අඩු_කුලේ

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
'කුලියක් වෙනුවට අපට ලැබෙන්නේ රොටියක් විතරයි'

ඉන්දියාවේ කුල පීඩිතයන්ට වැසිකිලි පිරිසිදු කිරීමට බල කිරීම තහනම් කරමින් නීති සම්පාදනය කොට වසරක් ගත වී තිබුනත්, ඉහල යයි සැලකෙන කුලවල පුද්ගලයන් තවමත් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් එම සේවාව ලබා ගන්නා බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.

අසූචි ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන කුල පීඩිත ජන කොටස්වලට වෙනත් කිසිදු රැකියාවක් ලබා ගැනීමේ අවස්ථා අහුරන ඉහල යයි සම්ම්මත කුලවල පුද්ගලයන් ඔවුනට තර්ජනය කරන බවත් සඳුදා ප්‍රකාශයට පත් කෙරුණ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මෙතැන ඔබන්න​ දීර්ඝ වාර්තාවේ දැක්වේ.



140825172737_human_scavenger_624x351_afp.jpg


'කාන්තාවෝ වියලි වැසිකිලි සුද්ද කරද්දී, පුරුෂයෝ වැසිකිලි වලට ඇතුළු වෙලා අසූචි නාගෙන ඒව ඉවත් කරනව'
"දරා ගන්න බැරි දුර්ගන්ධය එක්ක අසූචි සුද්ද කිරීම අපේ රැකියාව ...

රස්සාවක් කළත් කුලියක් වෙනුවට අපට ලැබෙන්නේ රොටියක් විතරයි ... "

ඉන්දියාවේ මළපහ පිරිසිදු කරන කුල පීඩිත කාන්තාවන් සිය වේදනාව ගීතයකට නගන්නේ එලෙසින්.

"වැස්සක් ආවත්, මළගෙයක් තිබුනත් අපිට නිවාඩුවක් නෑ. වෙනෙකක් තියා කාන්තාවක් දරුවෙක් වැදුවත් අපිට මේ රස්සාවෙන් නිවාඩුවක් නෑ," යනුවෙන් එක් කුල පීඩිත කාන්තාවක් පවසන්නීය.

කසල ශෝධක ජනතාව මුහුණ දෙන ශෝචනීය වාතාවරණය විස්තර කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ පර්යේශිකා ෂීකා භට්ටාචාර්ජී පවසන්නේ: "මේක ඔවුන් කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. ඔවුන්ගෙන් කුලය නිසයි ඔවුන්ට මේ රස්සාව කරන්න සිද්ද වෙලා තියෙන්නේ," යනුවෙන්.

"කාන්තාවෝ බොහෝ වෙලාවට වියලි වැසිකිලි සුද්ද කරද්දී, වැසිකිලි වලට ඇතුළු වෙලා අසූචි නාගෙන ඒව ඉවත් කරන්න පුරුෂයන්ට සිද්ද වෙලා තියෙනව."

මෙම අසාධාරණයට එරෙහිව සටන් වැදීමට බොහෝ කුල පීඩිතයෝ දැන් සංවිධානගත වෙමින් සිටිති.

අශීෆ් ෂයික් එවැනි සංවිධානයක ප්‍රධානියෙක්.



140825171701_human_scavengers_624x351_digvijaysingh.jpg


"මේක උපත, කුලය, සහ ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගෙන කරන වහල් මෙහෙයේ යොදා ගැනීමක්," බවයි ඔහු පවසන්නේ.

තමන් වහල් මෙහෙයේ යොදවමින් සිය දරු දැරියන්ටද එම රැකියාවම තෝරා ගන්නා මෙන් බල කරන ඉහල යයි සම්මත කුලවල පිරිස්, සිය දරුවන්ට පාසල් යාම පවා තහනම් කර ඇති බව ඔවුහු පවසති.

ජීවිතයෙන් සමුගත් පසුවත් නොසලකා හැරීමට ලක් වන මේ ජනතාවට මියගිය පසු අනෙක් කුලවල පිරිස් සමඟ එක්ව සමාදානයේ සැතපීමත් තහනම්.

වේතනයක් නොලැබෙන ඊනියා 'රැකියාවේ' ප්‍රතිඵලයක් ලෙසින් ක්ෂය රෝගය වැනි බරපතල රෝගාබාධවලින් බොහෝ දෙනා පීඩා විඳිති.

"මේ ආකාරයෙන් අසූචි ඉවත් කිරීම තහනම් කරමින් සහ ඔවුන්ට වෙනත් රැකියා සොයා ගැනීම සඳහා උපකාර කිරීමේ නීති ඉන්දියාවේ තිබුනත්, ඒ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ම පිරිසිදු කිරීමේ සේවකයන් විදියට මේ කුල පීඩිතයන් යොදා ගැනීම තමයි දැන් සිදුවෙමින් තියෙන්නේ," යනුවෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ පර්යේශිකා ෂීකා භට්ටාචාර්ජී පවසන්නීය.

මේ තත්වය වහාම වෙනස් කරන මෙන් මානව හිමිකම් සහ කුල පීඩිත සංවිධාන ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුද්ධකරන්න හරි ඉන්දියාවේ වැසිකිළි තියෙනවා මදැයි...පාරේ ජරාකරන හරක්...:baffled: