හා ඔහුගේ සහයකයන්ද දෙදෙනායි. ඔහු පැමිණ ස්ව කැමැත්තෙන්ම අපට උපකාර කරන්නට වුනා. මල් තත්ටු දොළපිදේනි ඔවුන් විසින්ම සකසන්නට වුනා. එමෙන්ම මේ සෑම දෙයක්ම රහසින් මෙන් කිරීමට ඔවුන් වගබලාගත්තේ පෙර මෙන් යම් අයෙක් මෙය වලක්වන්නට උත්සහගනු ඇතැයි අපේක්ෂා කරන නිසාය.
දහවල්වන විට මේ සදහා උපකාරී වන්නට විස්වාසවන්තයින් ලෙස ආරාධනා ලැබූ අපේ තාත්තාගේ වැඩිමල් සහෝදරයින් දෙදෙනෙක්ද ලොකු බාප්පාගේ ඤාති සහෝදරයෙක් හා මස්සිනා කෙනෙක්ද පොඩි බාප්පාගේ සහෝදරයින් දෙදෙනා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක්ද පවුලේ හිතෛෂී පිරිමින් සිව්දෙනෙක්ද පැමිණියා. මීට අමතරව තාත්තා හා බාප්පලාද, අර්නස්ට් සීයාද සිටියා. එමෙන්ම කිරි අම්මා, අම්මා හා පුංචි අම්මලාද, තවත් ගැහැණු අය පස්දෙනෙක් පමණද පැමිණ සිටියා. මේ අයට අමතරව යකදුරන් දෙදෙනා හා ඔවුන්ගේ සහයකයින් හතරක්ද සිටියා. මෙහි දී තව යමක් කීම වටී. යකදුරාගේ අදහස වූයේ මේ කර්ය සදහා මේ ගමේ අය පමණට වඩා අවශය නොවන බැවින් ඔවුන්ගේ සහභාගීත්වය සීමා කරන ලෙසයි.
හවස හතරට පමණ සාත්තුවේ කටයුතු ටිකෙන් ටික ආරම්භ වුනා. කුස්සිය පැත්තට වන්නට පිහිටි කුඩා මඩුව තුල පුළුටු බදින්නට පටන්ගත් අතර, ගොඩ මස්, දිය මස්, ඌරු මස්, හරක් මස් පිළියෙල කරන්නට වූයේ යකදුරුවරුන්ගේ සහයකයින් විසින්. හවස පහ පමණ වන විට මඩුව දෙසින් ආවේ විශාල පුළුටු ගදක්.
රාත්‍රි අට පමණ වන විට ලොකු යකදුරා විසින් මංතර ජපකිරීම ආරම්භ කලා. විශේෂත්වය නම් ඔහු මන්තර ජප කලේ කිරි අම්මාගේ කාමරයට වී මිනී හිස්කබලක් ඉදිරියෙන් තබාගෙන වීමයි. එමෙන්ම මේ වන විට ඔහු අපට තවත් විධානයක් ලබා දී තිබුනා. එනම් බංධනය කැපීමෙන් අනතුරුව නිවස හා වත්ත ආරක්ෂා කිරීම සදහා දෙහි හා ගල් වැලළීමක් සිදු කරන අතර ඒ සදහා රාත්‍රී නමයට පෙර නිවසේ හතර කොනේ සහ වත්තේ හතර කොනේ වලවල් හතරක් හාරා තබන ලෙසයි. එමෙන් ඒ සදහා ඉතාමත් ව්ශ්වාසවන්තයින් යොදා ගන්නා ලෙසටද එම දෙහි හා ගල් වැළලිය යුත්තේ තමා විසින් මළගිය ප්‍රාණියා තම සිරුරට ආවේශ කරගැනීමෙන් පසුව තමන් වත්තේ හතර සීමාවෙන් එළියට රැගෙන ගිය පසුව බවත් ඔහු පුන පුනා කියා සිටියා. එමෙන්ම යම් හෙයකින් මේ දෙහි හා ගල් වලලා ආරක්ෂා කිරීම නිවැරදිවම නොකලොත් මේ කරන කිසිවක ප්‍රථිඵල නොලැබෙන බවටද ඔහු තරයේ කියා සිටියා. එනිසා මේ සදහා ඔහුගේ එක් සහයකයෙකුත් අනෙක් යකදුරාගේ එක් සහයකයෙකුත් ලබා දෙන අතර මුලින්ම නිවස වටේ ආරක්ශාව සිදුකර වත්ත වටේ ආරක්ෂා කිරීම සදහා දෙදෙනෙකු බැගින් යන ලෙසටද ඔහු යෝජනා කලා. ඒ අනුව ඒ කාර්යට අපේ තාත්තා, ලොකු බාප්පා, පොඩි බාප්පගේ සහෝදරයන් දෙදෙනා ඉදිරිපත් වුනා.
රාත්‍රී 10ට පමණ සියළුම දෙනාට නිවස හිස් කර මිදුළට පැමිණ මල් තට්ටුව ඉදිරිපිට රැදී සිටින ලෙසට යකදුරා විසින් දැනුම් දී සිටියා.එමෙන්ම හැකි සෑම විටම සැවොම එකට ඉන්නා ලෙසද ඔහු අපට දන්වා සිටියා. මිදුලේ හතර කොනේ දුම්මල පන්දම් දැල්වෙන අතර යකදුරා මතුරන්නට පටන් ගත්තා. ඒ මංතර අතර බද්‍ර කාලී, සොහොන් පිල්ලි, මහසෝන් දිශ්ඨි යන වචන් වලින් පවා අපට ඇති කලේ බියජනක හැගීමක්. මේ ලෙසින් පැයක් එක හමාරක් පමණ මතුරන්නට වූ යකදුරා ටිකෙන් ටික පරළ වන්නට පටන් ගත්තා. අප අසල සිටි පොඩි යකදුරා කියා සිටියේ ඔහු විසින් ටිකෙන් ටික මළගිය ප්‍රාණියාව තම සිරුරට ආවේශ කරගන්නා බවකි. අපි බියෙන් සලිතව මේ දෙස බලා සිටියා. ඒ සමගම එක්වරම මංතර ජප කරමින් සිටි යකදුරා බිම ඇද වැටෙන්නට වුනා. අනතුරුව ඔහුට ආවේශ වූ මළගිය ප්‍රාණියා කතා කරන්නට වුනා.
මම උබලව මරාගෙන මැරෙනවා. මට උබලගෙ ලේ බොන්න ඕනේ. උබලට බෑ මාව යවන්න. මම එයා කියන දේයි කරන්නේ. උබලව විනාශ කරන්නයි එයාට ඕනේ.
මේ වෙලාවේ පන්දම අතට ගත්ත යකදුරාගේ සහයකයා කවුද උබ කියපන් කියල ඇහැව්වා. එතකොට ආවේශයෙන් ඔහු කියා සිටියේ තමා මේ වත්ත බලාකියාගෙන නිවසේ බැල මෙහෙවර කල ඩිංගිරි බවයි. ඒ අනුව අපේ අම්මලා පුදුම වූවේ ඔහු මිය ගියේ අම්මලා කුඩා කාලයේ දීම බැවිනි. ඒ තොරතුරු දැනගත් සහයකයා මෙච්චර කාලයක් උබ මෙයාලට කරදර කරන් නැතුව හිටියේ, ඇයි දැන් මෙහෙම කරන්නේ ලෙස අසයි.
මට එහෙම කරන්න වෙලා. මට යන්න බෑ මාව බැදගෙන ඉන්නේ කියා කියයි.
මේ ලෙසින් සංවාදය බොහො දුර ගිය පසු ඔහු ආවේශයෙන්ම කුකුළෙකුගේ කරමල සිදුරු කර ලේ බී හූ හඩ තියන්නට විය. එමෙන්ම පපුව උඩ පුහුල් ගෙඩියක් තබාගෙන තියුණු කඩුවකින් ඔහු එය දෙබෑකලේ අපව පුදුමට පත් කරවමිනි. අනතුරුව සිහිසුන්ව වැටුණු ඔහු දරදඩු වන්නට විය. මේ මොහොතේ දී ඔහු සිටින්නේ සැබෑවටම මියගිය එකෙකු ලෙසය. මේ වෙලාවේ සහයකයා විසින් තාච්චියක් ගෙන යකදුරාගේ පපුව මතට ගෙන බිත්තරයක් බදින්නට විය. එනමුත් ඒ ගිනි අගුරු රස්නයටවත් යකදුරාගේ දරදඩු බව වෙනස් නොවීය. මේ මොහොතේ දී යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටට යා යුතු වූ අතර ඔවුන් යකදුරාව නැවත සිහි එළවාගෙන පැමිණීමට මත්තෙන් දෙහි හා ගල් වැලලිය යුතු බව සහයකයා විසින් දන්වා සිටි අතර නැවත යකදුරා එනතුරු කිසිවෙකු නිවසට නොයන ලෙසටද ඔහු කිය සිටියා.
අනතුරුව පොඩි යකදුරත් සහයකයින් දෙදෙනාත් තවත් පිරිමි පස් දෙනෙකුත් ලොකු යකදුරාව ඔසවාගෙන වත්තෙන් පිටවුනා. එහිදී ඔවුන් වත්තෙන් පිට පාළුවට ගිය තුංමං හංදියකට ගොස් මංතර ජප කරමින් යකදුරාව සිහියට ගත් අතර ඔහුගේ දරදඩු වී තිබුණු සිරුරේ අත් හා කකුල් ප්රකෘත්තිමත් කලේ මෝල් ගස් තබා ඒවා දිග හැරීමෙනි. නිවසින් පිටවී ගොස් විනාඩි 45කට පමණ පසු ඔවුන් නිවසට පැමිණියේ ආරක්ෂාව කල බවට සැක හැර දැනගැනීමෙන් පසුවයි.
ආපසු පැමිණීමෙන් පසුව අපත් සමග නිවසට ගොඩවුනු ලොකු යකදුරා නිවස අභ්‍යන්ථරයටද ආරක්ෂාවක් කරා. ඉතාමත් දැඩි උත්සහයක් හා දිගු වේලාවක් කැප කිරීමෙන් පසු සියල්ල හොදින් නිමවී ඇතැයි තමා විශ්වාස කරන බව යකදුරා පවසා සිටියා. එනමුත් ඒ ගැන සහසුද්දෙන්ම පැවසිය හැකි වන්නේ අදුනකින් බලා බවත් ඒ සදහා සතියක් පමණ ගොස් සොයා බලන ලෙසටත් ඔහු අපට දන්වා සිටීමෙන් පසු පාන්දර 4ට පමණ පසු සැවොම නින්දට ගියා.
පාන්දරම අවදි වූ අපි සැවොම නැවත සාලය එකතු වූයේ ලොකු යකදුරා ආපසු යෑමට සැරසුන නිසායි. හොදයි මේ ගෙදර ඉන්න තුන් දෙනා එන්න ලගට කියමින් ඔහු ඒ අයට පිරිත් නූල් දමා තව තවත් ආරක්ෂාව හා හිතේ විශ්වාසය තහවුරු කලා. ඒ වෙලාවේ පොඩි බාප්පා යකදුරාට රුපියල් 50000ක් මුදල ලබා දීමට සූදානම් වුන අතර ඔහු ප්‍රකාශ කලේ අදුන බැලීමෙන් පසුව හා තමන් විසින්ම තමන් ඒ කරදරයෙන් නිදහස් වූ බවට පසක් වූ පසුව ඒ මුදල් ලබාදෙන ලෙසයි. එමෙන්ම මීට පෙර යකදුරා විසින් කල දෙයද වංචාවක් නොව සත්‍යක් බවත් මේ නිවසට කල ඇති බංධනය බලවත් හෙයින් බිදීමට අපහසු වී ඇති බවද ඔහු කීවා. අවසානයේ ඔහු කියා සිටියේ තමාට අකමැත්තෙන් හෝ එම හූනියම් බංධනයඅ ආපසු කැපීමට වූ බවත් මෙය සිදු කල පුද්ගලයා කවුරුන්දැයි අනිවාර්යෙන්ම දැන්ගැනීමට ලැබෙනු ඇති බවයි..
ටික දිනක් ගතවිය. නිවැසියන්ට කිසිම අපහසුතාවක් ඇති නොවීය. එහෙත් තවත් අමුතු දෙයක් සිදුවී තිබුණි. එනම් බංධනය කැපූ දිනට පසු දින හවස 4ට පමණ කිරි අම්මා කාමරයේ සිටින විට ජනේලය ලගට පැමිණි ආගන්තුකයෙක් කිරි අම්මා දිහා බලා සිට ආපසු හැරී යන්නට යාමයි. සතියකට පමණ පසු අප විසින් පොඩි යකදුරා ලගට ගොස් මෙය කීවිට ඔහු කීවේ කිරි අම්මා දැක ඇත්තේ බංධනය බිදී ගිය බවට පෙන්නුම් කිරීමක් බවයි. එමෙන්ම ඔහු විසින් අදුනෙන් බලා කියා සිටියේත් එම බංධනය බිදී ගිය බවයි. ඔහුගේ අනුදැනුම මත තවත් සතියක් පමණ ගෙවී ගිය තැන අප ලොකු යකදුරුමහතා සොයා ඔහුගේ නිවසට ගියා. ඒ වන විට කිරි අම්මා පෙර මෙන්ම ඉතාමත් නිරෝගීව සිටි අතර පොඩි පුංචි අම්මාත්, බාප්පාත් පෙර මෙන් සතුටින් සිටින්නට වුනා. නිවසේ තිබූ කලඑළිය නැවත පැමිණ තිබුනු අතර සියල්ලම හොදින් විසදී තිබුනා. ලොකු වෙද මහතා අනුරාධපුරය කිට්ටුව වාසය කරන නිසා අප ඔහුගේ නිවසට ගියේ පූජා නගරය වන්දනා කරගෙන ඒමේ චාරීකාවක්ද සැලසුම් කරගෙනයි. අප විසින් ඔහුට මුදල් දී ආපසු එන අතර ඔහු අපෙන් ඇසුවේ තාමත් වරදකරු එළි වූයේ නොමැතිදැයි කියාය. ඒ වන විටත් කිසිවෙක් එළි නොවී සිටි නිසා අප නැතැයි කීය.
අදාල සිදුවීම වී මාස තුනක් පමණ ගෙවෙන්නට විය. මේ 2003 වසරේ සිංහල අවුරුදු මාසයයි. අවුරුදු නිමාඩුවට මහගෙදර යාමේ ආසාවෙන් මා ඔද වැටී සිටියි. එක්වරම නිවසට ආ දුරකථන ඇමතුමකින් කියවූනේ මහගෙදරට යාබද නිවසේ සිටි දෙමෝදර ආච්චි අම්මා වස පානය කල මිය ගිය බවකි. ඒ සිදුවීමෙන් අනතුරුව අපි මළගෙදරට සහභාගීවීමට ගමට ගිය පසු කිරි අම්මා කී කතාවෙන් පුදුමයට පත්විය. ඒ මෙසේය,
වස පානය කල දෙමෝදර ආච්චි අම්මා වහ බෝතලයත් රැගෙන අපේ කිරි අම්මා හමුවට පැමිණ තිබුනි. ඇය මෙසේ කියා තිබුනි. මම උබලට වැරදි ගොඩක් කලා නංගී. මට සමාවෙයන්. මම වහ බීවා. ඉන්න බෑ කට තිත්ත නිසා වරක කෑල්ලක් කාලා මේ උබෙන් සමාව ගන්නයි ආවේ……….
කවුරුන් විශ්වාස කලද, නොකලද මේ මා විසින්ම අත්දුටු සත්‍යකි. එමෙන්ම තව දෙයක් කිව යුතුය අපේ පොඩි පුංචි අම්මගේ පළවෙනි දරුවා හොදින් වැඩී නොමැති නිසා නැතිවුනා. ඒත් දැන් එයාලට ළමයි 3ක් ඉන්නවා. ඉස්සර වගේම ගොඩාක සතුටින් එයාලත් කිරි අම්මත් ජීවත් වෙනවා.