අඩි 1400 ක් ඉහළ අහසේ සිදුවූ දරු උපතක්..!
අඩි 1400ක් ඉහළ අහසේ හෙලිකොප්ටරයකදී දරුවෙක් බිහිවීම කියන්නේ ලෝකය මවිත කරන පුවතක්. ඉහළ අහසේ ඔක්සිජන් පවා අඩු අවකාශයක මේ විදිහට දරුවෙක් බිහිකරන්නට හැකිවීම එක්තරා විදිහක පුදුමයක්.
ඇලීසා මැක්ඩොනල් නම් ඇමරිකානු කාන්තාව තමන්ගේ ලඟම මිතුරියකගේ විවාහයක් වෙනුවෙන් ඉස්ලෙස් නම් දූපතක පැවති සාදයකට සහභාගීවී තිබෙනවා. ඒ අතරේ හදිසියේම දරුවා ලැබෙන්නට ලංවෙද්දි හොයලා බැලුවත් වෛද්‍යවරුන් හෝ හෙදියන් මේ දූපතෙන් සොයාගන්නට බැරිවෙලා තිබෙනවා.
ඒ නිසා සාදයේ හිටපු අය විකල්පයක් විදිහට මේ දූපතේ ඉන්න වෙරළ ආරක්ෂකයන්ගෙන් උදව් ඉල්ලා තිබෙනවා. ඔවුන් සතුව තිබෙන හෙලිකොප්ටරයකින් ලඟම තිබෙන නගරය වුනු ටෲරෝ වෙත කාන්තාව රැගෙන යන්න ඔවුන් කටයුතු කරලා තිබෙනවා.
ඒත් හෙලිකොප්ටරය උඩුගුවනේ ගමන් කරමින් තිබියදි කාන්තාව ඉතා අපහසුතාවයෙන් පසුවුණු නිසා ඇගේ සැමියා ඇතුලු වෙරළාරක්ෂක කණ්ඩායමේ හිටපු කාන්තාවකගේ උපකාරයෙන් අඩි 1400ක් ඉහළ අහසෙදි ඇලීසාට සිඟිති දියණියක් බිහිකල හැකිවූ අතර හෙලිකොප්ටරයේ ශ්වසන ආධාරක උපකරණ ඇතුලු වෛද්‍ය පහසුකම් පැවතීම මවට මෙන්ම දරුවාටද දේවාශිර්වාදයක් බඳුවිය.
ඇලිසා මෙන්ම අහසේ උපන් දියණියද සුවෙන් සිටින බව වාර්තා වන අතර මෙම දරු උපත ලෝක ඉතිහාස පොතේ වැදගත් සංධිස්ථානයක් තබනු ඇත.
උපුටා ගැනීම - www.her.lk