අඟහරු හාරන්න ගිය රොබෝ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අඟහරු හාරන්න ගිය රොබෝ

    අඟහරු හාරන්න ගිය රොබෝ

    image_ad78add6af.jpg

    තවත් අඟහරු මෙහෙයුමක් පසුගිය 5 වැනිදා ආරම්භ විය. මෙය ඇමෙරිකාවේ නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය මැදිහත් වී සිදු කරන මෙහෙයුමකි.
    මෙම මෙහෙයුම යටතේ නාසා ආයතනය අඟහරු මතුපිටට භූ විදයාඥයෙකු පිටත් කර හැරියේය. මේ භූ විද්‍යාඥයා රොබෝ යානයකි. එය හැඳින්වෙන්නේ ‘ඉන්සයිට්’ යන නමිනි.
    මීට වසර බිලියන 4.5 කට පෙර, අඟහරු ග්‍රහයා නිර්මාණය වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පමණක් නොව, අතීතයේ අඟහරු මතුපිට ජීවය පැවැතියේ නම්, එය කෙසේ සිදුවන්න ඇති ද යන්නත්, අද අඟහරු නිසරු තැනක් වී ඇත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙනුත් දත්ත රැස්කිරීම ‘ඉන්සයිට’ගේ අරමුණ වෙයි.
    image_ac0f3aa0f5.jpg

    නවීන තාක්ෂණයෙන් මෙම රොබෝ යානය නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනයටත්, යුරෝපා අභ්‍යවකාශ ආයතනයටත් වැයවුණු මුදල පවුම් මිලියන 734 කි.
    නාසා ආයතනයේ අති ප්‍රබල ඇට්ලස් රොකට්ටුවක ආධාරයෙන් ‘ඉන්සයිට්’ යානය, ගුවන්ගත කිරීම පසුගිය පස් වැනිදා සිදුවිය. රොකට්ටුව ගුවන්ගත කෙරුණේ කැලිෆෝනියාවේ වොන්ඩන්බර්ග් ගුවන් කඳවුරෙනි. ඒ, අලුයම 4.05 ටය.



    AR-305059818.jpg


    https://mars.nasa.gov/insight/mission/launch-vehicle/


    ‘ඉන්සයිට්’ යන්නෙහි අර්ථය ‘භූ විශ්ලේෂණ මගින් අඟහරු අභ්‍යන්තරය ගවේෂණය කිරීම’ යන්නය.

    මැයි 5 වැනිදා අඟහරු බලා යැවුණු ‘ඉන්සයිට්’ යානය මාස 6 කින් පසු එනම් නොවැම්බර් 26 වැනිදා අඟහරු බලා පැමිණෙයි. එය කල්තියා හඳුනාගත් ස්ථානයකට පතිත කිරීම ඉන්පසු සිදුවෙයි. ‘ඉන්සයිට්’ රොබෝ යානය සිලින්ඩරාකාරය. නාසා විදයාඥයන් ‘ඌරුමීයා’ යනුවෙන් ද පොළොව හාරන මෙම රොබෝ හඳුන්වා දී ඇත. ‘ඉන්සයිට්’ රොබෝ යානය මීටර් 15 ක් ගැඹුරට අඟහරු කැණීම සිදු කරනු ඇති බව පැවැසෙයි. අඟහරු ග්‍රහයාගේ ඇත්තේ පෘථිවියට බෙහෙවින් සමාන භූ ලක්ෂණය.
    කෙසේ නමුත් පෘථිවිය මෙන් නොව, අඟහරු මතුපිට කිසිදු ක්‍රියාකාරීත්වයක් ඇත්තේ නැත. අද වනවිට අඟහරු නිසරු බිමකි. ධ්‍රැව අයිස් ඇතත් අඟහරු මතුපිට ජලය නැත. ‘ඉන්සයිට්’ යනු පතිත කරවන යානයක් පමණක් වන අතර, රෝවර් යානයක් මෙන් එයට එහෙමෙහෙ යා නොහැකිය. බර කිලෝ 694 කි. ඉන්සයිට් යානය අඟහරු යැවීඹට නියමිතව තිබුණේ පසුගිය 2017 වසරේදීය.
    ඉන්සයිට් යානයට සම්බන්ධ කර ඇත්තේ ප්‍රංශය නිපදවූ භූ මාන පද්ධතියකි. ප්‍රංශය යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ සාමාජිකයෙකි. ප්‍රංශ විද්‍යාඥයන්ට සහතාක්සණ ශිල්පීන්ට මෙම පද්ධතිය නිර්මාණ සඳහා වසරක පමණ කාලයක් වැඩිපුර ගත විය.
    (ඬේලිමේල් ඇසුරිනි)
     
    • Like
    Reactions: inspiron

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    පෘථිවියෙ කෙරෝලක ඉදං අනිත් කෙලෝරට හිලක් හැදුනොත් මොකක් වෙයිද ? මං කිව්වෙ පෘථිවියෙ කේන්ද්‍රය හරහා යන විදියට.. :rolleyes: