අඟුලාන_මුහුදේ_ඛෙදවාචකය…නොදන්න අයට☝️

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඟුලාන_මුහුදේ_ඛෙදවාචකය

    2012-08-24-figure-7-sunken-mv-thermopylae-sierra.jpg

    දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන ඔබට පානදුර පසු වෙනවාත් සමග රත්මලාන තෙක් අතර කාලාපයේදි ඈත මුහුදු දෙසින් මුහුද මැද කණු තුනක් දක්නට ලැබෙනු ඇත. මෙම මර්ගයේ නිතර ගමන් ගන්නා අය එය කුමක්දැයි දන්නා අතර සමහර දෙනෙකුට කුතුහලය ගෙන දෙන්නකි.අද ඒ ගැන නොදන්න අයට කියලා දෙන්න හිතුවා..


    showphoto.aspx

    1985 සයිප්‍රස් රටෙහි උපත ලද( නිෂ්පාදනය කරන ලද) ඔහු නමින් thermopylae sierra නමින් හැදිනවිය. සයිප්‍රස් රටෙි උපත ලබා ලෝකය වටා සංචාරයේ යෙදි භාණ්ඩ ප්‍රවාහන කටයුත්තේ නියලි සිටිමින් නැව් සමාගමට මහත් ලාභයක් ගෙන දෙන්නට විය. නමුත් නැවි සමාගම thermopylae sierra ට ⁣කෘත ගුණ සැලකූ බවන් දක්නට නොවිය. මෙි ලොව වටා සංචාරය කරන අතරතුර ලංකාව වටා යාමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට පැමිණි මෙි නෞකාව නීතිමය අර්බුදයකට මුහුණ දෙන්න විය.


    Ship-+Sinking-+Gossip9-++%281%29.JPG






    ලංකාට 2009 වර්ෂයේ පැමිණි අතර නැව් සමාගම හා නැවේ කාර්ය මණ්ඩලය අතර වැටුප් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති විය. එය අධිකරණ දක්වා දුරදිග ගිය අර්බුදයක් බවට පත්විය. මෙි නිසාම නැව නැංගුරම් ගත කර නවතා තබන ලෙස අධිකරණය නියෝග කරන ලදි. එ අනුව මොරටුව අඟුලානට ආසන්නව කිලෝමීටර් 3.5 ඈතින් වු මුහුදු කලාපයේ නැව නැංගුරම් ගත කරවිය.
    දින, සති, මාස, අවුරුදු ගෙවි ගියේය නමුත් මෙම නෞකාවට සංචාරය කිරිමට තමත් නිතියන් අවසර ලැබි නැත. නෞකාවෙහි රදවා සිටි නාවික ඉංජිනේරුවාද ආහාර හා නිසි පහසුකම් නොමැතිව නිසා නෞකාවෙන් ඉවත් විය. නෞකාව කිසිදු නඩත්තු කටයුත්තක් නොමැති විමෙන් අබලන් විය. මෙහි සිටි ඉංජිනේරුවා මෙම නෞකාව ගිළි ගියහොත් ඇති විය හැකි සාමුදුිය දුෂණය පිළිබඳව අනතුරු හැගවිමෙන් පසු මෙහි තිබු තෙල ටොන් 72න් බාගයක් පමණ ඉවත් කිරිමට පියවර ගන්නා ලදි.




    2012-08-24-figure-6-sunken-mv-thermopylae-sierra.jpg

    maxresdefault.jpg



    103389052_370329567259355_524047726343854318_n.jpg





    නමුත් 2012 අගොස්තු මස 23 දින උදැසන අඟුලාන වෙරළ වාසින්ට දැක ගත හැකි වුයේ වසර 03ක් තමන්ගේ දුක සැප බලාසිටි thermopylae sierra මුහුදු පතුලට සැගව යන ආකාරයයි . නැවේහි ඉතිරිව තිබු තෙල් මුහුදු ට මුසුවිය නෞකාවෙ භාණ්ඩ වෙරළට ගසාගෙන එන්නට විය. වහා ක්‍රියාත්මක වු වෙරළ සංරක්ෂණය සමුදිුය දුෂණ එකකය හා නාවික හමුදාව නැවෙන් පිට වෙන ඉන්ධන ඉවත කිරිමට පියවර ගන්නා ලදි නෞකාව මීටර් 23 ගැඹුරු මුහුදු පතුලට සගව ගියද නැවේ කුඹ ගස් මුහුදෙන් ඉහලට එසවී ඇත. එය වෙරළ වාසින්ගේ දුක්ඛ දෝමනස්සයන් තවදුරටත් බලා සිටින්නාක් මෙනි.
    වර්තමානයේ ජලජ ජිවින්ට නවාතැන් පලක් සපයන මෙම නෞකාව මුහුද යට අසිරිමත් කිරිමට සමත් වි ඇත. බස්නාහිර මුහුදෙු සංචාරක කර්මාන්තයටද ⁣මෙය මහත් ආයෝජනයක් බවද සදහන් කල යුතුය .
    උපුටා ගැනීමකි.







    102424667_370329600592685_7493979249600556888_n.jpg



    ( තොරතුරැ Budget walk,අන්තර්ජාලය ඇසුරිනි )
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,370
    1
    17,097
    113
    −273.15°C
    මාත් ඕක ගැන හොය හොය තමයි හිටියේ.
    බෙදාගත්තට ගොඩක් ස්තූතියි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ අය බෝට්ටු වලින් ගිහින් පොල්කටු වලට හරි තෙල් ටික එකතුකරගනියි ගිලෙන්න කලින් කිව්වා නං