අඬුව මිටිය දෑතට හුරු දිරිය දියණියක්

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
අඬුව මිටිය දෑතට හුරු දිරිය දියණියක්

අඬුව මිටිය දෑතට හුරු දිරිය දියණියක්
2015.11.27
==========================

පියාගේ අභාවයෙන් පසු මව සහ සහෝදරයන් දෙදෙනාගෙන් යුතු මුළු පවුලේම බර කරට ගෙන ක්‍රියා කරන්නේ සමන්තියි.

තම පවුලේ උදවිය ජීවත් කරවීමට ඇය දෝතට ගත්තේ ස්ත්‍රී දෑතට හුරු පුරුදු ආම්පන්න නම් නොවෙයි.

බෙලිඅත්ත අගුල්මඩුව විදුහලෙන් සාමාන්‍ය පෙළ විභාගය තෙක් අධ්‍යාපනය හැදෑරු සමන්ති රත්නායක නම් වූ මේ තරුණිය තමන්ගේම ගරාජයක් පවත්වාගෙන යයි.

උසස් අධ්‍යාපනය ලැබීමට වරම් නොලැබුවත් ලොව ජය ගැනීමට සිය සහජ දක්ෂතාවය සහ කැපවීම ඔස්සේ ජීවිතයට මුහුණ දුන් මේ දිරිය කාන්තාව අපේ වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට හමු වුනේ හම්බන්තොට දී.

සිය පියාගෙන් ලද ආභාෂයත් සමග මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තය ඉගෙනීමට පෙළඹුණු සමන්ති පසුව සිය ඥාතිකුට අයත් වැඩපොළකින් වැඩි දුර පුහුණුව ලැබුවාය.

සාමාන්‍යයෙන් කාන්තාවක් තෝරා නොගන්නා බර වැඩ සහිත මෙම රළු රස්සාවෙන් තමන්ට කිසිදු අපහසුතාවයක් දැනී නැතිදැයි වාර්තාකරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සමන්ති කියා සිටියේ ගැහැණු පිරිමි භේදයක් නොසලකා තමන් කැපවීමෙන් ව්‍යාපාරය ගෙන යාමට මහන්සි වී වැඩ කරන අතර සිය සේවය ලබා ගැනීමට පැමිණෙන්නන් පවා සිය කාර්යක්ෂම සේවය අගයන බවයි.

සමන්තිගේ මව එච් එම් ගුණවතී කියා සිටියේ සමාජයේ පිළිගැනීමට අනුව පුරුෂ පක්ෂයට වෙන් වූ රැකියාවක් වන මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයේ නියැලෙන සිය දුවට ඇයගෙන් නිබඳ සහයක් ලැබෙන අතර තමන් ඇය පිලිබඳ ආඩම්බරයෙන් පසුවන බවයි.

මේ වන විට තිස් අට වියේ පසුවන සමන්ති මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයට යොමුව ඇත්තේ දහ අට වන වියේ සිටයි.

මේ වන විට විදුලි බලයෙන් හෝ ඔක්සිජන් මගින් කෙරෙන ඕනෑම පෑස්සුම් කටයුත්තක් කරන්නත්, යකඩ, වානේ, අලුමීනියම්, පිත්තල වැනි ඕනෑම ලෝහයක් පාස්සන්නත් ඇයට හැකියාව තිබේ.

ඉදිරියේදී තවත් තමා වැනි තරුණියන්ට මේ කර්මාන්තය ඉගැන්වෙමටත් සිය ව්‍යාපාරය වැඩි දියුණු කරගෙන සහයට තරුණියන් කිහිප දෙනෙකු රැකියාවට බඳවා ගැනීමටත් සමන්ති බලාපොරොත්තු වෙයි.

අධිෂ්ඨානය, උත්සාහය ඇතිව කැපවීමෙන් වැඩ කිරීමට තමන් සුදානම් නම් ගැහැණියෙකුට පරාජය කළ නොහැකි අභියෝගයක් නැති බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.


12314004_708077385960946_7646209360036280916_n.jpg


12274622_708077395960945_3948142595669664404_n.jpg


12289689_708077415960943_1335094218492976261_n.jpg


11221880_708077479294270_8949884518852453491_n.jpg
 
  • Like
Reactions: lk-maare