මැගී අක්කි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    416094205_1160728491946396_6932837892117554556_n.jpg


    අනාගතයේ අඟහරු අහසේ සරන මැගී

    Mars 2020 මෙහෙයුම මඟින් Perseverance රෝවරය සමග රතු ග්‍රහයා වෙත යැවුණු Ingenuity හෙලිකොප්ටරයේ සාර්ථකත්වයත් සමගින් NASA ආයතනය අඟහරුගේ වායුගෝලය තුළ පියාසර කළ හැකි ගුවන්යානයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

    පසුගිය දිනෙක NASA ආයතනය විසින් එම අනාගතවාදී අඟහරු ගවේෂණ ගුවන් යානයේ සංකල්පමය රූපණ එළි දක්වනු ලැබුණේ NASA Innovative Advanced Concepts (NIAC) වැඩසටහන යටතේයි. Mars Aerial and Ground Intelligent Explorer යනුවෙන් හැඳින්වෙන මේ සංකල්පමය ගුවන් යානය කෙටිටෙන් මැගී (MAGGIE) ලෙස හැඳින්වෙනවා.

    "මැගී යනු බඳට සවි වූ පියාපත් සහිත සූර්ය ශක්තිය අතිශය කාර්යක්ෂම ලෙස භාවිත කරමින් අඟහරු වායුගෝලයේ පියාසර කළ හැකි ගුවන් යානයක්." NASA ආයතනයේ බ්ලොග් සටහනක දැක්වෙනවා.

    මෙම මීළඟ පරපුරේ ගුවන් යානය මඟින් අඟහරුගේ වායුගෝලයේ දත්ත ගෝලීය නියැදියක් ලෙස වඩාත් නිවැරදි ව මානනය හැකියාව ලැබෙනු ඇතැ යි සැලකෙනවා.

    MAGGIE සැලසුම් කෙරෙනු ඇත්තේ අඟහරුගේ මතුපිට සිට මීටර 1000ක් ඉහළ උන්නතාංශයක් පවත්වා ගනිමින් පියාසර කළ හැකි අන්දමටයි. එහි අන්තර්ගත විද්‍යුත් කෝෂය පරිපූර්ණ වශයෙන් ආරෝපණය වූ විටෙක, සොල් ලෙස හැඳින්වෙන අඟහරු දින 7.6ක් පුරා කිලෝමීටර 179ක් පියාසර කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

    අඟහරු වසරක් තුළ එය කිලෝමීටර 16,048ක වපසරියක් පුරා පියාසර කරනු ඇති බව ගණන්බලා තිබෙනවා.

    Interesting Engineering ඇසුරෙනි.

    සෞන්දර්ය සෙනරත් - Vidusara