අට මගල කියන වචනේ ඇසුණු ගමන් ඔලුවට එන්නේ කොහොම අදහසක්ද...ගොඩක් වෙලාවට නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක් වැඩකට නැති නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.එත් පුරාණයේ අටමගල කිව්වේ මිට වඩා වෙනස් දෙයක් .අට මගල කියන වචනේ තේරුම [අෂ්ඨ මංගල වස්තු ]කියන එකයි.මංගල කටයුතු එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අට මගල අතීතයේදී යොදා ගැනුණා වගේම අදටත් භාවිතා වෙනවා.මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වන්නේ
ස්වස්ථික
පුන් කලස්
චාමර
ප්‍රදීප
ඡත්ර
දර්පණ
ශංඛ සහ
ශ්‍රී වස්ත යන සලකුනුයි.
ශාන්තිකර්ම, පෙරහැර ,විවාහ ,නිවෙස් ඉදිකිරීම්,නේත්‍රා මංගල්‍ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදා ගන්නේ.
දැන් ඔබට තේරෙනවා නේද අපි ගරහන්නේ අපේම සංස්කෘතියට කියලා.තේරුමක් නොදැන කොහෙන් හෝ ඇසෙන දෙයක් ඔහේ කියවන්න තමා අපි පුරුදු වෙලා තියෙන්නේ.බොහෝ වෙලාවල් වලට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නවා පුළුවන් .මේ දේවල් මග හරින්න හොදම දේ තමා අපේ සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ලබා ගැනීම .සිංහලයාගේ සංස්කෘතිය සිංහලයා මිසක් වෙන කව්රු දැන ගන්නද.අපි හැම විටම අපේ දේ ගැන ඉගෙන ගනිමු අනිත් අයවත් දැනුවත් කරමු .අපේ දේවල් අපිම රැක ගමු