අට්ටික්කා,,

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අට්ටික්කා,,,
    පකිස්තානයෙන් ගේන පැනි දැමූ අට්ටික්කා ගෑස්පහ හංදියෙන් කා ඇත්තෙමි.
    නමුත් මෙහෙ ඒව ගස් යට වැටි වැටී යනවා.
    කේක් බඩු කඩවල ඇත.සකු බසින් ‘ක්ෂිර වෘක්ෂ’ නාමයෙන් හැඳින්වෙන අත්තික්කා ගස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙන් ම තෙත් කලාපයේ වනාන්තරවලද දිය සීරාව රැඳී ඇති තැන් සහ ඇළ, දොළ, ගංගා ඉවුරු ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන පරිසරයට අලංකාරයක් එකතු කරන සදාහරිත මධ්‍යම ප්‍රමාණයේ දර්ශනීය වෘක්ෂයකි.

    ඒ බව ප්‍රකට කළ අත්තික්කා ගස අප ජීවත් වන බිමෙහි ජල පෝෂණය සුරකින ජල උල්පත් ආරක්‍ෂා කරන පරිසරයට මහත් පල ලබා දෙන වෘක්ෂයක් බව මේ වන විටත් පත්ව ඇත.

    මේ අපූර්වත්වය නිසාම එකල පටන් බෞද්ධයන්ගේ පිළිගැනීම අනුව කෝණාගම බුදුන්ට සෙවන දුන් බෝධි වෘක්ෂය අත්තික්කා ලෙස හැඳින්විය හැක. තවද හින්දු බැතිමතුන්ගේ භක්ති ආදරයට පත්ව ඇති මෙම වෘක්ෂය ‘ගණදෙවි’ වාසභවන ලෙස සලකන බැවින් අදටත් හින්දු බැතිමතුන් විසින් පුද සත්කාර සලසා බැති සිතින් සතුටු වෙති. අධ්‍යාත්මික චින්තනය කියාපාන අත්තික්කා වෘක්ෂයේ වටිනාකම වැඩි වන්නේ ගෙඩි හටගන්නා සමය ඒමත් සමඟය.
    සෑම අවුරුද්දකම නොවැම්බර් මාසය වන විට ඵල හට ගනී. ක්ෂිරවෘක්ෂ ගසේ, කඳේ අතු රිකිලිවල තැනින් තැන හටගන්නා කොළ පැහැති ළපටි ගෙඩි නෙත් සිත් බැඳගනී. මල් නොමැතිව ගෙඩි හටගන්නා ශාකයක් ලෙස හැඳින්වෙන අත්තික්කා වෘක්ෂය ඊට හේතුව වශයෙන් මේ පිළිබඳව සොයා බැලුවොත් පුෂ්පය ගෙඩියක ආකාරයෙන් දැක ගන්නට ලැබෙන අතර එම ගෙඩි පැසී රතු පාට වීමත් සමඟ ක්ෂිර වෘක්ෂ ගසේ ආකර්ශනය වැඩිවේ. කොදුරුවන්ද වසඟයට පත් කරන ඉදුණු ගෙඩි ඖෂධීය ගුණයෙන් ඉහළ බව කිව හැක.
    එහෙයින් අත්තික්කා වෘක්ෂයේ ඖෂධීය ගුණය වටහාගත් හෙළ ඉසිවරුන් ඖෂධ ප්‍රකරණය සඳහා ගසේ, කොළ, පොතු, ගෙඩි, මුල් කිරි රෝග අවස්ථාවන්ට අනුකූලව රෝගීන්ගේ සුවපත්භාවය උදෙසා භාවිතාවට ගෙන ඇත. එනම්: ස්ත්‍රි රෝග මුත්‍ර ව්‍යුහ ආශ්‍රිත රෝග දියවැඩියාව, අර්ශස් රෝග, අන්ත්‍රික රෝග, චර්ම රෝග, ශමනය සඳහා අත්තික්කා ගුණදායක ඔසුවක් බව සඳහන් කළ හැක.
    අත්තික්කා වෘක්ෂයේ ප්‍රභේද 3 කි එනම්
    1. උදුම්බර
    2. නදිඋදුම්බර
    3. කාකො දුම්බර වශයෙනි.
    69813003_2509528215757533_2454815908380540928_n.jpg


    සිංහල භාෂාවෙන් – අත්තික්කා, අට්ටික්කා දිඹුල්
    සංස්කෘත භාෂාවෙන් – උදුම්බර, ක්ෂිර වෘක්ෂ භේමදුග්ධ, මධුසංඥ කාලස්කන්ධ
    දෙමළ භාෂාවෙන් – අත්තී ඛාරසා
    හින්දි භාෂාවෙන් – ගුලර් ඩුමර්
    ඉංග්‍රීසි භාෂාවෙන් – Cluster Fig, Country Flg,
    උද්භිද විද්‍යා නාමය – Ficus Tacemosa Linn (Ficus glome rata Roxb) Moraceae හෙවත් වට නුග යනු කුලයයි
    උපුටා ගැනීමකි,,,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පට්ට තොරතුරු ටික ආයිබෝං...

    You must spread some Reputation around before giving it to redundent again.​
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    සිංහල භාෂාවෙන් – අත්තික්කා, අට්ටික්කා දිඹුල්
    සංස්කෘත භාෂාවෙන් – උදුම්බර, ක්ෂිර වෘක්ෂ භේමදුග්ධ, මධුසංඥ කාලස්කන්ධ
    දෙමළ භාෂාවෙන් – අත්තී ඛාරසා
    හින්දි භාෂාවෙන් – ගුලර් ඩුමර්
    ඉංග්‍රීසි භාෂාවෙන් – Cluster Fig, Country Flg,
    උද්භිද විද්‍යා නාමය – Ficus Tacemosa Linn (Ficus glome rata Roxb) Moraceae හෙවත් වට නුග යනු කුලයයි.

    Ficus racemosa
    :yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ගස් නම් දැකිනාව නිතරම. ඒත් සමාජයේ බැල්ම නිකන් වස විසක් දෙස බලන බැල්මක්....