අඩු වූ ලිංගික ආශාව 18+

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    අඩු වූ ලිංගික ආශාව 18+

    ලිංගික ආශාව අඩු වීම තම සහකරු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමට ඇති ආශාව අඩු වීම ලිංගික අකර්මන්‍යතාවයට ප්‍රධානම හේතුවක් වේ. මෙය කාන්තා පුරුෂ දෙපක්ෂයටම ඇතිවිය හැකි වුවත් කාන්තාවන් අතර බහුල වේ.
    සෑමවිටම ලිංගික ආශාව අඩුව පැවතීමට හේතු වන කරුණු ප්‍රාථමික (Primary causes)හේතු නම් වේ.


    1.ස්වභාවයෙන්ම ලිංගික ආශාව අඩු වීම ලිංගික ආශාව ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැමුන් ස්වභාවිකවම වැඩි ආශාවෙන් යුතු අතර ඇතැමුන් අඩු ලිංගික ආශාවක් ඇති අය වේ. මෙය රෝගී තත්වයක් නොවේ.

    2.කුඩාකාලයේ අයහපත් අත්දැකීම් නිසා ඇතිවන බියයමෙකු කුඩාකාලයේ ලිංගික අපහරණයට හෝ එවැනි අයහපත් අත්දැකීමකට මුහුණ දී ඇත්නම් වැඩිහිටියෙකු වූ විට එම බිය නිසා ලිංගික කාර්යයට ඇති ආශාව අඩු විය හැක.

    ද්විතීයක හේතු (Secondary causes)
    පෙර ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පැවතියද පසුව එය අඩු වීමට හේතු ගණනාවක් බලපෑ හැක.

    1.සහකරු/සහකාරිය සමඟ ඇති සම්බන්ධතාව අඩු වීම ඕනෑම හේතුවක් මත තම සහකරු/සහකාරිය සමඟ ප්‍රශ්ණ ඇති වූ විට ලිංගික සංසර්ගයේ යෙදීමට ඇති ආශාව අඩු වේ.


    2.පාරිසරික සාධක ලිංගික කාර්යයට සුදුසු පරිසරයක් නිවසේ නොමැති නම් (උදා: කුඩා දරුවන් සිටීම හෝ නිවසේ වෙනත් සාමාජිකයන් සිටීම) ඊට ඇති ආශාව අඩු විය හැක.


    3.කායික රෝගඇතැම් කායික රෝගී තත්වයන් නිසාද ලිංගික ආශාව අඩු විය හැක.
    උදා: මන්දතයිරොයිඩතාවය (Hypothyroidism), අපස්මාරය (Epilepsy),වකුගඩු අකර්මන්‍යතාවය (Renal Failure),පියයුරු ඉවත් කිරීම ආදී ඇතැම් ශල්‍යකර්ම (Mastectomy)

    4.ඖෂධ වර්ග රෝග වලට ප්‍රතිකාර ලෙස ලබා ගන්නා ඇතැම් ඖෂධ වලින්ද අතුරු ප්‍රතිඵලයක් ලෙස ලිංගික ආශාව අඩු විය හැක.
    උදා:නිදි පෙති, කාංසාව /උන්මාදය ආදී රෝගී තත්වයන්ට භාවිතා කරන ඖෂධ

    5.මානසික රෝග විෂාදය ආදී ඇතැම් මානසික රෝගී තත්වයන්ද ලිංගික ආශාව අඩු වීමට හේතු වේ.

    ලිංගික ආශාව අඩු වීම සම්බන්ධ ගැටළුවක් ඔබ හෝ සහකරු/සහකාරිය සම්බන්ධයෙන් ඇතිනම් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමෙන් සහනයක් ලබා ගත හැකිය.ප්‍රතිකාර ලබා දීමේ පළමු පියවර ගැටළුවට හේතුව හඳුනා ගැනීම බැවින් වෛද්‍යවරයා ඔබ සහ සහකරු/සහකාරියගෙන් කරුණු ගණනාවක් පිළිබඳ විමසනු ඇත.

    සහකරුවන් අතර සම්බන්ධතාවය අඩු වීම/පවුලේ ජීවිතයේ ගැටළු සඳහා යුගල ප්‍රතිකාර ක්‍රම (Couple therapy) යොදා ගත හැක.

    ලිංගික කාර්යය සම්බන්ධයෙන් දෙදෙනාගේම අවබෝධය දියුණු කර ගත යුතු අතර ඒ පිළිබඳව විවෘතව කථා කිරීම සම්බන්ධතාවය වැඩි කර ගැනීමට උපකාරී වේ. සහකරු/සහකාරිය ගේ ලිංගික ආශාව පිළිබඳව හා තෘප්තිමත්වන ආකාරය පිළිබඳව දැනුවත් වීම බොහෝ ගැටළු වලට විසඳුම වනු ඇත.

    කුඩා කාලයේ ඇති වූ අයහපත් අත්දැකීමක් මෙයට හේතු වී ඇත්නම් මනෝ වෛද්‍ය උපදේශනය (Counseling) මඟින් සහනයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

    වෙනත් කායික /මානසික රෝගයක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබා ගත යුතුය.

    පාරිසරික සාධක නිසා ගැටළු ඇති වී ඇත්නම් ඒ පිළිබඳව ද ඔවුනොවුන් සාකච්ජා කිරීමෙන් පිළියම් සොයාගත හැකි වනු ඇත.

    ලිංගික හෝමෝන වර්ග අඩංගු පෙති , ආලේපන හෝ නික්ෂේපන වර්ග ලිංගික ආශාව වැඩි කිරීමට උදව් නොකරන බව සැලකිය යුතුය.
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Porn balana ekak eka hethuwak wenna puluwan.

    Porn walata addict wela porn wala dakina dema ona wena nisa aththata karana ekata akamathi wenna thiyena ida wadiy.