අගෝස්තු 12 අලි ඇතුන්ගෙ දිනය

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Copied Don Supz

    රුඩ්යාර්ඩ් කිප්ලිංග් රචිත ජංගල් බුක් පොත පාදක කරගත් චිත්‍රපටියෙ එක් අවස්ථාවක ඈතින් එන ඇතුන් දකින මෝවුග්ලිගෙ මිත්‍ර කළු දිවියා බගීරා සිය හිස නමා ඔවුන්ට ආචාර කරනවා.. එසේ කරන අතරේ මොවුග්ලිට කියනවා "ඇතුන් තමයි මේ වනය නිර්මාණය කරේ, ඔවුන් මෙය රැක බලා ගන්නවා" යනුවෙන්

    මේ කතාව ත්‍රිමානකරන චිත්‍රපටියකින් අහන්න ලැබුනට වන සංරක්ෂණය මූලධර්මයන්ට අනුව වුනත් 100% නිවැරදි කතාවක්. අලින්ට කියනවා "ecosystem engineers" එහෙම නැත්තන් "ජෛව පද්ධති ඉංජිනේරුවන්" කියලා. එහෙම කියන්න හේතුව තමයි මේ අපූරු සත්වයින්ගෙ ආහාර රටාවෙ සිට තබන පා සටහනක් පාසා ජෛව පද්ධති තුලනය සහ පවත්වා ගැනීම යන කරුණු වෙනුවෙන් ලබාදෙන දායකත්වය.

    ලංකාවේදි ඔවුන්ව නම් කරලා තියෙනවා "key stone species" (මුල් ගල් විශේෂයක්) ලෙස. මුල්ගල එහෙම නැත්තන් keystone ලෙස ඔතනදි අර්ථ ගැන්වෙන්නෙ ආරුක්කුවක් මධ්‍ය පිහිටන ගලට. මේ ආරුක්කුව මධ්‍යයේ පිහිටන ගල බැලු බැලුමට එතරම් වැදගත්කමක් ඇති දෙයක් ලෙස නොපෙනුනත් මේ ගල මධ්‍ය කරගනිමින් තමයි ආරුක්කුවේ සමබරතාව, බලයන් තුලනය වීම සහ ශක්තිය රඳා පවතින්නෙ. ඒ අර්ථයෙන් තමයි මුල් ගල් විශේෂ ලෙස සංරක්ෂණය තුලදි ඇතැම් විශේෂ නම් කරන්නෙ. සරලවම කිව්වොත් මේ සංරක්ෂණ ක්‍රමවේදය පාදක වෙන්නෙ යම් සත්ව විශේෂයක් කේන්ද්‍රකර සිදුකරනු ලබන සංරක්ෂණය මඟින් සමස්ථ ජෛව පද්ධතියම ආරක්ෂා කිරීම...

    ඇතැම් අය නිතරම අහන ගැටලුවක් තමයි ඇයි මෙච්චර අලි ගැන වද වෙන්නෙ..? අලි/ඇතුන් කියන්නෙ මේ පොළව අපිත් එක්ක බෙදා හදාගන්න අතිශයින්ම බුද්ධිමත් ජීවි කොට්ඨාසයක්. මළ ගිය වුන් වෙනුවෙන් දුක් වීමට තරම් බුද්ධිමත්, සුවිශේෂී මතකයක් ඇති , සහකම්පන හැකියාවන් විශිෂ්ට ලෙස දක්වන, මේ සත්වයින්ගෙ පැවැත්ම මත ජෛව පද්ධති රැසක රඳාපැවැත්ම තීරණය වෙනවා..

    මීට අවුරුදු මිලියන 56 කට පමණ ඉහතින් අප්‍රිකානු මහද්වීපය තුල පරිණාමය ඇරඹෙන මේ සතුන්ගේ වර්තමාන විශේෂනට පරිණාමික ක්‍රියාවලිය තුල හිමිවෙන කාර්යභාරයක් පවතිනවා. මිනිස් ශිෂ්ඨාචාරය තුල කෙදිනකවත් අලියා කියන සත්වයා ගෘහාශ්‍රිතකරණයට නොහැකි වුනේ මේ කාරණය නිසයි. සුනඛයන්, ගවයන් වැනි සතුන් පරම්පරා ගනනාවක් තිස්සේ ගෘහස්ථකරණයට ලක්ව මිනිස් අවශ්‍යතාවනට සරිලන ලෙස හැඩගන්වා තිබුනත් මානව ඉතිහාසයේ කොයිම අවස්ථාවකදිවත් ඇතුන් එවන් ක්‍රියාවලියකට භාජනය වී නැහැ.

    ක්‍රි.පු 264 කාල වකවානුවෙ සිට දිවෙන පියුනික් යුද්ධ වල සිට හැමිල්කාර් බාර්කා, හැනිබල් බාර්කා, මහා ඇලෙක්සැන්ඩර් , ඩේරියස්, සර්ක්සීස් සිට නන්ද අධිරාජ්‍යයේ මහා පද්ම නන්දගෙ 6000 ක ඇත් හමුදාව දක්වාත්, වර්තමානයේ දක්නට ලැබෙන අලි අැතුන් භාවිතාව දක්වාත් මිනිස් අවශ්‍යතාවන් සඳහා ගෘහස්ථ අභිජනනයෙන් නොව වනයෙන් රැගෙන එන හස්ථීන් භාවිතා වෙන්නෙ ඔය ඉහත කිව්ව කාරණය නිසා.

    කෙසේ වෙතත් දැනට පවතින දත්ත හා ඇස්තමේන්තු මත 2050 පමණ වන විට ලංකාවේ සිටින අලි ඇතුන් වඳව යෑමේ තර්ජනයට ලක්වන බව පෙන්නුම් කරනවා. වන අලි කළමනාකරනය සඳහා පවතින අලස පිලිවෙත්, කෙටිකාලීන විසඳුම් සොයා යෑමෙන් සිදුවන දීර්ඝකාලීන ගැටලු සහ රටක් වශයෙන් මුහුණ දෙන මේ විශාල ගැටලුවට නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති බව මේ කඩිනම් විනාශයට මඟ පාදනවා. මේ ක්‍රියාවලිය අපි හිතනවාට වඩා ඉක්මන් වෙන්න පුළුවන් හේතු තමයි අලින්ගෙ නිජබිම් කැබලිකරණය වීමත්, ඒ ආශ්‍රිතව සිදුවෙන ජාන හුදෙකලාකරණයත්, රක්ශිත තුල ඉසිලුම් ධාරිතාවන්ගෙ සීමා ඉක්මවා යෑමත් ආදි දැනට පවතින විශාල ගැටලු වලට ඉදිරියේදි මුහුවීමට නියමිත තවත් කාරණා. ඒ අතරින් දේශගුණික විපර්යාස එක්ක සිදුවෙන වන වැස්මේ වෙනස් වීම් එක්ක යම් සැලකිය යුතු ගහනයක් ඉතිරිව පැවතියත් එය පවත්වා ගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ අතරට බෝවන ලෙඩ රෝග ආදියත් විශාල හානියක් සිදුකල හැකි ක්‍රියාවක්.

    ජාන විද්‍යාවන් කොතරම් දියුණු වුනත් අලි ඇතුන් වගේ විශාල ප්‍රමාණයේ ක්ශීරපායින් කෘතිම ක්‍රමවේද තුලින් අභිජනනය ඉතාමත් අසීරු ක්‍රියාවක්. උදාහරණ තමයි අප්‍රිකානු සුදු රයිනෝ උප විශේෂය සහ ජාවා, සුමාත්‍රා රයිනෝ විශේෂ. ක්ශීරපායින්ගෙ සිරුරේ ප්‍රමාණයන් විශාල වෙද්දි ඔවුන්ගෙ අභිජනන රටාවන්, ඒ හා සබැඳි හෝර්මෝන ක්‍රියාවලීන් වගේම හැසිරීම් රටා ස්වාභාවික ලෙස සිදුවෙන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා. මේ හේතු නිස තමයි සත්වෝද්‍යාන තුල ඇතැම් සතුන්ගෙ උපත් මරණ අනුපාතිකය ඉතාමත් ඉහල වන්නෙ. ඊට අමතරව එවැනි කෘතිම ක්‍රමවේද සඳහා වැයවන පිරිවැය ඉතාමත් අධිකයි.

    මේ වගේ කාරණා එක්ක ඉදිරි වසර පනහ ඇතුලත ගෝලීය වශයෙන් ඇතිවෙන අර්බුධ එක්ක ලෝක අවධානය සතු ප්‍රමුඛතා ලැයිස්තු වෙනස් වීමක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් සංරක්ෂණයේ ඇතිවෙන සුසමාදර්ශ වෙනස (Paradigm shift) එක්ක ප්‍රති නශ්ඨකරණය (de-extinction) වගේ ක්‍රියාවලි වලට යෙදෙන ප්‍රමුඛතාවන් නැතිවුනොත් යම් සත්ව විශේෂයක් නශ්ඨවීම යනු නැවත කිසිදාක දක්නට නොලැබෙන ලේබලය ලැබෙන්න පුළුවන්. ලංකාව වගේ ඉතාමත් දුප්පත් රටකට ඔය වගේ කාරණා ගැන හිතන්නවත් ඉඩක් නොලැබෙන නිසා අලින් කියන්නෙ ඡායාරූපයකට පොතකට සීමාවුන සත්වයෙක් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩී.

    ඔහොම තමයි ඉතින් අලින් ගැන කතාව. අවසාන වශයෙන් තව පොඩි දෙයක් එකතු කරන්න කැමති දැනුම හොයන අයට. මම ස්වීඩනයේ ස්ටොක්හෝම් ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට වරක් ගිය අවස්ථාවක දකින්න වාසනාව ලැබුනා Elephas maximus විද්‍යාත්මක නාමය කාර්ල් ලිනේයස් විසින් 1758 වර්ශයේදි ලබා දුන් Type specimen නිදර්ශකය. ලිනේයස් තමන් ලබාදෙන ද්විපද නාමකරණ ගොනුව සිස්ටෙමා නැචුරා ග්‍රන්ථයේ (Systema naturae) පලකරනවා. ඒකෙදි ඔහු සඳහන් කරන්නෙ අදාල නිදර්ශකය ලංකාවෙන් ලබාගත් නිදර්ශකයක් ලෙස. ඒකෙදි zeylonae paludosis ලෙස ඔහු ලංකාව හඳුන්වනවා. මේ නිදර්ශකය කලල අවස්ථාවේ පැටවෙකුගෙ තෙත් නිදර්ශකයක්. මේ දිහා බලද්දි මට ඇතිවුන ගැටලුව තමයි රූපදර්ශය අප්‍රිකානු අලියෙක් ලෙස දකින්න පුළුවන් මේ කලලය ආසියානු අලියාගේ type specimen එක වෙන්නෙ කොහොමද කියලා. පස්සේ කාලෙකදි ඔය ගැන තව හොයද්දි මට දැනගන්න ලැබුනා පසුකාලීනව එඩින්බරා විශ්ව විද්‍යාලයෙන් සිදුකරපු පර්යේෂණ මඟින් මේ නිදර්ශකය ආසියානු නොව අප්‍රිකානු අලියාගෙ නිදර්ශකයක් බව තහවුරු කිරීම. එහෙම වුනාම ඇත්තටම ආසියානු අලියාට type specimen එකක නැති වෙනවා සහ ලංකාවෙ අලියෙක්ට ලැබුන type specimen එක වීමේ ගෞරවයත් නැති වෙනවා. කාර්ල් ලිනේයස්ට මේ සිදුවුන වැරැද්ද ඇත්තටම නිවැරදි වීමක් බවට පත්වෙනවා. හේතුව තමයි ලිනේයස් Elephas maximus විශේෂය විස්තර කිරීම සඳහා යොදාගන්නෙ පෙර කිව්ව කලලය පමණක් නොවීම.

    ලිනේයස් අැත්තටම ඊට කලින් ඔහුට දකින්න ලැබෙන ආසියානු අලියෙකුගෙ චිත්‍ර සහ අස්ථිත් තමන්ගෙ විස්තර කිරීමේ ආශ්‍රිතයන් බවට පත්කර ගන්නවා. මේ කලින් හිටපු අලියා තමයි හාන්ස්ක්න් (hansken). හාන්ස්ක්න් කියන්නෙ 17 වෙනි සියවසේදි යුරෝපයට ගෙනියන ඇතින්නක්. ෆ්ලොරන්ස් ආශ්‍රිතව සිටින හාන්ස්කන් පසුකලෙක සුපතල චිත්‍ර ශිල්පී රෙම්බ්‍රාන්ට් අතින් චිත්‍රයට නැගෙනවා. මේ චිත්‍රතත් ලිනේයස් උපයෝගි කරගන්නවා type specimen නිදර්ශකය විස්තර කිරීමට. මේකෙ තියෙන සිත්ගන්නාසුළු කතාව තමයි hansken යනු ලංකාවෙන් ඕලන්ද සමයෙදි ලංකාවෙන් රැගෙන ගිය ඇතින්නක් ලෙස සටහන් වීම. දැන් ආසියානු අලියාගෙ type specimen නිදර්ශකය ලෙස සලකන්නෙ මේ හාන්ස්කන්ව. ඒ අනුව නැවත ලංකාවේ අලියෙකුම Elephas maximus නාමයේ type නිදර්ශකය ලෙස පිලිගැනීමට ලක්වෙනවා.

    අලි ගැනනන් කතා ගොඩක් තියෙනවා, කෙටි සටහනක් ලියන්න හිතුනට නොදැනීම ඒක දීර්ඝ වෙලා. දැනට මේ ඇති. අලින්ගෙ වැදගත්කම තේරුම් ගන්න අවශ්‍ය කරුණු කාරණා ටිකක් මේකෙ තියෙනවා.

    පලවෙනි ඡායාරූපයයේ තියෙන්නෙ ලිනේයස් වැරදියට ආසියානු අලියෙකු ලෙස නම්කල අප්‍රිකානු කළලය. දෙවනි ඡායාරූපයේ තියෙන්නෙ වියනා ස්වභාවික කෞතුකාගාරයේ ෆොසිල එකතුවේ තියෙන මගේ ප්‍රියතම වඳව ගිය හස්ථි විශේෂයක් වෙන ඩයිනෝතීරියම් සැකිල්ලක්.




    Side note

    මේ කතාවලට අමතරව තව පොඩි දෙයක්. ලංකාවේත් සිදුවෙලා තියෙන අල්පමාත්‍රික පුරා ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ අනුව ප්ලයස්ටොසීන යුගයේ අවසාන අදියරේදි හස්ථි විශේෂ තුනක් ජීවත්වෙලා තියෙනවා. ඒ පැලියොලොක්සොඩොන් නැමැඩිකස්, එලිෆාස් හයිසුඩ්‍රිකස් සහ එලිෆාස් සින්⁣හලේයුස් කියන විශේෂ තුන.මේකෙන් ඔය පැලියොලොක්සොඩොන් කියන්නේ පැරාසෙරතීරියම් කියන විශේෂය එක්ක ගෙඩබිම ⁣එතෙක් මෙතෙක් ජීවත් වු විශාලතම ක්ශිරපායියා කියන ටයිට්ල් එකට තරඟ කරන සත්වයෙක්. ආසියානු දිගු දල හස්ථින්, එහෙමත් නැත්තන් පැලියොලොක්සොඩොන්ගෙන් පැවතෙන නැමැඩිකස් කියන විශේෂය ලංකාවේ හිටියා කියලා තමයි කියන්නේ. නමුත් මම ලංකාවේ දැකලා තියෙන ෆොසිල් ගත්තම ඒවා පැලියොලොක්සොඩොන් කෙනෙක්ගෙ කියන්න බැරි තරම් කුඩා ඒවා. එක්කො පැලියොලොක්සොඩොන් කියන ගෝත්‍රය ලංකාවේදි insular dwarfism තත්වයට පත්වෙලා (දුපතක් නිසා වෙන්න පුළුවන්) එහෙමත් නැත්තන් වැරදියට නම්වෙලා. හයිසුඩ්‍රිකස් කියන්නෙත් ඇත්තටම ඉන්දියාවේ සිවලික් ශ්‍රේණියෙන් හමුවෙන වඳව ගිය හස්ථි විශේෂයක්. ලංකාවෙත් හිටියා කියන්නෙ ලොකු දැරණියගල මහත්තයා. සාමාන්‍යයෙන්නන් දැරණියගල මහත්තයට වරදිනවා අඩුයි. නමුත් දත් පමණක් උපයෝගී කරගෙන කරලා තියෙන මේ නම්කිරීම සහ එවක ඉන්දියාවේ සිවලික් සත්ව සන්තතිය නම් කිරීමේදි ඉන්දියානු විද්‍යාඥයන් සමඟ තිබුනු සීතල යුද්ධයත් සලකා බැලුවොත් බොහො වෙලාවට මේ නම්කිරීම් වැරදි වෙන්න පුළුවන් ඉඩකඩ වැඩී.

    Don Supz
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජාන විද්‍යාවන් කොතරම් දියුණු වුනත් අලි ඇතුන් වගේ විශාල ප්‍රමාණයේ ක්ශීරපායින් කෘතිම ක්‍රමවේද තුලින් අභිජනනය ඉතාමත් අසීරු ක්‍රියාවක්. උදාහරණ තමයි අප්‍රිකානු සුදු රයිනෝ උප විශේෂය සහ ජාවා, සුමාත්‍රා රයිනෝ විශේෂ. ක්ශීරපායින්ගෙ සිරුරේ ප්‍රමාණයන් විශාල වෙද්දි ඔවුන්ගෙ අභිජනන රටාවන්, ඒ හා සබැඳි හෝර්මෝන ක්‍රියාවලීන් වගේම හැසිරීම් රටා ස්වාභාවික ලෙස සිදුවෙන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා. මේ හේතු නිස තමයි සත්වෝද්‍යාන තුල ඇතැම් සතුන්ගෙ උපත් මරණ අනුපාතිකය ඉතාමත් ඉහල වන්නෙ. ඊට අමතරව එවැනි කෘතිම ක්‍රමවේද සඳහා වැයවන පිරිවැය ඉතාමත් අධිකයි.



    එහෙම ඕන නැහැ

    හොදම ස්පෙසිමන්ල එකතු කරලා, කැලෙන් ගෙනල්ල, පන්සලකට/දේවාලෙකට දීල, නිසි වයස ආවම, ගොනියක් පොරොරා, බල්බ් එල්ලල, මොකක් හරි ලබ්බක් කරෙ පටවලා, පාර දිගේ ඇවිද්දව්මු

    ඊට පස්සෙ වැදපල්ල ඌට
    කවි ලියපල්ල
    පොටො ගහපල්ල
    අඩපල්ල
    තවත් මදි නන් බලාගෙන අතෙත් ගහපල්ල
     
    • Like
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    එහෙම ඕන නැහැ

    හොදම ස්පෙසිමන්ල එකතු කරලා, කැලෙන් ගෙනල්ල, පන්සලකට/දේවාලෙකට දීල, නිසි වයස ආවම, ගොනියක් පොරොරා, බල්බ් එල්ලල, මොකක් හරි ලබ්බක් කරෙ පටවලා, පාර දිගේ ඇවිද්දව්මු

    ඊට පස්සෙ වැදපල්ල ඌට
    කවි ලියපල්ල
    පොටො ගහපල්ල
    අඩපල්ල
    තවත් මදි නන් බලාගෙන අතෙත් ගහපල්ල
    Ehema deyak meke idea karala thiyanawada. Mata meke ganna deyak thiyanawa. Kata hari ganna deyak thiyanawa nam ganii. Thanks lokka oba thumaage idea ekata