අගමැති හා සියඹලාපිටිය ඉල්ලා අස්වන නාටක Continued

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අද (6) සන්ධ්‍යා කාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැති මහින්ද රාජපක්ෂ තමා ඉල්ලා අස්වන්නට කැමති බවට ප්‍රකාශ කරන ලදැයි මාධ්‍ය වෙත දන්වා තිබේ. මෙම ආකාරයට අගමැති ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරන්නේ ආසන්න මෑත කාලයේ තුන්වන අවස්ථාවටයි. එබැවින් එහි ක්‍රියාත්මක මට්ටමක් පිළිඹිබු කරන තුරු ජනතාවට 'මයිනා ගෝ'යන්න ඉටුවූවාදැයි විශ්වාස නැත. අද රජයට දැනෙන්නට රටපුරා හර්තාලයක් සිදුවීමෙන් පසු 'අපි වෙනසක් කරන්න සූදානම්' යන්න බොරුවට හෝ ඇගවීම ඇතැම්විට රජයේ යුතුකමකි.



    ඇතැම්විට අන්තර්වාර හෝ සභාග පාලනයකට යාමට අලුත් අගමැතිවරයෙක් හා අලුත් කැබිනට්ටුවක් සැකසීමේ උවමනාව මත මහින්ද රාජපක්ෂ මෙලෙස ඉල්ලා අස්වන බවක් දන්වා ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි. කෙසේ වෙතත් නව රජයක් පිහිටුවන්නට එක්වන පිරිස කවුරුන්ද යන්න තවම අවිනිශ්චිතය.විමල් මෛත්‍රී ඇතුලු කණ්ඩායම එක්වී පොදුජන පෙරමුණ සමග ඊයේ 148 ක බහුතරයක් පෙන්නුම් කළ බැවින් අනුමානයක් පවතින්නේ නව සභාග රජය හෝ අන්තර්කාල පාලනය ගොඩනැගෙනු ඇත්තේ එම පිරිස සමග බවකි.
    මෙම අවස්ථාවෙහි සජබ හෝ ජවිපෙ රාජපක්ෂවරුන් සමග ආණ්ඩු නොසාදන ස්ථාවරයක සිටින නිසා පාර්ලිමේන්තුවක් විසුරුවා හරිනතුරු මේ දක්වා රජය සමග නෙසිටි එම පක්ෂ සහිත ආණ්ඩුවක් මතු නොවනු ඇත. මෙසේ බලන කල මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමක් සිදුවුවද ප්‍රශ්නකාරී රාජපක්ෂ පාලනය අවසන් නොවන අතර උද්ඝෝෂණය කරන අය අපේක්ෂා කරන වෙනසක් ලබාදිය හැකිද යන්න ගැටලුවකි.


    මේ අතර නියෝජ්‍ය කතානායක ධුරය භාර නොගන්නා බව පවසමින් රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපතිවරයා වෙත නැවතත් අද (6) ලිපියක් යවා තිබේ.ඔහු ඉල්ලා අස්වන්නට යන්නේ ආසන්න මෑත කාලයේ දෙවැනි වරටය.

    ඔහු මෙලෙස නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ඊයේ (5) පාර්ලිමේන්තුවේ කාලය මිඩංගු කරමින් විශේෂ උවමනාවකින් රහස් ඡන්දයක් පවත්වා ඔහු පත්කළ පසුවය. මීට ඉහත ඔහු ඉල්ලා අස්වූයේ ශ්‍රීලනිප කන්ඩායම ස්වාධීන වූ බව කියාය. මෙවර ඔහු ඉල්ලා අස්වන්න ඉල්ලන ලිපියේ කියන්නේ තමා ස්වාධීන වූ නමුත් රජයේ කන්ඩායම තමන්ගේ නව තනතුරට ඡන්දය ලබාදීම නිසා එම තනතුර කිලිටිවී ඇති බවකි.ජනතාවට තම පත්වීම ගැන සැකයක් ජනිත වී ඇති බවකි.
    නමුත් දේශපාලන ලෝකයේ කථාබහට ලක්වන යථාර්ථය නම් ඊයේ ශ්‍රීලනිප කන්ඩායම විමල්ගේ කන්ඩායම සමග එකවී කරන්නට ගිය මගඩිය 'අතේ පත්තුවීම' මෙම ඉල්ලා අස්වීමට බලපාන්නට හැකි බවයි. පොහොට්ටු කන්ඩායමේ ශක්තිය උරගෑමක් ලෙස ඊයේ ප්‍රකාශවූ නියෝජ්‍ය කතානායක තෝරාගත් ඡන්දයට ආණ්ඩුව සහය පළකරන බව ජීඑල් පීරිස් මන්ත්‍රීවරයා කියද්දී ස්වාධීන වූ අය එම මොහොතේ විරුද්ධ වූයේ නැත.ඔවුන් ඒ ගැනදැන සිටි බවක් හැගවිණි. සියඹලාපිටිය පවා සිය ජයග්‍රහණයෙන් අනතුරුව විපක්ෂයේ සිටිනා තමාට විපක්ෂ ඡන්ද නොලැබී ජනතා සටන පාවාදීමක් කළ බව කියමින් අපූරු රංගනයක නිරත විය.ඔහු එම අවස්ථාවේ තමන්ට ලැබුණ ඡන්ද රජයේ අය නිසා කිලිටිවූ කතාවක් කියා සිටියේ නැත.


    ඊයේ සවස එලියට ආ විමල් දයාසිරි ඇතුලු අය පැවැත්වූ මාධ්‍ය හමුවේදීද තමන්ගේ අපේක්ෂකයාට රජය ඡන්ද පාවිච්චි කිරීම කිලිටිකිරීමක් ලෙස අර්ථ ගැන්වූයේ නැත.
    මෙම තත්වය හමුවේ ස්වාධීන යයි කියාගත් කන්ඩායම ගැන ජනතා සැකය වර්ධනය වූ අතර රාජපක්ෂවරුන් සමග පවතින ගනුදෙනුවක් ගැන ඉගි ලැබී තිබුණි. මේ නිසා ඊළගට පවත්වන්නට සැලසුම් කරන විශ්වාසභංගයකදී ස්වාධීන කණ්ඩායම රජයට විරුද්ධ නොවනු ඇතැයි සැකයක්ද මතුවිය.
    ඊයේ දහවලේ සිට ස්වාධීන කණ්ඩායම කෙරේ ඇතිවූ අවිශ්වාසය මේ වනවිට උත්සන්නවී ඇති අතර එය දුරු කරන්නට සියඹලාපිටිය යළි අද ඉල්ලා අස්වී ඇතැයි අනුමාන කෙරේ.
    මේ සියල්ල තම බලය රැකගැනීම වෙනුවෙන් ඒ ඒ අය නිර්මාණය කර ඉදිරිපත් කරන නාටක ජවනිකාය. ජනතාව කන්න බොන්න වැඩක් කරගන්න බැරිව අනේක දුක් විදිද්දී මේ ආකාර නාටක රගදක්වන්නට තරම් සංවේදී කමක් නැති මුග්ධයන් කෙරෙහි ජනතා කලකිරීම මතුවීම වැළැක්විය නොහැකිය.
    පාර්ලිමේන්තුව එක්දිනක් පවත්වන්නට වැයවන ලක්ෂ 90 පවා මෙම මොහොතේ රටට බරකි.
    හොරුගෝගම ඊයේ පිහිටුවා උද්ඝෝෂකයින් යළි යළි පැහැදිලි කළේද මෙම සත්‍යයයි.
     
    • Like
    Reactions: Challenger SRT8

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කල් මැරීමේ නියාය. හැබැයි එකෙන් වෙන්නේ ප්‍රශ්නේ තවත් දුරදිග යන එක.