අග්‍රාමාත්‍ය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය නිලධාරීන් 6,156 දෙනකුට විවිධ හේතු මත විදේශගතවීමට අවසර ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත.

    65149_dimu.jpg

    අගමැති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2013 කාර්යසාධන වාර්තාවට අනුව විදේශ ශිෂ්‍යත්ව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා යැයි පවසමින් පරිපාලන මට්ටමේ නිලධාරීන් හට මෙසේ විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ.
    පරිපාලන චක්‍රලේඛ 21/2007ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් විදෙස්ගත වීමට පෙර අගමැතිගේ අවසර ලබාගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ විදේශ ගමන් පාලනය කිරීමේ අරමුණින් මේ චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.

    මේ වාර්තාවට අනුව විදේශගත වූ වැඩිම නිලධාරි පිරිස වන 1,995ක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් 450ටද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නිලධාරීන් 282ටද පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් 279ටද විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී ඇත.
    මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් 72 පමණක් විදෙස්ගත වී ඇත. මීට අමතරව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් 54 දෙනකු විදෙස්ගත වී ඇති අතර ඛනිජ තෙල් අමාත්‍යංශයෙන් 2013 වසරේ විදෙස්ගත වී ඇත්තේ නිලධාරීන් හතර දෙනකු පමණි.
    මෙකී කාර්යසාධන වාර්තාවට අනුව 2013 වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විනෝදාත්මක කටයුතු හා ත්‍යාග සඳහා යැයි රුපියල් මිලියන 20ක් (19, 952, 226) වැය කොට ඇත.

    එම වසර තුළ අගමැති කාර්යාලය විසින් නිම කර ඇති එකම ප්‍රධාන ව්‍යාපෘතිය වන ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය සඳහා කරනු ලැබූ වැඩසටහනට ඔවුන් වැය කොට ඇත්තේ රුපියල් මිලියන 2ක් පමණි. 2010 වසරේ ඇරැඹූ මේ ව්‍යාපෘතිය සඳහා මුලදී ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් 399,858 පමණකි. මේ අතර අගමැති කාර්යාලය ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් මිලියන 6.6 (රු.6,679,032) වැය කර ඇත.

    දැන් හැමෝටම ගොඩක් සනීප ඇති නේද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුට මහානායක හාමුදුරුවොත් බැන්නා නේද බුද්ධශාසනේ කනවා කියලා මු මහ අපතයෙක් නේ .
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය නිලධාරීන් 6,156 දෙනකුට විවිධ හේතු මත විදේශගතවීමට අවසර ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත.

    65149_dimu.jpg

    අගමැති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2013 කාර්යසාධන වාර්තාවට අනුව විදේශ ශිෂ්‍යත්ව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා යැයි පවසමින් පරිපාලන මට්ටමේ නිලධාරීන් හට මෙසේ විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ.
    පරිපාලන චක්‍රලේඛ 21/2007ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් විදෙස්ගත වීමට පෙර අගමැතිගේ අවසර ලබාගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ විදේශ ගමන් පාලනය කිරීමේ අරමුණින් මේ චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.

    මේ වාර්තාවට අනුව විදේශගත වූ වැඩිම නිලධාරි පිරිස වන 1,995ක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් 450ටද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නිලධාරීන් 282ටද පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් 279ටද විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී ඇත.
    මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් 72 පමණක් විදෙස්ගත වී ඇත. මීට අමතරව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් 54 දෙනකු විදෙස්ගත වී ඇති අතර ඛනිජ තෙල් අමාත්‍යංශයෙන් 2013 වසරේ විදෙස්ගත වී ඇත්තේ නිලධාරීන් හතර දෙනකු පමණි.
    මෙකී කාර්යසාධන වාර්තාවට අනුව 2013 වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විනෝදාත්මක කටයුතු හා ත්‍යාග සඳහා යැයි රුපියල් මිලියන 20ක් (19, 952, 226) වැය කොට ඇත.

    එම වසර තුළ අගමැති කාර්යාලය විසින් නිම කර ඇති එකම ප්‍රධාන ව්‍යාපෘතිය වන ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය සඳහා කරනු ලැබූ වැඩසටහනට ඔවුන් වැය කොට ඇත්තේ රුපියල් මිලියන 2ක් පමණි. 2010 වසරේ ඇරැඹූ මේ ව්‍යාපෘතිය සඳහා මුලදී ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් 399,858 පමණකි. මේ අතර අගමැති කාර්යාලය ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් මිලියන 6.6 (රු.6,679,032) වැය කර ඇත.

    දැන් හැමෝටම ගොඩක් සනීප ඇති නේද?

    You must spread some Reputation around before giving it to Srilankan1 again.