වෑවල වෙලේ වේවැල්වල වවුල්ලූ
වෑවල වේලිවල විල්වල ලූල්ලූ
වෑවල වලව්වේ ලී ලෑලි ලෝලුලු
වෑවල වෙලේ වී ලෑවේ වාල්ලූ
https://www.facebo ok.com/grou ps/koopikade/perm alink/2614613482020267
මේ මොනවද කියල, අද ඉන්න පාසල් දරුවන් ,තරුණයින් සමහර විට දන්නෙ නැතිව ඇති. අදට අවුරුදු හතළිහකට එහාපැත්තෙ ඉස්කෝලේ ගිය කෙනෙක් නම් , අනිවාර්යයෙන් මේවා දැකල විතරක් නෙවෙයි ලියලත් ඇති.
අපි පුංචිකාලෙ හෝඩියේ , දෙකේ පංතිවල( ඒ කාලෙ හෝඩියෙන් පාස්වෙලා යන්නෙ, දෙකේ පංතියට. හෝඩියේ ඉන්නෙ හෝඩිකුක්කො! ) ඉන්නකොට, අනිත් ළමයි එක්ක තරඟෙට කළ සෙල්ලමක් තමයි මේ.
මේ සෙල්ලමේ හැටි තමයි , අකුරු එකකින් දෙකකින් හැදෙන වාක්‍යයක් , නමක් සාමාන්‍ය විදියට නැතුව , කෙටියෙන් ලියන එක. තනි අකුරක් විදියට වෙන්නත් පුලුවන්!
තනි අකුරක් විදියට ලියනකොට කරන්නෙ, එක අකුරක් ලියල , ඒකටම ඊලඟට එන අකුරුවල, ඒ අකුරට තියෙන ඉස්පිලි, පාපිලි, ඇලපිලි ටික විතරක් අර මුලින්ම ලියපු අකුරටම එකතුකරල පෙන්නන එක.
මේව කළේ කලින් කිව්ව වගේම හෝඩියේ දෙකේ ළමයි නිසා, මේවයෙ අඩුපාඩු , අස්කොන් , දකින්න යන්න එපා! පොඩිවුන්ගෙ සෙල්ලම් නෙව!
මේ විතරක් නෙවෙයි, තව මේ අකුරු ඉලක්කම්වලින් ඒකාලෙ කරපු හරඹ බොහොමයි.
1 -:
මේක අකුරු දෙකක කවියක්. ඒ කවිය නොයෙක් පළාත්වල, නොයෙක් විදියට කියනව.
මේ අපි කියපු විදිය.
වෑවල වෙලේ වේවැල්වල වවුල්ලූ
වෑවල වේලිවල විල්වල ලූල්ලූ
වෑවල වලව්වේ ලී ලෑලි ලෝලුලු
වෑවල වෙලේ වී ලෑවේ වාල්ලූ
මෙතෙන්දි ව ල කියල අකුරු දෙකක් තියෙන නිසා කරන්නෙ , ව යන්න ලියල , ඊටපස්සෙ ඒක ල යන්න කරන්න, ව යන්නෙ උඩ කොටසම, ල යන්නෙ ගාණට දික්කරල ගන්න එක. ව් යන්නෙ තියෙන අල්කිරීමට උඩින්, වි ලි ල් අකුරුවලට තියෙන පිලිත් ලියනව. එකම අකුර දෙපාරක් ලියවෙන කොට, ඒ අකුර කියල ආයෙම කලින් එක උඩින් පැන්සල අරන් යනව. එතකොට ඒ අකුර ලිව්ව වෙනව.(අතින් ලියපු එක බලන්න!) ඒ කාලෙ, පැන්සලෙන් හරි ගල්කූරෙන් හරි තමයි ලියන්නෙ! එහෙම නැත්නම් ඉස්කෝලේ මිදුලේ, ගෙදර මිදුලේ වැල්ලෙ කෝට්ටකින් මේව ඇන්ද. ).
2-:
මේ ලියල තියෙන්නෙ මුදියන්සේ කියල! මුදියන්සේ නම තියෙන ඇත්තො මාත් එක්ක අමනාපවෙන්න කාරි නෑ. මේ පුංචි එවුන්ගෙ වැඩක් මිසක් , මහ මිනිස්සු කරන දෙයක් නෙවෙයි!
3-:
මේ තියෙන්නෙ කිරි කෑ කොකා කියල ලියපු විදිය. ඇත්තටම නම්, ක්‍රී කෑ කොකා කියලයි තියෙන්නෙ. අපි ඉතින් ලේසියට කිරි ක්‍රී කළා. ක්‍රී කෑ කොකා කියන වචනෙ, ක යන්නට තියෙන ඇලපිලි ,රකාරාංශය ඒ අකුරටම එකතුවෙලා.
Channa Withana
2023.09.28
@Kalegana @001flyD @PHBhagya