ජපානයේ චිබා ප්‍රාන්තයේ නාගරෙයමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අතර සිදුවූ පිහි ඇනුමකින් 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.
චිබා ප්‍රාන්ත පොලිසිය විසින් 11 වැනිදා 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මිනීමැරීමේ සැකය මත එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට අනුව, 11 වැනිදා පෙරවරු 10.20ට පමණ නාගරෙයමා නගරයේ නිවසකදී 21 හැවිරිදි ජයෙකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු මහතාගේ උදර ප්‍රදේශයට පිහියකින් ඇන තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කළද, පසුව රෝහලේදී මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.
මියගිය තරුණයා සහ අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා යන දෙදෙනාම ජපානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අතර, ඔවුන් එකිනෙකා හඳුනන අය බව සඳහන්. මරණය තහවුරු වීමෙන් පසු, පොලිසිය නඩුව "මිනීමැරුම් සිද්ධියක් ලෙස වෙනස් කර" වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.
#NozomiTV #JapanNews #SriLankanInJapan #Chiba #Nagareyama #SriLanka #JapanNews #BreakingNews
Last edited: