අඩේ බලහංකෝ රට පැන්නනං ගොඩ තමා 😏

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    දුක හිතුන නිසා ලියමි.
    ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්.

    අද මට ඒ වෙනස හොදටම දැනුන නිසා මේ ලියන්නේ..

    පහුගිය සති කිහිපයේ ලංකාවෙදි ශොපින් උර දෙකකට බඩු ටිකක් දාගෙන රු 15000 ක් 20000ක් ගෙවලා ගෙදර ආවා..

    පහල පින්තූරයේ තියෙන්නේ අද මම ලන්ඩන් හී ගෙදරට ගෙනාපු බඩු ටික සහ එහි බිල..
    (පින්තූරය දාන්නේ ලොකු කමට නෙමෙයි යථාර්ථය පෙන්වන්න )

    අපේ පවුලේ තුන්දෙනාට දින 07 කට පමණ මේ බඩු ටික ප්‍රමාණවත්.

    බිල පවුම් 134.67 යි..

    ලංකාවේ මුදලින් රු 55,000 ක් පමණ.

    ඒ කියන්නේ මේ රටේ අවම වැටුප ලබන කෙනෙකුගේ පැය 12 ක පඩිය.

    පොඩි උදාහරණයක් ලියන්නම්
    කම්කරුවෙකුගේ දිනක සාමාන්‍ය වැටුප රු2000 ක් පමණ වෙන ලංකාවේදී කුකුල්මස් ( drumstick ) කිලෝ එකකට රු 1900 ක් ගෙව්වා..
    අද එංගලන්තයේ පැය 8 ක් වැඩකරන කම්කරුවෙකුගේ දිනක අවම වැටුප රු 36,500ක් පමණ.
    කුකුල් මස් Drumstick කිලෝ එක රු 800 යි..
    ඒ කියන්නේ මනුස්සයෙක් පැය 08 වැඩකලොත් කුකුල්මස් කිලෝ 45 ක් ගෙදර ගෙනියන්න පුලුවන්.

    වෙන මුකුත් ලියන්නේ නැහැ..
    අපේ රටේ මිනිස්සු ගැන හරිම දුකයි.
    අවුරුදු 500 ක් අපිව එක එකා හූරගෙන කෑවා..
    ඉතිරි අවුරුදු 75 අපේම මහ උ"න් අපිව හූරගෙන කෑවා..

    (උපුටා ගැනීමකි)

    සුමේධ පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්
    03.01.2024
     

    Attachments

    • Screenshot_20240104-091112-1.jpg
      Screenshot_20240104-091112-1.jpg
      268.1 KB · Views: 239

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    facebook link karanna epa screnshot gahala imgur dala post karanna.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එංගලන්තේ පැයක් වැඩ කරලා කුකුල් මස් කිලෝ 5 ක් ??

    එච්චර අඩු මොකද බං
    එංගලන්තේ සෑහෙන්න ෆාම් තියෙනව ද?
    උන් කොහොමද ඉන්කම් එක බැලන්ස් කරගන්නේ එතකොට අඩුවට දීලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ආශියාවේ ඈශ්චර්යයි, සවුබාගෙයි උදා කරාම ඔහොම තමා 😍😹😹😹

    UK වලටත් තාප්පචිත්‍ර පාරක් දාලා, සවුබාගෙ පොඩ්ඩක් දෙමුද @netudara 🫢😆
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දෙරනෙ මාස කීපයකට කලින් කීවා එංගලන්තෙ ඇමරිකාවෙ උද්ධමනය වැඩිවෙලා ඒ රටවල ගොඩක් මිනිස්සු කන්නෙ දවසට එකවේලයි කියලා. ලංකාවේ මිනිස්සු විශ්වාස කරන්නෙ ඒවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    UK අඩුම පඩිය පැයට පවුම් 10 යි.

    UK බිත්තර 6ක් පවුම් 3 යි.

    යකූ පැයක් වැඩ කරලා බිත්තර 18 ක් ගන්න පුළුවන් ද? 😯
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    2048 වෙනකං පොඩ්ඩක් ඉවසල ඉඳහල්ල... සුද්දො ඕව දාල මෙහෙ එන්නෙ වැඩ කරන්න එදාට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    UK අඩුම පඩිය පැයට පවුම් 10 යි.

    UK බිත්තර 6ක් පවුම් 3 යි.

    යකූ පැයක් වැඩ කරලා බිත්තර 18 ක් ගන්න පුළුවන් ද? 😯

    bitta katawa mama danne na

    relative UK migrate kala giya masa family ekama issella ayya gihin anith 4 gatta
    dennama lankawe reputed bank dekaka managers la
    new year wish karanna wifata kata karapu wele kiyala tibba kama bima godak ganan aduy lamaynta godak kama jathi genalla dunna kiyala
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කෑම නන් යුරෝපයෙ කොහොමත් ලාබයි තමයි.

    කාල ගහක් යට ඉන්න බෑ නෙ? හෝම් රෙන්ටල්,ඉන්ශුඅරන්ස්, මෙඩිකල් චාජස් එනකොට පඩිය ඉවරයි.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනේ මන්දා. මෙහේ ඩුබායි වලටත් උද්දමනේද කොහෙද. ඊයේ බඩු ගෙනාවා ගෙදරට. කලිං ඩිරාම් 9ට තිබ්බ බිත්තර 30 පැක් එක ඊයේ ඩිරාම් 18යි. කලිං ඩිරාම් 3ට තිබ්බ ලූනු කිලෝ දැං ඩිරාම් 7යි. අනිත් හැම දේමත් ටික ටික ගනං ගිහිං.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනේ මන්දා. මෙහේ ඩුබායි වලටත් උද්දමනේද කොහෙද. ඊයේ බඩු ගෙනාවා ගෙදරට. කලිං ඩිරාම් 9ට තිබ්බ බිත්තර 30 පැක් එක ඊයේ ඩිරාම් 18යි. කලිං ඩිරාම් 3ට තිබ්බ ලූනු කිලෝ දැං ඩිරාම් 7යි. අනිත් හැම දේමත් ටික ටික ගනං ගිහිං.

    ඩුබායි බිත්තර 30ක් ගන්න උබ පැය කීයක් වැඩ කරන්න ඕන ද?
     
    • Like
    Reactions: chirantha19890821

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    අනේ මන්දා. මෙහේ ඩුබායි වලටත් උද්දමනේද කොහෙද. ඊයේ බඩු ගෙනාවා ගෙදරට. කලිං ඩිරාම් 9ට තිබ්බ බිත්තර 30 පැක් එක ඊයේ ඩිරාම් 18යි. කලිං ඩිරාම් 3ට තිබ්බ ලූනු කිලෝ දැං ඩිරාම් 7යි. අනිත් හැම දේමත් ටික ටික ගනං ගිහිං.


    :yes:McDonald's එකේ ඉදන්ම වැඩි වෙලා තියෙන්නේ ඔය.හැම රටකම..

     
    • Like
    Reactions: chirantha19890821