අඟහරු ලොවේ ජල ධාරා
අඟහරු ලෝකයේ දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පවසයි.
අඟහරු ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බවයි නාසා විද්‍යාඥයන් පවසන්නේ.
ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ නිසා එහි සරල ජීවීන් සිටීමේ ඉඩකඩ තව දුරටත් තහවුරු වන බව ප්‍රකාශයට පත් කළේ වොෂින්ටන් නුවර පැවති නාසා සම්මන්ත්‍රණයකදී.
‘දියරයක් තිබෙන බව පෙනී යාමෙන් පැහැදිලි වන්නේ දැනට එහි ජීවයක් පැවතීමට ඇති ඉඩකඩයි. අඟහරු භූමියේ ජීවීන් ඇද්දැයි සොයා අනාගත අභ්‍යවකාශගාමීන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ වලට මෙම අලුත් සොයා ගැනීම් මගින් පහසුවක් ලබා දෙනු ඇත’ නාසා විද්‍යාඥයෝ පවසති.
අඟහරු මත නොමිදුන ජලය දියර මට්ටමින් පවතින්නේද යන්න විද්‍යාඥයන් විසින් දිගු කලක් ගවේෂණය කරමින් සිටි කරුණකි.
bbc
අඟහරු ලෝකයේ දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පවසයි.
අඟහරු ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බවයි නාසා විද්‍යාඥයන් පවසන්නේ.
ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ නිසා එහි සරල ජීවීන් සිටීමේ ඉඩකඩ තව දුරටත් තහවුරු වන බව ප්‍රකාශයට පත් කළේ වොෂින්ටන් නුවර පැවති නාසා සම්මන්ත්‍රණයකදී.
‘දියරයක් තිබෙන බව පෙනී යාමෙන් පැහැදිලි වන්නේ දැනට එහි ජීවයක් පැවතීමට ඇති ඉඩකඩයි. අඟහරු භූමියේ ජීවීන් ඇද්දැයි සොයා අනාගත අභ්‍යවකාශගාමීන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ වලට මෙම අලුත් සොයා ගැනීම් මගින් පහසුවක් ලබා දෙනු ඇත’ නාසා විද්‍යාඥයෝ පවසති.
bbc

තව ටිකක් පාතිං ගියා නං උන්ගෙ පොටෝත් ගන්න තිබ්බ 