අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Special Hints
    Costumes වලට යන ගාන අඩු කරගන්න නම් posh වෙමු!

    මොකක්ද මේ කතාව? පොෂ් උනාම කොහොමද ගණන් අඩුවෙන්නේ නේද? හරි මම කියන්නම්. මේක වෙන්නේ අපි පොෂ් wedding එකක තෝරාගන්න ඇඳුම් මත. අර මම කියපු outdoor theme එකට යනවනම් ඔයාලට මේක හොඳටම match වෙනවා.
    ගොඩක් වෙලාවට posh wedding එකක මනමාලි අඳින්නේ frock එකක්. ඉතින් frock එකක් rent කරන්න ඔයාට යන්නේ රුපියල් 10000ක් වගේ පොඩි ගානක්. ඊළඟට මනමාලයා අඳින්නේ full suit එක. ඉතින් එකත් මම මුලින් කිව්වා වගේ rent එකට හරි first fit-on ගත්තනම් හරි අඩුවට කරගන්න පුළුවන්. මේ wedding එකත් එක්කම බැඳිච්ච දෙයක් තමා simplicity කියන එක. ඒ නිසා jewelry, makeup වගේ දේවල් උනත් අඩුවෙන් තමා use වෙන්නේ. ලොකු ලොකු hairstyle ලොකු ලොකු flower bouquet එහෙම ගන්නෙත් නෑ. ඉතින් ඒ වියදමත් අඩුයි.
    dressing වලදී තව සැලකිය යුතු වියදමක් තමා දෙවෙනි මනමාල මනමාලියන් ගේ ඇඳුම්. මනමාලිට වගේම එයාලටත් සාරි හදන්න, හැට්ට මහන්න, makeup කරන්න එහෙම වියදම් යනවනේ. එක්කෙනෙක්ට රුපියල් 20000ක් විතර යන්න පුළුවන්. ඒත් ඉතින් මේ පොෂ් wedding එකක යහළු මනමාලියෝ අඳින්නෙත් frock එකක්. ගොඩක් වෙලාවට normal shop එකකින් ඒ වගේ satin frock එකක් රුපියල් 2000කට 3000කට ගන්න පුළුවන්. කොහොමද ලාබෙ??
    දෙවෙනි මනමාලයොන්ටත් නිලමේ ඇඳුම් ඇන්දොත් මනමාලයාගේ වියදම වගේම යනවනේ. full suit rent කලානම් ගාන සාපේක්ෂව අඩුයි. rent කරන්න කැමති නැද්ද? හරි එහෙනම් හෙන අඩු ගානකට මේ සෙට් එක posh කරමුද? එහෙනම් ඒ set එකට coat මහන්න එපා. කලිසම විතරක් මහපන්. shirt නම් කඩෙන් ගන්න පුළුවන්නේ. ඊට පස්සේ suspender එකක් දාලා bow එකක් දාල ගත්තනම් හෙන පොෂ්. full suit මහන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් යන්නේ නෑ. හොඳයි නේද?
    ඔන්න ඔහොමයි අඩුවට පොෂ් වෙන්නේ! ජය!
     
    • Like
    Reactions: himasha

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    2.3 Dressing & Costumes සඳහා යන වියදම් අවම කර ගැනීම

    මේ කතා කරන්න යන දේ වැඩියෙන්ම වටින්නේ අපේ බවලත් පාර්ශවයයට. මොකද wedding කියන business එක ඇතුලේ තවත් හොඳම business එකක් තමා මේ මනාලියන්ට ඇන්දවීම කියන්නේ. මතක ඇති පහු ගිය කාලේ එහෙම අන්දන මිනිස්සු තමන්ගේ birthday party එහෙම ලොකුවට ගත්තු හැටි. ඒ සේරම ඉතින් අහිංසක උබල අපේ සල්ලි තමා.
    සාමාන්‍යයෙන් මේ වගේ bridal dressing package එකක් ලක්ෂ එකේ ඉඳල ලක්ෂ 10ක් විතර වෙනකන්ම තියෙන්න පුළුවන්. ඒ වගේම හොඳ bridal saree එකක් අද market එකේ රුපියල් 60,000 ඉඳන් ලක්ෂ 2ක් විතර වෙනකන් යනවා. සාරිය විතරක් තිබිල බෑනේ. ඕකට හැට්ටේ මහන්න රුපියල් 10000 වගේ ඉඳන් 30000ක් විතර ගන්න කට්ටිය ඉන්නවා. ආයේ ඉතින් ඕවට සෙරෙප්පු, ආබරණ, ඊළඟට දෙවෙනි මනාලියන්ගේ ඇඳුම්, එයාලගේ සෙරෙප්පු, ආබරණ, flower bouquet කීයක් නම් දේවල් ද. ඉතින් පුතෝ මනමාලිට ඕවට යන වියදම සුලුපටු නෑ.
    මනමාලයට කියලත් ඉතින් ඔයිට ලොකු වෙනසක් නෑ. නිළමේ ඇඳුම් අදිනවානම් ඒවා rent කරන්න යන වියදම, එහෙම නැත්නම් full suit අදිනවානම් ඒවා මහන්න, ඒවාට සපත්තු සෙරෙප්පු ගන්න යන වියදම, දෙවෙනි මනමාලයන්ට යන වියදම කොන්ඩ කපන්න රාවුල් කපන්න, කොන්ඩ set කරන්න වගේ දේවල් විතරක් නෙවෙයි දෙවෙනි දවසේ මනාලිගේ ඇඳුම අරන් දෙන්නත් ඕන උඹ. ඉතින් එහෙම බැලුවම එකත් සැලකියයුතු වියදමක්.
    හරි. වියදම් වියදම් කියල ඉතින් හොඳ makeup එකක් නැතුව එදාට යන්න උඹේ ගෑණි කැමති වෙන්නේ නෑනේ. makeup නැතුව ගියත් ඇඳුම් නැතුව එලියට බහින්න බෑනේ. අපි ඉතින් මේ thread එක පටන් ගත්තෙම වැඩේ බාල විදිහට කරන්න නෙවෙයි. හොඳම වැඩක් ලාබෙට කරන්නනේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ වියදම් අවම කරගෙන එදාට ලස්සනට ඉන්නේ කියලා.

    [/COLOR][/SIZE]


    මේක මගෙයාලුවෙක්ගේ cousin කෙනෙකුට වෙච්ච වැඩක්

    එය bride's mate හිටිය වෙඩ්ඩින්ග් එකේ එගොල්ලොන්ට අන්දපු කෙනා bride ට අන්දන කොට brideට panty එක පිටින් තමයි ඉන්න වෙල තියෙන්නේ :shocked::shocked:

    ඒ ඇඳුමේ හැටියට breast එක පේන්නේ නෑ... එත් එකෙත් make-up ගාන්න ඔනේ කියල සහ bra/jacket ඇන්දම හරියට ශේප් එක තියෙන්න ඕනේ කියල තමයි එහෙම කරලා තියෙන්නේ..
    (අන්දවන කෙනා තමයි bra jacket අන්දලා තියෙන්නේ)
    :shocked::shocked::shocked:
    bride මාර විදියට අපහසුතාවයට පත් වෙලා, bride's mate ලටත් එහෙමයි, braර එක බුරුල් කරල ගාල කොහොම නමුත් bride's mate and bride දෙපාර්ශවයම අපහසුතාවයට පත් වෙල, හැමොගේම ඇඟවල් එක වගේ නෑ නේ,:dull::dull:
    අනික තමුන් නොදන්නා පිට පර්ශවයක් ඉදිරියේ මේ විදියට වෙනකොට අවුල්නේ,
    අන්දන කෙනා විතරක් නෙවේ, එයාගේ supportersල & යලුවෝ(bride's mate)
    :no::no::no:

    සමහරු කියනවා අන්දන කෙනාගේ තැනට යනවනම්, එයාට ඉල්ලුම තියෙනවනම් සහ wedding 2/3 තියෙනවනම් එදාට ඔක්කොම මනාලියෝ බ්‍රා එක පිටින් පේලියට තියල ඔක්කොටම එකපාර make-up/ ඇන්දවීම් කරනවලු

    මනුස්සයා කොච්චර ගෑනු කෙනා ගැන හිතුවත් මගුල් දවසේ ඇන්ද්වීමේදී එයාගේ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා නේද?
    මෙවැනි අකටයුතුකම් වෙච්ච සිද්දී තියෙනවනම් කියන්න ස්තාන/නම් ගම් ඇතුව,
    එතකොට එවා මගහරින්න පුලුවන්

    මෙවැනි දේවල් නොවෙන්න අන්දන කෙනෙක්ව තෝරගන්නේ කොහොමද?
    අන්දින කෙනාගේ පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියට????
     
    Last edited:

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මචන් ගොඩක් ලොකු විස්තරයක් කරලා තියනවා. වැදගත් විස්තර ටිකක්. රෙප් දුන්නා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මුලින් හිතුව වෙඩින් කාක්කෙක්ද මංදා කියල..
    හොද පොයින්ට් ටිකක් ම දීල තියනව ඔය..
    Rep+
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    මේක මගෙයාලුවෙක්ගේ cousin කෙනෙකුට වෙච්ච වැඩක්

    එය bride's mate හිටිය වෙඩ්ඩින්ග් එකේ එගොල්ලොන්ට අන්දපු කෙනා bride ට අන්දන කොට brideට panty එක පිටින් තමයි ඉන්න වෙල තියෙන්නේ :shocked::shocked:

    ඒ ඇඳුමේ හැටියට breast එක පේන්නේ නෑ... එත් එකෙත් make-up ගාන්න ඔනේ කියල සහ bra/jacket ඇන්දම හරියට ශේප් එක තියෙන්න ඕනේ කියල තමයි එහෙම කරලා තියෙන්නේ..
    (අන්දවන කෙනා තමයි bra jacket අන්දලා තියෙන්නේ)
    :shocked::shocked::shocked:
    bride මාර විදියට අපහසුතාවයට පත් වෙලා, bride's mate ලටත් එහෙමයි, braර එක බුරුල් කරල ගාල කොහොම නමුත් bride's mate and bride දෙපාර්ශවයම අපහසුතාවයට පත් වෙල, හැමොගේම ඇඟවල් එක වගේ නෑ නේ,:dull::dull:
    අනික තමුන් නොදන්නා පිට පර්ශවයක් ඉදිරියේ මේ විදියට වෙනකොට අවුල්නේ,
    අන්දන කෙනා විතරක් නෙවේ, එයාගේ supportersල & යලුවෝ(bride's mate)
    :no::no::no:

    සමහරු කියනවා අන්දන කෙනාගේ තැනට යනවනම්, එයාට ඉල්ලුම තියෙනවනම් සහ wedding 2/3 තියෙනවනම් එදාට ඔක්කොම මනාලියෝ බ්‍රා එක පිටින් පේලියට තියල ඔක්කොටම එකපාර make-up/ ඇන්දවීම් කරනවලු

    මනුස්සයා කොච්චර ගෑනු කෙනා ගැන හිතුවත් මගුල් දවසේ ඇන්ද්වීමේදී එයාගේ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා නේද?
    මෙවැනි අකටයුතුකම් වෙච්ච සිද්දී තියෙනවනම් කියන්න ස්තාන/නම් ගම් ඇතුව,
    එතකොට එවා මගහරින්න පුලුවන්

    මෙවැනි දේවල් නොවෙන්න අන්දන කෙනෙක්ව තෝරගන්නේ කොහොමද?
    අන්දින කෙනාගේ පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියට????

    අනිවාර්යයෙන්. ඒක තමා බ්‍රෝ මම කිව්වේ හදිස්සි වෙන්න එපා කියලා. තමන් කලින් ඉඳලම වැඩ කරපු පුරුදු කෙනෙක් නම් ගොඩක්ම හොඳයි. එහෙම නැතත් තමන් book කරන්න යන කෙනාගෙන් කලින් වැඩ කරගත්තු කට්ටිය එහෙම හොයාගෙන එයාලගෙන් feedback එකක් ගන්න ඕන. Facebook page වල reviews බලන්න ඕන. එහෙම තමා ඉතින් හොඳ කෙනෙක් හොයාගන්න වෙන්නේ.
    අනික ඔය කියන ප්‍රශ්නේ ගොඩක්ම එන්නේ ඔය මහා ලොකු නම් තියෙන සුප්‍රසිද්ධ අය ගාවට ගියාම. එකනේ මම කිව්වේ නමට මිනිස්සු select කරන්න එපා කියල. flexible කතා බහ කරලා වැඩ කරන්න පුළුවන් පොඩි පොඩි මිනිස්සු ඕනි තරම් ඉන්නවා හොඳ talent එකක් තියෙන.

    PS: ඒ කරලත් ඔය වගේ වැඩක් උනොත් මනමාලිට කියන්න තියෙන්නේ ඉතින් අපහසුතාවයට පත් නොවී ඉන්න කියල තමා. මොකද 99%ම කෙල්ලෝ ඔය field එකේ ඉන්න කොල්ලන්ට කැමති නෑ. ඒ වගේම ඔය field එකේ ඉන්න කොල්ලොන්ගෙන් 99%ක්ම කෙල්ලන්ට කැමති නෑ. :lol::rofl:
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    මුලින් හිතුව වෙඩින් කාක්කෙක්ද මංදා කියල..
    හොද පොයින්ට් ටිකක් ම දීල තියනව ඔය..
    Rep+

    අනේ නැහැ බ්‍රෝ. මගේ job එක මේ field එකට ගෑවිලාවත් නැති පැත්තක්. electrical engineering සහ wedding planning කියන්නේ හරියට බුදුදහම සහ බටු වගාව වගේ. :rofl: මම මේ කරන්නේ මගේ එක experience එකක් තව කෙනෙක්ට උදව්වක් වෙන්න share කරගන්න එක විතරයි. මේ thread එකේ කිසිම තැනක මම කෙනෙක්ව personally recommend කරලා නෑ. එහෙම කරන්න තරම් කට්ටිය ගැන මම ලොකුවට දන්නෙත් නෑ. මොකද මාත් තාම එක පාරයිනේ බැන්දේ.
    මම සැරයක් තනියම Singapore ගියා. ඒ ගියේ මේ එළකිරියේ අයට පින් සිද්ද වෙන්න thread 100ක් විතර කියවල. පස්සේ මම දැනගත්තු දේවල් ගැන මමත් thread එකක් දැම්ම. පහල තියෙන්නේ ඒක. ඉතින් ඒ වගේ මගේ thread එකෙනුත් කියවන කෙනෙක් පොඩි හරි දෙයක් ගන්නවනම් එකත් පිනක් නෙ. නැතුව කිසිම වාණිජ පරමාර්ථයක් නෑ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1847353
     
    • Like
    Reactions: roj and SpaceX

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අනේ නැහැ බ්‍රෝ. මගේ job එක මේ field එකට ගෑවිලාවත් නැති පැත්තක්. electrical engineering සහ wedding planning කියන්නේ හරියට බුදුදහම සහ බටු වගාව වගේ. :rofl: මම මේ කරන්නේ මගේ එක experience එකක් තව කෙනෙක්ට උදව්වක් වෙන්න share කරගන්න එක විතරයි. මේ thread එකේ කිසිම තැනක මම කෙනෙක්ව personally recommend කරලා නෑ. එහෙම කරන්න තරම් කට්ටිය ගැන මම ලොකුවට දන්නෙත් නෑ. මොකද මාත් තාම එක පාරයිනේ බැන්දේ.
    මම සැරයක් තනියම Singapore ගියා. ඒ ගියේ මේ එළකිරියේ අයට පින් සිද්ද වෙන්න thread 100ක් විතර කියවල. පස්සේ මම දැනගත්තු දේවල් ගැන මමත් thread එකක් දැම්ම. පහල තියෙන්නේ ඒක. ඉතින් ඒ වගේ මගේ thread එකෙනුත් කියවන කෙනෙක් පොඩි හරි දෙයක් ගන්නවනම් එකත් පිනක් නෙ. නැතුව කිසිම වාණිජ පරමාර්ථයක් නෑ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1847353

    එළකිරි මචෝ...
    නියම වැඩක්.. අපිත් ට්‍රිකල් කොල්ලො..
    හැබැයි තාම ඇකඩමික්​
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය

    අනේ නැහැ බ්‍රෝ. මගේ job එක මේ field එකට ගෑවිලාවත් නැති පැත්තක්. electrical engineering සහ wedding planning කියන්නේ හරියට බුදුදහම සහ බටු වගාව වගේ. :rofl: මම මේ කරන්නේ මගේ එක experience එකක් තව කෙනෙක්ට උදව්වක් වෙන්න share කරගන්න එක විතරයි. මේ thread එකේ කිසිම තැනක මම කෙනෙක්ව personally recommend කරලා නෑ. එහෙම කරන්න තරම් කට්ටිය ගැන මම ලොකුවට දන්නෙත් නෑ. මොකද මාත් තාම එක පාරයිනේ බැන්දේ.
    මම සැරයක් තනියම Singapore ගියා. ඒ ගියේ මේ එළකිරියේ අයට පින් සිද්ද වෙන්න thread 100ක් විතර කියවල. පස්සේ මම දැනගත්තු දේවල් ගැන මමත් thread එකක් දැම්ම. පහල තියෙන්නේ ඒක. ඉතින් ඒ වගේ මගේ thread එකෙනුත් කියවන කෙනෙක් පොඩි හරි දෙයක් ගන්නවනම් එකත් පිනක් නෙ. නැතුව කිසිම වාණිජ පරමාර්ථයක් නෑ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1847353



    මගේ වෙඩිමට ගියේ ඔක්කොම ඔන් ලක්ෂ 12 යි අවුරදු 5කට කලින් කාටවත් නය උනෙත් නෑ ලෝන් ගැහුවෙත් නෑ එක දවසින් වැඩේ ඉවරයි මන් හිතන්නේ නම් මේ ගාන දැන් කලේ හැටියට ගොඩක් අඩු ගානක් කියල ... උබලට නම් කොහොම හිතෙනවද දන්නේ නෑ.. ගොඩක් අඩුවෙන් ගොඩක් දේවල් කරගත්තේ විස්තර පසුව දාන්නම්:cool::cool:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගේ වෙඩිමට ගියේ ඔක්කොම ඔන් ලක්ෂ 12 යි අවුරදු 5කට කලින් කාටවත් නය උනෙත් නෑ ලෝන් ගැහුවෙත් නෑ එක දවසින් වැඩේ ඉවරයි මන් හිතන්නේ නම් මේ ගාන දැන් කලේ හැටියට ගොඩක් අඩු ගානක් කියල ... උබලට නම් කොහොම හිතෙනවද දන්නේ නෑ.. ගොඩක් අඩුවෙන් ගොඩක් දේවල් කරගත්තේ විස්තර පසුව දාන්නම්:cool::cool:

    Supiri gana ❤️
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    මගේ වෙඩිමට ගියේ ඔක්කොම ඔන් ලක්ෂ 12 යි අවුරදු 5කට කලින් කාටවත් නය උනෙත් නෑ ලෝන් ගැහුවෙත් නෑ එක දවසින් වැඩේ ඉවරයි මන් හිතන්නේ නම් මේ ගාන දැන් කලේ හැටියට ගොඩක් අඩු ගානක් කියල ... උබලට නම් කොහොම හිතෙනවද දන්නේ නෑ.. ගොඩක් අඩුවෙන් ගොඩක් දේවල් කරගත්තේ විස්තර පසුව දාන්නම්:cool::cool:

    Supiri gana ❤️

    aniwaryayen danna bro. loku udawwak wei eka bandinna inna ayata :yes:
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.4 Decoration සඳහා යන වියදම අවම කරගැනීම

    මම ඊළඟට කතා කරන්න යන දේට කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා ජීවිතේ wedding 100කට වඩා ගිහින් ඇති මේ වෙද්දී. මට කියන්න ඔයාලට මතකද ඒ wedding එකේ තිබ්බ පෝරුව මොන වගේද කියලා. මනමාල යුවල ඉඳගත්තු සැටිය මොන පාටද කියල. සැරසිලි වල තිබ්බ මල් ඇත්ත ඒවාද බොරු ඒවාද කියල. නෑ නේද? ඔව් මචන් ඔය සැරසිලි එදා මේ පැය පහකට හයකට විතරයි. මිනිස්සු wedding එකකට එන්නේ හොඳට කාල බීල විනෝද වෙලා යන්න. එහෙමත් ඔය ගෑනියෙක් මිනිහෙක් තමා ඔය සැරසිලි දිහා ලොකුවටම හොයන්නේ. ඒ නිසා මම නම් කියන්නේ wedding decoration කියන්නේ මහා ලොකුවට වියදම් කරන්න ඕන දෙයක් නෙවෙයි කියල. අනික මම දැකල තියෙනවා සමහර මහා විශාල විච්චුරණ වැඩි සැරසිලි කලාම හරියට මනමලයවයි මනමාලිවයිවත් පේන්නේ නෑ. ඒ නිසා ගාන කෙසේ වෙතත් මගේ අදහස නම් බොහොම චාම් සරල හැබැයි වැදගත්කම පෙනෙන decoration එකකට යන්න කියල. අද කාලේ ගත්තොත් රුපියල් 60000 වගේ ඉඳල ලක්ෂ 5,6ක් යනකන්ම පරාසෙක මේ packages ගන්න පුළුවන්. කොහොම හරි අපි බලමු කොහොමද මේකට යන වියදම අවම කරගන්නේ කියල.

    1. wedding exhibition වලට යන්න. කලින් කිව්වා වගේ හොඳ discount එකක් ගන්න වගේම එක එක්කෙනා ගැන compare කරලා බලන්නත් අවස්ථාවක් හම්බෙනවා ඒකෙන්. fb reviews අනිවාර්යයෙන් කියවන්න book කරන්න කලින්.

    2. නමට decoration select කරන්න යන්න එපා. ගොඩක් නම් තියෙන කට්ටියගේ මාරම ගණන්. අඩුවට වැඩේ කරන විශ්වාසවන්ත talented පොරක් හොයාගන්න.

    3. වියදම අඩු කරන්න ඕන නම් fresh flowers වලට යන්න එපා. normally එකම deco එක fresh flowers වලින් කරනවානම් artificial flowers වලින් කරනවා වගේ 3 ගුණයක් විතර වියදමක් යනවා. මම කලිනුත් කිව්වා වගේ wedding එකට එන උන් ඔය මල් අත ගාල බලන්න යන්නේ නෑ. ඒ නිසා artifical flowers වලට ගියා කියල කිසිම අවුලක් වෙන්නේ නෑ. fresh flowers ඕනිමයි, නැතුව පොෂ් ගතියක් නෑ කියල හිතෙනවනම් mix එකකට යන්න. roses වගේ artificial දාලා. නැත්නම් උබ විකිණෙයි.
    නැත්නම් මම තව පොඩි ටිප් එකක් කියන්නම්. ඊටත් වඩා ගාන අඩු කරගන්න පුළුවන් table deco විතරක් fresh හරි fresh mix හරි කලානම්. මොකද ඉඳගෙන ඉන්න කට්ටියට click වෙන්නේ ඕකනේ.

    4. කාලය, පිරිස සහ හැකියාව තියෙනවනම් ඔයාලම හදාගන්න. එතකොට ලක්ෂ ගණන් ඔය wedding කාක්කන්ට දෙන්න වෙන්නේ නෑ මචන්. හිතේ හැටියට ලස්සනට වැඩේ කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් කාලය තියෙන්න ඕන. fresh flowers තොග ගානට අඩුවට ගන්න පුළුවන් ඔය බණ්ඩාරවෙල පැත්තෙන් contact එකක සෙට් කරගත්තොත්. සල්ලි ගෙව්වම උන් පාන්දර train එකේ මල් ටික දාල එවනවා. ඔය dry foam කෑලි අනන් මනං කොටුවෙන් ගන්න පුළුවන් අඩුවට. මමත් කලින් හිතන් හිටියා මේ වැඩේ කරන්න. එත් මට job එකත් එක්ක කරගන්න බැරි උනා. නැත්නම් ඒක තමා හොඳම වැඩේ.

    5. package එකේ දෙන දේවල් ලිඛිතව ඉල්ලගන්න. මේක නම් කරන්නම ඕන වැඩක් මචන්. මටත් කෙල උණු තැනක්. book කරද්දී නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියයි. පස්සේ ඒවා ගන්නවානම් වෙනම ගෙවන්න ඕන කියනවා. එහෙව් dials ඉන්නේ. අනික විශේෂයෙන්ම ඔයාල exhibition එකකදී book කරනවානම් එවෙලේම design එකක් select කරන්න. උන් කියයි අලුත් ඒවා ඉස්සරහට එනවා අනන් මනං කතා. ඒවාට අහුවෙන්න එපා. එවෙලේ එකක් select කරලා පස්සේ අලුත් ඒවා බලල මාරු කරගන්න. නැත්නම් exhibition එකේ හොඳ ඒවා පෙන්නලා business එක කඩාගන්න තම උන් බලන්නේ. පස්සේ ගියාම ඒ පෙන්නපුව නෑ. මට ඔහොම වැඩක් උනා. ඒ නිසා පරිස්සමෙන් මචන්ලා.

    6. hotel එකට ළඟ place එකක් හොයාගන්න. නැත්නම් transport වලට වෙනම ගෙවන්න වෙයි. අනික hotel එක කිට්ටුව උනාම හොටෙල් එකත් එක්ක කලින් එයාල වැඩ කරලා තියෙන නිසා පහසුයි.



    හරි එහෙනම්. මම හිතනවා උදව්වක් වෙන්නැති කියල. මම මේ thread එක පටන් ගනිද්දිම කිව්වා මම කිසිම කෙනෙක් මේ thread එක ඇතුලේ personally recommend කරන්නේවත් reject කරන්නේවත් නෑ කියල. හැබැයි මචන් මට පොඩි chance එකක් දෙන්න මේ post එකට විතරක්. මම මේ කියන්න යන්නේ මම decoration කරගත්තු කොච්චිකඩේ "Silk Wings Deco" ගැන. මොනම එකෙක් ගාවට ගියත් උන් ගාවට නම් යන්න එපා. මාරම කපටි මිනිස්සු ටිකක්. වෙච්ච දේ ආයේ type කරන්න කම්මැලි නිසා මම උන්ගේ page එකට දාපු review එකම මේකේ දාන්නම්. ඒ වගේ උන්ට අහු නොවී ලස්සනට උබලගේ වැඩේ කරගන්නයි මම මේ help එක දෙන්නේ. ජය වේවා එහෙනම්.

    Silk Wings Deco - My Review
    The worst decision we have made on our wedding is giving our both days decorations to "Silk Wings Deco". We found them on a wedding exhibition in Grandizza and they talked with us very friendly at the first sight. They showed very nice collection and we booked both items including the displayed item even on that day since it was very adorable. They asked us just to pay an advance and make a booking and then we can do selections later. Also on that day they agreed with us to provide stair case decorations, 20% fresh flower mix and free transport along with the same package.
    The things were totally changed when we went to do the selections. The items they showed on that day were totally different and smaller than what they showed at the exhibition. Fortunately we have booked the displayed item on that exhibition for my homecoming and another one for my wedding during the exhibition day. They tried very hard to change our decisions cause I think those items are from higher packages (specially the displayed item) but they had to provide us with the same designs because we have already booked those items. Mr.Rashel who is so called GM of that company said that they might not provide the stage of that displayed item since he is doubt of the Fullmoon Garden Hotel hall height. But then I called Mr.Munasinghe who is the manager of Fullmoon Garden Hotel and he confirmed that they can accomodate any design in the world in their hall. So Mr.Rashel's another effort was failed. Further they said they have to charge another 15000 for providing stair case decoration per day and we said we will confirm it later because it is a very high amout for just a stair case.
    Then I went to pay the total amount before the functions . On that time we have decided to take staircase decos as well by paying 30000 for both days since we have no option. Mr.Rashel was not there on that day and a kind lady was cordinating with us. When I said I need to book a stair case item she said she will provide a small decoration for both stair cases for free. So again we were happy with them.
    My wedding was on 6th of June at Seethawaka Regency and decos were ok except the 20% fresh flowers. Instead they have mixed some tiny stems to table decos. Also the stair case was decorated with only a white net. But we told nothing since we are ok with the provided items althogh the 100% satisfaction was not there.
    My homecoming was held on 8th of June on Fullmoon Garden hotel. Mr.Rashel called me on 7th of June evening and said they cannot provide the booked item since the curved stage of that design was wetted due to rain. And asked us to book another one and sent some pics on whatsapp. Any design was not looked good as previous one and then I asked to provide the same design without the curve stage and they AGREED to provide the same design with a normal stage. But when we enters to the hotel we were totally disappointed since the design was totally different from what we have booked. It was just a crap. The first picture is what we've booked on that exhibition and the second one was what they provided. I leave remaining things for your consideration to check whether are they same or different.
    What happened was over and we cannot do anything on that. But I am posting this to prevent any other couple from getting cheated by these fairy tale speakers. We all are human and we can accept if that design was truly wetted or damaged. But alteast they had to inform what is the design they gonna do then. Doing all the crap and then saying like "we have provided a double cost design for you" is meaningless. For them this may be just another wedding, but for us it is everything.
    Further, I am not pubishing this to damage to any person's or a company image but as a public awareness. All the evidances for proving my self is with me including call records. Thank you.
     
    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Special Hints

    අපේම ක්‍රමයට බැඳලා DECORATION වලට යන ගාන ඉතුරු කරගමුද??

    ඔව් මචන්ලා. ඔන්න මගෙන් තවත් වැදගත් hint එකක්. මම කලින් කිව්වා වගේ outdoor wedding එකකට ගියානම් අනිත් වියදම් වගේම decoration වියදමත් අඩු කරගන්න පුළුවන්. හැබැයි outdoor indoor දෙකටම ගැලපෙන ඊටත් වඩා ලාබ ක්‍රමයක් තමා මම මේ කියන්න යන්නේ. ඒ තමා අපේ ක්‍රමයට බඳින එක. ඒ කියන්නේ සිංහල සම්ප්‍රදායට. ලස්සන ගඟක් අයිනේ ගහපු ලස්සන ගොක් කොළ පෝරුවක්. කුතුල් රෑන් එල්ලෙන ගොක් කොළ පොල් කොළ වියලා හදපු ලස්සන setty back එකක්. වතුසුදු මල් වැල් ගොතලා ලස්සන කරපු කුකුළා ඉන්න පිත්තල පහනක්. බිම පොල් කුඩු වලින් ඇඳපු කෝලම් රටා. කොහොමද ඒක. ලක්ෂ ගණන් යන්නේ නෑ. වැඩෙත් සුපිරි. තාම අපේ ගම් වල ඉන්නවා හොඳ වැඩ්ඩෝ. එහෙම කෙනෙක් හොයාගන්න විතරයි තියෙන්නේ. රුපියල් 25000ක් යයි බඩුත් එක්කම වැඩේ කරන්න. නියමෙටම තියෙයි මචන්. කරලා බලපන්. ජය!
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.5 Jewelry සඳහා යන වියදම අඩු කර ගැනීම

    ටික දවසකින් පස්සේ ටිකක් free උනා ඔන්න අද. ඉතින් අපි කතා කරමු wedding එකක තවත් ලොකු වියදමක් යන topic එකක් ගැන. ඒ තමා jewelry එහෙම නැත්නම් චාරිත්‍රානුකූලව අපි wedding එකකදී හුවමාරු කරන රත්තරන් බඩු. ප්‍රධාන වශයෙන් මේ ආකාරයේ රත්තරන් බඩු තමයි මනමාලිගේ තැල්ල එහෙම නැත්නම් මංගල මාලය , මනාල යුවලගේ මුදු දෙක සහ මනාලියගේ සහෝදරයෙකුට පා දෝවන චාරිත්‍රයේදී පිරිනමන මුද්ද. මෙතැනදී මනමාලයාගේ මුදුව හැරුනම අනිත් සියලු රත්තරන් බඩු ගත යුතු වෙන්නේ මනමාලයාගේ පාර්ශ්වයෙන්. ඒ කියන්නේ කොල්ලට තමා මෙතැනදී වැඩි බරක් අදින්න වෙන්නේ. හරි අපි බලමු එහෙනම් මේ වියදම් අවම කරගන්නේ කොහොමද කියල.

    1. රත්තරන් මිල පිලිබඳ update එකේ ඉන්න. අපි කොහොමත් wedding එකකට අවුරුද්දක විතර තිස්සේ ලෑස්ති වෙනවනේ. ඉතින් රත්තරන් මිල කියන්නේ අවුරුද්ද පුරාම වෙනස් වෙන එකක්. දවස ගානේ වෙනස් වෙනවා. ඉතින් අපි රත්තරන් බඩු ගන්න ඕන අන්න ඒ වගේ පවුමක මිල අඩු වෙන කාලයක් බලල. ඒකට ඔයාට නිතරම update එකේ ඉන්න වෙනවා. දවස තිස්සේ පැය ගණන් facebook ඉන්න වේලාවෙන් තත්පර 30 ක් වෙන් කරලා google දෙයියට කියල check කරගන්න. ඒ වගේම අපිට graph විදිහටත් පවුමේ මිල වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. ඒ අනුව අනාගතයේ පවුමක මිල තීරණය වෙන හැටි forecast කරපු data තියෙනවා. එහෙම බලල අඩු වෙන කාලය තේරුම් ගන්න. සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ කාල වල පවුමේ මිල වැඩියි. අගෝස්තු වගේ වෙද්දී බැහැල ආයේ නොවැම්බර් දෙසැම්බර් නගිනවා. මේවා ඉතින් හරියටම කියන්න බෑ. එක සතියක් ඇතුලේ උනත් බදාදා වගේ දවසකට වඩා සෙනසුරාදා ඉරිදා දවසක රත්තරං මිල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා update එකේ ඉඳල අඩු කාලෙක හදාගන්න.

    2. Exhibition offers , credit card offers පිලිබඳ touch එකේ ඉන්න. Raja Jewellers සහ Vogue Jewellers තමා හොඳම සහ විශ්වාසනීයම රත්තරන් පිලිබඳ උඩින්ම ඉන්නේ. හැබැයි මේවායේ ගණන් සාපේක්ෂව අනිත් ඒවාට වඩා වැඩියි. හැබැයි ඔයාලා touch එකේ හිටියොත් නිතරම වගේ ඕවට credit card offers එහෙම එනවා. ඒ වගේ එකක් අල්ලලා යන්න. අපිට installment වලින් මාස 60ක් වෙනකන් උනත් පොලී නැතුව ගන්න පුළුවන් අවස්ථා එනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

    3. මංගල තැල්ල තෝරාගැනීමේදී මොලේ පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් කසාදෙකට එන පාරම්පරික මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා පෝරුව උඩදී මනමාලයා දාන මංගල මාලේ size එකෙන් මනමාලයාගේ වත්කම ආදරේ එහෙම මනින්න. ඒ නිසා අපේ මිනිස්සුත් ලොකූ විච්චුරණ දාපු මහා බර මාල ගන්නවා. මම නම් කියන්නේ මේක හරිම මෝඩ වැඩක්. හිතන්න ඔය මාලේ එදාට විතරක් දාල අල්මාරියේ දාල තියන්න නම් ඇයි අපි එච්චර වියදමක් කරන්නේ. ඒ නිසා සරල හොඳ පෙනුමක් තියෙන සාමාන්‍ය party එකකට උනත් දාගෙන යන්න පුළුවන් විදිහේ මාලයක් හදාගන්න. මාලේ පෙනුම එන්න design එක ලොකු වෙන්නම ඕන නෑ. මාලේ අතට ඇල්ලුවම බරට දැනෙනවානම් එතනම වටිනාකමක් තියෙනවා. මතක තියාගන්න design එක ලොකු වෙද්දී ඔයාට හැදුම් කුලියට ගෙවන ගානත් වැඩි වෙනවා. කවදාහරි ඔයා ඕක සල්ලි හදිස්සියකට උකස් තියනවනම් හරි ඕක මාරු කරලා වෙන බඩුවක් හදාගන්නවනම් හරි ඔයාට සල්ලි ලැබෙන්නේ රත්තරන් බරට විතරයි. ඉතින් හැදුම් කුලියට යන වියදම අපරාදේ. ඒ නිසා වටිනාකම වැඩි කරන්න ඕනෑම නම් design එක නැතුව බර වැඩි කරගන්න.

    4. මංගල මුදුව තෝරාගැනීමේදී මොලේ පාවිච්චි කරන්න. මංගල මුදුව කියන්නේ බොහෝ වෙලාවට තැල්ල වගේ විශේෂ අවස්ථාවල විතරක් දාන එකක් නෙවෙයිනේ. ඔයාගේ ජීවිතේ මැරෙනකන්ම හැමදාම දාන් ඉන්න දෙයක්. ඉතින් අපි එදිනෙදා ජීවිතේ කරන හැම ක්‍රියාකාරකමක්ම වගේ කරන්න වෙන්නේ ඕක දාගෙන. ඒ නිසා මංගල මුදුව ගොඩක් සරල design එකක් වෙනවනම් හොඳයි. ගල් අල්ලපු ලොකු ලොකු design හරියන්නේ නෑ. ඒ වගේම දැන් අලුත් trend එකක් තමා මුදු design වල කොටසක් mat finish එකක් එන්න design කරන එක. ඒත් මම කිව්වා වගේ එදිනෙදා වැඩ කරද්දී මුද්ද හීරෙනවා. එතකොට ඒ finishing එක ටික දවසකින් යනවා. ඒ වගේම ඇතුලට කැපුම් පාරවල් වගේ තියෙන design තොරගන්නත් එපා. මොකද ඒවා අස්සේ කුණු එහෙම රැඳෙන්න පුළුවන්. ඒ නිසා සරල හැබැයි හොඳ පෙනුමක් තියෙන design එකකට යන්න.

    5. පා දෝවන චාරිත්‍රයේදී දෙන මුදුවට වැඩිය වියදම් කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට අපි ඕක දෙන්නේ මනමාලීගේ සහෝදරයාට. ගොඩක් වෙලාවට මේකට යොදාගන්නේ පොඩි ළමයෙක්. ඉතින් ඒ ළමයට ඕක හැමදාම දාන්න බෑනේ. ඇඟිලි ලොකු වෙනවා. ලොකු කෙනෙක් උනත් එයත් කවද හරි බඳින දවසක අලුතෙන් මුදු හදනවනේ. ඒ නිසා ඔය මුද්ද හැමදාටම තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා චාරිත්‍රයක් වශයෙන් විතරක් දෙන්න හැදුම් කුලිය ගොඩක් අඩු සාමාන්‍ය මුද්දක් තෝරාගන්න. එහෙම නැත්නම් මුද්දක්ම නැතිව එයාට ප්‍රයෝජනවත් වෙන විදිහේ වෙන තෑග්ගක් දුන්නත් කමක් නෑ මම නම් කියන්නේ.

    6. ගල් අල්ලපු design හැකි තරම් අඩු කරන්න. ගල් අල්ලපු design එකකින් රත්තරන් බඩුවට එළියක් එනවා. ඒත් මම කලිනුත් කිව්වා වගේ හැදුම් කුලිය සහ ගල් සඳහා යන වියදම වැඩි වෙන අතරේම පස්සේ කලෙක ඔයාට මිලක් හම්බෙන්නේ රත්තරන් වටිනාකමට විතරයි. අනික ගොඩක් වෙලාවට ඔය ගල් සාමාන්‍ය පාවිච්චියේදී හැලෙන්න බලනවා. ඊට පස්සේ ආයේ වියදමක් කරලා තමා අල්ලගන්න වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ගල් අඩු design එකකට යනවනම් හොඳයි.

    7. ගියපු ගමන් ගන්නැතුව තැන් කිහිපයකින් බලල හෙට්ටු කරන්න. මෙන්න මගෙන් තවත් සුපිරි trick එකක්! රත්තරන් බඩු වල උන් ගණන් දාල තියෙන්නේ කොටුවේ උන් ගණන් කියනවා වගේ තමා. ඒ කියන්නේ 40%ක්වත් අඩු කරන්න පුළුවන් ඒ ගානෙන්. හැබැයි ඔයාල දැක්ක ගමන් ගන්න ගියොත් ඔයාලට වෙන්නේ අර display price එකටම ගන්න. ඒ නිසා එක පාරට ගන්නැතුව ගොඩක් ඒවා බලන්න. එක shop එකක මේ ගාන කිව්වා කියල කියන්න. ලජ්ජා නැතුව අඩු නැද්ද කියල අහන්න. මොකටද බන් බොරුවට පොෂ් වෙන්නේ. sales කරන එකාට talk කරන්න. normally පොරට 20%ක් විතර අඩු කරන්න පුළුවන්. අපි හරි ගානකට අවොත් එතැනින්ම ගන්න බව ඒත්තු ගන්වන්න. එතකොට පෝරම කියයි ඉන්න සර්, මම managerගෙන් අහල best price එකක් අරන් දෙන්නම් කියල. බඩු ටික එතැනින්ම ගත්තොත් voucher එකක් gift එකක් එහෙමත් sure . ඒ නිසා ලජ්ජා නොවී talk කරන්න.


    හරි. එහෙනම් රත්තරන් බඩු ටිකත් ගොඩ දාගන්න පුළුවන් දැන්. මතක තියාගන්න මේ වියදම වියදමක්ම නෙවෙයි. අනාගතෙකට ආයෝජනයක්. ඒ වගේම තමා පුතී රත්තරන් කියන්නේ තනිකර මාෆියාවක්. අපිව ලස්සනට අන්දන්න පුළුවන් උන්ට. සමහර උන් ඉන්නවා design එකේ පාස්සන than වලට ඊයම් ගුලි දානවා ලොකුවට. එතකොට මාලේ බර වැඩි වෙනවා. හැබැයි රත්තරන් වලින් නෙවෙයි ඊයම් වලින්. සමහරු ඉන්නවා design එකේ යටින් වැටෙන support කම්බි වලට කැරට් 18 බාල රත්තරන් දානවා. එහෙම නැත්නම් වැඩිපුර තඹ මිශ්‍ර කරනවා. ඔය වගේ අපි දන්නැති games ගොඩක් තියෙනවා. ඒ නිසා මම මෙතැනදී කියන්නේ නෑ නමට යන්න එපා කියල. මොකද අතනට වඩා මෙතන පට්ට ලාබයි කියල ඔයාල බොරු කාරයෙක්ට අහු වෙන්න පුළුවන් ඉඩ වැඩියි. නමක් තියෙන විශ්වාසනීය තැනකින් ගන්න. ජීවිත කාලයක් තියාගන්න දෙයක් නේ. කොහෙන් ගත්තත් අඩුවට ගන්න විදිහයි මම කිව්වේ. හොඳයි නම් rep එකක් දීගෙන යන්න. :yes:
     
    • Like
    Reactions: sha34