අඩු කුලේ පර හැත්ත

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    TFS.

    මේ සමහර ජනවර්ග ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙනුයි.

    ලංකාවේ මැලේ රෙජිමේන්තුව ගැන කියවපුවාම, ඒ සම්බන්ධ කතාවක් මතක් උනා.

    දැනට කලකට පෙර, ඕස්ට්‍රේලියානු කාන්තාවකට, තමන්ට ඉන්දියානු (එයා එවකට හිතා ඉඳලා තියෙන්නේ එහෙමයි) කාන්තාවකගේ මෙන් දීප්තිමත් කළු කොණ්ඩයක් ලැබුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා. මේ ප්‍රශ්නය විසඳා ගන්න තම මුතුන්මිත්තන් ගැන දිගින් දිගටම හොයා බලපු ඇයට, පරම්පරා කිහිපයකට පෙර, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කල (convict colony කාලේ) යුවලකගෙන් ඇය පැවත එන බව හොයාගෙන.

    තව දුරටත් හොයා බලද්දී, ඉංග්‍රීසි හමුදාවේ සේවය කල මැලේ ජාතිකයෙකු වූ ඇයගේ මුත්තා හෝ මීමුත්තා, කන්ද උඩරට රජුට විරුද්ධව සිදුකල අසාර්ථක සටනකදී සිංහල හමුදාව විසින් ජීවග්‍රහණයෙන් අල්ලා ගත් කෙනෙක්. නමුත්, ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකු නොවී, මැලේ ජාතිකයෙකු වූ නිසාත් , රජුට පක්ෂපාතී වීම නිසාත්, රජුගෙන් සමාව ලබා, සිංහල කාන්තාවක් විවාහ කරගෙන එහිම පදිංචි වෙලා.

    පසු කාලීනව කන්ද උඩරට රාජධානිය ඇතුළු මුළු රටම ඉංග්‍රීසින්ට යටත් වූ පසු මේ මැලේ සෙබලා ඉංග්‍රීසි හමුදාවට ද්‍රෝහී වීමේ (සිංහල රජුට පක්ෂපාතී වීමේ ) වරදට ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරලා. එයාගේ සිංහල වයිෆ් වත් ඒ එක්කම පිටුවහල් කරලා. ඔවුන්ගෙන් පැවත එන කාන්තාවකට තමයි පරම්පරා ගානකට පස්සේ කළු කොණ්ඩයක් ලැබිලා තියෙන්නේ!
    මම දැන් ටිකක් කාලෙකට කලින් video එකක් දැක්කා තරුණ අය සෙට් එකකගෙන් අහනවා ඕගොල්ලෝ දන්නවද ඔය අයගේ මුතුන් මිත්තෝ කව්ද කොහෙන්ද එන්නේ කියලා. විවිධ අය මත පල කරනවා. කල්ලෙක් එහෙම කියන්නේ ඌ කෙලින්ම නීග්‍රෝ එහෙම කියලා. ඊට පස්සේ හැමෝගෙන්ම කෙළ සාම්පල් එකක් අරගෙන සම්බවය කියනවා. සමහර එවුන්ට දුර නෑයොත් ඉන්නවා එතනම.
    ලංකාවේ එවුන්ගේ මෙහෙම එකක් කරා නම් නියමයි ඔය ජන කණ්ඩායම්වලින් නියැදි අරගෙන.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම දැන් ටිකක් කාලෙකට කලින් video එකක් දැක්කා තරුණ අය සෙට් එකකගෙන් අහනවා ඕගොල්ලෝ දන්නවද ඔය අයගේ මුතුන් මිත්තෝ කව්ද කොහෙන්ද එන්නේ කියලා. විවිධ අය මත පල කරනවා. කල්ලෙක් එහෙම කියන්නේ ඌ කෙලින්ම නීග්‍රෝ එහෙම කියලා. ඊට පස්සේ හැමෝගෙන්ම කෙළ සාම්පල් එකක් අරගෙන සම්බවය කියනවා. සමහර එවුන්ට දුර නෑයොත් ඉන්නවා එතනම.
    ලංකාවේ එවුන්ගේ මෙහෙම එකක් කරා නම් නියමයි ඔය ජන කණ්ඩායම්වලින් නියැදි අරගෙන.
    AncestryDNA (https://www.ancestry.com.au/dna/) වගේ ආයතන වලින් මේවා පරීක්ෂා කරනවා.

    මේ DNA පරීක්ෂණය කරපු ලාංකිකයෙක් එයාගේ බ්ලොග් එකේ ඒ ප්‍රතිඵල කියලා තිබුනා. එයාට 70% විතර යුරෝපියන් සම්භවයක් තියනවා කිව්වා කියලයි මතක.