අගමැති පුතා ග්‍රාමාරක්ෂකයකුට අමානුෂික ල&

yehank

Member
Oct 14, 2006
163
3
0
අගමැති පුතා ග්‍රාමාරක්ෂකයකුට අමානුෂික ල&

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ජනතාවට ප්‍රණාමය පළ කිරීම සදහා ප්‍රසිද්ධ කළාකරුවන් කිහිප දෙනෙකුද සමඟ ඉංගිරිය, හදපාන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අගමැති පුත් විදුර වික්‍රමනායකගේ මෙහෙයවීමට යටතේ ග්‍රාමාරක්ෂක භටයකුට අමානුෂික ලෙස පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවකු අප සමඟ පැවසීය.

ඊයේ සවස 2.30ට පමණ මෙම පහරදීම සිදුව තිබේ. මැතිවරණ සමයේ සරත් ෆොන්සේකා මහතාගේ පොස්ටර් කටවුට් මෙන්ම ජනාධිපතිවරයාගේද පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම මෙම පහරදීමට හේතුවී තිබේ. එම ග්‍රාමාරක්ෂකයාට පහර‍ දෙන බව එදින උත්සවයේදීද විදුර වික්‍රණායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, අපක්ෂපාතීව සිය රාජකාරී කටයුතු කළ නිලධාරියකුට මෙලෙස අමානුෂික ලෙස පහරදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය පළ කර සිටී.


vidurawick.jpg


source:http://www.lankatruth.com/sin/index...-14-16&catid=35:2008-10-13-08-30-14&Itemid=63