පොඩි දෙයක් එකතු කරන්න හිතුනා. චෙට්ටි කියන්නේ අද කාලේ සාමාන්‍යෙන් හොඳට සල්ලි තියන සෙට් එකක්. අඩු කුලේ කියලම උන්ට සලකලා නෑ. අනික තමයි ඔය ගොවිගම මිනිස්සුන්ට සුද්දෝ ආවත් එක්ක ඉඩම් අයිතිය හම්බුන එකෙන් තමයි ගොවිගමයෝ ගොඩක් බලවත් උනේ. ඉන්දියාවෙත් එහෙමයි. ඊට කලින් චෙට්ටි, නවන්දැන්න ( සින්හල කුල ක්‍රමේට අනුව කම්මල්, ලෝහ ආශ්‍රිත වැඩ කරපු අය ) කියන අයට හොඳ තැනක් තිබිලා තියනවා. හෙට්ටිවීදියත් හැදිලා තියෙන්නෙත් චෙට්ටි අයගෙන් කියලා තමයි කියන්නේ. මලබාර් කියන්නේ රත්තරන් වෙලඳාමට ගොඩක් ප්‍රසිද්ධ කේරලේ පැත්තක්. අදටත් රත්තරන් බඩු නම් මැදපෙරදිග, සින්ගා, මැලේසියා, ඇමරිකා, එන්ගලන්තේ ඉන්දියන් කාරයෝ ජීවත් වෙන රටවල ප්‍රසිද්ධ ජුවලරි ශොප් චේන් එකක් තමයි මලබාර් ගෝල්ඩ් ( Malabar Gold Wikipedia ) කියන්නේ.කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්‍ය’ කුලයටය. වෛස්‍ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්‍රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්‍රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්‍රජාව සමඟ මිශ්‍ර වී සිටිනවා.
