අඩෝ කඳුළු ගෑස් ගහලලු(hot news)

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    කඳුළු ගෑස් ගහලලු(hot news)

    අපි ඔක්කොමලා දන්න කඳුළු ගෑස් ගැන අපි නොදන්න පොඩි විස්තරයක්.


    හොදයි නම් සලකල යන්ට .
    bump 1ක් දලාම යමු මචන්ලා .



    කඳුළු ගෑස් යනු මාරාන්තික නොවන රසායනික අවියකි. එමගින් ඇසෙහි සුදු ඉංගිරියාව(ස්වච්ඡය) හි හා ස්වශන පද්ධතියෙහි ඇති ස්නායු අන්ත උත්තේජනය කර කඳුළු ශ්‍රාවය වීම හා වේදනාව ඇති කරයි. වර්තමානයේ කැරලි මර්දනය සඳහා භාවිතා කරන කඳුළු ගෑස් රසායනික අවියක් ලෙසින් භාවිතය බොහෝ අන්තර්ජාතික ගිවිසුම් වලට අනුව තහනම් ක්‍රියාවකි. පළමු ලෝක යුද්ධය සමයේදී ඉතා විෂ කඳුළු ශ්‍රාවී සංඝටක සහිත කඳුළු ගෑස් භාවිතා කර ඇත.
    කඳුළු ගෑස් වල බලපෑම(Effects of Tear Gas)
    කඳුළු ගෑස් වලට නිරාවරණය වීම මගින් නාසයේ හා ස්වසන පද්ධතියේ ශ්ලේෂ්මල පටල උද්දීපනය සිදුවේ. ඇස් වල සුදු ඉංගිරියාව(ස්වච්ඡය) හි ඇති ස්නායු අන්ත උත්තේජනය කර කඳුළු ශ්‍රාවය වීම හා වේදනාව ඇතිවීම ඇති කරයි. එවිට කඳුළු හා ශේල්ෂ්මල(සෙම) වැගිරීම සිදුවේ. හුස්ම ගැනීමේ අපහසුතා සහ කැස්ස ඇතිවේ. කඳුළු ගෑස් ඇස්මා(Athsma) රෝගී තත්වයන් සහිත අයට ඉතා අහිතකර තත්වයන් ඇති කල හැකි අතර තවද කඳුළු ගෑස් පතොරම් පුද්ගලයෙකුගේ හිසේ හෝ ඇස් වල හෝ යම් ස්ථානයක ගැටීම මගින් තුවාල සිදුවීමේ අවදානමක් ඇති අතර එය සදාකාලික අන්ධ තත්වයක්, ආබාදිත තත්වයක් හෝ මාරාන්තික තත්වයක්ද විය හැක.

    සාමාන්‍ය කඳුළු ගෑස් වල අඩංගු සංගටක(Contents of Tear Gas)

    කඳුළු ගෑස් වල අඩංගු රසායනික සංඝටක කිහිපයකි. එය එක් රසායනික ව්‍යුහයක් ඇති තනි වායුවක් නොවේ.

    OC වායු (Oleoresin Capsicums)

    CS වායුව – CS වායුව කඳුළු ගෑස් වල ප්‍රධාන සංඝටකයයි. ඇමරිකානු රසායන විද්‍යාඥයන් දෙදෙනෙකු වන Corson සහ Stoughton විසින් සොයාගනු ලැබූ මෙම වායුව ඔවුන්ගේ නම් වල මුල් අකුරු වලින් නම් කර ඇත. මෙම වායුව මගින් ස්වසන පද්දතියට පමණක් නොව හදවත් සහ අක්මාවටද බලපෑම් සිදුවන බව සොයාගෙන ඇත. මෙම වායුව මාරාන්තික නොවන අවියක් ලෙස වර්ග කර තිබුණද ඊශ්‍රායලයේ ජවහර් අබු රහ්මාන්(Jawaher Abu Rahmah) නැමැත්තා 2010 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මියගොස් ඇත්තේ අධික ලෙස CS වායුව ආග්‍රහණය කිරීම හේතුවෙනි.
    CS වායුව තැවරුණු විට 5% සෝඩියම් බයිසල්ෆේට් හා ජලය අඩංගු භාෂ්මික ද්‍රාවණයකින් සේදීමෙන් තැවරුණු CS වායුව ඉවත් කල හැක.

    CR වායුව - 1960 වර්ෂයේදී සොයාගන්නා ලද මෙම වායුවට නිරාවරණය වීමෙන් මානසිකව හා කායික යන දෙඅන්ශයෙන්ම බලපෑම් ඇතිවේ. අළු පැහැයට හුරු කහ පැහැයකින් යුතුය. CS වායුවට වඩා විෂ බවින් අඩු මෙම වායුව CS වායුවට වඩා දස ගුණයක් පමණ ප්‍රබලව ක්‍රියාකාරී වේ. වායුවට නිරාවරණය වීමෙන් කැස්ස, ස්වසන අපහසුතා හා තාවකාලික අන්ධ බව ඇතිවේ. මානසික වශයෙන් නිශ්චිත ක්‍රියාකාරකමක් සිදුකර ගැනීමට ඇති හැකියාව දුර්වල කරයි(incapacitation). තවද තෙත සම මත තැවරුණු විට දැවිල්ල ඇති වේ. ජලය යොදා ඉවත් කිරීමේදී තැවරී ඇති වායුව යම් ප්‍රමාණයකින් ඉවත් වුවද එහි ක්‍රියාකාරිත්වය ජලය සමඟ වැඩි වේ. එම නිසා ජලය යෙදීමේදී දැවිල්ල වැනි වේදනාව වැඩි වී දැනෙනු ඇත. ප්‍රතිකාර වශයෙන් වේදනා නාශාක ලබාදීම සිදු කරයි. කොටි සංවිධානය විසින් 2008 වර්ෂයේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මෙම CR වායුව භාවිතා කර ඇත.

    නොනිවමයිඩ්(nonivamide) – සාමාන්‍ය මිරිස් වල ඇති රසායනික සංඝටකයක් වන නොනිවමයිඩ් රසායනිකව පෙලාගනික් අම්ල(pelargonic acid) සහ වැනිලයිල් ඒමයින්(vanillyl amine) වල එමයිඩයකි. සංශ්ලේෂක ක්‍රමවේදයන් මගින් වාණිජ වශයෙන් නිපදවයි.

    බ්‍රොමෝඇසිටෝන්(bromoacetone) - බ්‍රොමීන් අසිටෝන් සමග එක් වී සෑදෙන රසායනික ව්‍යුහයක් සහිත බ්‍රෝමෝ අසිටෝන් කඳුළු ශ්‍රාවී කාරකයකි. හවායන් දුපත් ආශ්‍රිත මුහුදු පැලාටියක ස්වාභාවිකව දක්නට ලැබෙන බ්‍රෝමෝ ඇසිටෝන් වාණිජ වශයෙන්ද නිෂ්පාදනය කරයි. පළමු ලෝක යුද්ධයේදී රසායනික අවියක් ලෙස මෙම ද්‍රව්‍ය භාවිතා කර ඇත.

    Xylyl බ්‍රෝමයිඩ් - මෙත්ල් බෙන්සයිල් බ්‍රෝමයිඩ්(methylbenzyl bromide) යන රසායනික නාමයෙන් හඳුන්වන අවර්ණ කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින තරමක් විෂ සහිත වායුවකි.

    syn-Propanethial S-oxide - ලූණු වල ස්වාභාවිකව නිපදනවන රසායනික ද්‍රවයකි. ඇස් වල ගැටුණු විට සංවේදක ස්නායු උත්තේජනය කර ඇස් වල වේදනාව ඇති කරයි. එවිට ඇස් වල ඇති වේදනා කාරී ද්‍රව්‍ය ඉවත් කිරීමට කඳුළු ගැලීම සිදුවේ.

    කඳුළු ගෑස් සඳහා ප්‍රතිකාර හා ආරක්ෂා වීමට ක්‍රියාමාර්ග.

    ක්‍රියා මාර්ග
    අදාළ ස්ථානයෙන් ඉවත්වී පරිසිදු වාතාශ්‍රයක් ඇති ස්ථානයකට යාම.
    නාසය සහ කට ආවරණය වන ලෙස මුඛ ආවරණ පැළඳීම, පිහිනීමේදී යොදා ගන්න ඇස් ආවරණ(swimming goggles) පැළඳීම වැනි දේ සිදු කල හැක.
    සෝදා හැරීම සඳහා වතුර බෝතලයක් ළඟ තබා ගැනීම.

    ප්‍රතිකාර
    කඳුළු ගෑස් වල විෂ නැසීම සඳහා නිශ්චිත විෂහ ඖෂධයක් නොමැති අතර කඳුළු ගෑස් සඳහා සම්මත ප්‍රතිකර්මය ලෙස පිරිසිදු ජලයෙන් සෝදා හැරීම සිදු කරයි.
    සාමාන්‍යයෙන් රසායනික පිළිස්සුම් සඳහා ප්‍රථමාධාර වලදී භාවිතා කරන ඩයිපොතරයින්(Diphoterine) සමේ දැවිල්ල සඳහා බාවිතා කල හැකි බව සඳහන් වේ.
    ඇමරිකාවේ කඳුළු ගෑස් ප්‍රහාර වලට මුහුණ දුන් අය විසින් මෑලොක්ස්(Maalox) වැනි ප්‍රතිඅම්ලක(Antacid) ද්‍රාවන ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කර ඇතිබව සඳහන් වේ.
     
    Last edited:

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    Good post
    11.gif
     
    • Like
    Reactions: sbanurada

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113