හාමුදුරුවො නෙමේ සමහර දේශපාලන පක්ෂ තමයි සිංහල ජාතිවාදය සහ අන්තවාදී බෞද්ධ මත 2000 වගේ කාලෙක ඉදන් ලංකාවෙ ජන සමාජෙට introduce කරා කියන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඒකෙ peak එක. ඔය හෙළ සංස්කෘතිය, සිංහල ජාතිය රැක ගැනීම වගේ අදහස් දැන් සාමාන්‍ය දේවල් වගේ පෙනුනට ඕවා 2000න් පස්සෙ දේශපාලන strategies විදිහට බලෙන් ලංකාවෙ පැල කරපුවලු. ඊට කලින් එහෙම අදහස් පැවතිල නෑලු.
ජාතිකත්වය මිනිස්සු ගාව තිබිලා තියෙනවා බන් ඉස්සර ඉඳන්ම .
56 ජාතික වාදය ඊට පස්සෙ මැතිණිගෙ කාලෙ ජතිකවාදි දේශපාලනයක් ආවා.
නමුත් 2000 න් පස්සෙ උඹ අපි දැක්ක (මම 92 එකෙක් )
ජාතිකවාදය අර කලින් අවස්ථාවන් දෙකට වඩා වෙනස් .
කලින් අවස්තාවන් දෙකෙ ජාතිකවාදි අදහස් වලින් යම් ගුණාත්මක දෙවල් බිහි උනා ,මිනිස්සුන්ට රසවින්දනය විනොදාස්වාදය පැත්තෙන් උනත්.
හොඳ පොත් ලියවුණා 56 න් පස්සෙ .
මැතිණිගෙ කාලෙ තමා සින්හල සිනමාවෙ ස්වර්ණමය යුගය කියන්නෙ,.
ඒ කාලෙ ආපු සිංහල සින්දු වල කොලිටි එක බලපන් .
ඒත් මහින්ද රාජපක්ෂ ප්රමුඛ අය වටා නිර්මාණය වෙච්ච ජාතික වාදයෙන් බිහි උන ගුණාත්මක දෙවල් මොනවද ? රසවින්දනය පැත්තෙන් ? සාහිත්‍ය පැත්තෙන් ?
තාක්ෂණය පැත්තෙන් ?
චීනාගෙන් ගිණිපොළියට ණය අරගෙන රට බංකොලොත් කරපු එක තමා උනෙ .
අඩුම ගාණෙ හොඳයි කියන්න පුළුවන් ෆිල්ම් එකක් හැදුණද ?
කසිකබල් බණකතා රජ කතා රැල්ලක් නම් ආව.