වචන දහසකට කිව නොහැකි අදහසක් අතට අත දීමේදී ප‍්‍රකාශ වේ. “අතිනත ගැනීම” යන වචනයෙන් විවාහ මංගල්‍ය හැඳින්වීම මේ බලය පෙන්වන සිද්ධාන්තයයි. අතට අත දීමේ කලාව ප‍්‍රගුණ කළ යුත්තකි.අතට අත දීම ගැන අද ලියන්නට අදහස් කරමු. අද අපි අතට අතදීම ගැන කතා කරමු.
අතිනත ගැනීම සිංහලේ අප අතර පවතින වචනයක් නම් “අතිනත ගැනීමයි.” “අතිනත ගැනීමේ පී‍්‍රතිය නිමිති කොටගෙන පැවැත්වෙන පි‍්‍රය සාදයට සභභාගි වීමට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු”. මෙවැනි ආරාධනාවක් නො ලද තැනැත්තෙක් නැති තරම් ය. මෙහි “අතිනත ගැනීම” යනු විවාහ වීමයි. එහෙයින් අතට අතක් දීම විවාහය තර ගැඹුරු විෂයක් බව අප මොහොතකට කල්පනා කළ යුතුයි. අතිනත ගැනීම යනු ජීවිත සහකාරයෙක් ජීවිත සහකාරියක් ඇතිකර ගැනීමට කෙරෙන කාරියකි. දරු මල්ලන් ඇතිකොට ගෙවල් දොරවල් තනා දිවි හිමියෙන් බලාගැනීම අතිනත ගැනීම නැමැති අවස්ථාවේ සිදුවන පොරොන්දු වේ.
මංගල පෝරුවේ ඇඟිලි ගැටගැසීම පෝරුමස්තක ප‍්‍රාප්ත වන මනාලයා - මනාලිය කායිකව ප‍්‍රථමකොට ඔවුනොවුන්ගේ ස්පර්ශය දැනෙන ලෙස එකතු කරන්නේ කෙසේද? අතට අතක් එකතු කර ඇඟිලි යුගලක් එකතු කර ගැට ගසන පැන් වත්කර ආශිර්වාද කිරීමෙනි. මෙය කෙතරම් අපූරු හාස්කමක්ද? ඇඟිලි දෙකක් ගැට ගසා ජීවිතයට ම එකතු කර තැබීමේ බලයක් ගොඩනැගීම ගැන මොහොතකට හිතන්න. ඉන්පසු ඔවුනොවුන් බොහෝ ආකාරයෙන් එකිනෙකාගේ ස්පර්ශය ලබනු ඇත. එහෙත් ප‍්‍රථම කොට ඔවුන් එකකු වූයේ සුලැඟිල්ලේ උණුසුම ලබමිනි. එහෙයින් අතට අතදීම සුළු කොට නො තැකිය යුතුයි.
අතට අත දෙන්නේ ඇයි?අතට අත දෙන්නේ හමුවීමේ සතුට ප‍්‍රකාශ කර ආචාර කිරීම සඳහාය. අතට අත දෙන මොහොතේ බොහෝ දේ තක්සේරු වෙයි. ප‍්‍රථමකොට හිතේ ඇති උණුසුම ප‍්‍රකාශ වෙයි. හිතේ ඇති උණුසුම අනුව අත ග‍්‍රහණය කරයි. චිත‍්‍රයක් සිතින් මවාගන්න. රාජ්‍ය නායකයින් දෙදෙනෙක් අතට අත දෙන දර්ශනය ගැන හිතන්න. නිතර අපට ඇමරිකානු ජනාධිපතිතුමා රූපවාහිනියෙන් පෙනේ. ඔහු ලෝක නායකයෙකි. ඔහු අතට අත දෙන අවස්ථාවන් රූපවාහිනියෙන් ප‍්‍රදර්ශනය කරන කළ ඔහුගේ උණුසුම කොතරම්දැයි මැන ගැනීමට නරඹන්නාට හැකි වෙයි. අත අල්ලන ආකාරය, අතකට අත දී අනික් අතින්ද අත අල්ලාගෙන සිටීම එක පිළිවෙතකි. අත් දෙක අල්ලාගෙන අත් උණුසුම්ව සෙලවීම තව ක‍්‍රමයකි. අත හැකිතාක් කයිනමින් ඉවත් කරගැනීම තවත් ක‍්‍රමයකි. අත අල්ලාගෙන බොහෝ වෙලාවක් රැඳී සිටීම තවත් ක‍්‍රමයකි. මේ කවර ක‍්‍රමයක් තෝරාගත්තක් අපූර්ව සංනිවේදනයක් මෙයින් කෙරේ. වචන දහසකින් කිව නොහැකි කතාවක් අතට අත දීමෙන් කිව හැකිය.
අතට අතදීමේ දී කුමක් සිදුවෙයිද?මගේ කල්පනාවේ හැටියට අතට අත දීමත් සමගම දෙදෙනා අතර පරතරය නැතිවෙයි. දෙපාර්ශවය එක පාර්ශවයක් බවට පත් වෙයි. අපි හිතමු දෙදෙනෙක් සිටගෙන සිටින කල එතැන දෙදෙනෙකි. දෙදෙනා අතට අත දී සිටිනකල දෙදෙනා සැබැවින්ම කායිකව එක් අයෙක් බවට පත්වෙයි. ඔවුන් වෙන්වෙන්නේ අත ඈත් කළ විටයි. එක් එක් පුද්ගලයෙක් අතර පරතරයක් තිබේ. ගනුදෙනුවක දී දෙපාර්ශවයට සාකච්ඡාව සඳහා එක තලයකට ගෙනෙන්නට හෝ ප‍්‍රවිශ්ට වීමට අවශ්‍යය. මේ කාරිය අතට අත දීමෙන් සිදුවෙයි. අතට අත දුන් විට එක්තරා කි‍්‍රයාවලියක් සිදුවෙයි. මගේ ස්පර්ෂය ඔහුටත් ඔහුගේ ස්පර්ෂය මටත් දැනේ. ඔහුත් මාත් නොදැනුවත්ව අපේ හද ගැස්මේ ස්පර්ශය රිද්මය එකතු වෙයි. මේ අත අල්ලා සිටින සුළු කාලය තුළ බොහෝ දේ මානසිකව තක්සේරුවෙයි. එය හිතාමතා කරන්නක් නොව ඉබේම සිදුවන්නකි. ඔහු මට ගැලපේ. ඔහු ගනුදෙනුවට සුදුසුයි. ඔහු ඇසුරට සුදුසුයි. ඔහුට නැවත පැමිණීමට ආරාධනා කළ යුතුයි යනාදී ප‍්‍රමිති රාශියක් මේ සුළු මොහොතේ ඇතිකර ගන්නට හැකි වෙයි.පුරුෂයෙක් ස්ති‍්‍රයකට අතට අත දීමත් - ස්ති‍්‍රයක් ස්ති‍්‍රයකට අතට අත දීමත් වෙනස්වූ කලාවකි. සමාජ චාරිත‍්‍ර හා චර්යා ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් අලෙවිකරුවනට අලෙවිකරණයට තිබීම අවශ්‍ය වෙයි. පිරිමියෙක්, කාන්තාවකට අතට අත දීමේදී පිරිමියෙකුගේ අතට අත දීමට වඩා වෙනස් වූ මෘදු බවක් ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්යය වෙයි. මහපට ඇඟිල්ල දක්වා අත පොවා කාන්තාවකට අතට අතදීම සිදුවීම අනුචිතයි. එමෙන්ම බොහෝ වේලාවක් අත් රඳවාගෙන සිටීමද සාමාන්‍යයෙන් අපේක්‍ෂා නො කෙරේ. ඉතා හොඳින් දන්නා කලක් ඇසුරු කළ ඇත්තියන් සමග හැරෙන්නට එසේ අත රඳවා ගැනීම ප‍්‍රාථමික වෙළඳ හමුවකට නුසුදුසුයි.
සමීප බවේ පාලමක්එහෙයින් අතට අතදීම දෙදෙනෙකු අතර ඇති පරතරය නැති කිරීමට දූපත් දෙකක් අතර ඉදිකළ පාලමක් වැනිය. මේ ගැන ගැඹුරින් හිතන්න. වෙළඳ සබඳතා ගොඩනැගීමකි. දෑත එකතු කර ඉදිකළ පාලම බොහෝ කලක් තබාගන්නට හිතන්න.අපි මේ කරුණු ජීවිතයට සමීප කරමු. අපි අපේ හිතවත්ම යාලුවන් සමග ඇඟෑලි වන්නේ කෙසේද? කුඩා කාලයේදී මව අපව අතින් අල්ලාගෙන ඇවිද්දුවාය. පියා අත අල්ලාගෙන පාසලට ගෙන ගියේ ය. පාසලේදී අපේ සමීප යහලුවන්ගේ අත් අල්ලාගෙන කී‍්‍රඩා පිටියේ ඇවිද්දෙ නැද්ද? යොවුන් වියට පත්වෙද්දී අපේ හිත ගත් යෞවනයා හෝ යෞවනියගේ අත අල්ලාගන්නට අපි ප‍්‍රාර්ථනා කරමින් බලා සිටියේ නැද්ද? අතින’ත ගෙන ගුරු පාරේ – තාර පාරේ – වැව අද්දර – මුහුද අද්දර ඇවිද්දේ නැද්ද? රඟහලක අසුන් ගෙන අතිනත අල්ලාගෙන ආශ්වාදයෙන් නාට්‍යයක් චිත‍්‍රපටයක් නැරඹුවේ නැද්ද? අපේ හිතවත්කමේ තරම කියන්නට දෑතින් දෑත මෘදුව හා තදින් ස්පර්ශ කළේ නැද්ද? දෑත් හතර එකතු වූ අවස්ථා නැද්ද? දෑතට කොතරම් කතා කළ හැකිද? දෑතට තිබෙන අපූර්ව මෙහෙවර ගැන පොතක් ලියන්නට පුලුවන්කම තිබේ.හපන්කම තමා ආරම්භයේ අලෙවි හමුවක දී දුන් අත ලබාගත් අත කිලිටි නොවී උණුසුම හිතල වෙන්නට නොදී ආරක්‍ෂා කිරීම හා වර්ධනය කිරීමයි. අපේ අලෙවි මිතුදමට වසර දහසයි. වසර පහළොවයි. වසර විස්සයි. වසර පනහයි යනාදී වශයෙන් අපට අතට අත දීමට පසුකාලයක් තිබිය යුතු වේ.
(නිමල් සේදර)