අඩුවෙන්`කන`ඇහීම

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
අඩුවෙන්`කන`ඇහීම

අඩුවෙන් කන ඇහීම

සමහරුන්ගේ කන ඇහෙන්නේ අඩුවෙන්. එතකොට තමයි කවුරු හරි මොනවා හරි කිව්වොත් ‘ඇහුනෙ නෑ’ කියන්න පුරුදු වුණේ. සමහරුන්ට ඕනෑවට වඩා ඇහෙනවා. ඒත් නෑහුනා වගේ ඉන්නේ තමන්ට අලාභයක් වෙයි කියලයි. මේ කියන්න යන්නෙත් අඩුවෙන් ඇහෙන සහ වැඩියෙන් ඇහෙන දෙන්නකුගේ කතාවක්.
ඔය රේගුවේ මහත්වරු නිතර නිතර මහ බැංකුවට යනවා අධීක්ෂණ රාජකාරිවලට. මහ බැංකුවේ බෝම්බය පිපිරුණ දවසෙත් රේගුවේ දෙන්නෙක් බැංකුවේ වැඩ.
එක්කෙනෙක් ලොකු මහත්තයා. එයාගේ කන අඩුවෙන් ඇහෙන්නේ. එයාගේ දෙවෙනියාගේ කන හොඳටෝම ඇහෙනවා.
දෙන්නාම අධීක්ෂණ කටයුතුවල යෙදී හිටියේ කැන්ටිමට කිට්ටු කාමරයක.
දැන් ඉතින් වෙලාව 11 යි. අඩුවෙන් ඇහෙන ලොක්කට බඩගිනියි. ඉක්මනට කන්නයි ආසාව. ඔන්න ඔය වෙලාවේ එළියේ ටී 56 තුවක්කු පට පට ගාලා පත්තු වුණා. දෙවෙනියා ගැස්සුණා. එතකොට අඩුවෙන් ඇහෙන ලොක්කා කියනවා ‘බෝංචි කඩන සද්දේ නේද මල්ලි ඇහෙන්නේ’ කියලා.
එතකොටම තමයි මහ හයියෙන් බෝම්බය පිපිරුණේ.
අඩුවෙන් ඇහෙන ලොක්කා ආයෙත් මෙහෙම කිව්වා.
‘මල්ලී දැන් තමයි පොල් ගෙඩිය බින්දේ. අද දොළහටවත් කන්න ලැබෙන්නේ නෑ’.



කට ප්‍රවේසම් කර ගත්තොත් හොඳා




3-1.jpg


ඕනෑවට වඩා ඇසුර එක වෙලාවකට ප්‍රශ්නයක්. සුහදකම වැඩි වුණාම හරියට වරදිනවා. මේ කියන කතාව වැඩිපුරම මතුවෙලා පේන්නේ හාමුදුරුවන් එක්ක ඇසුරු කළාමයි. මේ කියන්න යන්නෙත් පුංචි හාමුදුරුනමක් එක්ක ඉතා ළඟින්ම ඇසුරු කළ තරුණයකු ගැන කතාවක්. මෙන්න මේ සංවාදයට සවන් දෙන්නකෝ.


පොඩි සාදු – අර කන්ද ලස්සනයි නේද ?

තරුණයා - එහෙමයි.


පොඩි සාදු – අර මල් පිපිලා නේ. ඈතට අපූරුයි.


තරුණයා - ඔව්, ඔව්, නියමයි.


පොඩි සාදු – අර බලන්නකො අර. . අර . . තඩි වඳුරෙක්. මාර පැනිල්ලක් නේ පැන්නේ.


තරුණයා - ඔව් මචං, නියමයි මචං.

පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේක ඇහුණා. අර කොල්ලට කතා කළා. මෙන්න මෙහෙම අවවාද කළා.

ලොකු හාමුදුරුවෝ - මෙහාට එනවා. හාමුදුරුවන් එක්ක කතා කරන කොට කල්පනාවෙන් කතා කරනවා හොඳයි. හාමුදුරුවෝ කියන දේවල් අහල එහෙමයි එහෙයි කියන්න මතක තියා ගන්නවා.


තරුණයා - වැරදුණා මචං.



නම විකිණීම සහ වැඩ කර ගැනීම

අපේ හිතවතෙක් ජපානයට ගියා. එහේදී වැඩක් දෙකක් කර ගන්න අවශ්‍ය වුණා. ඉතින් කාගේ හරි නම විකුණන්න එපායැ ඒ වැඩ කර ගන්න.
ජපානයත් එක්ක ඉතා සමීප සම්බන්ධයක් ඇති මෙහි වැඩ සිටින හාමුදුරු නමකගේ හිතවත්කම කියල ඒ වැඩ කර ගත්තලු.
ඉතින් ඒකෙ වරදකුත් නෑ. හැබැයි ඉතින් ඔය හැම තැනම කේලාම්කාරයෝ ඉන්නවා. ජපානෙත් හිටියා.
ඒ කියන්නේ ජපානෙ සමඟ සමීප සම්බන්ධතා ඇති මෙහේ ඉන්න හාමුදුරුවන්ට අර කේලාම්කාරයා කෝල් කළාලු. හාමුදුරුවන්ගේ නම විකුණලා අහවලා මෙහේ වැඩ කරගන්නවා කියලයි කේලම.
හාමුදුරුවන්ටත් කේන්තියි. ගත්තා කෝල් එකක්.
‘මට ආරංචියි තමුසෙ මගේ නම විකුණලා වැඩ කර ගන්නවා කියලා. ඇත්තද ඒක’.
අපේ මිත්‍රයා ඇත්තම කිව්වා.
‘ඒක ඇත්තයි. මම හාමුදුරුවන්ගේ නම කියා වැඩ දෙක තුනක් කර ගත්තා තමයි. ඉතින් හාමුදුරුවොත් හැම වැඩක්ම කර ගන්නේ නමක් විකුණලා නේ’.
එහෙම කීවාම අපේ හාමුදුරුවන්ට හොඳටෝම තරහ ආවා.
‘මම කාගේ නම විකුණලාද ඕයි වැඩ කර ගත්තේ’ හාමුදුරුවෝ ඇහැව්වා.
‘ඇයි බුදුහාමුදුරුවන්ගේ නම විකුණලානේ’ මෑන් කෙළින්ම කිව්වා.

උපුටා ගැනීම දිනමිණ


හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................