"අඩු කුලේද?"

neo7x

Well-known member
  • Aug 11, 2009
    2,881
    2,754
    113
    gowigama
    eth suryawashikayo nemeyi nisa
    un kon wenna athi
    eka nisa mu rodi kellek passe yana athi

    සාලිය කුමාරයාගේ කතාවනම් අශෝකමාලාගේ රූපයට වශීවීම නිසා සිද්ධ උන දෙයක් . හැබැයි උපතින්ම වාසනා ගුණය හා පුන්‍ය ශක්තියක් තිබුන දෙන්නෙක් . අනාගත වංශ දේශනාවට අනුව මෛත්‍රී බෝධිසත්වයන්ගේ දරුවා විදිහට උත්පත්තිය ලබනවා කියලා සදහනක් තිබුනා .

    ආර්යයන්ගේ වාසයක් වූ අනුරාධපුරයෙහි ලෝහ කර්මාන්තයෙහි දක්ෂ ලෝකුරුවෙක් විය. දිනක් ගොවි උපකරණ කිහිපයක් තනවා ගැනීම සඳහා මොහු වෙත එක්තරා ගොවියෙක් පැමිණියේ ය. ඔහු ඒ සඳහා පඬුරු පිණිස ඇල් සහල්, ඌරු මස් සහ වේවැල් කරටි රැගෙනවිත් තිබුණි. ලෝකුරුවා ඒවා ගෙන තමාට තෑගි පිණිස ලැබුණු ඇල් හාල්, ඌරු මස්වලින් තවත් දහස් ගණන් තෑගි ලැබීමට කල්පනා කළේ ය.

    මේ අතර පුවඟු දිවයිනෙහි වාසය කළ සංඝයා වහන්සේ සතරනමක් පිඬු පිණිස අනුරාධපුරයට වැඩියහ. දන් දීමට සුදුසු පුද්ගලයන් සොය සොයා සිටි ලෝකුරුවා මේ සතරනම දැක උන්වහන්සේලාට ආරාධනා කර සිය ගෙට වැඩමවා මනා සේ පනවන ලද ආසනවල වඩා හිඳුවා ප්‍රසන්න සිතින් යුතුව ඒ මස් සහිත ඇල් හාලේ බත වළඳවා මෙසේ ප්‍රාර්ථනාවක් කළේ ය.

    “මම දෙවියෙකු හෝ මිනිසෙකු හෝ වී යම් යම් භවයක උපදින්නේ නම් දහස් ගණන් පඬුරු මට ලැබේවා.” මෙසේ පතා හෙතෙම තාදී ගුණ ඇති ඒ රහතන් වහන්සේලාට දානය පිළිගන්වා ඉමහත් සොම්නසින් මිය පරලොව ගොස් දුටුගැමුණු නිරිඳුන්ගේ බිසවගේ කුසෙහි පිළිසිඳගෙන පුතෙකු ව උපන්නේ ය. ඒ කුමරු මව් කුස පිළිසිඳ ගත් දා සිට දහස් ගණන් පඬුරු ගලාගෙන එන්නට විය. මව් දේවිය ඒවා පිළිගත්තා ය. මව්කුසින් උපන් දා සිට කුමාරයා ම ඒවා පිළිගත්හ.

    මෙසේ දොළොස් වසක් ඉක්ම යන තුරු පඬුරු ගලා ආ නිසා ද ඒ කාලය තුළ දී ලෝකයෙහි ඇල් සහල්වලින් අඩුවක් නොවීම නිසා ද ඔහු ‘සාලිය කුමාරයා’ නමින් ප්‍රකට විය. කලක් ගතවීමෙන් පසු ඉතාමත් රූ සිරියෙන් යුතු අසෝකමාලා නමැති සැඩොල් තරුණියක් ඔහුගේ භාර්යාව විය. ඇයගේ පූර්ව ජන්මය පිළිබඳව ද සීහල වත්ථු යන ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි.

    අසෝකමාලා

    අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව බරණැස එක් දුගී මහලු කාන්තාවක් භික්ෂූන් දෙනමකට දිනපතා දන් දෙයි. දිනක් වේලාසනින් ම භික්ෂු දෙනමක් ඇගේ ගෙදරට වැඩියාහ. සැදැහැති උපාසිකාව ඒ දෙනම අමතා “ස්වාමීනී, තවම දනට වේලාව නො පැමිණියේ ය. දානය පිළියෙල කරනතුරු මේ ශාලාවෙහි වැඩ සිටිනු මැනව” යි කීවා ය. භික්ෂු දෙනම ඒ අසුන් හලට ගොස් බණ කියමින් සිටියහ. මැහැල්ල වහා දන් පිළියෙල කොට තම දියණියට “දුවණියනි, අසුන් හලට ගොස් ඒ භික්ෂු දෙනම වඩමවාගෙන එන්න. උන්වහන්සේලා බොහෝ වේලා එහි වැඩ සිටියහ” යැයි ඇයට කීහ. ඈ එහි යන විට භික්ෂූන් දහම් කථාවේ ම හුන් බැවින් ඇය එම දහම් කථාව අවසන් කරන තෙක් සිට දේශනාව අවසානයේ තෙවරක් සාදු.. සාදු.. සාදු යි කියා “ස්වාමීනි, දන් වැළඳීමට කාලය පැමිණ ඇත” යි දන්වා, උන්වහන්සේලා වැඩමවාගෙන ගෙට ආවා ය. මේ සිද්ධිය නොදත් මව “හිතුවක්කාර කෙල්ල, කොහි ඇවිද දවල් වූ පසු භික්ෂූන් රැගෙන ආවෙහිදැ” යි ඇසුවා ය. “සැඩොලිය, කුමක් කියන්නී ද? මම බණ අසමින් සිටියෙමි. බණ ඇසූ මට ඔබ කෝප වීදැ?” යි දියණිය ඇසුවා ය.

    කෝපයෙන් යුතු වූ ඇය යළිත් මවට පරුෂ වචන කීවා ය. මවට පරුෂ වචන කීමේ වරද නිසා ඇය බොහෝ අකුසල් රැස්කර ගත්තා ය. පසුව මේ දෙදෙනා මිය පරලොව ගොස් දෙව්ලොව උපන්නාහ. දියණිය එහි බොහෝ කලක් වාසය කොට ඉන් චුත වී මිනිස් ලොව සැඩොල් කුලයක උපන්නා ය.

    ඕ තොමෝ ඉතා රූමත් වූවා ය. දැකුම්කළු වූවා ය. දුටුවන් පහදන සිරියෙන් යුක්ත ය. ධනයෙන් පිරිපුන් ය. බොහෝ උපකරණ ඇත්තී ය. බණ අසා සාදුකාර දීම නිසා ඇගේ මුඛයෙන් රැස් විහිදේ. මෙසේ ඇය පරපුරෙන් පැමිණ අනුරාධපුරයේ එක ගමක් අසල සැඩොල් කුලයක උපන්නී ය. ඒ භවයේත් ඕ තොමෝ මනා රූ සිරියෙන් බැබළුණා ය. දුටුවන් නෙත් සිත් පිනවන්නී ය. රන්වන් පැහැති දෙවඟනක් බඳු වූවා ය. බණ අසා සාදුකාර දුන් බැවින් ඇගේ මුවින් අසෝක මල් රේණු වැනි රැස් විහිදෙයි. එම නිසා ඇයට අසෝකමාලා යැයි නම් තැබූහ.

    දොළොස් හැවිරිදි වියේ පසු වූ ඇය දිනක් යම්කිසි කටයුත්තක් සඳහා අනුරාධපුර නගරයට ගියා ය. මෙදින ම සාලිය කුමරු ද රථයක නැගී පිරිවර සමඟ එම නුවරට යන අතර නුවර දොරටුවට පැමිණියේ ය. අසෝකමාලා සාලිය කුමරු දැක, බියෙන් තැතිගෙන මාර්ගයෙන් ඉවත් ව පවුරේ බිත්තියට හේත්තු වූවා ය. ඇය දුටු සාලිය කුමරු සිතුවම් කළ රූපයෙකැයි සිතා ඒ ගැන මිනිසුන්ගෙන් විමසා මෙසේ ද කීවේ ය. “ප්‍රාකාර බිත්තියෙහි ඇඳි මේ ස්ත්‍රී රූපය අතිශයින් රූමත් ය. මින් පෙර අප විසින් නොදක්නා ලද මෙය කවුරුන් විසින් අඳින ලද්දක් ද?” එය අසා මිනිස්සු “මෙය සිතුවම් කළ රූපයක් නො වෙයි. මේ සැඩොල් කෙල්ලකි. ඔබතුමාට නො පෙනෙනු රිසියෙන් ඕ බිත්තියට හේත්තු වී සිටියි” කී ය. දැරියක් ය යන වචනය අසා ඈ පිළිබඳ සිත් ඇත්තේ “ඇය අන්තඃපුරයට ගෙන යව. ඇය මාගේ බිරිය වන්නී ය” යි කුමරු කී ය. කුමරුන්ගේ අණින් එතැනට ගිය මිනිස්සු, බිත්තියට ඇලී සිටි ඇය ඉවතට ගත්හ. අබරණින් සරසා සළුවක් අන්දවා මනා සේ සුවඳ ගල්වා කුමාරයා වෙතට ගෙන ගියහ. කුමරු ඇය රැගෙන සිය මාලිගයට ගොස් අගමෙහෙසිය තනතුරෙහි තබා බොහෝ සත්කාර කළේ ය.

    මේ පුවත සවන් වැකුණු පිය රජතුමා තම පුතු සැඩොලියක් බිරිඳ කරගෙන අන්තඃපුරයට ඇතුළු කළේ යැයි බෙහෙවින් කිපී “සාලිය කුමරු නගරයෙන් නෙරපන්නෙමි” යි සිතා එහි පැමිණියේ ය. අසෝකමාලාව පියරජු දැක රන් බඳුනකට පැන් ගෙන ඔහුගේ පා දෝවනය පිණිස රජු වෙත ආවා ය. ඇගේ රූ සිරි දැක පිය රජතුමා ද මත් විය. සාලිය කුමරු ද පියාණන්ට වැඳ සිටියේ ය. රජතුමා කුමරුන් දැක “ඉදින් තාගේ බිරිය නො වී නම් මම ඇය මගේ භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. ආදර සිතක් ඇති කෙනෙකුට කුලය හෝ ගෝත්‍රය නො පෙනෙයි.” කියා ආපසු හැරී ගියේ ය.

    අසෝකමාලාව මෙසේ සාලිය රජකුමරුන්ගේ බිරිඳ වූ අතර කුමාරයා දහස් ගණනින් පඬුරු ආදිය ලබමින් වාසය කළේ ය. කුමරුන්ට මේ අයුරින් කාලය ගත කරන අතරේ “මේ පුණ්‍ය විපාකය කවුරුන්ගේ ද? මාගේ ම පින් බලයෙන්දැ” යි විමසා බැලීමට සිතක් පහළ විය. “වනයේදීත් මෙවැනි ම විපාක ලැබේ ද?” විමසීම පිණිස කසාවත් හැඳගෙන හුදෙකලා ව නුවරින් නික්මී බටහිර දිසාවට ගොස් පඳුරු අස්සේ සැඟවී හුන්නේ ය. ඔහු මෙසේ කැලේ සැඟවී සිටින විට රන් රිදී තඹ පිත්තල ආදියෙන් සාදන ලද භාජන පුරවාගත් ගැල් පන්සියයක් රැගෙන ජනපද වැසියෝ එහි පැමිණියහ. කුමරු ඒවා තමා සඳහා ම රැගෙන ආ පඬුරු බව අසා දැනගෙන ඒවාත් රැගෙන සිය මාළිගාවට පැමිණියේ ය.

    පසු දිනයේ ද උතුරු දොරටුවෙන් නික්මී එසේ ම සැඟවී හුන්නේ ය. එදින රත්හැල් පිරවූ ගැල් පන්සියයක් අවුත් කුමාරයා සිටි තැන නැවතිණි. ගැල් අයිතිකරුවෝ කුමරු එතැන ඇතැයි දැන ඒවා බාර දුන්හ. එදින ඒවා රැගෙන ගොස් පසුදින නැගෙනහිර දොරටුවෙන් නික්මී පෙර සේ ම සැඟවී සිටියේ ය. එදින සුවඳ ගිතෙල් ගැල් පන්සියයක් පුරවාගෙන අවුත් කුමරුට දුන්හ. ඊට පසු දින දකුණු දොරටුවෙන් නික්මී සැඟවී සිටියේ ය. එදින සකුරු මී පැණි හා පැණි භාජන පුරාවාගත් ගැල් පන්සියයක් අවුත් කුමරු සමීපයෙහි නැවතිණි. ගැල්කරුවෝ ඒවා කුමරුන්ට පඬුරු පිණිස දී ආපසු ගියහ.

    ඊට පසු සාලිය කුමරා නුවර අවට දී ද මේ විපාක ලැබේවිදෝ, නැතහොත් දිවයිනේ කොතැන සිටියත් ලැබේවිදැයි පරීක්ෂා කර බලනු පිණිස අසෝකමාලාව හා රථයක නැඟී සෑගිරිය දෙසට ගියේ ය. සෑගිරියටත්, ගමටත් අතරෙහි දී නැවතී රියෙන් බැස කුමරු බිම හිඳගෙන අසෝකමාලාව ඇමතී ය. “මට හොඳටම බඩගිනියි. මෙහි දී ම අනුභව කරන්නෙමි. මේ වනයෙහි ගොස් වහා ආහාරයට යමක් රැගෙන එන්න.” “ හිමියෙනි, මිනිස් වාසයකින් තොර මේ වනයෙහි ආහාර කෙසේ සොයන්නෙම් ද? අප ළඟත් නැත. අනිකෙකු ළඟත් නැත.” යැයි ඇය කීවා ය. කුමරු බිරිඳගේ කීම අසා තම අත තිබුණු සැරයටිය ඇය අතට දී “මේ සැරයටියෙන් අර පෙනෙන ගසට පහර දී ආහාර ඉල්ලව.” යි කියා කීවේ ය. ඕ තොමෝ ද “යහපති හිමියනි” යි කියා සැරයටිය ගෙන “ආහාර දෙව” යි කියා ඒ ගසට ගැසුවා ය. එහි හුන් රුක්දෙවියාගේ ශරීරයෙහි සැරයටිය වැදීමෙන් බියට පත් වූ රුක් දෙවියා “ස්වාමීනී, කුමක් නිසා මට මෙසේ පහර දෙන්නේදැ?” යි අසා “වෙලාවට කලින් නොවැ කුමාරයා ආවේ. ‘ආහාර රැගෙන එන්නැ’ යි දෙවියනට නියම කළෙමි” යි කීය.

    දෙවිවරු බත් කත් හතරක් යකුන් අත එවූහ. කුමරා යකුන්ගෙන් ඒවා ගෙන්වාගෙන ඔවුන්ට ම කියා සෑගිරියට ගෙන ගොස් භික්ෂු සංඝයාට වළඳවා පසුව සිය බිරිඳ සමඟ අනුභව කළේ ය. මෙසේ දින හතක් සෑගිරියේ වාසය කරමින් දන් දී ආපසු අනුරාධපුරයට ආවේ ය. පිය රජතුමා කුමරු දැක “ඔබ මාගේ රටෙහි පිටිසර ප්‍රදේශයට ගොස් මහජනයා පෙළා ධන ධාන්‍ය උදුරාගෙන විනාශ කරනවා නේ ද?” යි කී ය. “මහරජ, මම ජනයාගෙන් කිසි දෙයක් උදුරා නො ගනිමි. දෙවියෝ ඒවා මට දුන්හ. සත් දිනක් ම මම සෑගිරියෙහි සිටියෙමි.” යි කුමරු කීවේ ය.

    මෙසේ පිරිසිදු වූ සිත් ඇති, රැස් කළා වූ කුසල් බල ඇති, හාත්පස ජනපදයන්හි මිනිසුන්ට ප්‍රිය වූ සාලිය කුමාරයා නිරන්තරයෙන් ම බොහෝ කම්සැප වින්දේ ය. එමෙන් ම දස කුසල්වල අප්‍රමාදව නොයෙකුත් දන් දෙමින් සුගතිය කරා යන පින් දහම් කොට තමන්ගේ ගෙදරට යන්නාක් මෙන් දෙව්ලොව උපත ලැබූහ. පතිරූපදේස වාසයත්, පෙර පින් ඇති බවත්, තමා රැකගැනීමත් යන දහම් මඟ යමින් සිටි සිව් සස් දහම් අවබෝධය පතා කුසල් දහම්හි යෙදෙන පුද්ගලයනට මේ සාලිය කුමරුට මෙන් දෙවියෝ ඇලුම් කරති.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,005
    190,931
    113
    Colombo, Sri Lanka

    ස්තුතියි මචන් වටිනා විස්තර ටිකක් එකතු කෙරුවට...... :love2: 🙏
     
    • Like
    Reactions: PHBhagya and neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,881
    2,754
    113
    ස්තුතියි මචන් වටිනා විස්තර ටිකක් එකතු කෙරුවට...... :love2: 🙏
    සාලිය කුමාරයා සම්බන්ධව ගල්ගිරියාම කන්දේ සාලිය ආරණ්‍ය භූමියේ නටබුන් අදටත් තියෙනවා .. ජන වහරට අනුව තන්තිරිමලය ප්‍රදේශයට නම ලැබෙන්නෙත් දුටුගැමුණු රජුරුවන් අශෝකමාලට තෑග්ගක් විදිහට ලබාදුන් මාලයක් නිසයි ... ඉසුරුමුනි පෙම්යුවල මේ දෙදෙනා විය හැකියි කියන මතයකුත් තියෙනවා .. මහවංශය කියන විදිහට සාලිය කුමාරයා විවහයෙන් පස්සේ සැගවුන චරිතයක්වත් අක්‍රිය පුද්ගලයෙක් උනා කියන එක පිලිගන්න බෑ .. දුටුගැමුනු රජුරුවෝ සාලිය කුමාරයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීලා තියෙනවා ගොඩනැගිලි නිර්මානය කරන්න . සාලිය කුමාරයාට විවහය නිසා වගේම අය බදු පින්කම් කරන්න යෙදවීම නිසා ඇතිවුන ගැටලුත් රාජ්‍යත්වය අතහරින්න හේතුවෙන්න ඇති .
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,005
    190,931
    113
    Colombo, Sri Lanka
    සාලිය කුමාරයා සම්බන්ධව ගල්ගිරියාම කන්දේ සාලිය ආරණ්‍ය භූමියේ නටබුන් අදටත් තියෙනවා .. ජන වහරට අනුව තන්තිරිමලය ප්‍රදේශයට නම ලැබෙන්නෙත් දුටුගැමුණු රජුරුවන් අශෝකමාලට තෑග්ගක් විදිහට ලබාදුන් මාලයක් නිසයි ... ඉසුරුමුනි පෙම්යුවල මේ දෙදෙනා විය හැකියි කියන මතයකුත් තියෙනවා .. මහවංශය කියන විදිහට සාලිය කුමාරයා විවහයෙන් පස්සේ සැගවුන චරිතයක්වත් අක්‍රිය පුද්ගලයෙක් උනා කියන එක පිලිගන්න බෑ .. දුටුගැමුනු රජුරුවෝ සාලිය කුමාරයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීලා තියෙනවා ගොඩනැගිලි නිර්මානය කරන්න . සාලිය කුමාරයාට විවහය නිසා වගේම අය බදු පින්කම් කරන්න යෙදවීම නිසා ඇතිවුන ගැටලුත් රාජ්‍යත්වය අතහරින්න හේතුවෙන්න ඇති .
    ඔයා සෑහෙන්න කරුණු ප්‍රමාණයක් දන්නවා බ්‍රෝ. වෙලාවක් තිබුනොත් තව විස්තර එක්ක ත්‍රෙඩ් එකක් දාන්න මචන් අපි සේරටම බලන්න. නැවත වාරයක් ස්තුතියි ත්‍රෙඩ් එකට විස්තර සැපයුවට..... :love2: (y)
     
    • Like
    Reactions: neo7x

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,673
    8,131
    113
    කලේගාන බන්. කෙලගන්නේ අරුගේ පුපේ.

    මෙන්න. ත්‍රෙඩ් එකේ මුලට දාපන්. දිග වීඩියෝ වගයක් තිබ්බ මේ ගම වල. ඒවා හොයාගන්න නැ.

    ------ Post added on Aug 9, 2023 at 8:20 PM

    Machan ahinguntakayo Telingu minissu neda? Me video walama thiyenawa ne. Un awe passe ne.

    Rodiyo kiyanne sinhalungema kotasak ne. Rodiyo indala thiyenawane raja kale indan.
     
    • Like
    • Love
    Reactions: neo7x and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,334
    1
    2,491
    113
    Machan ahinguntakayo Telingu minissu neda? Me video walama thiyenawa ne. Un awe passe ne.

    Rodiyo kiyanne sinhalungema kotasak ne. Rodiyo indala thiyenawane raja kale indan.
    Ne අහිකුණ්ඨිකයන් kiyanne indiyawen ආපු ආන්ද්‍රා walin apu adu kule තෙළිඟු මිනිස්සු kotasak , රොඩී kiyanne indiyawen apu chandala kiyana kule මිනිස්සු kotasak , වැද්දා , nittawo th indiyawen awe munta,African mix ekak tiye
     
    • Love
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,015
    113
    අපේ අප්පච්චිගෙ පැත්තෙ රොඩී කනෙක්ෂන් එකක් තියෙනව කියල කියනව. පවුල උඩරට හැබැයි යම් මී මුත්තෙක් රජරටට ගිහින් තියෙනව ගෙදරින් විරසක වෙලා හැබැයි එයා ආපහු ඇවිත් තියෙන්නෙ රොඩී ලේඩි කෙනෙක් ආවාහ කරගෙන. මේ පොළොන්නරු යුගයෙනුත් කාලෙකට පස්සෙ ගොඩක් සිංහල මිනිස්සු දකුණට මයිග්‍රෙට් වෙලා ඉවරයි. වන්නියට මොකට ගියාද මන්දා.

    පස්සෙ ඉතින් මී මුත්තට ගෙදරින් කේස් ලු අඩු කුලේ ගෑනියෙක් උස්සන් ආවට. උන්දැ කිව්වලු අඩු කුලේ නම් තමා ඒත් අවුලක් නෑ අම්මගෙ ෆිගර් එක බලල ඇන්න ආවෙ කියල. ඇත්ත කතාවක් මේක.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,909
    113
    සංස්කෘතිකයී, එකගයී. මිනිස්සුන්ට කුල බේද අවශය නැත
     
    • Love
    Reactions: NRTG

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අපේ අප්පච්චිගෙ පැත්තෙ රොඩී කනෙක්ෂන් එකක් තියෙනව කියල කියනව. පවුල උඩරට හැබැයි යම් මී මුත්තෙක් රජරටට ගිහින් තියෙනව ගෙදරින් විරසක වෙලා හැබැයි එයා ආපහු ඇවිත් තියෙන්නෙ රොඩී ලේඩි කෙනෙක් ආවාහ කරගෙන. මේ පොළොන්නරු යුගයෙනුත් කාලෙකට පස්සෙ ගොඩක් සිංහල මිනිස්සු දකුණට මයිග්‍රෙට් වෙලා ඉවරයි. වන්නියට මොකට ගියාද මන්දා.

    පස්සෙ ඉතින් මී මුත්තට ගෙදරින් කේස් ලු අඩු කුලේ ගෑනියෙක් උස්සන් ආවට. උන්දැ කිව්වලු අඩු කුලේ නම් තමා ඒත් අවුලක් නෑ අම්මගෙ ෆිගර් එක බලල ඇන්න ආවෙ කියල. ඇත්ත කතාවක් මේක.
    Apo menna adu kule akek ….
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,079
    1
    38,265
    113
    ප*යාගල
    sorry.com
    උඹ හුලවාලිද?
    හුලවාලි කියල පරන කලුසුදු ෆිලුමක් තියෙනව නේද.?

    උන්දැ කිව්වලු අඩු කුලේ නම් තමා ඒත් අවුලක් නෑ අම්මගෙ ෆිගර් එක බලල ඇන්න ආවෙ කියල. ඇත්ත කතාවක්
    ඕන කුලයක් ෆිගර් එකට යටයි.
    ------ Post added on Aug 10, 2023 at 7:12 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,337
    7,510
    113
    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    අර උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ

    Thanks Bro..... :love2: (y)