අටපිරිකර පුජා කිරිම

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අටපිරිකර පුජා කිරිම

    මෙකයි කතාව. අපේ පුංචිගේ අවුරුද්දේ දානෙට හාමුදුරුවන්ට අරාධනා කරන්න ගියාම කිව්වා අටපිරිකර පුජා කරන්න එපා ඒ වෙනුවට පන්සලේ තියෙන අඩුපාඩුවක් බලල හදල දෙන්න කියල. උඹල මොකද බන් මේ ගැන හිතන්නේ..:rolleyes::rolleyes::rolleyes:

    සැයු:
    අටපිරිකර පූජා කිරීමේ ආනිශංස පිළිබඳව අපට පහදා දුන්නේ සෝමාවතී රජ මහ විහාරාධිපති සියම්මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරීපහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි.

    “පුරුෂයකු නම් සසර කෙළවර වන අත් භවයේ දී ඒහි භික්ෂුභාවයෙන් යුතුව නිවන් අවබෝධ කර ගැනීමටත්, කාන්තාවක නම් මහා මේල පලඳනාව ලබාගෙන පංච කල්‍යාණයෙන් යුතුව ඉපදී මහණ වී අර්හත්බව ලබා නිර්වණාවබෝධයට පිවිසීමටත් ඉන් පෙර උපදින භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත් ලැබීමටත් හේතු වන පූජාවක් ලෙසයි අටපිරිකර පූජාව හඳුන්වන්නේ."
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපි ලොකු ගානක් දීලා අටපිරිකරක් අරන් පූජා කලාට වැඩක් නැ. දන් තියන ඔක්කොම ඒවා බාල අටපිරිකර​. ඔයා ඕනි නම් අටපිරිකරක් අරගෙන කඩල බලන්න​. පාත්‍රය තනි අතින් චප්ප කරලා දාන්න පුලුවන්. ඒක බාල බෙලෙක් තහඩුවකින් හදලා තියෙන්නෙ. සිවුර බාල රෙද්දකින් හදලා තියෙන එකක්, ඒ වගේම හරිම තුනියි. ඒක අදින්න බැ. අටපිරිකරෙන් භාවිතයට ගන්න පුලුවන් මට්ටමේ තියෙන්නෙ දැලි පිහිය විතරයි. එක පාරක් පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ සිරසේ Live programm එකකදි පූජා කරපු අටපිරිකරක් කඩාලා, පාත්‍රය නමලා පෙන්නුවා. මේ හේතුව නිසයි අටපිරිකර වෙනුවට වෙනත් දෙයක් පූජා කරන්න කියන්නෙ. අපි පූජා කරන අටපිරිකර ස්වාමීන් වහන්සේලාට භාවිතා කරන්න බැරි නම් ඒකෙන් පිනක් අත්වෙන්නෙ නැනෙ. පාත්‍රය ,සිවුර වගේම අනිත් ඒවත් වෙන වෙනම් අරන්, සෙලෝපේන්ට් කොලයකින් ඔතලා අටපිරිකරක් වගේම හදලා පූජා කරන්න​. පූජාකරපු ස්වාමීන් වහන්සේට මතක් කරලා කියන්න මේක වෙන වෙනම දාලා හදපු අටපිරිකරක් කියලා. මේක බෞද්ධ රටක් වුනාට අටපිරිකර හදන බොහෝ ආයතන වෙනත් ජාතීන් ව්‍යාපාර විදියට කරන ඒවා. ඒ අයට මේ ගැන ගෞරවයක් නැ. ලාභය විතරයි වැදගත්
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අටපිරිකර පූජා කිරීමේ ආනිශංස පිළිබඳව අපට පහදා දුන්නේ සෝමාවතී රජ මහ විහාරාධිපති සියම්මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරීපහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි.

    “පුරුෂයකු නම් සසර කෙළවර වන අත් භවයේ දී ඒහි භික්ෂුභාවයෙන් යුතුව නිවන් අවබෝධ කර ගැනීමටත්, කාන්තාවක නම් මහා මේල පලඳනාව ලබාගෙන පංච කල්‍යාණයෙන් යුතුව ඉපදී මහණ වී අර්හත්බව ලබා නිර්වණාවබෝධයට පිවිසීමටත් ඉන් පෙර උපදින භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත් ලැබීමටත් හේතු වන පූජාවක් ලෙසයි අටපිරිකර පූජාව හඳුන්වන්නේ."

    අපේ පැත්තෙන් පිනක් සිදු වුනත් පන්සල් වල අටපිරිකර ගොඩක් තියෙනවා ඊට වඩා පන්සල් වල අඩුපාඩු තියෙනවා ඒවා කරලා දුන්නොත් පිනක් තමයි සිදුවන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අත්‍යවශ්‍යම අඩුපාඩුවක් නම් ඒක කරන එක වටිනවා නේද මචං, නාමිකව අනවශ්‍ය දෙයක් පුජා කරනවට වඩා :):)
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    විහාර කර්මාන්තය පවා නිවන් දොර විවර කරගැනීමට මනා පිටුවහලක් වන පින් කමක් මචෝ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,744
    113
    අටපිරිකර පූජ කරාට ඒවා පාවිච්චියට ගන්නෙ ගොඩක් අඩුවෙන්, පූජ කරන ගොඩක් ඒවා යන්නෙ කඩේට. ඉතින් හාමුදුරුවො උබලගෙ පිරිකර කඩේට යවන්නෙ නැතුව උබලගේ ඇස්වලටත් පේන පිනකට යොමු කරන්න එහෙම කිව්වා වෙන්න පුළුවන්. ඒ නිසා හාමුදුරුවොන්වත් සතුටුවෙන්න මොනා හරි කරලා දීපන්. උබට පුළුවන් අටපිරිකර වලට යන බජට් එක ඇතුලෙම වැඩේ කරලා දෙන්න. පාපිසි, බුදු ගෙට තිර රෙදි, ලයිට් අඩුපාඩු, ඉමර්ජන්සි ලෑම්ප්.

    ආනිශංස බලාපොරොත්තුවෙන් කරනව නම්, භාවනා කරන තැන්වල ඉන්න හාමුදුරුවන්ව හම්බෙලා, අටපිරිකර පූජාවක් කරන්න ඕනෙ කියලා, ඒ හාමුදුරුවරු අඳින සිවුරුවල පාටයි වර්ගයයි අහගෙන ගිහින් අරන් පූජා කරන්න. ඒ වගේ තැනකට පූජා කරොත් මුළු පිරිකරම පාවිච්චියට ගන්නවා. හැරෙන තැපෑලෙන් කඩේට යවන්නෙ නෑ. විශේශයෙන් අම්මලව මෙහෙනින් වහන්සේලාට උදව් කරන්න යොමු කරවපන්. අපේ රටේ මෙහෙනින් වහන්සේලාට ගොඩක් අඩුවෙන් සලකන්නෙ. හොයන්න බලන්න ඉන්නෙ බොහොම පොඩ්ඩයි.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සමහර පන්සල්වල මදුරු දැලක්වත් නැ. මදුරුකොයිල් පත්තු කර කර දුක් විදිනවා. අටපිරිකරක් ගන්න සල්ලි වලින් මදුරු දැලක්වත් අරන් දෙන්න​. ඒක ලොකු පිනක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපි ලොකු ගානක් දීලා අටපිරිකරක් අරන් පූජා කලාට වැඩක් නැ. දන් තියන ඔක්කොම ඒවා බාල අටපිරිකර​. ඔයා ඕනි නම් අටපිරිකරක් අරගෙන කඩල බලන්න​. පාත්‍රය තනි අතින් චප්ප කරලා දාන්න පුලුවන්. ඒක බාල බෙලෙක් තහඩුවකින් හදලා තියෙන්නෙ. සිවුර බාල රෙද්දකින් හදලා තියෙන එකක්, ඒ වගේම හරිම තුනියි. ඒක අදින්න බැ. අටපිරිකරෙන් භාවිතයට ගන්න පුලුවන් මට්ටමේ තියෙන්නෙ දැලි පිහිය විතරයි. එක පාරක් පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ සිරසේ Live programm එකකදි පූජා කරපු අටපිරිකරක් කඩාලා, පාත්‍රය නමලා පෙන්නුවා. මේ හේතුව නිසයි අටපිරිකර වෙනුවට වෙනත් දෙයක් පූජා කරන්න කියන්නෙ. අපි පූජා කරන අටපිරිකර ස්වාමීන් වහන්සේලාට භාවිතා කරන්න බැරි නම් ඒකෙන් පිනක් අත්වෙන්නෙ නැනෙ. පාත්‍රය ,සිවුර වගේම අනිත් ඒවත් වෙන වෙනම් අරන්, සෙලෝපේන්ට් කොලයකින් ඔතලා අටපිරිකරක් වගේම හදලා පූජා කරන්න​. පූජාකරපු ස්වාමීන් වහන්සේට මතක් කරලා කියන්න මේක වෙන වෙනම දාලා හදපු අටපිරිකරක් කියලා. මේක බෞද්ධ රටක් වුනාට අටපිරිකර හදන බොහෝ ආයතන වෙනත් ජාතීන් ව්‍යාපාර විදියට කරන ඒවා. ඒ අයට මේ ගැන ගෞරවයක් නැ. ලාභය විතරයි වැදගත්

    ඉස්සර නම් ඔය කේස් එක ගොඩක් තිබ්බ දැන් නම් අටපිරිකර පෙන්නල ඉවර වෙලා තමයි ඔතන්නේ අපේ පැත්තෙ නම්..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ata+maha+kusal.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    reply karapu haamotama thanks. hamuduruwo kiyapu vidiyata balala pansale adupaduwak hadala dena eka thama karanna thiyenne..
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    විහාර කර්මාන්තය පවා නිවන් දොර විවර කරගැනීමට මනා පිටුවහලක් වන පින් කමක් මචෝ .

    හැමදේටම වැදගත් වෙන්නේ හිත තම..හැම පින්කම බලගතුබවට හිත මුලික වේ.
    එක නිසා.පිනක් කරනවානම් කල්පනා කරලා හරියට කරන්න.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හැමදේටම වැදගත් වෙන්නේ හිත තම..හැම පින්කම බලගතුබවට හිත මුලික වේ.
    එක නිසා.පිනක් කරනවානම් කල්පනා කරලා හරියට කරන්න.
    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    pansale adupaduwak hadana eka hodai ban..
    Mokada minissu ohe pissu hadila wage baala atapirikarawal denawa
    passe hamuduruwo owa godagahagena innawa, samahara pansal wala atapirikara Rs1000ta wage ayeth wikunanawalu :D