අකුරු දෙකේ කවියක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    වෑවල වෙලේ වේවැල්වල වවුල්ලූ
    වෑවල වේලිවල විල්වල ලූල්ලූ
    වෑවල වලව්වේ ලී ලෑලි ලෝලුලු
    වෑවල වෙලේ වී ලෑවේ වාල්ලූ





    https://www.facebo ok.com/grou ps/koopikade/perm alink/2614613482020267
    මේ මොනවද කියල, අද ඉන්න පාසල් දරුවන් ,තරුණයින් සමහර විට දන්නෙ නැතිව ඇති. අදට අවුරුදු හතළිහකට එහාපැත්තෙ ඉස්කෝලේ ගිය කෙනෙක් නම් , අනිවාර්යයෙන් මේවා දැකල විතරක් නෙවෙයි ලියලත් ඇති.
    අපි පුංචිකාලෙ හෝඩියේ , දෙකේ පංතිවල( ඒ කාලෙ හෝඩියෙන් පාස්වෙලා යන්නෙ, දෙකේ පංතියට. හෝඩියේ ඉන්නෙ හෝඩිකුක්කො! ) ඉන්නකොට, අනිත් ළමයි එක්ක තරඟෙට කළ සෙල්ලමක් තමයි මේ.
    මේ සෙල්ලමේ හැටි තමයි , අකුරු එකකින් දෙකකින් හැදෙන වාක්‍යයක් , නමක් සාමාන්‍ය විදියට නැතුව , කෙටියෙන් ලියන එක. තනි අකුරක් විදියට වෙන්නත් පුලුවන්!
    තනි අකුරක් විදියට ලියනකොට කරන්නෙ, එක අකුරක් ලියල , ඒකටම ඊලඟට එන අකුරුවල, ඒ අකුරට තියෙන ඉස්පිලි, පාපිලි, ඇලපිලි ටික විතරක් අර මුලින්ම ලියපු අකුරටම එකතුකරල පෙන්නන එක.
    මේව කළේ කලින් කිව්ව වගේම හෝඩියේ දෙකේ ළමයි නිසා, මේවයෙ අඩුපාඩු , අස්කොන් , දකින්න යන්න එපා! පොඩිවුන්ගෙ සෙල්ලම් නෙව!
    මේ විතරක් නෙවෙයි, තව මේ අකුරු ඉලක්කම්වලින් ඒකාලෙ කරපු හරඹ බොහොමයි.
    1 -:
    මේක අකුරු දෙකක කවියක්. ඒ කවිය නොයෙක් පළාත්වල, නොයෙක් විදියට කියනව.
    මේ අපි කියපු විදිය.
    වෑවල වෙලේ වේවැල්වල වවුල්ලූ
    වෑවල වේලිවල විල්වල ලූල්ලූ
    වෑවල වලව්වේ ලී ලෑලි ලෝලුලු
    වෑවල වෙලේ වී ලෑවේ වාල්ලූ
    මෙතෙන්දි ව ල කියල අකුරු දෙකක් තියෙන නිසා කරන්නෙ , ව යන්න ලියල , ඊටපස්සෙ ඒක ල යන්න කරන්න, ව යන්නෙ උඩ කොටසම, ල යන්නෙ ගාණට දික්කරල ගන්න එක. ව් යන්නෙ තියෙන අල්කිරීමට උඩින්, වි ලි ල් අකුරුවලට තියෙන පිලිත් ලියනව. එකම අකුර දෙපාරක් ලියවෙන කොට, ඒ අකුර කියල ආයෙම කලින් එක උඩින් පැන්සල අරන් යනව. එතකොට ඒ අකුර ලිව්ව වෙනව.(අතින් ලියපු එක බලන්න!) ඒ කාලෙ, පැන්සලෙන් හරි ගල්කූරෙන් හරි තමයි ලියන්නෙ! එහෙම නැත්නම් ඉස්කෝලේ මිදුලේ, ගෙදර මිදුලේ වැල්ලෙ කෝට්ටකින් මේව ඇන්ද. ).
    2-:
    මේ ලියල තියෙන්නෙ මුදියන්සේ කියල! මුදියන්සේ නම තියෙන ඇත්තො මාත් එක්ක අමනාපවෙන්න කාරි නෑ. මේ පුංචි එවුන්ගෙ වැඩක් මිසක් , මහ මිනිස්සු කරන දෙයක් නෙවෙයි!
    3-:
    මේ තියෙන්නෙ කිරි කෑ කොකා කියල ලියපු විදිය. ඇත්තටම නම්, ක්‍රී කෑ කොකා කියලයි තියෙන්නෙ. අපි ඉතින් ලේසියට කිරි ක්‍රී කළා. ක්‍රී කෑ කොකා කියන වචනෙ, ක යන්නට තියෙන ඇලපිලි ,රකාරාංශය ඒ අකුරටම එකතුවෙලා.
    Channa Withana
    2023.09.28


    @Kalegana @001flyD @PHBhagya
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම හිතුවේ මේ පෝස්ට් එකේ තියෙන්නේ මුනිදාස කුමාරතුංග මහත්තයාගේ අකුරු දෙකේ තනි වචනේ කවිය ගැන කියලයි.

    එක්තරා කවි මඩුවකදී, ටිකක් කටකාර ගැහැණු කෙනෙක් කුමාරතුංගයන්ට අභියෝග කලාලු අකුරු දෙකේ, තනි වචනයක පදයකින් කවියක් කියන්න කියලා. ටිකක් කර පළල් හැට්ටයක් ඇඳගෙන හිටපු ඒ කාන්තාව දිහා බලලා කුමාරතුංගයන් මෙහෙම කිව්වලු.

    අනේ
    පනේ
    තනේ
    පෙනේ