අටපට්ටමෙන් නොකී රහසක්.

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අටපට්ටමෙන් නොකී රහසක්.

    අටපට්ටමෙන් නොකී රහසක්.
    2001 වර්ෂයේ දිනයකි. එවකට වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරි රංජිත් හෙවාබටගේ මහතා මා ඇමතිය.
    "හසන්ත මාර වැඩේනෙ. අද රෑ අටට යන නාට්‍යය ඇවිත් නෑ. අද රෑ අටට යන්න මොකක් හරි හදලා දෙන්න බැරිද?"
    මා තුල තරමක කේන්තියක් ඇති විය. මම අදි මදි කළෙමි.
    " මොකක් හරි හොඳ නමක් දාල හදලා දෙන්නකො. "
    මම කෙන්ති පිටම මෙසේ කීමි.
    "අටට යන හින්දා අටපට්ටම කියලා තමයි දාන්න වෙන්නෙ."
    "ඕන අටපට්ටමක් හදල දෙනවකො අයිසෙ."
    ඔහු අයිසෙ කියන්නෙ හිතවත්කමට.
    කටට ආවාට කිවුවට මම ඇත්තටම වැඩසටහනට නම දැම්මෙ අටපට්ටම කියායි. දඩිබිඩියෙ කළ වැඩක් නිසා දඩිබිඩිස් කියා අන්වර්ථ නමක් ද දා ගතිමි. එය සන්නිවේදන උපක්‍රමයකි. පට්ටම යන්නෙහි පැත්ත රාමුව යන අර්ථය ඇත. අටපට්ටම යනු රාමු අටකි. ඒ අටලෝ දහමයි.
    මා අයි. ටී. එන් ආයතනයෙන් නිවාඩු ගෙන ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලාවක්. හදාරා ලංකාවට පැමිණියේ අටපට්ටම පටන් ගත් දාට පෙර දවසේය. ජපානයේදි මා මිලට ගත් කුඩා කැමරාවෙන් රූ ගත කරගත් දර්ශන ටික පළමු අටපට්ටමට පාවිච්චි කළෙමි.
    ජපානයේදි මිලදී ගත් කුඩා කැමරාව ගැනත් කිව යුතුය. ගියදා පටන් හොඳ වීඩියො කැමරාවක් මිලදී ගැනීමට අවශ්‍ය විය. අකිහබරා ගොස් කඩවල් වල කැමරා බලා එනමුත් ම්ලදී ගන්ට තරම් මුදලක් නොමැති විය. මුල් මාස කීපයේ ශිෂ්‍යත්වයට ලැබුනු මුදලින් ටිකක් ඉතුරු කරගන්නට හැකි විය. ඒ නිසා ලාබෙට කැමරාවක් හොයමින් රස්තියාදු උනෙමි. ඒ අතර සුබ ආරංචියක් ලැබිණි. ඒ අකිහබරා ඉලෙක්ට්‍රොනික් නගරයේ එක කඩයක දවසේ මිලදී ගන්නා මුල්ම භාණ්ඩයට 50% ක වට්ටමක් ලැබෙන බවයි. වැඩේ ලේසි නැත. මුලින්ම යායුතුය. හිම වැටෙන ශීත සෘතුවේ පාන්දරින් නැගිටින එක අමාරු කාරියකි. කෙසේ හො කැමරා සිහිනය සැබෑ කර ගත යුතුය. පාන්දරින් නැගිට කෝච්චියෙන් අකිහබරා ගියෙමි. මා යන විට පෝලිමේ කීප දෙනෙකි. සුන් වු බලාපොරොත්තු ඇතිව ආපසු ආවෙමි. ටික දිනකට පසු එවැනිම ආරන්චියක් ලැබී පාන්දරින් නැගිට සීතලේ ගැහි ගැහී අකිහබරා ගොස් 50% වට්ටමක් ඇතිව කැමරා සිහිනය සැබෑකර ගතිමි. ෂිබුයා හි හචිකො බලු ප්‍රතිමාව, තොක්යො ඩිස්නිලන්තය ආදිය රූ ගත කර ගත්තේ එම කැමරාවෙනි. පළමු අටපට්ටමට යොදා ගත්තේ එම දර්ශනයි.
    අටපට්ටම ටිකෙන් ටික ජනප්‍රිය විය. තවත් විශේෂාංග එකතු විය. අපේ ප්‍රාදේශිය වාර්තාකාර මහත්වරුද අපූරු දේ අටපට්ටමට එවූහ. අපේ ආයතනයේ සහෝදර සේවක සේවිකාවන් අපූරු දේ හමු වූ විට අටපට්ටමට ගෙනත් දුන්හ. අටපට්ටම පෝෂණය කරන්නට, රැක ගන්නට අයි. ටී.එන් ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් ලැබුනු සහයෝගය අගය කරමි. සභාපතිවරුන්ගෙ සිට සෑම තරාතිරමකම අය අටපට්ටමට ශක්තියක් විය.
    ඉඳහිට හිත රිදුනු අවස්ථා නැතුවා නොවේ. එය ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට සිදු විය හැකි දෙයකි. 99.9% යහපත් අය අතර ඊර්ෂ්‍යාව ද්වේශය දරා ගත නොහැකි අයත් ඉඳීම ස්වභාවිකය. මුලදී කම්පා වුවත් ඔවුන්ට මෙත් වැඩීමට පුරුදු වුනෙමි. පසුව ඒ බොහෝ දෙනෙක් මගේ කුලුපග මිතුරන් බවට පත් වුහ. ද්වේශසහගත ලෙස අටපට්ටම, දොරමඩලාව විවේචනය කළ අය සමග මා එදා අමනාප වුවා නම් මා මොන තරම් මෝඩයෙක්ද? කොහොමටත් කිසි කෙනෙක් 100%ක් නරක නැත. ඒ අය තුළ හොඳ ගතිත් ඇත. අපට වැදගත් ඒවාය. අදත් ද්වේශයෙන් කටයුතු කරන අයට මෙත් වඩමි. කොහොමටත් සමාජය එහෙමය. දොරමඩලාව වැනි වැඩසටහන් කිරීමට සිදුවී ඇත්තේ එවැනි අයත් සිටින නිසාය. ද්වේශයෙන් තොරව සද්භාවයෙන් අඩුපාඩු පෙන්වා දෙන අගය කරමි.
    අටපට්ටමට වසර 17කි. මෙ වසර 17 තුළ ජාතික මට්ටමේ සම්මාන 40කට වඩා දිනා ගැනීමට හැකි විය. ඒ අතර හොඳම වැඩසටහන, ජනප්‍රියම වැඩසටහන ආදී වශයෙන් සම්මාන රැසකි. අඛණ්ඩව වසර 9 ක් ජනප්‍රියම වැඩසටහන ලෙස ස්ලිම් නීල්සන් ජනතා සම්මාන දිනා ගැනිමට හැකි විය. වසර කීපයක සිට අටපට්ටම දොරමඩලාව කිසිඳු සම්මාන උළෙලකට ඉදිරිපත් කර නැත. අයදුම් කර නැත. ස්ලිම් නීල්සන් සම්මානයට අප අයදුම් නොකරන අතර ජනතා සමීක්ෂණකින් තෝරා ගැනේ.
    වසර 17ක් තුළ අටපට්ටම වැඩසටහනින් අප ආයතනය උපයා ඇති ආදායම රුපියල් කෝටි 200ක් හෙවත් මිලියන 2000ක් පමණ වන බව මා දැන ගත්තේ පසු කාලයකයි. රුපියල් බිලියන 2 ක් ඉපැයිමට අප වැය කර ඇති මුදල අටපට්ටමේ දැමිය යුතු විස්ම්ත එකකි. අවම පිරිවැයකින් උපරිම ආදායමක් උපයා දීමට හැකි වුයේ කාගේත් සහයෝගය නිසයි. අදත් ඒ සහයෝගය ලබා දෙන සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් ප්‍රේක්ෂක භවතුන්ටත් තුති පුදමි.
    මා අයි. ටී.එන් සේවයට ආවේ ඒ. එම්. කරුණාරත්න මහතා සභාපතිව සිටියදීය. නිවිටන් ගුණරත්න මහතා මගේ සේවය ස්ථිර කළ අතර අටපට්ටම පටන් ගත්තෙ ඒ කාලයේදිය. ගයිරුක පේරුසින්හ මහතාගේ යුගයේ අටපට්ටමේ ආදායම සලකා මුදල් ත්‍යාගයක් දීම ආරම්භ විය. පසු කලෙක එය නැවතිනි. ඇගයිම් සහ සම්මාන සමග ලැබුනු මුදල් තෑගි කිසිවක් මා පෞද්ගලිකව ගත්තේ නැත. අයි. ටී. එන් භාරයේ දොරමඩලාව නමින් ගිණුමක ඒ සියල්ල ඇත.
    ඒ වන විටත් මා පාවිච්චි කළේ ජපානයෙන් ගෙනා කැමරාවයි. සභාපති අනුර සිරිවර්ධන මහතා එය දැන ගෙන " අටපට්ටමෙන් කොච්චර ලොකු ආදායමක් ලැබෙනවද? අලුත් කැමරාවක් අරන් දෙන්න. ඕනෙ නම් අටපට්ටමේ දැන්වීම් කීපයක වියදම යයි."
    එසේ ලැබුනු කැමරාව අබලන් වු විට තවත් කැමරාවක් අරන් දුන්නේ රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ කාලයේදි. මහාචාර්ය ධම්මික දිසානායක හැම විටම අටපට්ටම අගය කළ අතර අවශ්‍ය සහය දුන්නේය. හේමසිරි ප්‍රනාන්දු මහතාත් එහෙමයි. සමන් අතාවුද හෙට්ටි මහතාත් ආ දවසෙ පටන් අටපට්ටම ගැන හොයල බලමින් ලොකු සහයෝගයක් ලබා දෙයි. කාර්ය මණ්ඩලයේ අනිත් අයත් එහෙමයි. ලොකු අයගෙ විතරක් නම් කිවුවට කවුරුත් අමනාප වෙන එකක් නෑ. නමින් නොකීවට උදවු කරපු අය තව කොච්චර ඉන්නවද. දුෂ්කර අවස්ථාවල පවා අටපට්ටම රැකගන්නට ඒ අයගෙන් ලැබුනු සහය පස්සෙ කියන්නම්.
    ස්තුතියි.


    උපුටා ගැනීම​:cool:
    https://www.facebook.com/hasantha.hettiarachchi.9
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගූගල් ආයතනයේ සභාපති තුමන්ලාව මතක් කරලා නැහැනේ.....:frown: