දුක හිතුන නිසා ලියමි.
ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්.
අද මට ඒ වෙනස හොදටම දැනුන නිසා මේ ලියන්නේ..
පහුගිය සති කිහිපයේ ලංකාවෙදි ශොපින් උර දෙකකට බඩු ටිකක් දාගෙන රු 15000 ක් 20000ක් ගෙවලා ගෙදර ආවා..
පහල පින්තූරයේ තියෙන්නේ අද මම ලන්ඩන් හී ගෙදරට ගෙනාපු බඩු ටික සහ එහි බිල..
(පින්තූරය දාන්නේ ලොකු කමට නෙමෙයි යථාර්ථය පෙන්වන්න )
අපේ පවුලේ තුන්දෙනාට දින 07 කට පමණ මේ බඩු ටික ප්‍රමාණවත්.
බිල පවුම් 134.67 යි..
ලංකාවේ මුදලින් රු 55,000 ක් පමණ.
ඒ කියන්නේ මේ රටේ අවම වැටුප ලබන කෙනෙකුගේ පැය 12 ක පඩිය.
පොඩි උදාහරණයක් ලියන්නම්
කම්කරුවෙකුගේ දිනක සාමාන්‍ය වැටුප රු2000 ක් පමණ වෙන ලංකාවේදී කුකුල්මස් ( drumstick ) කිලෝ එකකට රු 1900 ක් ගෙව්වා..
අද එංගලන්තයේ පැය 8 ක් වැඩකරන කම්කරුවෙකුගේ දිනක අවම වැටුප රු 36,500ක් පමණ.
කුකුල් මස් Drumstick කිලෝ එක රු 800 යි..
ඒ කියන්නේ මනුස්සයෙක් පැය 08 වැඩකලොත් කුකුල්මස් කිලෝ 45 ක් ගෙදර ගෙනියන්න පුලුවන්.
වෙන මුකුත් ලියන්නේ නැහැ..
අපේ රටේ මිනිස්සු ගැන හරිම දුකයි.
අවුරුදු 500 ක් අපිව එක එකා හූරගෙන කෑවා..
ඉතිරි අවුරුදු 75 අපේම මහ උ"න් අපිව හූරගෙන කෑවා..
(උපුටා ගැනීමකි)
සුමේධ පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්
03.01.2024
McDonald's එකේ ඉදන්ම වැඩි වෙලා තියෙන්නේ ඔය.හැම රටකම..