අගමැතිකම ලබා ගැනීම අපේ අරමුනයි
ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක්..! ඒ සිරිසේනද? වෙල්ගමද? 'ජනාධිපතිවරණයට වඩා අපේ ඉලක්කය පාර්ලිමේන්තුවයි' -දයාසිරි
(ලංකා ඊ නිව්ස් -2019.සැප්.05, ප.ව.11.45) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට අද (05) සවස දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් අනුව මෙම දැනුම්දීම කර ඇත. ඔවුන්ගේ ද ජනාධිපති අපේක්ෂකයා කව්දැයි පසුව තීන්දු කරන බවද දයාසිරි ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් කරන ලද විමසීමකදී දයාසිරි ජයසේකර පවසා සිටියේ තිබෙන තත්ත්වය අනුව ශ්‍රීලනිපය ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් ශ්‍රීලනිපයේ කොටසක් පොහොට්ටුව වෙත යෑමත් කොටසක් එක්සත් ජාතික පක්ෂය වෙත යෑමත් වැළැක්විය නොහැකි බවයි. එසේ වුවහොත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැළලී යන බැවින් පමණක් නොව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ද සලකා බලා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි. ජනාධිපතිවරණයට වඩා තම පක්ෂයේ ඉලක්කය පාර්ලිමේන්තු මැතිවරණය බව ද දයාසිරි කියයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව දැනටමත් තම පක්ෂය සතුව ඡන්ද ලක්ෂ 12 ක් තිබෙන බවත් ජනාධිපතිවරණයේ දී එය ඡන්ද ලක්ෂ 20 ක් දක්වා වැඩි කර ගතහොත් ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20 ක් පමණ පාර්ලිමේන්තුවට යවා ගත හැකි බවත් ඒමගින් ඊලඟ ආණ්ඩුවක තීරක බලවේගය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල වගකීමකින් ක්‍රියා කළ හැකි බවද ව්‍යාජ තක්සේරු නොකරමින් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වටිනා කීර්ති නාමයක් සහිත පක්ෂයක්. අද ඒ වාහනයේ බොඩිය පොඩ්ඩක් සවුත්තු වෙලා එන්ජිම ටිකක් ලෙඩ දෙනවා නමුත් ඒවා රෙපයාර් කර ගත්තහම මේ වාහනයට තව ගොඩාක් දුර බොහොම වේගයෙන් තවත් කාලයක් දුවන්න පුළුවන්. මා පක්ෂ මහලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියුණු දේශපාලන දර්ශනයක් සහිත අනාගතයට ගැලපෙන පක්ෂයක් බවට පරිවර්තනය කරනවා." යි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.
ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනම ඉදිරිපත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි. නමුත් තවත් කණ්ඩායමක් කුමාර් වෙල්ගමගේ නම ද යෝජනා කරති.
---------------------------
by (2019-09-05 20:12:21)