අකුරට වැඩකරන රාජ්‍ය නිලධාරියා - Newton(2017)

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අකුරට වැඩකරන රාජ්‍ය නිලධාරියා - Newton(2017)

    ඉන්දියාවේ දිල්ලි නගරයේ සාමාන්‍ය පවුලක ඉපදෙන එකම පිරිමි දරුවාට රාජ්‍ය සේවයේ නියුතු පියා සහ මව එක්ව නම් තබන්නේ නූතන් කුමාර් යනුවෙන්. ඒත් බොහොම වෙනස් විදිහට හිතන ජීවිතේ බොහොම පිළිවෙලට, සන්සුන්ව ගතකරන්න කැමති නූතන් ටිකක් දැනුම් තේරුම් තියන කාලේ වෙද්දි තමන්ගේ නම වෙනස් කරගන්නවා.

    ඒ ‘නූතන්‘ කියන නමේ ‘නූ‘ කොටස ‘නිව්‘ යනුවෙනුත් ‘තන්‘ කොටස ‘ටන්‘ යනුවෙනුත් වෙනස් කරගෙන තමන් ‘නිව්ටන්‘ නමින් හඳුන්වාදෙන්න පුරුදු වෙනවා. විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරලා ඉන්දියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගත්ත නිව්ටන් එයිනුත් නොනැවතී විශේෂවේදී උපාධිය හදාරන්නේ භෞතික විද්‍යාවෙන්. ලෝක ප්‍රසිද්ධ අයිසැක් නිව්ටන්ගේ ගමන යන්නට සූදානම් වෙන නිව්ටන්ට පවුලේ වගකීම් සහ වයසට ගිහින් පවා රාජ්‍ය සේවය එක්ක කටයුතු කරන්න වෙලා තියන තමන්ගේ තාත්තගේ වගකීම් නිදහස් කරන්න නිව්ටන් රාජ්‍ය සේවයට යනවා.

    එහෙම ඉන්න අතරේ ඉන්දියානු මහ මැතිවරණය එළඹෙනවා. එතනදි රාජ්‍ය සේවකයන්ට මැතිවරණය සේවය සඳහා රාජකාරී කරන්නට දැනුවත් කිරීමේ පන්ති පවා පැවැත්වෙනවා. මේවට සහභාගීවෙන නිව්ටන් බොහොම උනන්දුවෙන් මැතිවරණ රාජකාරී සඳහා සූදානම් වෙනවා. මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය ඇතුලත් අත්පොත පවා කටපාඩම් කරන නිව්ටන්ට මැතිවරණය සඳහා නිලධාරීන් යෙදවීමේදී ඔහු ඉන්නේ රාජ්‍ය සේවයේ පරිවාස කාලයේ වුනත් වෙනත් නිලධාරීයෙක් ප්‍රතික්ෂේපකරපු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රධානියා විදිහට රාජකාරී කරන්න අවස්ථාව ලැබෙනවා.

    ගැටළුව තමයි මේ ඡන්ද මධ්‍යස්ථානය තියෙන්නේ උතුරු ඉන්දියාවේ මායිමක. බොහොම දුෂ්කර ප්‍රදේශයක් වෙන දන්ඩනාගර් වනාන්තරය ආශ්‍රිත ගමක ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය පැවැත්වෙන්නේත් පළවෙනි වතාවටයි. මොකද මේ ප්‍රදේශයට මාවෝවාදී ගරිල්ලන්ගේ ප්‍රහාර එල්ලවෙන නිසා එතෙක් මැතිවරණය පවත්වලා නෑ. මැතිවරණයට දින කීපයකට පෙර මාවෝවාදීන් අපේක්ෂකයන් පවා මරාදමමින් ප්‍රදේශය තුල මැතිවරණය වර්ජනය කරන්න කියලා ජනතාවට තුවක්කුවෙන් බලකරනවා.

    එහෙම වාතාවරණයකදි බොහොම එඩිතර තීන්දුවක් ගන්න නිව්ටන් තවත් මැතිවරණ සේවයේ කාලයක් පළපුරුද්ද ඇති නිලධාරීන් දෙදෙනෙක් එක්ක මැතිවරණ රාජකාරියට යන්න හෙලිකොප්ටරයක් සහ හමුදා ආරක්ෂාව නිව්ටන්ලාට ලැබෙනවා. වෘත්තියේදී නිව්ටන් නියෝජනය කරන ශ්‍රේණිය නිසා ඡන්ද මධ්‍යස්ථාන ප්‍රධානියා වුනත් ඔහු තරුණයෙක් වීම නිසා හමුදාව පවා ඔහුව එතරම් තැකීමක් කරන්නේ නෑ. නමුත් මැතිවරණය අවස්ථාවේදී මධ්‍යස්ථානයේ ප්‍රධානියාට ඇති බලය නිසා හමුදාවට පවා ඔහුගේ අණට කීකරු වෙන්න වෙනවා. ඒත් හමුදා කඳවුරේ නැවතිලා පසුදින ඡන්දය පවත්වන්න බලාගෙන ඉන්න නිව්ටන් ඇතුලු පිරිසට කඳවුරේ ප්‍රධානියා කියා සිටින්නේ ලඟදී මුදාගත් ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථානය පිහිටලා තියන නිසාත් ඡන්ද හිමියන් 76 දෙනෙක් විතරක් ඉන්න නිසාත් ජනතාව ඡන්දය පලකරන්න නොපැමිණේවි කියලයි. ඒත් ඡන්දය ප්‍රකාශකරන විදුලියෙන් ක්‍රියාකරන වෝටින් මැෂින් එකත් එක්ක ඒ ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස මැතිවරණ රාජකාරිවලට එක්වෙන තරුණියක් (ඔබ නැතිව ඔබ චිත්‍රපටයේ රඟපෑ අංජලී පාටෙල්) සමග කිලෝමීටර් ගණනාවක් පාගමනින් මධ්‍යස්ථානයට යනවා.

    යුද්ධය නිසා විනාශවුණු ගෙවල් මැදින් ගරාවැටුණු පාසලකට මැතිවරණ රාජකාරියට යන දිල්ලියේ උපන් දිල්ලියේ ජීවත්වුණු නිව්ටන් තුල ඇතිවෙන්නේ තිගැස්මක්. ඒත් ඔහු තමන්ගේ රාජකාරිය අකුරටම කරන්නට වෙහෙසෙනවා. ගරාවැටුණු පාසල් ගොඩනැගිල්ල තුල නිර්මාණය කරන විධිමත් ඡන්ද මධ්‍යස්ථානය තුල නිව්ටන් ඇතුළු නිලධාරීන් ඡන්දදායකයන් පැමිණෙන තුරු බලාගෙන ඉන්නවා, පාසල් සීමාවෙන් පිට හමුදා නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් බලාගෙන ඉන්නවා, ඒ අතරේ තමන්ගේ අණ, තමන්ගේ යෝජනාව ඉවතදාලා ඡන්දය පවත්වන්න නිව්ටන් ගත්ත තීරණය එක්ක හිතේ තරහක් ඉතිරිකරගත්ත හමුදා ප්‍රධානියත් එළියට වෙලා බලාගෙන ඉන්නවා, මාවෝවාදී ගරිල්ලන් කොහෙන් මතුවේද යන බිය පරිසරය පුරාම පැතිරිලා තියනවා. නිව්ටන් ඇතුලු පිරිසිට සාර්ථකව මැතිවරණය කටයුතු කරන්න ලැබේවිද? ගරිල්ලා ප්‍රහාරයක් එල්ල වේවිද? හමුදා ප්‍රධානියා හිතේ තියන වෛරයට කුමක් කරාවිද යන ගැටළු ඔබ තුල ඉතිරි කරන්නේ මේ චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම එකක් නිසාවෙන්. එය නරඹද්දි මේ ගැටළුවලට පිළිතුරු ඔබටම සපයාගන්නට හැකිවේවි.

    ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණය පවත්වන රට විදිහට සැලකෙන ඉන්දියාවේ මැතිවරණ තුල ඇති යථාර්තය වගේ මායිම් ගම්වල ජනතාව ගරිල්ලා තර්ජන සහ හමුදා තර්ජන අතර දෝලනය වන ජිවිතය ගතකරන්නේ කොහොමද කියලා ඉතාම සංවේදීව සහ උපහාසාත්මකව ගෙනහැර දක්වන සම්මානනීය චිත්‍රපටයක් විදිහට Newton සලකන්න පුළුවන්. බොළඳ ප්‍රේමකතාවලට එහාගිය සමාජ දේශපාලනික යථාර්ථය සියුම්ව ප්‍රේක්ෂකයා තුලට එන්නත් කරන්නට සමත් මෙම චිත්‍රපටය අමිත් වී. මසුර්කාර් ගේ අධ්‍යක්ෂණයක්. රාජ්කුමාර් රාඕ නැමති යොවුන් එහෙත් අද්වතීය නළුවාගේ රංගනය චිත්‍රපටය පුරාවටම ආධිපත්‍යයක් සේ පැතිරිලා තිබෙනවා සේම හමුදා ප්‍රධානිය ලෙස රංගනයෙන් දායක වෙන පන්කජ් ත්‍රිපාති ඇතුළු සියලුම නළු නිළියන්ගේ තාත්වික රංගනය නිසා මෙය චිත්‍රපටයක්ද නැත්නම් අපි ඉදිරියේ පෙනෙන සත්‍ය සිදුවීමක්ද යන්න සිතාගත නොහැකි තැනකට සිනමා පටය තුල විනාඩි 106 ක් තුලදී පත්වෙනවා.

    රාජ්‍ය සේවකයෙක් නොව ඕනෑම මිනිසෙකුතුල පිළිවෙලකට සහ රාජකාරිය දේවකාරිය ලෙස කිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය මෙන්ම විකෘත්‍රි සමාජයක් තුල එවැන්නෙකුට මුහුණ දෙන්නට වෙන කටුකතා නිව්ටන් හරහා සමස්ත ලෝකයටම පෙන්වා දේ.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: other guy