අඩු කුලේ පර හැත්ත

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,858
    3,351
    113
    කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්‍ය’ කුලයටය. වෛස්‍ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්‍රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්‍රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්‍රජාව සමඟ මිශ්‍ර වී සිටිනවා.
    පොඩි දෙයක් එකතු කරන්න හිතුනා. චෙට්ටි කියන්නේ අද කාලේ සාමාන්‍යෙන් හොඳට සල්ලි තියන සෙට් එකක්. අඩු කුලේ කියලම උන්ට සලකලා නෑ. අනික තමයි ඔය ගොවිගම මිනිස්සුන්ට සුද්දෝ ආවත් එක්ක ඉඩම් අයිතිය හම්බුන එකෙන් තමයි ගොවිගමයෝ ගොඩක් බලවත් උනේ. ඉන්දියාවෙත් එහෙමයි. ඊට කලින් චෙට්ටි, නවන්දැන්න ( සින්හල කුල ක්‍රමේට අනුව කම්මල්, ලෝහ ආශ්‍රිත වැඩ කරපු අය ) කියන අයට හොඳ තැනක් තිබිලා තියනවා. හෙට්ටිවීදියත් හැදිලා තියෙන්නෙත් චෙට්ටි අයගෙන් කියලා තමයි කියන්නේ. මලබාර් කියන්නේ රත්තරන් වෙලඳාමට ගොඩක් ප්‍රසිද්ධ කේරලේ පැත්තක්. අදටත් රත්තරන් බඩු නම් මැදපෙරදිග, සින්ගා, මැලේසියා, ඇමරිකා, එන්ගලන්තේ ඉන්දියන් කාරයෝ ජීවත් වෙන රටවල ප්‍රසිද්ධ ජුවලරි ශොප් චේන් එකක් තමයි මලබාර් ගෝල්ඩ් ( Malabar Gold Wikipedia ) කියන්නේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පොඩි දෙයක් එකතු කරන්න හිතුනා. චෙට්ටි කියන්නේ අද කාලේ සාමාන්‍යෙන් හොඳට සල්ලි තියන සෙට් එකක්. අඩු කුලේ කියලම උන්ට සලකලා නෑ. අනික තමයි ඔය ගොවිගම මිනිස්සුන්ට සුද්දෝ ආවත් එක්ක ඉඩම් අයිතිය හම්බුන එකෙන් තමයි ගොවිගමයෝ ගොඩක් බලවත් උනේ. ඉන්දියාවෙත් එහෙමයි. ඊට කලින් චෙට්ටි, නවන්දැන්න ( සින්හල කුල ක්‍රමේට අනුව කම්මල්, ලෝහ ආශ්‍රිත වැඩ කරපු අය ) කියන අයට හොඳ තැනක් තිබිලා තියනවා. හෙට්ටිවීදියත් හැදිලා තියෙන්නෙත් චෙට්ටි අයගෙන් කියලා තමයි කියන්නේ. මලබාර් කියන්නේ රත්තරන් වෙලඳාමට ගොඩක් ප්‍රසිද්ධ කේරලේ පැත්තක්. අදටත් රත්තරන් බඩු නම් මැදපෙරදිග, සින්ගා, මැලේසියා, ඇමරිකා, එන්ගලන්තේ ඉන්දියන් කාරයෝ ජීවත් වෙන රටවල ප්‍රසිද්ධ ජුවලරි ශොප් චේන් එකක් තමයි මලබාර් ගෝල්ඩ් ( Malabar Gold Wikipedia ) කියන්නේ.
    තැන්ක්ස් මචන් වටිනා අදහස් ටිකක් එකතු කෙරුවට :love2: 👌
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    සුපිරි නූලක්...👍

    ඔය මූලික කුල වලටම එකතු කරන්න බැරි පස්සෙ කාලෙ එකතුවෙච්ච ජන කොටස් එහෙමත් ඉන්නව..,

    "කල්ලතොන්නි" කියල සෙට් එකක් ඉඳල තියෙනව,
    ඉන්දියාවෙ ඉඳන් ලංකාවට මුහුදෙන් පීනගෙන ආපු මිනිස්සුලු... ලංකාවට ඇවිල්ල පගාවට "හාල් පොත" අරගෙන තියෙනව...
    ඒ කාලෙ හාල් පොත තියෙනව කියන්නෙ, ලංකා පුරවැසි භාවය තියෙනව වගේ තමයිලු...
    "මට්ටයො" කියල තව සෙට් එකක් ඉඳල තියෙනව,
    නැගෙනහිර ට්‍රින්කො, මඩකළපු පැත්තට වෙන්න,
    මුං , මුස්ලිමුත් නොවන, දෙමළත් නොවන ජාතියක්...
    භාශාවත් කළවං භාශාවක් කතා කරල තියෙන්නෙ... කොහෙන් කොහොම ආපු සෙට් එකක්ද කියලනං දන්නෙ නෑ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුපිරි නූලක්...👍

    ඔය මූලික කුල වලටම එකතු කරන්න බැරි පස්සෙ කාලෙ එකතුවෙච්ච ජන කොටස් එහෙමත් ඉන්නව..,

    "කල්ලතොන්නි" කියල සෙට් එකක් ඉඳල තියෙනව,
    ඉන්දියාවෙ ඉඳන් ලංකාවට මුහුදෙන් පීනගෙන ආපු මිනිස්සුලු... ලංකාවට ඇවිල්ල පගාවට "හාල් පොත" අරගෙන තියෙනව...
    ඒ කාලෙ හාල් පොත තියෙනව කියන්නෙ, ලංකා පුරවැසි භාවය තියෙනව වගේ තමයිලු...
    "මට්ටයො" කියල තව සෙට් එකක් ඉඳල තියෙනව,
    නැගෙනහිර ට්‍රින්කො, මඩකළපු පැත්තට වෙන්න,
    මුං , මුස්ලිමුත් නොවන, දෙමළත් නොවන ජාතියක්...
    භාශාවත් කළවං භාශාවක් කතා කරල තියෙන්නෙ... කොහෙන් කොහොම ආපු සෙට් එකක්ද කියලනං දන්නෙ නෑ...
    තැන්ක්ස් මචන් වටිනා අදහස් ටිකක් එකතු කෙරුවට..... :love2: :love2:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ශ්‍රී ලංකා භාරත

    u8fLAF1.jpg


    භාරත ජනයා නමින් හැඳින්වෙන ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළෙඳ ප්‍රජාවක්. සාමකාමී හා නීති ගරුක මෙම ප්‍රජාව මන්නාරමේ සිට පානදුරය දක්වා වන මුහුදුබඩ තීරයේ ජීවත් වූවා. ඔවුන් ප්‍රථමයෙන් මෙහි පැමිණියේ මන්නාරමේ මුතු කිමිදීම හා වෙළෙඳාම සඳහායි. කොළඹ වරාය ඉදි කිරීමේදී එහි සේවය සඳහාද භාරතවරුන් මෙහි පැමිණ තිබෙනවා. පසුකාලීනව පොල් හා කරවල වෙළඳාමටත්, දේපල ඉඩකඩම් අලෙවියටත් ඔවුන් සම්බන්ධ වුණා. මොවුන්ගෙන් පිරිසක් මුහුදුකරයෙන් රට මැදට ගිය අතර නුවර හා කුරුණෑගල ප්‍රදේශවලද පදිංචි වුණා. පැරැන්නන් දෙමළ බස පමණක් වැහැරුවද තරුණ පරපුර සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන ආගම රෝමානු කතෝලික ආගමයි. පරවර, පරාව, පරාවර් වැනි නම්වලින් හැඳින්වෙන්නේද මෙම ජනකොටසයි. කොස්තා, රෝච්, ද කෲස් යන වාසගම් ඔවුනට හිමියි.




    කාපිරි නොහොත් කැෆර් ජනතාව

    mU1KXn1.jpg


    ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ජනයා සියවස් ගණනකට ඉහත මොසැම්බික් දේශයේ සිට මෙරටට රැගෙන එන ලද පිරිසක්. මෙම අප්‍රිකානු ශ්‍රී ලාංකියන්ගේ සංස්කෘතිය ක්‍රියොල් සංස්කෘතිය ලෙසද හැඳින්වෙනවා. පෘතුගීසීන් විවිධ සේවා සඳහා අප්‍රිකානුවන් 3000ක් පමණ 16 වැනි සියවසේදී මෙරටට රැගෙන ආවා. පසුව ආරාබි වෙළෙඳුන්ද, ඕලන්දයන්දයන් හා ඉංග්‍රීසීන් විසින් ගෘහ සේවය සඳහා ද වතුවල සේවය සඳහා ද හේවායන් ලෙසද මොවුන් ගෙනවිත් තිබෙනවා. පුත්තලමේ සිරම්බිඅඩියේද, ත්‍රිකුණාමලයේ පල්ලායිඋත්තු හිද, කල්පිටිය මඩකලපුව හා මීගමුව වැනි ප්‍රදේශවලද ඔවුන් වාසය කරනවා. අද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිංහලයන් හෝ දෙමළ ජනයා සමඟ මුසුවෙලා.



    ශ්‍රී ලංකා දාවුදි බෝරා

    0EFkkt5.jpg


    සියවස් දෙකකට අධික කාලයක සිට දාවුදි බෝරාවරු ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ශ්‍රී ලංකාවට පැමිණි පළමු බෝරාවරයා ක්‍රි. ව. 1830 දී පමණ වයඹදිග ඉන්දියාවේ කුච් නගරයේ සිට පැමිණි ජැෆර්ජි එසාජි නමැත්තෙක්. ඔහු මුහුදු යාත්‍රාවකින් කුච් සිට මාලදිවයින වෙත යාත්‍රා කරමින් සිටියදී කුණාටුවකට හසුවීම නිසා ගාල්ලට ළඟාවී තිබෙනවා. පසුව ජැෆර්ජි එසාජි ගාල්ල ප්‍රදේශයේ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. ක්‍රමයෙන් ඔහුගේ නෑ පිරිවරද මෙහි පදිංචියට පැමිණ තිබෙනවා. කරීම්ජි ජැෆර්ජි නම් වූ ඔහුගේ පුත්‍රයා පසුව ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර ගාල්ලේ අදටත් දැකිය හැකි ලංකාවේ පළමු බෝරා දේවස්ථානය ඉදිකර තිබෙනවා. 1850 දී පමණ කොළඹට සංක්‍රමණය වූ මෙම වෙළෙඳ ප්‍රජාව සහල්, සීනි, භූමිතෙල් හා විවිධ ධාන්‍යවර්ග හා රෙදිපිළි ආනයන හා අපනයන ව්‍යාපාරවල නිරත වුණා. 19 වැනි සියවසේ සිට මෙරට වෙළඳාමේ ප්‍රබලයන් වූ අදම්අලී, හෙබ්තුල්ලාබෝයි, ඩාවුද්බායි, නූර්බායි, ජැෆර්ජි සහොදරයෝ, අක්බාර් සහෝදරයෝ වැනි සමාගම්වලින් සමහරක් වර්තමානයේද ක්‍රියාකාරීයි.




    වැදි ජනතාව

    t9Q937C.jpg


    වැද්දා යන්නෙහි අරුත දඩයක්කාරයා යන්නයි. ලංකාවේ ආදිවාසි ජනයා ලෙස හැඳින්වෙන වැදි ජනයා විජය හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට මහවංශයේ සඳහන්. වැද්දන් මිශ්‍ර මානව වර්ගයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. ඔවුන් නීග්‍රෝ, ඔස්ට්‍රලොටිඞ්, හා පාෂාණ යුගයේ මධ්‍යධරණී මනුෂ්‍ය වර්ගයාගේ මුසුවක් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ වැදි ජනයා විවිධ ගෝත්‍රවලට අයත් වනවා. බණ්ඩර නොහොත් රුගම්, මොරාන, උනාපාන, ඌරු, නබුදන්, නබදාන ඇඹල තලා වැනි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි.


    ශ්‍රී ලංකා සින්දි ජනතාව

    uqwojjd.jpg


    සින්දි ජනයාගේ මව්රට ඉන්දියාවේ සින්ද් ප්‍රාන්තයයි. ඉන්දියාව දෙකඩ වීමෙන් පසු එම ප්‍රාන්තය පාකිස්තානයට එක් වුණා. සින්දි ජනයා 19 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සේද වෙළෙඳාම සඳහායි. කොළඹ කොටුව ප්‍රදේශයේ වෙළෙඳාමේ නිරත වූ ඔවුන් නැව් මගින් මෙරටට පැමිණි යුරෝපීය සංචාරකයන්හට සේද රෙදි සහ කුඩා මෙවලම් අලෙවි කිරීමේ නිරත වුණා. පසුව පිටකොටුව කෙලින් වීදියේ වෙළෙඳසැල් පිහිටුවා ගත් ඔවුන් තොග වෙළෙන්දන් ලෙස ප්‍රකට වුණා. 1924දී ලංකා සින්දි වෙළෙඳ සංගමය පිහිටුවා ගත් මේ පිරිස මෙරට ප්‍රධාන නගරවල වෙළෙඳ කටයුතු මෙහෙය වූවා. ලංකාවේ සිටින සින්දි ප්‍රජාව වහරන බස වන්නේ සින්ද් දේශයේ බසයි. ලේඛනය අප මෙන් වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ලියවෙන්නක්.




    අහිකුණ්ටික ජනයා

    MQ6gmpz.jpg


    අහිකුණ්ටික ජනයා දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොට්ඨාශයකින් පැවත එන පිරිසක්. කුරවර් ගෝත්‍රිකයන්ගෙන් ඔවුන් පැවැත එන බව පැවසෙනවා. තෙළිඟු බස වහරන ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙමින් ,කලින් කලට තැනින් තැනට යමින් දිවි ගෙවන පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන රැකියාව නයින් හා රිලවුන් නැටවීම හා ශාස්ත්‍ර කීමයි. වෙන්කඬේස්, මාසෙම්මා, සෙල්ලපූර් අම්මා, මාඩසාමි ඔවුන් අදහන දෙවිවරුයි. ඔවුන්ගේ නිවෙස් හැඳින්වෙන්නේ නායිල්ල නමින්.



    ශ්‍රී ලංකා පාර්සිවරු

    tsyGJeb.jpg



    ලොව පුරා සිටින පාර්සි ජනගහනය 100,000කට අධික නොවේ. ඉන්දියාවේ බොම්බාය ආශ්‍රීත නගරවල ජීවත් වන මෙම ජනයා සියවස් 10කට පමණ ඉහත පර්සියාවෙන් බිහිවූ ජන කණ්ඩායමක්. අරාබීන් විසින් පර්සියාව අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ පදිංචියට පැමිණ තිබෙනවා. මෙමොන්, බෝරා, භාරත සහ හෙට්ටි මිනිසුන් මෙන්ම පාර්සිවරුද වෙළෙඳ ප්‍රජාවක්. පාර්සිවරු ශ්‍රී ලංකාවේ වාසයට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේදී. 1930 වසරේ පාර්සිවරු 450ක් පමණ මෙරට වාසය කළද 2005 වන විට එම සංඛ්‍යාව 45 දක්වා අවම වී තිබෙනවා. පාර්සිවරුන් වහරන්නේ ගුජරාටි බසයි. මෙරට ප්‍රකට වෙළෙඳ සමාගමක් වන අබාන්ස් හි හිමිකාරිය වන අබාන් පෙස්ටන්ජි මහත්මිය සහ ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමිකරුවන් වන කැප්ටන් පවුල මෙරට සිටින ප්‍රකට පාර්සි ව්‍යාපාරික පවුල්ය. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකාරිත්වය එවක පැවතියේද කැප්ටන් පවුල යටතේයි. බොම්බායේ සිට පැමිණි කාන් පවුල එවක මෙරට වැඩිම තෙල් මෝල් හිමිකරුවන් වුණා. පිටකොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ ඔවුන් විසින්.



    මුලාශ්‍ර:
    බ්ලොගර් - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
    චායාරුප අන්තර්ජාලයෙනි
    තව සෙට් එකක් ඉන්නව කොච්චි මිනිස්සු කියලා. ඉන්දියාවේ කොචීන් වලින් මෙහෙ රා මදින ජොබ් එකට ඇවිල්ලා පදිංචි වෙච්චි කට්ටිය. ඒ කොහොම වෙතත් ඔය මිනිස්සු දැන් ගොඩක් මිශ්‍ර වෙලා ඉන්නෙ. මම දන්න කොල්ලො හිටියා ජාතිය දෙමළ ඒත් දෙමල අකුරක් වත් දන්නෙ නෑ. එකෙක් හිටියා උගෙ ජාතිය බර්ගර් ඒත් ඉංග්‍රීසි ෆේල්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔවු...
    අපි සින්හල, මමත් සින්හල

    එක නිසා අහගෙන ඉදපියව් දෙමලත්
    පන්ඩිතකන් කතා කරන්නෙ නැතුව
    එහෙම කියපු එකාට තියෙන්නෙ මැලේ පෙනුමක්..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තව සෙට් එකක් ඉන්නව කොච්චි මිනිස්සු කියලා. ඉන්දියාවේ කොචීන් වලින් මෙහෙ රා මදින ජොබ් එකට ඇවිල්ලා පදිංචි වෙච්චි කට්ටිය. ඒ කොහොම වෙතත් ඔය මිනිස්සු දැන් ගොඩක් මිශ්‍ර වෙලා ඉන්නෙ. මම දන්න කොල්ලො හිටියා ජාතිය දෙමළ ඒත් දෙමල අකුරක් වත් දන්නෙ නෑ. එකෙක් හිටියා උගෙ ජාතිය බර්ගර් ඒත් ඉංග්‍රීසි ෆේල්.
    තැන්ක්ස් මචන් වටිනා අදහස් ටිකක් එකතු කෙරුවට..... :love2: :love2:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    "කල්ලතොන්නි" කියල සෙට් එකක් ඉඳල තියෙනව,
    ඉන්දියාවෙ ඉඳන් ලංකාවට මුහුදෙන් පීනගෙන ආපු මිනිස්සුලු...
    පීනගෙන ආවටත් වඩා බෝට්ටු වලින් හොරෙන් ආපු සංක්‍රමණෛකයෝ වෙන්න ඇති.

    ලංකාවේ බිස්නස් ටයිකූන් එකක් වෙච්චි 'ඥානම්' කියන මනුස්සයාත් එහෙම පවුලක පොරක්ලු. මුල්කාලෙ කොච්චිකඩේ සෙන්ට් ඇන්ටනි පල්ලියේ බුදියගෙන බෝතල් පත්තර විකුණලා ජීවත් වෙලා තියෙන්නෙ. ඒක තමයි ඇන්ටන් කියලා බිස්නස් එකට දාලා තීයෙන්නෙ.

    "මට්ටයො" කියල තව සෙට් එකක් ඉඳල තියෙනව
    අපේ කම්පැනියෙ මුස්ලිම් එකෙක් තව මුස්ලිම් එකෙක්ට බනිනවා 'කැරි මට්ටයා' කියලා. වැඩේ කියන්නෙ ඕකුන් දෙන්නම මුස්ලිම් මුස්ලිම් ගෑවට කිසිම ආගමික වතාවක් කරනවා දැකලා නෑ.
    ------ Post added on Jul 26, 2023 at 8:12 PM