ඔවු එහෙම වෙන්න ඕනෙ...පීනගෙන ආවටත් වඩා බෝට්ටු වලින් හොරෙන් ආපු සංක්‍රමණෛකයෝ වෙන්න ඇති.
හම්ම...ලංකාවේ බිස්නස් ටයිකූන් එකක් වෙච්චි 'ඥානම්' කියන මනුස්සයාත් එහෙම පවුලක පොරක්ලු. මුල්කාලෙ කොච්චිකඩේ සෙන්ට් ඇන්ටනි පල්ලියේ බුදියගෙන බෝතල් පත්තර විකුණලා ජීවත් වෙලා තියෙන්නෙ. ඒක තමයි ඇන්ටන් කියලා බිස්නස් එකට දාලා තීයෙන්නෙ.
එහෙනං, සමහර විට මුස්ලිම් මිනිස්සු අතර තියෙන කුලයක් වෙන්න පුලුවන්... ටිකක් අඩු ලෙවල් එකේ..
අපේ කම්පැනියෙ මුස්ලිම් එකෙක් තව මුස්ලිම් එකෙක්ට බනිනවා 'කැරි මට්ටයා' කියලා. වැඩේ කියන්නෙ ඕකුන් දෙන්නම මුස්ලිම් මුස්ලිම් ගෑවට කිසිම ආගමික වතාවක් කරනවා දැකලා නෑ.
------ Post added on Jul 26, 2023 at 8:12 PM
පව් බන් ඔය මිනිසුන්ගේ ජිවිත.
වැඩ කරන්නේ කන්න බොන්න විතරයි. සැපක් කියල දෙයක් විදලා නැතුව ඇති බන් ජීවිතේටම
අනික් පැත්තෙන් හිතන්න බැ ගොඩ එන විදිහක් ගැන
උන්ට රුපියල් 1000 ක් වැඩි කරලා චන්ද ටික කඩා ගණන්ව
එකත් දැන් අය්යටම නේද කරන්න උනේ. ගමේම ගස් වලට නගිනවා කියන්නේ ලේසිත් නැතුව ඇති නේදහැමඑකාම ගොඩ ආවම තේ දලු කඩන්නෙ උබද යකො
පෙනවනෙ හැම පරයටම උගන්නල්ලා, අපිට ගහකට යවාගන්න කොල්ලෙක් නෑ
ඇයි ගමේ ටැක්ටර් ටික පදින එකඑකත් දැන් අය්යටම නේද කරන්න උනේ. ගමේම ගස් වලට නගිනවා කියන්නේ ලේසිත් නැතුව ඇති නේද![]()
මුහුදු වැද්දෝගේ සුපිරි පින්තුර වගයක් තිබ්බ. මම හොයාල දාන්නම්මුහුදු වැද්දෝ
පිටගම්කාරයෝ කියන නාට්ටියේ ජැක්සන් ඇන්තනි ප්‍රධාන නළුවා. මිනිහගේ තාත්තා කොච්චියෙක්.කොච්චි මිනිස්සු ගැන ඒකෙ පොඩි විස්තරයක් තියෙනවා.තව සෙට් එකක් ඉන්නව කොච්චි මිනිස්සු කියලා. ඉන්දියාවේ කොචීන් වලින් මෙහෙ රා මදින ජොබ් එකට ඇවිල්ලා පදිංචි වෙච්චි කට්ටිය. ඒ කොහොම වෙතත් ඔය මිනිස්සු දැන් ගොඩක් මිශ්‍ර වෙලා ඉන්නෙ. මම දන්න කොල්ලො හිටියා ජාතිය දෙමළ ඒත් දෙමල අකුරක් වත් දන්නෙ නෑ. එකෙක් හිටියා උගෙ ජාතිය බර්ගර් ඒත් ඉංග්‍රීසි ෆේල්.
මාමා යකෝ මාමා.එකත් දැන් අය්යටම නේද කරන්න උනේ
ඔව් ඉතින් නගින්නෙ නැති එකේ ගහකට හරි නැගල, "නැග්ගා" කියලා කියන්න පුලුවන්නෙගමේම ගස් වලට නගිනවා කියන්නේ ලේසිත් නැතුව ඇති නේද

පට්ට මචන්. උඹත් මාර විස්තර දන්නා පොරක් නේ එක එක දේවල් ගැන. පුලුව වෙලාවට මේවා ලියල ත්‍රෙඩ් දාන්න.TFS.
මේ සමහර ජනවර්ග ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙනුයි.
ලංකාවේ මැලේ රෙජිමේන්තුව ගැන කියවපුවාම, ඒ සම්බන්ධ කතාවක් මතක් උනා.
දැනට කලකට පෙර, ඕස්ට්‍රේලියානු කාන්තාවකට, තමන්ට ඉන්දියානු (එයා එවකට හිතා ඉඳලා තියෙන්නේ එහෙමයි) කාන්තාවකගේ මෙන් දීප්තිමත් කළු කොණ්ඩයක් ලැබුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා. මේ ප්‍රශ්නය විසඳා ගන්න තම මුතුන්මිත්තන් ගැන දිගින් දිගටම හොයා බලපු ඇයට, පරම්පරා කිහිපයකට පෙර, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කල (convict colony කාලේ) යුවලකගෙන් ඇය පැවත එන බව හොයාගෙන.
තව දුරටත් හොයා බලද්දී, ඉංග්‍රීසි හමුදාවේ සේවය කල මැලේ ජාතිකයෙකු වූ ඇයගේ මුත්තා හෝ මීමුත්තා, කන්ද උඩරට රජුට විරුද්ධව සිදුකල අසාර්ථක සටනකදී සිංහල හමුදාව විසින් ජීවග්‍රහණයෙන් අල්ලා ගත් කෙනෙක්. නමුත්, ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකු නොවී, මැලේ ජාතිකයෙකු වූ නිසාත් , රජුට පක්ෂපාතී වීම නිසාත්, රජුගෙන් සමාව ලබා, සිංහල කාන්තාවක් විවාහ කරගෙන එහිම පදිංචි වෙලා.
පසු කාලීනව කන්ද උඩරට රාජධානිය ඇතුළු මුළු රටම ඉංග්‍රීසින්ට යටත් වූ පසු මේ මැලේ සෙබලා ඉංග්‍රීසි හමුදාවට ද්‍රෝහී වීමේ (සිංහල රජුට පක්ෂපාතී වීමේ ) වරදට ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරලා. එයාගේ සිංහල වයිෆ් වත් ඒ එක්කම පිටුවහල් කරලා. ඔවුන්ගෙන් පැවත එන කාන්තාවකට තමයි පරම්පරා ගානකට පස්සේ කළු කොණ්ඩයක් ලැබිලා තියෙන්නේ!