~අකුනු සන්නායක walin රු hoyana hati ~

Hebrew

Member
Apr 11, 2018
23
20
0
~අකුනු සන්නායක walin රු hoyana hati ~

Elakiri Silk Road 2

:lol:.:: හෙන ගැහුවත් සල්ලි තමයි ! අකුනු සන්නායක ::. :lol:



lightning14.jpg



මුලින්ම කියන්න ඕන මට වැඩිය මේ සබ්ජෙක්ට් එක දන්න අය කිරියෙ ඇති, ඒ නිසා මම දාන දේවල් වැරදි නම් නිවැරදි කරන්න.

මම ඉතින් මොනා කැවත් බෙදාගෙන කන මිනිහා හින්දා ඔයාලත් එක්ක දන්න ටික බෙදාගන්නෙ හැම දාම.. අපේ ජොබ් ලස් අනාතයො ටික freelancing කර කර $5 ගානෙ එකතු කරනවා, ජොබ් කරන අපි මුලු මාසෙම හුස්මක් ගන්නෙ නැතුව වැඩ කරලා සොන්ටල් පඩියක් ගන්නවා,

ඉතින් උබලටත් ලස්සන ප්‍රාඩෝ එකක් ගන්න, සුපිරි ගේ පොඩ්ඩක් ගහගෙන ආතල් එකේ ඉන්න පාරක් අහු උනගමන් මමත් අරන් එන්නෙ ඒ නිසා, ඕනම එකෙක් කැමතිනෙ නිකං ඉදන් කොටි දෙකතුනක් හම්බ කරන්න :)

අකුනු සන්නායක ගැන ඔබ දැනගතයුතු සියලුඳේ,, ,:D වෙන ප්‍රශ්න තියෙන්වා නම් ඒවත් අහන්න :D
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q: දැන් මොකක්ද මේ හැමෝම කියන අකුනුසන්නායක ගන්නවා කියන කතාව ? මේක ඇත්තද බොරුද ?
A: ඇත්ත කතාවක්.

Q: ඇත්තටම අකුනු සන්නායකයක් ලක්ශයක් විතර වටිනවද ?
A: ඇත්තටම නම් කෝටි 100 ක් විතරත් වටිනවා සමහර ඒවා,

Q: දැන් මොකක්ද ඕකෙ ගන්නෙ ?
A: ඇත්තටම ඕන නම් අකුන භූගත කරන්න පොලොවෙ යට දාන Plate එක.

Q: ඒ Plate එකද අපි විකුනන්නෙ?
A: ඇත්තටම නම් ඒ Plate එකෙන් ගන්නෙ එක්තරා ආරෝපනයක් / කිරණයක් කිව්වොත් නිවැරදියි.

Q: ඉතින් ඒ Plate එක Buyer අරන් යනවද ?
A: ඒ තැන ආරක්ශිත නම් / පහසුකම් සලසනවා නම් ඒ අවශ්යදේවල් එතනම අරන් ආයේ Plate එක දීලා යනවා.

Q: Plate එක අරන් ගියොත් අපිට අලුත් එකක් දෙනවද ?
A: සමහරු නම් ඔව්, සමහරු නැ,

Q: හැම එකමා වටිනවද ? නැත්නම් පරන ඒවා විතරද? පරන වෙන්න වෙන්න මිල වැඩිද ?
A: නැ, හැම එකම වටින්නෙ නැ, කොච්චර පරන උනත් වටින්නෙ නැ,

Q: එහෙනම් මොනාද වටින්නෙ,
A: 1616-1816 අතර ආරම්භ උන Tea factories, Bungalows, Power Stations , Churches වල තමයි බොහෝදුරට තියෙන්නෙ,

Q: ඒ හැම එකකම තියෙනවද ?
A: නැ හැම එකකමත් නැ, මගේ අද්දැකීමෙ හැටියට ඒ අවුරුදු ඇතුලෙත් 5 ක් ගත්තොත් 1 ක වගේ තමයි තියෙන්නෙ.

Q: ඔකේ තියෙන්නෙ රත්තරංද ? නැත්නම් හැමෝම කියන්වා වගේ ප්ලැටිනම් ද ?
A: නැ, දෙකම නෙමෙයි.

Q: මොකක්ද දැන් ඔය Plate එකේ තියෙන විශේශත්වෙ ? ඇයි අනිත් ඒවගෙ ඔහොම නැත්තෙ ?
A: මේ හොයන Plate වල ඉරිඩියම් කියලා ලෝහයක් එකතු වෙලා තියෙනවා, ඒක තමයි හොයන්නෙ.

Q: ඉරිඩියම් ? ඒ මොනහුයන්නක්ද ?
A: මේකෙ තියෙන්නෙ කොපර් ඉරිඩියම් මිශ්‍රලේහයක් Sr3CuIrO6

362546-1.gif


Q: දැන් ඕකෙ තියෙන විශේශත්වෙ මොකක්ද ඔය කොපර් ඉරිඩියම් වල ?
A: Irridium තනියම ගත්තත් ගොඩාක් විශේශයි.
දැනට ලෝකෙ තියෙන මල කන්නෙම නැති ලෝහය ඉරිඩියම් කියලා තමයි කියන්නෙ, (most corrosion-resistant metal known)
මේකෙ
ද්‍රවාංකය (Melting point ) 2446 oC, 4434.8 oF, 2719.15 K
තාපාංකය (Boiling point) 4428 oC, 8002.4 oF, 4701.15 K

Iridium-2.jpg


වැඩි විස්තර මෙතනින් :

http://en.wikipedia.org/wiki/Iridium

Q: දැන් ඕක ඇයි ලංකාවෙ හොයන්නෙ ? ඕක වෙන කොහෙවත් නැද්ද ?
A: මේක ගොඩාක් දුර්ලභ ලෝහයක්, හැම තැනම නැ, තඹ නිධිවල ඉතා දුර්ලභව තමයි තියෙන්නෙ.
කොටස් බිලියන දෙකකට එක කොටසක් විතරලු තියෙන්නෙ,
ඉන්දියාවෙ හදපු Plate set එකකට සුද්දා දන්නෙ නැතුව
Copper වලට iridium කවලම් වෙලා ලංකාවෙ අකුනු සන්නයක වලට එවලා, ඒටික තමයි ඔය ආයෙ හොයන්නෙ,

Q: ඒ කියන්නෙ මුල්ම කාලෙ Iridium කියලා දෙයක් හොයාගෙන තිබ්බෙ නැද්ද ?
A: නැ ඉරිඩියම් හොයාගත්තෙ 1803 දි Smithson Tennant කියලා කෙනෙක්. ඒකට ඉරිඩියම් කියලා නම තිබ්බෙ Iris කියන දේදුන්නට අදිපති ගොඩස් (දෙවියා ගෙ ගැනු සතා) ව මතක් වෙන්න :D මොකද මේ iridium ලවන ගොඩාක් වෙලාවට දේදුන්නෙ පාට තියෙනවලු :D

Q: දැන් ඉන්දියාවට කොහෙන්ද ඉරිඩියම් ? ඉන්දියාවෙ ඒ කාලෙ තිබ්බ නම් දැන් නැද්ද ? ඇයි එහේ හොයන්නෙ නැතුව මෙහේ හොයන්නෙ ?
A: ඉන්දියාවට ඇත්තටම ඒ ඉරිඩියම් ලැබිලා තියෙන්නෙ උල්කාපාතයකින්, ඒකේ තිබ්බ ලෝහය තමයි තඹ එක්ක ඔය කවලම් කරලා ඉන්දියාවෙ සමහර බඩු වලටයි අකුනු සන්නයක වලටයි දාලා තියෙන්නෙ,

Q: හරි, තව බඩු වලත් තියෙන්වා නම් ඇයි ඔය අකුනු සන්නායකම හොයන්නෙ ?
A: අකුනු සන්නායක විතරක් නෙමෙයි, අනිත් බඩුත් ගන්නවා, ඒත් අකුනු සන්නාකටම හොයන්නෙ ?

Q: දැන් මොකක්ද ඕකෙන් ගන්නවා කියන ආරෝපනය ?
A: ඒක නම් නම් මමත් විද්‍යත්මකව 100% ක් නිවැරදිව කියන්න දන්නෙ නැ, ඒත් ඒක පරන වෙනකොට ඒකෙන් විකිරනයක් වගේ දෙයක් නිකුත් වෙනවා, ඒක කවලම් කරලා තියෙන තඹ වල චාර්ජ් වෙනවා,
ඒත් එක්කම අකුනු වැදීමෙන් තඹ වලට එන අධික විදුලි බලය නිසා එක එක ප්‍රත්‍රීක්‍රියා වෙලා ඒකෙ අම්ල වර්ග හැදෙනවා,ඒ අම්ලත් ඉරිඩියම් වල ශක්තිය වැඩි කරනවා,
හොදට අකුනු වැදිච්ච එකක් කියන්නෙ හොද චාර්ජ් එකක් තියෙන්වා.
(මට වඩා විද්‍යාව දන එකෙක් මේක විස්තර කරන්න පුලුවන් නම් හොදයි :) )

Q: දැන් ඔය Plate එක හරි එකමද ? ඒකේ Iridium තියෙනවද කියලා බලාගන්නෙ කොහොමද ? මොකක් හරි Test එකක් තියෙනවද ?
A: ඕව්, Test කරන්න ක්‍රම හොඩක් තියෙනවා, විද්‍යාත්මක ක්‍රමත් තියෙනවා, Machine වලින් කරන ඒවත් තියෙනවා, ලොකූ වියදමක් යන Test එකකුත් තියෙන්වා,(ඒක කරන්න ලක්ශ 5 ක් විතර යනවා) අපිට ගෙදර කරන පුලුවන් ඒවත් තියෙනවා,

Q: කොහොමද ගෙදර Test කරගන්නෙ ?
A: ඒකට Test ගොඩක් තියෙන්වා, මට නම් ඒ ඕනම Test එකක් කරලා දෙන්න පුලුවන්, හොද අද්දැකීම් තියෙනවා දැන් නම් :D

මුලින්ම මොනා කරන්න කලිනුත් මේක ටිකක් හාරන්න පුලුවන් නම් හොදයි, මොක්ද ඔය Plate එක තියෙන්නෙ අඩි 6ක් විතර යට.
Test එක හරියටම වෙන්න නම් ඔය අඩි 4 ක් විතර හැරුවම කොන්ක්‍රීට් ප්ලේට් එකක් හම්බ වෙනවා, ඒක වෙනකල්ම හාරන්න ඕන.

1. TORCH TEST

මේක තමයි ලේසිම එක. කැලි තුනෙ පිලමන්ට් එක තියෙන බල්බ් එකක් දාපු ටෝච් එකක් (Not LED) ඉස්සරහ කවරෙ ගලවලා ඒ වල ඇතුලට දානකොට ඒ බල්බ් එක නිමෙනවා, හෝ ඩිම් වෙනවා, ඒ එක්කම බැට්‍රි ගොඩාක් ඉක්මනට බහිනවා, සමහර වෙලාවට බල්බ් එක පිච්චෙනවා, පුපුරන වෙලාවලුත් තියෙනවා එක පාර දැම්මොත්,

මේ Test එක නම් සමහර විට අඩි 5 විතර එහා පැත්තෙ ඉදන් උනත් Answer කරනවා, test කරන්න හදනකොටම බල්බ් එක පත්තු වෙන්නෙ නැති වෙලාවල් තියෙන්වා.

ඒ වගේම ඒ Torch එක විකක් වෙලා තියලා ආයෙ ඕන් කරාම සමහර විට බැට්‍රි ඔක්කොම බැහැලා.

2. Rice Pulling


කොපර් ඉරිඩියම් වලට පුලුවන් අලෝහමය දේවල් උනත් ඇදලා ගන්න, (ලෝහ බැ :P)
ඒ කියන්නෙ අපි සුදු හාල් / බාස්මති වගේ දෙයක් එක ලගින් තිබ්බම තත්පර 10 /12 කට වගේ පස්සෙ ඒ හාල් ටික ඒ පැත්තට ඇදල ගන්නවා, ඒ හාල් ටික නිකන් කාන්දමක් වගේ කෙලින්ම නෙමෙයි, ඒක වෙනස් විදියට ඇදෙන්නෙ.

3. Rice Browning test

කොපර් ඉරිඩියම් වලට පුලුවන් ඒ හාල් ටිකක් වෙලා තිබ්බම ඒ හාල් වල තියෙන හයිඩ්‍රජන් ටික ඇදලා ගන්න, අන්තිමට ගොඩක් දුරට ඉතිරිවෙන්න කාබන් ටික විතරයි, ඒතකොට හාල් ටික කලු හෝ, දුබුරු පාට වෙනවා

4. Crack Test

ඒ හාල් ඇටයක් අතින් අරන් ඇගිලි දෙකෙන් පොඩ්ඩක් තද කරාම පොඩ්ඩක් වත් තද නැතුව ක්‍රිස්පි විදියට කැඩෙනවා,

5. Rice Re Assembly Test

ඒ හාල් ඇටයක් දෙකට කඩලා වතුර එකකට දැම්මම ඒ හාල් ඇටේ ආයෙ කැලි දෙක එකතු වෙනවා.

තව ටෙස්ට් නම් බර ගානක් තියෙන්වා, අවශ්ය උනොත් පස්සෙ දාන්නම්. :)

තව මම අද්දැකීමෙන් දන්න දෙකක් තියෙන්වා ඒ තමයි හරිම Plate එක තියෙන තැන් වල තනකොල හැදෙන්නෙ නැ Plate එක තියෙන තැන උඩ, අනිත් එක ඒ හරියට යනකොට ආරෝපනයට අපේ අත පයේ මයිල් පොඩ්ඩක් දගලනවා :D


Q: අම්මටසිරි වෙන්න මාරයිනෙ අෆ්ෆා කොපර් ඉරිඩියම්, ඔච්චර දෙයක් කෝටි ගානක් දීලා අරන් ගිහින් මොනාද කරන්නෙ ?
A: ඒක නම් හැමෝටම ප්‍රශ්නයක්. අපි දන්නෙ Copper-Irridium වල පොඩි පොඩි Properties ටිකක් විතරයි.

ඕකෙ හරිම කතාව දන්නෙ Quantum Science දන්න අය තමයි, මේ ගන්න ශක්ති වර්ගය ගැන අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැ කියලයි කියන්නෙ,

ඕකෙන් පුලුවන් ඕනම විදිලි උපකරනයක් එක වර අක්‍රීය කරන්න, ඇන්ජින් එකක් එක වර නතර කරන්න, mh370 වගේ ගේම් එකක් දෙන්න පුලුවන් Singnal ඕනම වර්ගයක් JAM වෙනවා,

මේ Plate එකක් / කොපර් ඉරිඩියම් ලග TV Signal වත් එන්නෙ නැ, පරන Tube TV එකකට ලං කරාම අමුතු අමුතු රූප පේන්නෙ, පොස්පරස් වලට e ඇවිල්ලා වදින්නෙ Plate එකට ඕන තැන් වල වගේ. ඉතින් කුමන කතාද ?

මමත් විශ්වාස කරන එක දෙයක් තියෙන්වා, ඒ මේක ගන්නෙ යුධ උපකරන නිපදවන කම්පැනි වලින්, සහ නාසා එකෙන්.

මේක අරන් යන්නෙ සුපිරිසොල්දාදුවෙක් හදන්න කියලා කතාවක් තියෙන්වා, Iridium මිශ්‍රලෝහයකින් මොකක්ද ඇදුමක් හදලා
ඒකට මේ Charge එක දුන්නම ඒ ඇදුමට බුලට් එකක් වදින්නෙ නැල්ලු.

බෝම්බයක් පිපිරුවත් එන ශක්තිය මේක ඉස්සරහ නතර වෙනවලු, මේකෙ Test කරන වෙලවට බලන්න පුලුවන් Paper Pin එකක් / ඉදිකටුවක් වගේ දෙයක් මේ Plate එක ලගට ලං කරාට ලං වෙන්නෙ නැ, ඒක දුරස් වෙනවා,
ඒක තව ලෝහත් එක්ක මිශ්‍ර කරලා බලය වැඩි කරගන්න පුලුවන් ඇති,

ඒ වගේම මේ ශක්තිය පාවිච්චි කරලා මිශයිලයක් උනත් හරවලා යවන්න පුලුවන්ලු,

වැදගත්ම දේ මේ ඇදුමට පුලුවන් ලු ආලෝක කිරන උනත් නමලා යවන්න, ඒ කියන්නෙ අපිට පස්සෙන් එන ආලොකය අපේ දෙපැත්තෙන් ගිහින් ඉස්සරහයින් ආයෙ එකතු වෙනවා, ඒත්කොට අපිව පේන්නෙ නැ,
මේ ඇදුම නම් දැනටමත් Youtube එකට ලීක් වෙලා තිබ්බා නේද ඇමරිකාවෙ ?



/QUOTE]


.........
 

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ ගෙදර කුලී වැඩ කරන්න ආපු පොරක් මේ කතාව කිව්වනෙ කවුද කිව්වා කියලා. ඌ නම් ඉරිඩියම් කතාවක් කිව්වෙ නෑ. අකුණු සන්නායකයේ බැටරියක් තියෙනවා ඒකයි ගන්නෙ කිව්වා. ඔය පරණ බිල්ඩින්ග් රිනොවේට් කරනවා කියලා ඕක හොයනවා කියලයි ඌ කිව්වෙ. මම මාස දෙක තුනකට කලින් ඇහුවේ. බුකියේ මොකක් හරි දැකලා මූ මරු කියෝනවා කියලා හිනාවෙලා නිකම් හිටියා.

    මේක දැක්කම කන්ෆියුස් උනා.

    https://www.sundaytimes.lk/140810/n...ghtning-conductors-for-rare-metal-110415.html
    ------ Post added on Dec 13, 2022 at 11:44 PM