අට මහා පිංකම්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කඨිනට්‌ඨපරික්‌ඛාරං- වාසදානං ච උත්තමං
බුද්ධපමුඛ සංඝස්‌ස දානං - ධම්මස්‌ස ලේඛනං
බෙත්තදානං ච බුද්ධස්‌ස - පටිමාකරණංපිච
කරණං වච්චකුටියා - අට්‌ඨ පුඤ්Æනි උච්ඡරෙ

මෙම ගාථාවෙන් ඉගැන්aවෙන පරිදි අට මහා පින්කම් යනු කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස (නිවාස) පූජාව, බුදු රදුන් ප්‍රමුඛ භික්‌ෂූන් වහන්සේලාට සිදු කෙරෙන දාන පූජාව, ධර්මය ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකූටි (වැසිකිළි) තැනවීමයි.

කඨින පූජාව

අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස්‌ම පින්කමකි. වස්‌සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්‌ෂූන් වහන්සේලා වස්‌ සමාදන්ව වැඩ සිටින කාලයයි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයකම ඇසල මහේ සිට වප් මහ දක්‌වා යෙදෙන මෙම වස්‌ කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලය තුළ සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චිවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසලොස්‌වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නමද ව්‍යවහාර කෙරෙයි. කඨින පින්කම් සිදුකළ හැකි අවසාන දිනය ඉල්පුර පසළොස්‌වක පොහෝදාය.

කඨිනය හැර ඕනෑම බෞද්ධ පූජෝත්සවයක්‌ වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්‌ථාවකදීම සිදුකළ හැකි වූවද කඨින පූජා පුෙණ්‍යාත්සවය සිදු කළ හැක්‌කේ එක්‌ වර්ෂයක්‌ තුළ එක්‌ වරක්‌ පමණෙකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨින පූජෝත්සවය විහාරස්‌ථානයක වර්ෂයක්‌ තුළ සිදු කෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් ම පින්කම ලෙස සැලකිය හැකිය.

කඨින පූජා උත්සවය හා සමගාමීව පෙරහැර, පූජා නැටුම්, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සංඝික දාන පූජා, කප් රුක්‌ පූජා ආදි විවිධාකාර චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්‌ෂණ අනුව එම පූජා චාරිත්‍රයන් හි විශේෂත්වයක්‌ දැකිය හැකිය. පුරාතන යුගයේ පටන්ම කඨිනය සඳහා වැඩමවන භික්‌ෂූන් වහන්සේලාට කැඳබත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. එය දායක පක්‌ෂයේ යුතුකමක්‌ සේද සැලකු බව සමන්තපාසාදිකා විනයට්‌ඨකතාවෙන් පැහැදිලි වේ. පශ්චාත් කාලීනව එම චාරිතය වඩාත් දියුණු වී කඨිනය සඳහා වැඩමවන භික්‌ෂූන් වහන්සේලාට සංඝගත දක්‌ෂිණාවක්‌ පිළිගැනීම අනිවාර්ය අංගයක්‌ බවට පත්විණැයි, විශ්වාස කිරීම සහේතුකය. කඨින පූජා උත්සවය හා සබැඳි චාරිත්‍රයක්‌ හි ඇතැම් අංග කාලානුරූපීව සකස්‌ව ඇති අතර ඇතැම් අංග සම්ප්‍රදායිකව පවත්වා පෞරාණික චාරිත්‍රවිධින් ගණයට අයත් වේ.

පුරාතන ශ්‍රී ලාංකේය සමාජ පරිසරය තුළ රාජ්‍ය පාලකයා ඇතුළු රටවාසීන් සෑම දෙනකුගේම සහභාගිත්වයෙන් යුක්‌තව කඨින පූජෝත්සවය සිදු කෙරිණි. 3 වන දළ මුගලන් රජු රටේ සෑම ආරාමයකටම කඨින චීවර පූජා කළ වග මහාවසයේ 36 වන පරිච්ඡේදයෙහි දැක්‌වෙයි. වර්තමාන ලංකාවේ සිදු කෙරෙන කඨින පින්කම් අතර දියවඩන නිලමේතුමා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින පූජා උත්සවය වාර්ෂිකව පවත්වා ගෙන එනු ලැබේ. එය පුරාතන ශ්‍රී ලාංකේය රජවරුන් අනුගමනය කළ චාරිත්‍රය සිහිගන්වන්නක්‌ ලෙස සැලකිය හැකිය.

අටපිරිකර පූජාව

අට මහා පින්කම් අතර දෙවැන්න අට පිරිකර පූජාවයි. එය පිරිකර අටක්‌ එක්‌කොට තැනූ පිරිකරකි. භික්‌ෂූන් වහන්සේ නමකට එදිනෙදා දිවි විහරණයට අවශ්‍ය මූලික පිරිකර අටක්‌ මෙයට ඇතුළත්ය. ඒවා නම් තනිපට සිවුර දෙපට සිවුර, අඳනය, පාත්‍රය, දැලි පිහිය, ඉඳිකටුව, කාය බන්ධනය (පටිය) හා පෙරහන්කඩයි. මේවා බුදුරජාණන් වහන්සේ ගේ අනුමතයෙන් පිළිගැනී ඇත. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ පැවිද්දට පත්වූ අවස්‌ථාවෙහි ඝටීකාර බ්‍රහ්මයා විසින් මෙම අටපිරිකර උන්වහන්සේට පිදූ බව සඳහන් වෙයි.

ආවාස පූජාව

මෙයින් අදහස්‌ කෙරෙන්නේ ආවාස, නිවාස පූජා කිරීමයි. මෙම පූජාව කළ තැනැත්තා දිවා රැ පින් රැස්‌කරගන්නා බවත්, සියලු දෙය පූජා කළා වැනි බවත් සංයුත්ත නිකායෙහි මෙසේ සඳහන් වෙයි. "තෙසං දිවාච රත්තෝ ව සදා පුඤ්Æභිවඩ්ති සොච සබ්බ දදොa හොති යො දදාති උපස්‌සයං"

බුද්ධ ප්‍රමුඛ දානය

දාන පූජාව විවිධ ක්‍රමයට සිදු කරන කුසලයකි. සඟසතු කොට දන්දීමේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව දෙන දානය බුද්ධ ප්‍රමුඛ දන්දීම ලෙස මෙහිදී අදහස්‌ වෙයි.

ධර්මය ලිවීම

ධර්ම ඉගෙනීමට උපකාරි වන ලෙස ධර්ම ග්‍රන්ථ ධර්ම පත්‍රිකා ධර්ම ලිපි ලිවීම මෙයින් අදහස්‌ වෙයි.

ඉඩකඩම් පූජාව

බෙත්ත දාන යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ කුඹුරු හා ඉඩකඩම් පූජාකිරීමයි.

බුද්ධ ප්‍රතිමා තැනීම

හත් වැනි මහා පුණ්‍ය කර්මය මෙයයි. ත්‍රිවිධ චෛත්‍යය විස්‌තර වන තැන උද්දේසික චෛත්‍යය යනුවෙන් සඳහන් වන්නේ බුද්ධ ප්‍රතිමාවලට වැඳුම් පිදුම් කිරීමය. එබැවින් බුද්ධ ප්‍රතිමා තැනීම සහ පූජාව උසස්‌ පින්කමකි.

වච්චකුටි පූජාව

අටවැනි පින්කම වශයෙන් ඉගැන්වෙන්නේ වැසිකිළි පූජා කිරීමයි. ජනීජනයාගේ සුව පහසුව වෙනුවෙන් සනීපාරක්‌ෂක පහසුකම් ඇති කරවීමේ වැදගත්කම නිසා මෙය අටමහා පින්කම්වලට ඇතුළත්ව ඇත.

- ඌරුගමුවේ අස්‌සජී හිමි