ඇයි බාලි (Bali) යන්න කල්පනා කර කර ඉන්නේ ? බාලි ගියොත් තුට්ටු දෙකට කෙලවෙයිද ?... ඉන්දුනීසියාව ගැන නම් එච්චර බය වෙන්න දෙයක් නෑ .. දන්නවනේ බාලි . ඉන්දුනීසියාවේ තියෙන්නේ ... දුපතක් වෙනමම ... ඉන්දුනීසියාව කියන්නේ දහසක් දේවල් බලන්න තියන අපිට ටිකක් කිට්ටුවෙන්ම තියන රටක් ... ඉස්සරලාම කියන්නම් මේකේ කරන්සි එක...ලංකාවේ ඔයා බත් එකක් කන රුපියල් 100 කියන්නේ Indonesian Rupiah වලින් 7600 ක්... තෙරුනානේ වැඩේ ...
එකොනොමි අතින් ලංකාවට වඩා සැහෙන්න දුප්පත් රටක් ... කරප්ෂන් එක වැඩි හින්ද කියල තමයි ගොඩක්ම මේක වෙලා තියෙන්නේ කියල කියන්නේ .මොකද දුපත් ගොඩක් තියනවනේ මේකේ ....හොඳම එක මේක විසා නොමිලේ මාසයක් යනකම් ..ඒ හින්ද ට්‍රිප් එක මාසෙකට වඩා වැඩි වෙන්න දෙන්න එපා.එහෙම උනොත් දවස ගානේ එයාල ෆයින් එකක් ගහනවා.... හරි කොහොමහරි ඔයාට ඉන්දොනිසියාවට යනකම් විතරයි ටිකක් ගණන් තියෙන්නේ ... ගියාට පස්සේ කතාව ඔකේ....වියදම් මැනේජ් කරගන්න පුළුවන්
හරි ටිකට් ගන්න කතාව ඔයාලට ක්‍රම දෙකකට කරන්න පුළුවන් එකක් ඒජන්ට් කෙනෙක් හරහා නැත්තම් කෙලින්ම Srilankan Airline එකේ වෙබ් එකෙනුත් පුළුවන් , ටිකට් ගන්නකොටත් ගාන අඩුවට ටිකට් ගන්න පුළුවන් එයා ලයින් තියනව ... Srilankan Airline එකේන් කෙලින්ම බාලි වලට එයාලයින් නෑ ... යනවා නම් ජකර්තා වලින් ආයේ Domestic Airline එකක් ගන්න ඕනේ Ngurah Rai International Airport (Denpasar Airport) එකට ..නැත්තම් බාලි කියල ගහපුවම එනව ... ... කෙලින්ම යන එයා ලයින් නැතුවම නෙමේ ඒවගේ ගණන් පොඩ්ඩක් බලන්න වෙනවා සයිට් වලින් කම්පෙයා කරලා ... සමහර ඒවා ගණන් අඩුයි ඒවගේ ට්‍රාන්සිට් ටයිම් වැඩි ..ඉතින් රුචි අරුචි විදියට යන්න පුළුවන් ... යන්න කලින් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න .මොකද දැන් දෙන ඩ්‍රයිවින් ලයිසන් එක International valid ලයිසන් එකක් ..ඉතින් සමහර රටවලදී අපහු ගන්න වෙනවා උනාට මේ වැඩේට ඕනේ වෙන්නේ මේ තියන ලයිසන් එකම තමයි ...
දැන් අත්තටම අනේ බාලි බාලි අපි යනවා බාලි කිවුවට ඔයාට බාලි ගියාම මොනවාද බලන්න තියෙන්නේ ? ඔන්න අහගන්න ..මේවා ඔක්කොම තියෙන්නේ බාලි දුපතෙමයි ... මතක තියාගන්න මුළු ඉන්දුනීසියානු දුපත් 17,508 කින් එකක් මේක ..ඔයාල ට්‍රැවල් කරන්නේ බොහොම පොඩ්ඩයි මේකෙදි ... ඒ හින්ද ටික ටික අනිත් ඒවත් plan කරන්න .. මේ බාලි දුපත ගැන
පලවෙනි එක Ubud Monkey Forest
මේක පරණ පන්සලක් තියන කැලෑ වෙලා තියන වඳුරෝ ඉන්න කැලයක්
දෙවැනි එක Uluwatu Temple
මේකත් හින්දු කෝවිලක් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් මේකේ ඉතිහාසය වගේම ඒ ආශ්‍රිත ගොඩක් දේවල්
තුන්වෙනි එක Seminyak
ඔක්කොම බඩු භාණ්ඩ ගන්න පුළුවන් සංස්කෘතිමය දේවල් වගේම රෙන්ස්ටෝරන්ට් ඕනේ එකක් තියන මුහුදුබඩ ප්‍රදේශයක් ... සංචාරකයෝ කැරකෙන පැත්තක් ...
හතරවෙනි එක Tanah Lot Temple
මේකත් හින්දු කෝවිලක් කියල කියන්නේ මේක ටිකක් විශේෂ මුහුදු විහාරයක් .. මොකද මේක මුහුදට වෙනන වගේ කොටසක තියන කෝවිලක් ... ගලක් උඩ වගේ තියෙන්නේ.. නැත්තම් offshore rock එකක් උඩ ... හරිම ලස්සනයි මේ ප්ලේස් එකත්
පස්වෙනි එක Tegalalang Rice Terraces
මේක නම් වෙන මුකුත් නෙමේ වී වගාව ... හෙල්මළු ක්‍රමයට කරපු වී වගා තියන ප්‍රදේශයක් ...
හයවෙනි එක Ubud Art Market
ඔන්න traditional art වලට කැමති කෙනෙක් නම් ඔන්න ඔයාට මේ ප්ලේස් එකට යන්න පුළුවන් .. traditional artist කෙනෙක්ට උනත් මේක හොඳ ප්ලේස් එකක් කියලා කියන්නේ ... එකියන්නේ මේ රටේ තියන traditional කලාත්මක දේවල් ගොඩක් මේ ප්ලේස් එකෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ ...
හත්වෙනි එක Besakih Temple
සෙල්ලම් නෑ මේක වසර 1000 ක් විතර පැරණි කෝවිලක් කියල කියන්නේ ... බාලි වල නැගෙනහිර පැත්තට වෙන්න තියනවා කියලා කියන්නේ ...
අටවෙනි එක Padang Padang Beach
ලස්සනම ලස්සන වෙරළතිරයක් මේක ... ටිකක් ගල් පර සහිත වෙරළ තිරයක් කියල කියන්නේ ...
නවවෙනි එක Mount Batur
හයික් කරන්න කැමති අයට තමයි මේ කන්ද නම් .. කෙලින්ම හයික් එකක් දාන්න පුළුවන කන්දක් මේක ... මේකේ නගිනවා නම් උදේ පාන්දරම යන්න ඉර එලිය වැටෙන්න කලින් .. මොකද මේකත් අර සමනල කන්දේ ඉර එලිය උදේම බලනවා වගේ වැඩක් ... මෙතනම තියන ඈත පෙන Mount Abang කියන කන්ද උඩින් උදේම ඉර එලිය වැටෙන හැටි බලන්න තමයි ටුවරිස්ට්ස් ලා යන්නේ ගොඩක් අය යනවා කියල කියන්නේ ..
දහවෙනි එක Ubud Royal Palace
මේක නම් බෞද්ධ පන්සලක් පරණම එකක් ... මේක අවට සැහෙන තැන් ගොඩක් තියනවා බලන්න .. පිස්සුම හැදෙනවා ...
එකොලොස් වෙනි එක Pandawa Beach
මේකත් අලංකාර වෙරළ තිරයක් , ටිකක් වෙනස් එකක් කියල කියන්නේ ..අර අපේ නිලාවේලි වගේ .. අමුතු නිල් පාටට වෙරළ තිරයක් තියනවා ..සංස්කෘතිමය අතින් වැදගත් ප්‍රදේශයක් ...
දොළොස් වෙනි එක Elephant Cave
බෞද්ධ පන්සලක් මේක ... මේක නම් හරිම අමුතුවට හදපු එකක් .. කැටයම් කරපු පන්සලක් අමුතුම එකක් ..මේකේ එක එක විශ්වාස ගොඩක් පිරුන පන්සලක්
මිට අමතරව ඔයාලට මෙන්න මේ ප්ලේසස් වලට යන්න පුළුවන් බාලි වලම ...Amed Beach , Lovina Beach , Tanjung Benoa ( පැරිෂුට් එකකින් මුහුදේ බෝට්ටුවකට සම්බන්ධ කරලා වතුර උඩින් යන ක්‍රීඩාවන් , වගේම තවත් ගොඩක් ජල ක්‍රීඩා කරන්න පුළුවන් පැත්තක් ) , Jimbaran Bay ( කන්න යනවා නම් හොඳම කෑම තියන පොට් එකක් ) ,Munduk Village ( සංස්කෘතික ගම්මානයක් ..යුරෝපියානු ආභාෂය මේකේ බලාගන්න පුළුවන් ) , Kuta Beach , Tirta Empul Temple (හින්දු කෝවිලක් ) , Garuda Wisnu Kencana ( cultural park එකක් )
මෙන්න මේ වගේ ගොඩක් දේවල් බාලි වලම විතරක් තියනව බලන්න ..එකියනේ ඉන්දුනීසියාව මාසෙන් කවර කරන්න පුළුවන් රටක් නම් නෙමේ .ඒ තරම් ගොඩක් තියනව ඔකේ බලන්න දේවල් ... මේ ඉන්දුනීසියා බාලි ටුවර් එක ගැන වැඩි තොරතුරු ට්‍රැවල් විත් වයිෆ් ලා වීඩියෝ එකක් කරලා තිබ්බ ටිකට් කතන්දරේ ඉඳන් ... ගිහිල්ල බලන්න එක ... එකේ වියදම් වෙච්ච ගණන් පිලිම්බ්දව එයාල PDF එකකුත් දාලා ඇති ..
රුවින්ද