අජීවී රන්මසුන් සජීවී කරන රියුසුකෙ

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,177
    113
    Galle
    අජීවී රන්මසුන් සජීවී කරන රියුසුකෙ



    Goldfish_305px_13_03_12.jpg



    ගෝල්ඞ් ෆිෂ් යනු විසිතුරු මසුන් ඇතිකරන්නන් හා ඔවුන්ට ඇළුම්කරන්නන් අතර ජනපි‍්‍රයම මතස්‍යයකි.
    මෙය විවිධ බඳුන් වල සිටින ගෝල්ඞ් ෆිෂ් සම්බන්ධ පුවතක් යැයි පහත ඡායාරූප දෙස බැලූ බැල්මෙන්ම සිතුනද මෙය එම මසුන් සිටින කලානිර්මාණයක් පිළිබඳ පුවතකි.

    කෙටියෙන්ම පැවසුවහොත් මෙය සිත්තමකි.

    මෙම අපූරු ති‍්‍රමාන සිත්තම් නිර්මාණය කරන්නේ ජපන් ජාතික කලාකරුවෙකු වන රියුසුකෙ ෆුකහොරි ය.

    ඉතා සියුම් ව තට්ටුවෙන් තට්ටුවට මෙම මසුන් සිත්තම් කරන රියුසුකෙ, සිත්තම් කරන තට්ටු අතරට ලාටු වර්ගයක් වත්කරයි.

    සෑම තට්ටුවක නිමාවත් සමග මෙම නිර්මාණය සම්පූර්ණ වන අතර, එහි ති‍්‍රමානබව හේතුවෙන් මෙම නිර්මාණයට සැබෑ සජීව බවක් එක්කරයි.

    ගෝල්ඞ් ෆිෂ් සැල්වේෂන් ලෙස නම් කෙරුනු රියුසුකෙ ගේ මෙවැනි නිර්මාණ එකතුවක් පසුගිය වසරේදී ලන්ඩනයේදී ප‍්‍රදර්ශණය විය.

    රියුසුකෙ අපූරු නිර්මාණ පෙළක් හා මෙම නිර්මාණ සිදුකරන අන්දම දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේ.





    goldfish-2-2.jpg
    goldfish-2-3.jpg
    goldfish-2-4.jpg
    goldfish-1-600x399.jpg
    goldfish-3-600x398.jpg
    goldfish-4-600x398.jpg
    goldfish02.jpg
    goldfish05.jpg
    goldfish06.jpg
    goldfish07.jpg
    goldfish08.jpg
    goldfish09.jpg
    goldfish10.jpg
    goldfish-art.jpg


     
    Last edited: