අග්ගික්කන්දෝපම සූත්‍රය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba hithanne saththu marana minissu e welawedi sitha kiliti karagannawa kiyalada? Passe hari duk wenawa kiyalada? Na ban. Un patta sathutin e wade karanne. E wagema thamai horakam karana deth. Horakam karanne policiyata ahuwei kiyana bayen unata unta e gana pasuthaweemak na. Methana apita nopenena deyak thiyenawa.

    ද්වේශයකිං තොරව සතෙක් මරන්න බෑ. සතා මරද්දි ද්වේශ සහගත සිත් ඇතිවෙන්නෙ ඒකෙං අකුසල් රැස් කරනව. සතුටු වෙන්නෙ ඊට ගොඩක් පස්සෙ ඇති වෙන වෙන හිත් වලිං. ඒව ගොඩක් වෙලාවට ලෝභ සහගත සිත් වෙන්න පුලුවන්. පසුතැවීමත් අකුසලයක්. නිකං සාමාන්‍ය සමාජ සම්මතය අනුව පසුතැවීම හොඳදෙයක් විදිහට දැක්කට බුදු දහමෙ කියල තියෙන්නෙ කරපු පව් ගැන පසුතැවෙන්න එපා කියල.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉහත සටහන් වලට

    සංඛාර අබි සංඛාර කරන එක තමයි කර්මය කියන්නෙ, අබිසංඛාර කරන්නෙ රාග දෙශ මොහ වලින්

    සමහාර චෙතනා අබිසංඛාර බවගාමි කර්ම වෙනවා, උදා ගස් කපන එක වගෙ

    චෙතනාවෙන් කර්මයක් වෙන්නෙ

    රුප ශබද ගන්ද රස ස්පර්ස සිතුවිලි , රාග දෙස මොහ වලින් අබිසංඛාර කරන එක කර්මයක්

    මෙහෙම

    රුපයක් දකිනවා එම පෙනිම පෙනිමෙන් අවසන් නොකර පෙනිච්ච රුපය පිලිබදව රාග දෙස මොහ විදිහට හිතනවා කියනවා කරනවා

    අබිසංඛාර කියුවෙ රාග දෙස මොහ වලින් චෙතනා පාහාල කරලා කරන කොටස

    තාතාගතයන් වහාන්සෙ කිවුවෙ රාග දෙස මොහ වලින් අබිසංඛාර කරන්න එපා කියලා හෙතුව අබිසංඛාර හෙතුවෙන් ජාතියක් හටගන්නවා

    බාහිය දාරුචිරියට කිවුවෙ

    දිට්ටෙ දිට්ට මත්තන් - දැකිම දැකිම් මාත්‍රයයි, එතනින් නවත්තන් නැතුව ඉස්සරාහාට යනවා කියන්නෙ රාග දෙස මොහ අබිසංඛාර

    කවුරු හරි බැන්නා සුතෙ සුත මත්තන් , ඇහිම ඇහිම් මාත්‍රයයි , එ පිලිබදව කෙන්ති ගත්තා කියන්නෙ අබිසංඛාර කරා

    සත්වයො කරන්නෙ අබිසංඛාර කර කර කර්ම ගබඩාව පුරවනවා
    හෙතුව තමයි අවිද්‍යාව
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔබ මතුකරන කාරනය interesting නමුත් චෙතනාව කිව්වාම ඉන් අදහස් කෙරෙන්නේ නැහැ ignorance is bliss වගේ තත්වයක් ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබ ඉපදෙනවා සත්තු බිලිපුජා කරන රටක ඒ සංකෘතියට අනුට ඔබට මහත් වු අනිසංස ලැබෙන බවටයි විශ්වාසය තියෙන්නේ ඉතින් ඒ නිසා බැතිසිතින් සත්තු මරලා පුජා කරනවා මෙතනදි චෙතනාව යහපත් වගෙ පෙනෙනවා නමුත් සත්තාව මරද්දි අපේ සිත කිලිටි වෙනවා අන්න එතනතදි අයහපතක් සිදු වෙව්නවා.

    සිත කිලිටි වෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ, එහෙම වෙන්නේ නැත්නම් ඒ යකා කරන්නේ කර්මයක් නෙමෙයි. අන්න එකයි මම කිව්වේ සමහර සාධක මත පව පින / පෞද්ගලික තීරණ මත කර්මය වෙනස් වෙනවා කියල. ඕක ගැන ගබුරට කතා කරන්න දන්නේ නැ මමත්.
    හරි වැරදි කියන දේ ගැන හොයල බැලුවාම අපු sub-subject එකක් තමයි මරණ දඩුවම.
    රටක සදාචාරය, යුක්ති ධර්මය, ආචාරධර්මය සහ නිතිය රකින්න බැරි නිසා වැරද්දක් කරන මිනිස්සු එල්ලලා මරල වැඩක් හරියන්න්නේ නැ.
    හරි /වැරැද්ද, පව/ පින ගැන අපිට හිරකරන්න බැ ආගමික හෝ නීතිමය වශයෙන්.එක පොදු ධර්මතාවක් නෙමෙයි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉහත සටහන් වලට

    සංඛාර අබි සංඛාර කරන එක තමයි කර්මය කියන්නෙ, අබිසංඛාර කරන්නෙ රාග දෙශ මොහ වලින්

    සමහාර චෙතනා අබිසංඛාර බවගාමි කර්ම වෙනවා, උදා ගස් කපන එක වගෙ

    චෙතනාවෙන් කර්මයක් වෙන්නෙ

    රුප ශබද ගන්ද රස ස්පර්ස සිතුවිලි , රාග දෙස මොහ වලින් අබිසංඛාර කරන එක කර්මයක්

    මෙහෙම

    රුපයක් දකිනවා එම පෙනිම පෙනිමෙන් අවසන් නොකර පෙනිච්ච රුපය පිලිබදව රාග දෙස මොහ විදිහට හිතනවා කියනවා කරනවා

    අබිසංඛාර කියුවෙ රාග දෙස මොහ වලින් චෙතනා පාහාල කරලා කරන කොටස

    තාතාගතයන් වහාන්සෙ කිවුවෙ රාග දෙස මොහ වලින් අබිසංඛාර කරන්න එපා කියලා හෙතුව අබිසංඛාර හෙතුවෙන් ජාතියක් හටගන්නවා

    බාහිය දාරුචිරියට කිවුවෙ

    දිට්ටෙ දිට්ට මත්තන් - දැකිම දැකිම් මාත්‍රයයි, එතනින් නවත්තන් නැතුව ඉස්සරාහාට යනවා කියන්නෙ රාග දෙස මොහ අබිසංඛාර

    කවුරු හරි බැන්නා සුතෙ සුත මත්තන් , ඇහිම ඇහිම් මාත්‍රයයි , එ පිලිබදව කෙන්ති ගත්තා කියන්නෙ අබිසංඛාර කරා

    සත්වයො කරන්නෙ අබිසංඛාර කර කර කර්ම ගබඩාව පුරවනවා
    හෙතුව තමයි අවිද්‍යාව

    ඔය දේ එක ආගමක් විදියට නැතුව ග්ලෝබල් හිතුවොත් කොහොමද... වයින් බොන එක, සත්තු සතුන් පුජා කරන එක වගේ ඒවා කරන එවුන්ට කාර්ම විපාක ලැබෙන්නේ බුදු දහම අනුව විතරද? කොහොම හරි මම මේ ත්‍රෙඩ් එක දල තියෙන ප්‍රශ්නෙටත් පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Kiwwa de aith kiyawapan. Gas kapana eka pawak kiwwe na yako mama :lol::lol:
    Karmaya kiyanne swabahadahame kotasak

    කර්මය තමන් කරන ක්‍රියාව, මිනිසා සොබවධර්මයේ කොටසක්, එමනිසා මිනිස් ක්‍රියාකාරකම් සොබවධර්මයේ කොටස් කියලද උබ කියන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වයින් බොන එක, සත්තු සතුන් පුජා කරන එක වගේ ඒවා කරන එවුන්ට කාර්ම විපාක ලැබෙන්නේ බුදු දහම අනුව විතරද?

    බුදු දහම අනුව විතරක් කියන බුදු දහමෙ invisible hand එකක් වගේ මොකක්වත් නෑනෙ බං වැරදි කරනවද හොඳ දේවල් කරනවද කියල හොයල බලල දඬුවම් දෙනව වගේ කරන්න.
    බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ මෙහෙම දෙයක් සත්වයන්ට වෙනව කියලනෙ.
    ඒව නිරීක්ශණ මත පදනම් වුන දේවල්. ඒකෙ බුදු දහම අනුව කියල කියන එකේ අර්ථයක් නෑ. ඒක නිසං හරියට පොල් වැටෙන්නෙ නිව්ටන්ට අනුව විතරද කියල අහනව වගේ. ඒ මනුස්සය කලේ නිරීක්ශන පැහැදිලි කරපු එක විතරයි. කර්මය-ඵලය අදාලව ගත්තහම බුදු හාමුදුරුවොත් ඒව නිර්මාණය කලාවත් පාලනය කරන කෙනෙක්වත් නෙමේනෙ. ඒ බුදු හාමුදුරුවො නැතත් කොහොමත් විශ්වයේ වැඩ කරන නියමයක් විදිහට කියල තියෙන්නෙ. නිරීක්ශණ විතරයි.
     
    • Like
    Reactions: ctooi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ද්වේශයකිං තොරව සතෙක් මරන්න බෑ. සතා මරද්දි ද්වේශ සහගත සිත් ඇතිවෙන්නෙ ඒකෙං අකුසල් රැස් කරනව. සතුටු වෙන්නෙ ඊට ගොඩක් පස්සෙ ඇති වෙන වෙන හිත් වලිං. ඒව ගොඩක් වෙලාවට ලෝභ සහගත සිත් වෙන්න පුලුවන්. පසුතැවීමත් අකුසලයක්. නිකං සාමාන්‍ය සමාජ සම්මතය අනුව පසුතැවීම හොඳදෙයක් විදිහට දැක්කට බුදු දහමෙ කියල තියෙන්නෙ කරපු පව් ගැන පසුතැවෙන්න එපා කියල.

    Uba kiyana kathawe aththak thiyenawa. Ape achchi podi kale mata kiyala thiyenawa, saththu marana paw karayo e saththu vidawana ekenuth sathutu wenawa kiyala. E kathawa boruwak newe ban. Harak marapu kenek ekka mama katha karala thiyenawa. Isis unuth marana eka vidina duka wadi nam unge sathutath wadi.

    කර්මය තමන් කරන ක්‍රියාව, මිනිසා සොබවධර්මයේ කොටසක්, එමනිසා මිනිස් ක්‍රියාකාරකම් සොබවධර්මයේ කොටස් කියලද උබ කියන්නේ?
    Na mama ehema kiwwe na. Sitha kaya wachanayen yamkisi hodak ho narakak karanawa nam ewata return ekakuth thiyenawa kiyalai mama kiyanne. E return eka kriyathmaka wenne budu rajananwahanse namakage neethiyakata wath, deviyek bamunek yakshayekge neethiyakatawath newe. Swabahawa darmaye neethiyata anuwai
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය දේ එක ආගමක් විදියට නැතුව ග්ලෝබල් හිතුවොත් කොහොමද... වයින් බොන එක, සත්තු සතුන් පුජා කරන එක වගේ ඒවා කරන එවුන්ට කාර්ම විපාක ලැබෙන්නේ බුදු දහම අනුව විතරද? කොහොම හරි මම මේ ත්‍රෙඩ් එක දල තියෙන ප්‍රශ්නෙටත් පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ

    මුලින්ම දර්මය කියන වචනය තොර ගන්න දර්මය කියන්නෙ දර්මතා කියන එකට, දරන සොබාවය, යමක් වෙන විදිය පැහැදිලි කරන එකට තමයි දර්මය කියන්නෙ, බුදුන්වහන්සේ කරෙ සත්වයන්ට තොර ගන්න බැරි කොටසක් තොරලා දිපු එක, ලොකෙ පැවැත්ම සිද්ද වෙන විදිය කියලා දිපු එක,

    එකට නියායක් අද විදියට ගත්තොත් තියරි එකක් පෙන්නලා දුන්නා එක තමයි පටිච්චසමුප්පාද දර්ම නියාය කියන්නෙ බුදුන්වහන්සේ බුද්දත්වයට පත් උනෙත් පටිච්චසමුප්පාදය අවබොදයෙන් ලොකෙ බුදු කෙනෙක් ලොකෙට පාහාල වෙලා කියලා දෙන්නෙත් පටිච්චසමුප්පාද දර්ම නියාය,

    පටිච්චසමුප්පාද දර්ම නියායට දැම්මහාම ඔය කර්මය වෙන විදිය තොර ගන්න පුලුවන් දර්ම නියායට ජාති කුල ආගම් ආදාල නැ මොන ආගමක මොන ජාතියක කෙනෙක් ගලක් උඩ දැම්මත් පොලවට එනවා එක තමයි දරන විදිය ලොකෙ ක්‍රියාත්මක වෙන සොබාවය

    මෙක තෙරුම් ගන්න අපි කාට හරි ගාහානවා එකෙ රියැක්ශන් එක මොකක්ද අපිටත් එවගෙම බලපැමක් වෙන්න ඔන නෙද අපි කාට හරි දෙයක් දෙනවා එකෙදිත් රියැක්ශන් එක අපිටත් දෙයක් ලැබෙන්න ඔන නෙද

    ඉලගට බලන්න ඔන ඇයි සත්වයො එ විදියට හිතන්න කියන්න කරන්න පෙලබෙන්නෙ කියලා එකට හෙතුව රාගය දෙශ මොහ විදියට හිතන කියන කරන නිසා රාග දෙශ මොහ විදියට හිතන්න කියන්න කරන්නත් හෙතුවක් තියෙනවා එක තමයි කැමැත්ත, ඔය කැමැත්ත කියන දෙ තමයි මුලු විශ්වයෙම පැවැත්ම, කැමැත්ත කියන්නෙ ආස්වාද වලට කලින් කියපු අබිසංඛාර වලට

    දැන් ආපහු කලින් පොස්ට් එකට

    පෙනිම පෙනිමෙන් අවසන් නොකර දැකපු දෙ ගැන කැමැත්තක් හිතෙ ඇති කරන් හිතනවා කියනවා කරනවා, ඇහෙන දෙ, ගද සුවද රස කයට දැනෙන දෙ හිතට එන සිතුවිලි එවත් එහෙමයි එවටත් කැමැත්ත ඇති කරන් හිතන්න කියන්න කරන්න ගන්නවා

    ලස්සන රුප ශබ්ද හොද ගද සුවද මිහිරි රස සැප පාහාස සිතුවිලි ලොකෙ තියෙනවා නමුත් එවා වල රාග දෙශ මොහ නැ, සත්වයො කරන්නෙ එ එ දෙවල් වලට කැමැත්තෙන් බැදිලා රාග දෙස මොහ හිතින් හදන් හිතනවා කියනවා කරනවා

    මෙක හිතන්න එකම රුපයක් ගැන

    කෙල්ලෙක් ගැන එ කෙල්ලගෙ අම්මට තාත්තාට සහොදර සහොදරියන්ට රාගයක් නැනෙ නමුත් පිට කොල්ලො රගයක් හාදා ගන්නවා රුපෙ රාගය තිබ්බා නම් අම්මට තාත්තට සහොදර සහොදරියන්ටත් එහෙම වෙන්න ඔන නෙද, තෙරුනාද අබිසංඛාර කරන විදිය,

    දැන් තෙරුම් ගන්න කර්මයක් වෙන විදිය කලින් වගෙම කෙල්ලගෙ එකම ගන්න දැකිමෙන් අවසන් නොකර එ ගැන හිතන්න කියන්න ගත්තා හිතින් වචනයෙන් කයින් එ අනුව ක්‍රියා ගොඩක් ගොඩ නැගෙනවා නෙද එකෙ රියැක්ශන් එක හිතන්න තමන්ටත් එවගෙම ලැබෙන්න ඔන නෙද, පැහැදිලිද තව මෙහෙම හිතන්න සත්වයන්ගෙ හිත කය වචනය ක්‍රියා කරන්නෙ මොකක් අනුවද කැමැත්ත කියන දෙ අනුව කැමැත්ත කියන දෙට කොච්චර ශක්තියක් තියෙනවද කියලා හිතලා බලන්න.

    ඔය අබිසංඛාර කියන්නෙ කැමැත්තට ආස්වාද රාගය දෙස මොහ තන්හාව ඉච්චාව ඔය ඔක්කොම කර්ම ගොඩට අයිති වෙන්නෙ

    අවිද්‍යාව හෙතුවෙන් තමයි අබිසංඛාර කරන්නෙ
     
    • Like
    Reactions: sidathsaumya

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba kiyana kathawe aththak thiyenawa. Ape achchi podi kale mata kiyala thiyenawa, saththu marana paw karayo e saththu vidawana ekenuth sathutu wenawa kiyala. E kathawa boruwak newe ban. Harak marapu kenek ekka mama katha karala thiyenawa. Isis unuth marana eka vidina duka wadi nam unge sathutath wadi.

    :yes:
    අනික් සත්තුන්ගෙ වේදනාවෙන් විතරක් නෙමේ තමන්ගෙ ඇඟට දැනෙන වේදනාවෙන් පුච්චගෙන ඇණ ගහගෙන තුවාල කරගෙන සතුටක් ලබන අයත් ඉන්නව. ඇඟට ඇණයක් ගහගනිද්දි වේදනාව දැනෙන හිත් ටික වෙනස්. හැමෝටම ඒක අකුසල විපාක සිතක් විදිහට දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ඇති වෙලා දැනෙනව. එතනිං පස්සෙ පුද්ගලයයි තීරණය කරන්නෙ මේ දැනුන වේදනාව අරමුණු කරගෙන මම ඒකට ද්වේශ කරනවද ලෝභ කරනවද කියල. ලෝභ කලොත් සැපයක් විදිහට දැනෙනව. ද්වේශ කලොත් විඳවීමක් විදිහට ඒක දකිනව. සත්තු මැරිල්ලත් එච්චර තමා. සතාව මරල පසුතැවෙන්නත් පුලුවන් සතුටු වෙන්නත් පුලුවන්. සාමාන්‍ය ජනසමාජ සම්මතය අනුව පසුතැවෙන එක හොඳ දෙයක් විදිහට සමාජ පැවැත්ම වෙනුවෙන් සලකනව මිසක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවනං ඒක ගැන පසුතැවීමත් නොකල යුතු දෙයක්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බුදු දහම අනුව විතරක් කියන බුදු දහමෙ invisible hand එකක් වගේ මොකක්වත් නෑනෙ බං වැරදි කරනවද හොඳ දේවල් කරනවද කියල හොයල බලල දඬුවම් දෙනව වගේ කරන්න.
    බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ මෙහෙම දෙයක් සත්වයන්ට වෙනව කියලනෙ.
    ඒව නිරීක්ශණ මත පදනම් වුන දේවල්. ඒකෙ බුදු දහම අනුව කියල කියන එකේ අර්ථයක් නෑ. ඒක නිසං හරියට පොල් වැටෙන්නෙ නිව්ටන්ට අනුව විතරද කියල අහනව වගේ. ඒ මනුස්සය කලේ නිරීක්ශන පැහැදිලි කරපු එක විතරයි. කර්මය-ඵලය අදාලව ගත්තහම බුදු හාමුදුරුවොත් ඒව නිර්මාණය කලාවත් පාලනය කරන කෙනෙක්වත් නෙමේනෙ. ඒ බුදු හාමුදුරුවො නැතත් කොහොමත් විශ්වයේ වැඩ කරන නියමයක් විදිහට කියල තියෙන්නෙ. නිරීක්ශණ විතරයි.

    ඔහොම ගොන් ලොජික් ගෙන්න එපා බන්. මම මේ ත්‍රෙඩ් ඔෆ්ෆ් ටොපික් ගිහින් ප්‍රශ්නයක් ඇහුවේ, වෙන ආගමේ එකෙක් බුදු දහමට අනුව වරදක් කරාම ( ඒ ආගමේ හැටියට වරදක් නොවන දෙයක්) ඒ මිනිහට කර්ම බලපෑමක් හරි, පින් පව් බලපෑමක් හරි ලැබෙන්නේ කොහොමද?. මම මෙචර වෙලා කිව්වේ කර්මය කියන්නේ සර්වබලධාරි මතය නෙමෙයි එක පුද්ගලික ආකල්ප අනුව වෙනස් වෙනවා කියල.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes:
    අනික් සත්තුන්ගෙ වේදනාවෙන් විතරක් නෙමේ තමන්ගෙ ඇඟට දැනෙන වේදනාවෙන් පුච්චගෙන ඇණ ගහගෙන තුවාල කරගෙන සතුටක් ලබන අයත් ඉන්නව. ඇඟට ඇණයක් ගහගනිද්දි වේදනාව දැනෙන හිත් ටික වෙනස්. හැමෝටම ඒක අකුසල විපාක සිතක් විදිහට දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ඇති වෙලා දැනෙනව. එතනිං පස්සෙ පුද්ගලයයි තීරණය කරන්නෙ මේ දැනුන වේදනාව අරමුණු කරගෙන මම ඒකට ද්වේශ කරනවද ලෝභ කරනවද කියල. ලෝභ කලොත් සැපයක් විදිහට දැනෙනව. ද්වේශ කලොත් විඳවීමක් විදිහට ඒක දකිනව. සත්තු මැරිල්ලත් එච්චර තමා. සතාව මරල පසුතැවෙන්නත් පුලුවන් සතුටු වෙන්නත් පුලුවන්. සාමාන්‍ය ජනසමාජ සම්මතය අනුව පසුතැවෙන එක හොඳ දෙයක් විදිහට සමාජ පැවැත්ම වෙනුවෙන් සලකනව මිසක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවනං ඒක ගැන පසුතැවීමත් නොකල යුතු දෙයක්.

    එතනිං පස්සෙ පුද්ගලයයි තීරණය කරන්නෙ මේ දැනුන වේදනාව අරමුණු කරගෙන මම ඒකට ද්වේශ කරනවද ලෝභ කරනවද කියල. ලෝභ කලොත් සැපයක් විදිහට දැනෙනව.

    ආස්වාද විදින්න හිතන කියන කරන වැඩපිලිවෙල අබිසංඛාර, විදිම ලාබා ගැනිම සදහා හිතන කියන කරන වැඩ පිලිවෙලම අබිසංඛාර, අබිසංඛාර කරන්නෙ අවිද්‍යාව හෙතුවෙන්

    අවිද්‍යාව නිසයි අබිසංඛාර කරන්නෙ, අවිද්‍යාව නැත්තන් අබිසංඛාර නැ, ලොබය නිසයි එවගෙ විදිම් වැඩපීලිවෙලක නිරත වෙන්නෙ, ලොබය නැත්තන් එවගෙ විදිමකුත් නැ වැඩපිලිවෙලකුත් නැ

    එකයි සබ්බ සංඛාර අනිච්ච සඥ්ඥාව අට්ටියති හාරායති දිගුච්චති කියලා තියෙන්නෙ

    හරක් තලු ගාහානවා වගෙ හිතින් රාග දෙස මොහ හදන් බාහිර ලොකයත් එක්ක ඇලෙනවා ගැටෙනවා අතැරගන්න බැ

    මස් කටු කනවා වගෙ හිතින් හදන් එක සුවයක් දුකක් කරන් අබිසංඛාර කරනවා

    අවිද්‍යාව නිසයි සන්ස්පර්ස වෙදනා වෙන්නෙ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Uba kiyana kathawe aththak thiyenawa. Ape achchi podi kale mata kiyala thiyenawa, saththu marana paw karayo e saththu vidawana ekenuth sathutu wenawa kiyala. E kathawa boruwak newe ban. Harak marapu kenek ekka mama katha karala thiyenawa. Isis unuth marana eka vidina duka wadi nam unge sathutath wadi.

    Na mama ehema kiwwe na. Sitha kaya wachanayen yamkisi hodak ho narakak karanawa nam ewata return ekakuth thiyenawa kiyalai mama kiyanne. E return eka kriyathmaka wenne budu rajananwahanse namakage neethiyakata wath, deviyek bamunek yakshayekge neethiyakatawath newe. Swabahawa darmaye neethiyata anuwai

    ඒ වගේ අදහසක මමත් ඉන්නවා. හොද කරොත් හොද දේවල් ලැබෙන්න සම්බවිතාවක් තියෙනවා ( මොකද අපි ඇසුරු කරන්නේ හොද කුලකය - බොහෝ විට නරකෙන් මුදාගන්නවා)වගේම නරක කරොත් නරක ප්‍රතිපල ලැබෙන්න සම්බවිතාවක් තියෙනවා. මේක පරම සත්‍ය වෙන්නේ නැති උනත් තමන්ගේ හිතට / මනසට සදාකාලික සතුටක් හෝ දුකක් ගෙන්න පුළුවන්.
    මම මේක ආගමක් එක්ක ගාවගන්න කැමති නැ හැබැයි. එතකොට නිදහසේ අඩුවක් තේරෙනවා වගේ මටනම්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔහොම ගොන් ලොජික් ගෙන්න එපා බන්. මම මේ ත්‍රෙඩ් ඔෆ්ෆ් ටොපික් ගිහින් ප්‍රශ්නයක් ඇහුවේ, වෙන ආගමේ එකෙක් බුදු දහමට අනුව වරදක් කරාම ( ඒ ආගමේ හැටියට වරදක් නොවන දෙයක්) ඒ මිනිහට කර්ම බලපෑමක් හරි, පින් පව් බලපෑමක් හරි ලැබෙන්නේ කොහොමද?. මම මෙචර වෙලා කිව්වේ කර්මය කියන්නේ සර්වබලධාරි මතය නෙමෙයි එක පුද්ගලික ආකල්ප අනුව වෙනස් වෙනවා කියල.

    ආකාල්ප කියන්නෙත් හිතන එකටමනෙ එක චෙතනාව, චෙතනාව කර්මයක් වෙන්නෙ එ චෙතනාව රාග දෙස මොහ වලින් කිලිටි නම් විතරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම ගොන් ලොජික් ගෙන්න එපා බන්. මම මේ ත්‍රෙඩ් ඔෆ්ෆ් ටොපික් ගිහින් ප්‍රශ්නයක් ඇහුවේ, වෙන ආගමේ එකෙක් බුදු දහමට අනුව වරදක් කරාම ( ඒ ආගමේ හැටියට වරදක් නොවන දෙයක්) ඒ මිනිහට කර්ම බලපෑමක් හරි, පින් පව් බලපෑමක් හරි ලැබෙන්නේ කොහොමද?. මම මෙචර වෙලා කිව්වේ කර්මය කියන්නේ සර්වබලධාරි මතය නෙමෙයි එක පුද්ගලික ආකල්ප අනුව වෙනස් වෙනවා කියල.

    උඹ මං කිව්ව එක වැරදියට තේරුම් අරං. කර්මය විස්තර කරන්නෙ ධර්මතාවයක් විදිහට ඒක තේරුම් ගන්න ලේසි වෙන්නයි උදාහරණෙ ගත්තෙ.

    වෙන ආගමේ එකෙක් බුදු දහමට අනුව වරදක් කරාම
    උඹම කලිං කිව්ව නේද "පවා පිනට යන්න ඉස්සෙල්ල හරි සහ වැරදි කියන දේ තේරුම් ගන්න බලපන්.
    එක රටකින් රටකට, ජාතියෙන් ජාතියකට වෙනස් වෙනවා.
    " කියල.
    මේක හරි. මේ පදනමේ ඉඳගෙන තේරුම් ගන්න.

    උඹ කියනව වගේ හරි වැරැද්ද subjective.

    බුදු දහමට අනුව තියෙන්නෙ හරි දෙයක් කලොත් මොකක්ද වෙන්නෙ වැරදි දෙයක් කලොත් මොකක්ද වෙන්නෙ කියල නෙමේ, ක්‍රියාව සහ ඒ නිසා ඇතිවෙන ඵලයන් ගැන විස්තරයක්.

    හරි වැරැද්ද ගන්නෙ විස්තරේ තේරුම් ගන්න ලේසි වෙන්න. හරි වැරැද්ද ගැන කතා කරනකොට explicit definition එකක් දීල හරි වැරැද්ද කතා කරන්නෑනෙ. බෞද්ධයො එක තැනක හරි වැරැද්ද සුගතියක ඉපදෙන්න කරන්න ඕනෙ දේවල් විදිහට උපකල්පනය කරල කතා කරනව. තව තැනක සුගතියකත් සැපදායක ජීවිතයක් ලබන්න කරක්න ඕනෙ දේවල් විදිහට උපකල්පනය කරල කතා කරනව. තව තැනක නිවන් දකින්න කරන්න ඕනෙ දේවල් විදිහට උපකල්පනය කරල කතා කරනව.

    හරි වැරැද්ද වගේ subjective දේවල් අයිං කරල ගත්තොත් තියෙන්නෙ causal relations කිහිපයක් ගැන විස්තර කිරීමක්.

    ඕක විස්තර කරන්නයි අර පොල් ගෙඩිය වැටෙන උදාහරණෙ ගත්තෙ. ඒ වගේ natural law එකක් විස්තර කිරීමක්
     
    වෙන ආගම් වල ඳඩුවම් කරන කෙනෙක් ඉන්නව බන්. බුදු දහමේ එහෙම කෙනෙක් නෑ. බුදු හාමුදුරුවො දේශනා කරේ ලෝක ස්වභාවය මිසක්. කර්මය ක්‍රියාත්මක කරන කෙනෙක් ඉන්නව කියලා දේශනා කරලා නෑ. ලෝක ස්වභාවය කාටත් පොදුයි.
     
    :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ වගේ අදහසක මමත් ඉන්නවා. හොද කරොත් හොද දේවල් ලැබෙන්න සම්බවිතාවක් තියෙනවා ( මොකද අපි ඇසුරු කරන්නේ හොද කුලකය - බොහෝ විට නරකෙන් මුදාගන්නවා)වගේම නරක කරොත් නරක ප්‍රතිපල ලැබෙන්න සම්බවිතාවක් තියෙනවා. මේක පරම සත්‍ය වෙන්නේ නැති උනත් තමන්ගේ හිතට / මනසට සදාකාලික සතුටක් හෝ දුකක් ගෙන්න පුළුවන්.
    මම මේක ආගමක් එක්ක ගාවගන්න කැමති නැ හැබැයි. එතකොට නිදහසේ අඩුවක් තේරෙනවා වගේ මටනම්

    සත්වයො බාලාපොරොත්තු වෙන්නෙ හොද විතරයිනෙ, අනික සත්වයො නරකක් බාලාපොරොත්තු වෙලා නරක කරන්නෙත් නැ

    වෙන්නෙ රියැක්ශන් එකක් හැදෙන එක

    විසෙසම දෙ තමයි බුදුන්වාහාන්සෙගෙ ඉගැන්විම කර්මය මුලික කරගත්ත එකක් නෙවෙයි , හෙතුව අනුව පලය හැදෙනවා හෙතුව නැත්තන් පලය නැ, කර්මයටත් හෙතුවක් තියෙනවානෙ

    ඉච්චාව නැත්තන් ආසාව ආස්වාද කැමැත්ත තාන්හාව උපාදාන නිසයි කර්ම කරන්නෙ

    ආස්වාද > ආදිනව > නිස්සරන
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    උඹ මං කිව්ව එක වැරදියට තේරුම් අරං. කර්මය විස්තර කරන්නෙ ධර්මතාවයක් විදිහට ඒක තේරුම් ගන්න ලේසි වෙන්නයි උදාහරණෙ ගත්තෙ.

    වෙන ආගමේ එකෙක් බුදු දහමට අනුව වරදක් කරාම
    උඹම කලිං කිව්ව නේද "පවා පිනට යන්න ඉස්සෙල්ල හරි සහ වැරදි කියන දේ තේරුම් ගන්න බලපන්.
    එක රටකින් රටකට, ජාතියෙන් ජාතියකට වෙනස් වෙනවා.
    " කියල.
    මේක හරි. මේ පදනමේ ඉඳගෙන තේරුම් ගන්න.

    උඹ කියනව වගේ හරි වැරැද්ද subjective.

    බුදු දහමට අනුව තියෙන්නෙ හරි දෙයක් කලොත් මොකක්ද වෙන්නෙ වැරදි දෙයක් කලොත් මොකක්ද වෙන්නෙ කියල නෙමේ, ක්‍රියාව සහ ඒ නිසා ඇතිවෙන ඵලයන් ගැන විස්තරයක්.

    හරි වැරැද්ද ගන්නෙ විස්තරේ තේරුම් ගන්න ලේසි වෙන්න. හරි වැරැද්ද ගැන කතා කරනකොට explicit definition එකක් දීල හරි වැරැද්ද කතා කරන්නෑනෙ. බෞද්ධයො එක තැනක හරි වැරැද්ද සුගතියක ඉපදෙන්න කරන්න ඕනෙ දේවල් විදිහට උපකල්පනය කරල කතා කරනව. තව තැනක සුගතියකත් සැපදායක ජීවිතයක් ලබන්න කරක්න ඕනෙ දේවල් විදිහට උපකල්පනය කරල කතා කරනව. තව තැනක නිවන් දකින්න කරන්න ඕනෙ දේවල් විදිහට උපකල්පනය කරල කතා කරනව.

    හරි වැරැද්ද වගේ subjective දේවල් අයිං කරල ගත්තොත් තියෙන්නෙ causal relations කිහිපයක් ගැන විස්තර කිරීමක්.

    ඕක විස්තර කරන්නයි අර පොල් ගෙඩිය වැටෙන උදාහරණෙ ගත්තෙ. ඒ වගේ natural law එකක් විස්තර කිරීමක්

    gotcha!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වෙන ආගම් වල ඳඩුවම් කරන කෙනෙක් ඉන්නව බන්. බුදු දහමේ එහෙම කෙනෙක් නෑ. බුදු හාමුදුරුවො දේශනා කරේ ලෝක ස්වභාවය මිසක්. කර්මය ක්‍රියාත්මක කරන කෙනෙක් ඉන්නව කියලා දේශනා කරලා නෑ. ලෝක ස්වභාවය කාටත් පොදුයි.

    ඒ උනාට ආගමේ කියවෙන්නේ අට මහා නරකක් ගැන.

    1. සංජීව නරකය
    2. කාළසුත්ත නරකය
    3. සංඝාත නරකය
    4. රෞරව නරකය
    5. මහාරෞරව නරකය
    6. තාප නරකය
    7. ප්‍රතාප නරකය
    8. අවීචි නරකය

    උදා :
    දෙව්දත් තෙරණුවන් බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

    ලෝක සොබාවය කාටත් පොදු නැ. ලෝක සොබාවය කියල කන්සෙප්ට් එකක් ගේන්නේ බුදු දහමේ ඉදල කතා කරන නිසා. ලෝක සොබාව වෙනස් වෙනවා හොද නරක තේරුම් ගැනීම අනුව, පව පින ගෝචර කර ගැනීම අනුව. මම නිකන් කම්පෙරිසන් එකක් කරේ.
    මට කොහොම හරි දැනගන්න ඕන උනේ අග්ගික්කන්දෝපම සූත්‍රය කියන එකේ ඇත්ත නැත්ත.