කුලේ නිසා....

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,197
    1,991
    113
    කිරියේ ගොඩ දෙනෙක් මොකක් හරි උන ගමන් කියන්නේ අඩු කුලේ කියලානේ. අඩු කුලේ නිසා ඇති වෙච්ච සමහර ප්‍රශ්ණ...

    උපුටා ගත්තේ ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකෙන්. ක්බ්ලොග් එක කරන්නේ වෛද්‍යය රුවන් විජේතුංග.

    https://transyl2014.blogspot.com/2026/04/blog-post_29.html

    ශ්‍රී ලංකා දේශපාලනයේ කුල සාධකය අධ්‍යනය කිරිම ඉතා වැදගත්. මෙය මනෝ විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවද අධ්‍යනය කල යුතු දෙයක්.

    දේශපාලන තීරණ මෙන්ම බොහෝ දේශපාලකයන් ගේ චර්‍යාවට කුල සාධකය බල පෑවා. නිදහසටත් පෙර 1915 මුස්ලිම් සිංහල කෝලාහලයේදී හෙන්රි පේද්‍රිස් අත් අඩංගුව ට පත් වී වෙඩි කන්නේ පේද්‍රිස් පවුල සමග අමනාපයෙන් සිටි බණ්ඩාරනායක මුදළි (SWRD බණ්ඩාරනායකගේ පියා) කේස් එක තද කිරීමත් එක්ක. බණ්ඩාරනායක පහත රට ගොවිගම. පේද්‍රිස්ලා වහුම්පුර . මේක එක්තරා ආකාරයක ගොවිගම-වහුම්පුර ගැටුමක්.

    ග්‍රී ලංකාව නිදහස ලබන විට කුල ගැටුම් උග්‍රයි. ඩී.එස් ලා කොතලාවලලා කුල පීඩිත ගම් වල ජනයා දිනා ගත් වාමාංශික පක්‍ෂ වලට එරෙහිව ප්‍රචන්ඩත්වයක් දියත් කලා. කුල පීඩිතයන් නියෝජනය කල කීර්තිරත්න දේශපාලන ප්‍රචණ්ඩත්වය නිසා අහස් යානාවක් කුලියට ගෙන පත්‍රිකා බෙදනවා. වරක් සර් ජෝන් කොතලාවල දේශපාලකයන්ට ඩිනර් එකක් දෙනවා. ඒ ඩිනර් එකේ කුල පීඩිත දේශපාලකයෙකුත් ඉන්නවා. මේ නිසා ඩිනර් එක ඉවර වෙලා උඩරට ගොවිගම නිලමේලා තමන්ට අවමාන කලා කියලා උගුරට ඇඟිල්ල දාලා වමනේ කරනවා.

    1956 එස්. ඩබ් ආර්.ඩී. බණ්ඩාරනායක කුල පීඩිතයන් නියෝජනය කල දේශපාලකයන්ට යම් බලයක් දුන්නා. එක් දේශපාලකයෙක් සමුපකාර භාර අමාත්‍යාංශයේ මීට්න් එකට ගිය විට කුලවත් පරිපාලන නිලධාරීන් හිටියේ හිටගෙන. හේතුව මොහු එන විට නැගිටින්න අකමැති නිසා. බණ්ඩාරනායක ගෙන් පසු නායකත්වයට සුදුසුකම් තිබ්බේ සීපී ද සිල්වාට නමුත් කුල සාධකය නිසා ඔහුව කපා දැමෙනවා. පසු කාලයක එස්. ඩබ් ආර්.ඩී. බණ්ඩාරනායක ගේ පුතා අනුර වරක් ආර්.පී විජේසිරිට බණිනවා ගෙරි පද්දා කියලා. මේ නිසා ආර්.පී විජේසිරි එක්සත් ජාතික පක්‍ෂයට එකතු වෙනවා.

    ආර් ප්‍රේමදාස දේශපාලනයට ආපු මුල් කාලයේ ඩඩ්ලි ඔහුට ඔවදනක් දෙනවා නම වෙනස්කර ගන්න කියලා. ඔහුගේ ඔරිජිනල් නාමය රණහින්න ; ඔහු එය රණසිංහ කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජනාධිපති වුනත් ඔහු තුල තිබූ කුල පීඩනය ඔහුගේ දේශපාලන තීරණ වලට බලපෑවා.

    1971 කැරැල්ල කුල පීඩිතයන් ගේ කැරැල්ලක් බව වික්ටර් අයිවන් කියනවා. විජේවීරට කලේ කුල පීඩිතයන්ට ආමන්ත්‍රණය කරන එක. විජේවීර ප්‍රභාකරන් වගේ කුල සාධකය එක්ප්ලොයිට් කලා. කෑගළු පොලිසිය 71 කැරැල්ල හැඳින්වූයේ පදු කැරැල්ලක් කියලා. 71 / 88 ආයුධ ගත්ත තරුණයෝ බොහෝ දෙනෙක් කුල පීඩනය නිසා ජවිපෙට බැඳුනු අය. විජේවීර සැඟවී සිටි කාලයේ ගත්ත නම් ( දොස්තර තිස්ස, අලවත්තාගොඩ මහත්තයා, අත්තනායක ) බොහොමයක් ගොවිගම නම් වීම වෙනම අධ්‍යනය කල යුතු කරුණක්.

    71 කැරැල්ලේ නායකයන්ටත් කුල පීඩනය බලපෑවා. බොහෝ දෙනෙක් විජේවීරගේ මූව්මන්ට් එකට ආවේ කාස්ට් ඔප්‍රෙෂන් එක නිසා. මහ රදාගේ ජේම්ස් - සෙනෙවිරත්න කියලා 71 දී නමක් ගන්නවා. පසුව එය උයන්ගොඩ බවට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ආපු විජේවීර ලයනල් බෝපගේ වෙනුවෙන් කල මැතිවරණ රැලියේ විජේවීර කියන්නේ " අපි හොඳ බාසුන්නැහැ කෙනෙක් ගේ පුතෙක් මේ සැරේ මේ ආසනේට ඉදිරිපත් කරනව කියලා. නයනානන් ද විජේකුලතිලක අත් අඩංගුවට පත් උනාම ඉයන් වික්‍රමනායක මුලින්ම අහන්නේ උඹේ කුලය මොකක්ද කියලා. නයනානන් ද විජේකුලතිලක උත්තර දෙනවා මගේ කුලය කොමියුනිස්ට් කුලය කියලා.ඒකට ඉයන් වික්‍රමනායකට මළ පනිනවා.

    මේ කතාව කියන්නේ වික්ටර් අයිවන්; එක කැරලිකාරයෙක් කඩුගන්නාව පොලිසියේ ඕඅයිසී ට වෙඩි තියලා මරලා එයාගෙ යුනිෆෝම් එක ඇඳගන එයාගේ නිල පුටුවේ වාඩි උනා. ඒ මිනිහට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණේ නෑ. හමුදාව ආවා. මේ විදියට ඔහු හැසිරුනේ ඇයි? මේ පුද්ගලයාට අධ්‍යාපන සුදුසුකම් සියල්ල තිඛෙද්දී පොලිසියට බැඳෙන්න බැරි උනා. කුලය පිලිබඳ ප්‍රශ්නයක් නිසා. අවසානයේදී කැරැල්ල හරහා තම කුල ප්‍රශ්නය මොහොතකට හරි ඔහු විසදාගත්තා.

    1988/89 කාලයේ කැරැල්ලේ සක්‍රියව හිටි අයගෙන් සැලකිය යුතු කොටසක් කුල පීඩිතයෝ. මේ සම්බන්ධයෙන් හොඳ කතාවක් තියනවා හර්මන් මාලිංග ගුණරත්න්න අණාවරනය කරපු. 1988/89 භීෂණ කාලයේ වෙස මුහුණු දාගෙන කැරලිකාරයෝ තිදෙනෙක් වතු හිමියෙකුගේ නිවසට පනිනවා. වතු හිමියා බය වෙලා දෑත් ඔසවනවා. එක් කැරලිකාරයෙක් ගේ වෙස් මූනේ ඉලාස්ටික් පටිය කැඩිලා මුහුණ නිරාවරණය වෙනවා. මේ පුද්ගලයා තමන් ගේ වත්තක කුරුඳු තලන එකෙක් බව වතු හිමියා හඳුනා ගන්නවා. වතු හිමියා තමන් ව හඳුනා ගත් නිසා අර චේගුවේරා ආවේශ වෙලා සිටි කැරලිකරුවා අභිබවා කුල පීඩිතයා ඉස්මතු වෙනවා. මේ තරුණයා වෙස් මුහුණත් අතින් අරගෙන දුවනවා.

    බොහෝ කුල පීඩිතයන්ට දේශපාලන හෝ අධිකාරී බලයක් ලැබුනු විට ඔවුන් වෙනස් වෙනවා. ඔවුන් තමන් ගේ සමාජ ඇරියස් කවර් කර ගන්න යනවා. ඒ නිසා සමාජයට ප්‍රශස්ථ සේවයක් කරන්න ඔවුන්ට අවස්ථාව අහිමි වෙනවා. මේක ඛේදවාචකයක්.
     
    • Like
    Reactions: 6h057 and cstasy

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,991
    113
    කිරියෙ අඩුකුලේ කියන්නෙ හැසිරීමට. ජන්මයට නෙමෙයි
    අඩු කුලේ උන්ගේ හැසිරීම ගැන තමා ලිපියේ තියෙන්නේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    බොහෝ කුල පීඩිතයන්ට දේශපාලන හෝ අධිකාරී බලයක් ලැබුනු විට ඔවුන් වෙනස් වෙනවා. ඔවුන් තමන් ගේ සමාජ ඇරියස් කවර් කර ගන්න යනවා.

    හොඳම උදාහරනේ ප්‍රේමදාස
     
    • Haha
    Reactions: wpril5

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    මහින්ද මාත්තයා එහෙම ඉන්දුනිසියන්ද ජාවද මැලෙසියන්ද
    ජාව රාජපක්, බතවියෙන් ලංසි අරන් ආපු ක්‍රිස්තියානි පවුලක්. ලන්සා නෑයෝ

    Jvp මණ්ඩලයට ඉන්නෙත් ගොවිගම විතරයි කියල පෙරටුගාමී කෙනෙක් සාකච්චාවක කිව්වා
    ලංකාවේ පාර්ලිමේන්තු වේ සිංහල මන්ත්‍රී බහුතරයක් ගොවිගම,

    ඇත්තටම කුලය ගැන ලොකුවට ඇදල ඇරගෙන කතා කරන්නෙම අඩු කුලේ එවුන් මම විවාහ වුණේ වෙනත් ( අඩු ) කුලයක නිසා ඒක හොඳටම දන්නවා.

    සමගියක් නම් පේනවා, උන් අතර පුදුම තරඟයක් තියෙන්නේ ෂෝ එකට‍, හීන මානේ , එකෙක් වාහනයක් ගත්තොත්අ නෙකට නින්ද යන්නේ නැහැ. මම ගේ හදද්දී, එකෙක් තඩි ගේක plan එක ගෙනල්ල මට විස්තර කළා. මම කිව්වා ලෝකෙට පේන්න ගෙවල් හදන්න ඕනේ නෑ. ගොවි අපට ඇරියස් නෑ.
    ------ Post added on May 1, 2026 at 3:38 AM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,991
    113
    හොඳම උදාහරනේ ප්‍රේමදාස
    "ආර් ප්‍රේමදාස දේශපාලනයට ආපු මුල් කාලයේ ඩඩ්ලි ඔහුට ඔවදනක් දෙනවා නම වෙනස්කර ගන්න කියලා. ඔහුගේ ඔරිජිනල් නාමය රණහින්න ; ඔහු එය රණසිංහ කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජනාධිපති වුනත් ඔහු තුල තිබූ කුල පීඩනය ඔහුගේ දේශපාලන තීරණ වලට බලපෑවා."
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    කිරියේ උන් (මමද ඇතුළුව) අඩු කුලේ නමින් හඳුන්වන්නේ සම්මත ඉහල කුලයක එකෙක් උනත් හැසිරීම vibe එක පහත් කුජිත නම්

    කැරලි ගැන දන්නේ නැ ජවිපෙ ඉදිය වීරවංස නම් බෙරව කියල කුලේක කියල පොරගේ ගමෙහ් එකෙක් කිව්වා