෙල්ලන්ද
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හොඳ පෝස්ට් එකක් මචන්. ඕක ටෙස්ලා කරන එකක්ද? මම කලින් දැක්කා ඕක රුසියාව සීතල යුද්දෙ කාලෙ කරපු ප්‍රොජෙක්ට් එකක් කියලා:rolleyes:
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    වැරදියි මචන්, ඕක ඉස්සර සෝවියට් කාලේ හදපු එකක් (ටෙස්ලා සමාගමෙන් නෙමේ). විදුලි කෙටිම ගබඩාකරගන්න බෑ. ඕක හදල තියෙන්නේ නිකොල ටෙස්ලගේ තාක්ෂනය ආයුද විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන්න පර්යේෂණ කරන්න සහ අකුණු පිළිබද පර්යේෂණ කරන්න (කෘතිමව විදුලිය කෙටිම නිර්මාණය කිරීම මගින්)
     
    Last edited:

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,175
    1,016
    113
    www.youtube.com
    වැරදියි මචන්, ඕක ඉස්සර සෝවියට් කාලේ හදපු එකක් (ටෙස්ලා සමාගමෙන් නෙමේ). විදුලි කෙටිම ගබඩාකරගන්න බෑ. ඕක හදල තියෙන්නේ නිකොල ටෙස්ලගේ තාක්ෂනය ආයුද විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන්න පර්යේෂණ කරන්න සහ අකුණු පිළිබද පර්යේෂණ කරන්න (කෘතිමව විදුලිය කෙටිම නිර්මාණය කිරීම මගින්)

    ehema wenna athi math hitanne.