අත්දුටු සිංහල රහස් බේත්.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අත්දුටු සිංහල රහස් බේත්.....

    image-slider-3-620x316.jpg

    අත්දුටු සිංහල රහස් බේත්

    ගල් මුල් ආදියට තදවීමෙන් හෝ රක්තවාතය නිසා හෝ බොහෝ විට අපේ යටි පතුල්වල සෑදෙන ගල් තැලිම්බු ගැන නොසලකා සිටීමෙන් බරපතළ කරදරවලට මූණ පාන්ට සිදුවෙයි. එ් නිසා ගල් තැලිම්බු මෝරන්ට පෙර එ්වා සුව කර ගත යුතුය.
    මෙහි පහත දැක්වෙන පිළියම්, නොබා එ් අයුරින්ම කළොත් කොපමණ පරණ වූ ගල්තැල්මක් වුවත් සුව වන බව සහතික කර කියමි.
    ඇපල් හෝ ලොකු පේර ගෙඩියක පමණ ඇති නොපලූදු තිරිවානා ගලක් ලිපේ දමා හොඳට රත්කර ගන්න. හොඳට මස් ඇතිව වැඩුණු දිවි කදුරු කොළ හත (7)ක් ද සොයාගෙන, එකපිට එක සිටින සේ එකට ගොනු කර ගන්න. කෑමට පාවිච්චි කරන ලූණු දියරත් ළංකර ගන්න.
    මිදුලේ හෝ කිසියම් විවේක ස්ථානයක තරමක් උස අසුනක හිඳගෙන, ගිනියම් කළ තිරිවානා ගල එ් ළඟ බිම තබා, ඊමත ලූණු දියර වත් කර සැණෙන්ම එකට ගොණු කළ කදුරු කොළ හතෙන් ගල වසා, කොළ මත ගල් තැලිම්බුව සිටින සේ පාගා ගන්න.
    ලූණු වතුර දැමීමෙන් සුරු සුරු හඬත් සමග දුම් දෙමින් ඇවිස්සී නගින උෂ්ණත්වයෙන්, ගල මත වූ කදුරු කොළ ක‍්‍රමයෙන් රත් වී, එ් රස්නය දැන් තැල්මට වදියි. දැන් ඉවසිය නොහැකි තරම් වේදනාවක් ඇතිවිය හැකිය. එහෙත් පතුල ඉවත් නොකර, සැලකිය යුතු වේලාවක් ගල්තැලිම්බුව දැවෙන්නට සැලැස්විය යුතුයි. මෙයින් කිසි හානියක්, අවශේෂ පීඩනයක් සිදු නොවේ. ඇත්තේ ගල්තැලිම්බුව රත්වන වේදනාව දැරීමේ අපහසුව පමණයි. මේ වෙලාවේ දී ළාමක නොවී ධෛර්යය ඇතිකර ගන්න. අඩු ගණනේ විනාඩි දෙක තුනක් පමණවත් පතුල තදකර ගෙන සිටීමට එඩිතර විය යුතුයි. සිත දුර්වල මොළොක් අය ගල මත බවා පතුල රඳවා ගැනීමට, අන්‍යයකුගේ පිහිට ලබා ගත යුතුයි. භය වීමට හේතුවක් නැත. මොන විධියකින්වත් උහුලන්ට බැරි තරම් වේදනාව ඇතිවූ කල, පතුල ඉවතට ගන්න. ස්වල්ප වේලාවකින් වේදනාව නැතිව යයි. මේ පිළියම සන්ධ්‍යාවක ඇරඹීම වඩා මැනවි.
    පසුදින උදයේ ද මේ පිළියම මේ අයුරින් ම කරගන්න. හැබැයි, එ් දෙවෙනි වතාවේ ගල් මත තැබිය යුත්තේ කදුරු කොළ හයයි. එ්වා අලූත් කොළ විය යුතුයි. මේ විධියට එක එක වරුවේදී එක එක කොළය අඩු කරමින්, නො කඩවා වරු හතක්, මේ පිළියම කරන්න. හත්වෙනි වරුවේදී ගල මත තැබිය යුත්තේ එක කොළය බව දැන් කාටත් අවබෝධ වෙනවා ඇත. හැම විටම පාවිච්චි කළ යුත්තේ අලූත්ම කොළ බව සලකන්න. උෂ්ණය – ලූණු දියර – දිවි කදුරු කොළ යන මේවායේ එ්කාබද්ධ සහයෝගයෙන් ගල් තැලිම්බුව සුව විය හැක්කේ කෙසේද? යනු මඳක් සිතා බැලීමෙන් වටහා ගත හැක.
    මේ පිළියම අවසාන වී දවස් කීපයක් ගිය පසු ගල් තැල්ම පිහිටි තැන හම, ක‍්‍රමයේ දිරා ගැලවී ගොස්, අලූත් හමකින් පතුල ඔපවැටී තිබෙන බව දැක්ක හැකිය. එය ඉබේ නොදැනීම සිදුවෙනවා ඇත.
    මේ ප‍්‍රතිකර්මය වරුවක් දෙකක් කළ විට ගල්තැල්ම බුරුල් ගතියට හැරී සුව වී ඇති ආකාරයක් දැනේ. එහෙත් පෙර කී පරිදි වරු හතක්ම කළ යුතුය. කිසියම් හේතුවකින් වරුවක් දෙකක් මඟහැරී ගියත්, එයින් එතරම් පාඩුවක් නැත. එසේ අතරින් පතරවත් වරු හතක්, කොළ අඩුකරමින් කර ගන්න. ගල්තැල්ම රත් කළායින් පසු, එ් ගැන වෙන කිසිම සැලකිල්ලක් දැක්විය යුතු නොවේ. ඇවිදීම, මඩ පෑගීම, තෙමීම ආදියෙන් වළකින්ට වුවමනා නැත.
    කරගැටවලට

    මෝල් ගස්, උදලූ මිටි ආදිය නුහුරට අල්ලා පාවිච්චි කිරීමෙන් හා අල්ලේ ඇති මොළොක්කම නිසාද බොහෝ දෙනාගේ අල්ලේ ඇඟිලි මුල කරගැට සැදෙයි. මේ කරගැට ගැන සැලකිලිමත් නූණොත් බොහෝ බරපතළ ගෙඩි බවට පත්වේ. කරගැටය සෑදුණු අවස්ථාවේ හෝ වැඩි වී බලවත් වේදනාව දෙන අවස්ථාවේ හෝ ප‍්‍රතිකර්මය වරු කීපයක් කරන්න.
    දෙහි ගෙඩියක් දෙකට කපා, ඉන් බෑයක් ගෙන, කැපූ පැත්තේ (මූණතේ)පොල්තෙල් ගා පොලතෙල් පහන් සිළුවකින් රත්කර තවන්න. විනාඩි දෙක තුනක් වරින් වර රත් කරමින් තවන්න. වරු කීපයක් මේ ප‍්‍රතිකර්මය කරන්න. සුවවන තුරු අත්ල තැළෙන වැඩ නොකළ යුතුයි.

    ශරීරයේ කවර ස්ථානයක සෑදෙන තුවාල වණ ආදිය වූවත්, මේ අයුරින් තැවීමෙන් එ් තුවාල වණ ආදිය බරපතළ තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකියි. එ් තුවාලවලට කවර ඖෂධ යෙදුවත්, තුවාල සෝදා හමාර වී මෙසේ තවා පිරිසිදු රෙදි කැබෙල්ලකින් මනාව පිස දමා, පුරුදු බේත් තැබීම මැනවි. කරගැට හෝ තුවාල හෝ තැවිය යුත්තේ පොල්තෙල් ගා රත්කර ගත් දෙහි බෑයේ මූණතින් බව සලකන්න.
    තැලීම්වලට

    වැටීම් ආදියෙන් අත පය තැළී ඉදිමුණු කල මේ පිළියම කරන්න. මේ පිළියමෙන් කෙරෙන්නේ ඉදිමුම බැසීම පමණයි. තුවාල ආදිය තිබේ නම් මේ බේත් කර ඉදිමුමම අඩු වූවාට පස් එ්වාට සෑහෙන බේත් කරන්න.
    කතුරුපිල පැළෑටි සහමුලින් අමු කහ සහ ලූණු ස්වල්පයක් මිශ‍්‍ර කොට, වංගෙඩියක ලා මනාව කොටා මලවා යම්තම් රස්නය තිබෙද්දී ඉදිමී ඇති තැල්ම මත තබා බඳින්න. වරු තුනක් පමණ අලූතෙන් මෙය සාදා බඳින්න. මුල් දඬු හොඳට කෙටෙන සේ කොටා ගත යුතුයි. කතුරුපිල තරමක් උසට කනතු බිම්වල වැඩෙන මුරුංගා කොළ වැනි කුඩා කොළ ඇති පැළෑටි වර්ගයකි. කොළය මැදින් කැඩූ කළ දිග හරින ලද කතුරුක් සේ කොළය කැඞී පෙනෙයි.
    පණුගෙඩිවලට

    දත් ඇඳි ආශ‍්‍රයෙන් සැදෙන ගෙඩි හෝ පණුගෙඩිද බොහෝ විට බරපතළ වේදනා දෙන එ්වාය. මේ පිළියම කරන්න.
    අරළු – සාදික්කා – සුදුළුෑනු එක තරමට ගෙන නික කොළ ඉස්මෙන් අඹරා, එම ඉස්මට දිය කර කකාරා ගෙඩිය මත ගා එ් අවටද හොඳින් ගාන්න. වරුවක් පාසා සෝදා නැවත නැවත වරු හතක් පමණ ගාන්න. වරුවක් දෙකක් ගෑමේදී සුවය ලැබුණත් නොකඩවා වරු හතක් පමණ නොගෑවොත් යළිත් ටික දවසකින් ගෙඩිය මතුවිය හැක. උහුලන්ට පුළුවන්කම තිබේ නම් ගෙඩිය හොඳට මතුවූවාට පසු මේ බේත ගෑවොත්, ගෙඩිය ඉතා කුඩා වී යයි. නිකකොළ ඉස්ම හැකිතරම් වතුර අඩුවෙන් දමා ගත් තරමට ගුණය වැඩියි. හුඟක් නිකකොළ සපයා ගෙන වංගෙඩියක දමා කොටා උණු වතුර ඉතාම ස්වල්පයක් යොදා මිරිකා ගන්න.
    වීදුරුකටු

    වීදුරු කැබලි – බෙලි කටු බෙලෙක් කැබලි ආදියෙන් යටි පතුල් කැපුණ කළ, බෝඹු දණ්ඬේ සෙවෙල වුවද ගනු මැනවි. එහෙත් කැපීම ඇතිවූයේ මේ කියන වීදුරු කැබලි ආදියෙන් නම් පහත දක්වන පිළියම වඩා යෝග්‍යයි.
    ලූණු දියර හා දෙහි ඇඹුල් එක තරමට ගෙන වළඳක ලා, ළිප තබා හිඳෙන තුරු රත් කරගන්න. ඉස්ම හොඳටම හිඳීගෙන එන විට වළඳ පතුලේ ලූණු එක්වී තිබෙන බව පෙනෙයි. එ් ලූණුවලට පොල්තෙල් ස්වල්පයක් යොදා එ් සැණෙන්ම වළඳ ළිපෙන් ගෙන පතුරකින් හොඳට කලවම් කර මඳක් රස්නය තිබෙද්දීම තුවාලයට තබා පිරිසිදු රෙදි කැබැල්ලකින් බඳින්න. මේ බේත පරිස්සම් කර තබාගෙන වරු කීපයක් බඳින්න.
    දත්මුලේ වාතය

    මඳක් බුරුල් වූ දත් මුල්වලට වාතය එක් වී දෙන වේදනාව ද වාතය එක්වී දෙන වේදනාවද දැරිය හැක්කක් නොවේ.
    මේ පිළියම කරන්න :-
    නිකදලූ – සුදුළුෑනු – අමුඉඟුරු ස්වල්පය බැගින් එක තරමට ගෙන හොඳට අඹරා, කෙසෙල් දලූවක ඔතා උණු අළුවෙන් තම්බා ටික ටික දත් මුලේ තබා ගන්න. වේදනාව තුරන් වේ. මෙය තාවකාලික පිළියමක් පමණි.

    ඇහැටු පොත්තක් ගලවා ගෙන ඇතුළු පැත්ත දත් මුලට සිටින සේ කැබලි වශයෙන් තබා ගැනීමෙන් ඉවසීමට හැකි තරමින් වේදනාව අඩුවේ. මේවා දත් ගලවා දමන තුරු වේදනාව වළක්වා ගන්නා පිළියම් පමණයි. දත් ගැළවීමෙන් පසු ගෙඩි ආදිය සැදුණොත් නොබා පෙර සඳහන් කළ අරළු සාදික්කා ආදියෙන් දැක්වූ බේත කරන්න.
    ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961 වර්ෂයේ බක් මස පළ කළ ‘රසවාහිනී’ සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.
    ඞී. බී. ආර්. සමරනායක විසිනි
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    ඕව කරන්න එපා යකෝ. ගිහින් බෙහෙත් දාගනින් doctor කෙනෙක්ට පෙන්නලා.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    සිංහල බෙහෙත් වල අතුරු ආබාධ මොකුත් නෑ .. අත්දැකීමෙන් කියන්නේ.. මගේ කකුලේ මහපට ඇගිල්ල ගලක වැදිලා නියපොත්ත යටින් පැසවන්න ගත්තා.. සතියක් විතර ඉංග්‍රීසි බෙහෙත් කලා... අන්තිමට ඩොක්ටර් කිව්වා නියපොත්ත ගලවන්න වෙනවා කියලා.... අපේ අම්ම මුල් දවසෙම මට අත් බෙහෙතක් කිව්වා... මම ගනන් ගත්තේ නෑ.. පස්සේ ඩොක්ටර් නියපොත්ත ගලවන්න ඕන කිව්වා ම ඊට කලින් අම්මා කියපු දේ කරලා බලන එක හොඳයි කියලා හිතුන නිසා කරලා බැලුවා... දවස් 2න් හොඳටම හොඳ වුනා... සත්තයි..! බෙහෙත... වැට එඩරු දලු මිටක් පොඩිවෙන්න ලියලා පොඩි තාච්චියක් ලිපේ තියලා අර කොල මිට පොල් කිරෙන් මලවලා තුවාලය වැහෙන විදිහට දවස් 2ක් 3ක් බදින්න.. අත්දැකීමෙන් කියන්නේ.... මට සනීප වුනා..😃