අගමැති රනිල් වැඩි ඡන්ද 46 කින් ජය ගනී..!!!

Jul 5, 2012
1,773
265
0
අගමැති රනිල් වැඩි ඡන්ද 46 කින් ජය ගනී..!!!

No-Confidence-10.jpg



යහපාලන ආණ්ඩුවට සහ එහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද ගෙන එන ලද විශ්වාස භංග යෝජනාවෙන් අගමැතිවරයා වැඩි ඡන්ද 46 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කෙළේය.

විරුද්ධව දුන් සහ නොපැමිණි සංඛ්‍යාවන් දෙක එකට එකතු කළද අගමැතිවරයා වැඩි ඡන්ද 21 කින් ජය ගෙන තිබිණ.

පුරා පැය 12 ක විවාදයකින් පසු මීට ස්වල්ප වේලාවකට පෙර පැවැති ඡන්ද විමසීමේ අවසන් ප්‍රථිපලය මෙසේය.

යෝජනාවට පක්ෂව 76 යි
යෝජනාවට විරුද්ධව 122 යි
ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටි 26 යි

ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහ ගමරාල පිලෙන් කොටසක් පක්ෂව ඡන්දය දුන්නේය.

මෙහි දී සිදුවූ අපූරු සිදුවීමක් නම් අගමැතිට එරෙහි යෝජනාවට පක්ෂව අත්සන් තබා තිබූ ආණ්ඩුවේ අයගෙන් නි.ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම සහ මන්ත්‍රී කාදර් මස්තාන් දෙදෙනා ඡන්දය දීමට නොපැමිණීමයි.

එක්සත් ජාතික පෙරමුණේ කිසිවෙකු අගමැතිට එරෙහිව යෝජනාවට පක්ෂව ඡන්දය නොදීම කැපී පෙණින.

අගමැතිට විරුද්ධව කතා කළේ එජාපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන සාදු පමණක් වන අතර ඔහුද ඡන්දය විමසීමේදී මග හැර සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂයෙන් විසි ගණනක් සහිතව අගමැතිට එරෙහිව යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා යයි වහසි බස් දෙඩූ රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයාට එරෙහි යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ ය. වසන්ත සේනානායක ද යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ ය. ආණ්ඩුව විවේචනය කරමින් සිටින හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කෙළේය.

විවාදයේ දී කතා නොකළ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ දෙදෙනා ඡන්ද විමසන අවස්ථාවට පමණක් සහභාගී වී යෝජනාවට පක්ෂව චන්දය දී ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමටත් පෙර සභා ගැබෙන් ඉවත්ව ගියහ.

සම්මුති ආණ්ඩුව සමග සිටි පල්ලෙවත්ත ගමරාලගේ ශ්‍රීලනිප/එජනිස කණ්ඩායම පැහැදිලි ලෙස තුනකට බෙදුනු අතර බහුතර පිරිසක් ඡන්දය දීම මග හැර සිටියේ ය. ඔවුන් අතර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆවුසි, සරත් අමුණුගම, නිමල් සිරිපාල, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුනි, මෝහන්ලාල් ග්‍රේරෝ, පියසේන ගමගේ, ලසන්ත අලගියවන්න, මනුෂ නානායක්කාර, වීරකුමාර දිසානායක, මලිත් ජයතිලක, ශ්‍රියානි අබේවික්‍රම, හිස්බුල්ලා, භාරතී දුෂ්මන්ත, ලක්ෂ්මන් සෙනෙවිරත්න ආදීහු වූහ. එජනිසය සමග සිටින ආරුමුගම් තොණ්ඩමන්, මුත්තු සිවලිංගම් ආදීහු නොපැමිණි අතර ඩග්ලස් දේවානන්ද අගමැතිට එරෙහි යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ ය.

සම්මුති ආණ්ඩුවේ ඇමැතිධූර දරමින් සිටින සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, එස්.බී. දිසානායක, ඩබ්ඩීජේ සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, ටී.බී.ඒකානායක, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, ආදීහු යෝජනාවට පක්ෂව අගමැතිට විරුද්ධව ඡන්දය දුන්හ.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය කවදාකවත් නැතිව අද සම්පූර්ණයෙන්ම පිරී තිබිණ. අද විවාදය නැරඹීම පාසැල් දරුවන්ට වසා දමන ලද අතර මන්ත්‍රීවරයෙකුට අවසර පත් 3 බැගින් නිකුත් කර තිබිණ. කලබලකාරී කුමන්ත්‍රණ කරුවන් මහජන ගැලරියට ඇතුළු වේ යැයි පෙර සූදානමින් දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබිණ.

පළාත්පාලන ඡන්දයෙන් පසුව අගමැතිවරයා එළවා දැමීම සඳහා ජනාධිපති පල්ලෙවත්ත ගමරාල ප්‍රමුඛව ඒකාබද්ධයේ පිරිසද එකතුව ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයේ උච්ඡ අවස්ථාව වූ මෙම විශ්වාස භංග යෝජනාව ය. මුල සිටම තිරසර ප්‍රතිපත්තියක පිහිටමින් අවංකව කටයුතු කළ අගමැති රනිල් වික්‍රමසිංහ අති විශාල බහුතර ඡන්දයකින් ජයගත් අතර උපක්‍රමශීලීව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ කල්ලියේ ඒකාබද්ධයටද තම පිරිස වැඩි කර ගැනීමට හැකිවිය. අවසානයේ සිදුවූයේ මුල සිටම කිලී මහාරාජා, ශිරාල් ලක්තිලක, ගෝඨා, රතන වැනි අමු ගොබ්බ තක්කඩියන්ගේ කුස්සි කැබිනට්ටුවක් සමග එක්ව තමන් බලයට ගෙන ආ ජනවාරි 8 ජනමතය ද පාවාදෙමින් කුමන්ත්‍රණකාරීව ක්‍රියාකළ දේශපාලන කුණකටුවා ජනාධිපති පල්ලෙවත්ත ගමරාල තිබුණු පරිය ද ගිලිහී ගොස් ඉතා අවාසනාවන්ත අඩියකට වැටී දේශපාලන සරණාගත භාවයට පත් වීමය.

තම පුද්ගලික ගොං උද්දච්ඡ කම නිසා මාස ගණනක කාලයක් තිස්සේ රට අරාජික කරමින් පල්ලෙවත්ත ගමරාල රටට සිදුකළ ආර්ථික හානිය මිනිය නොහැකි තරම් ය. ඒ සඳහා පෙරමුණ ගනිමින් බොරු ගොතමින් ජඩමාධ්‍ය සට්ටැඹියන් සිදුකළ සංස්කෘතික හානියද මිනිය නොහැකි තරම් ය.

හොරුන්ට එරෙහි යැයි බෑඟිරි ගහන ජනතා විමුක්ති පෙරමුණ එසේ කරන්නේ හොරු රෑනක් සමග එකට ලගින අතරේ බවත් එය සාධාරණය කිරීමට ව්‍යාජ තියරි ගොතන බවත් මුළු රටම සජීවීව දැක බලා ගැනීමද අද දවසේ වැදගත් සිදුවීමකි.