අත්භූත ඔකිගහරා සියදිවි නසාගන්නන්ගේ වනාන&

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මරණය… බිඳෙන සුලු ජීවිතයට උචිත වූ මතකයන් ප්‍රදානය කර දීමක් වැනිය.

    කෙසේ වෙතත් ආත්මඝාතනය එසේත් නොමැතිනම් සියදිවිනසා ගැනීම සම්පුර්ණයෙන්ම පමණ ඉක්මවා සරල කොට දක්වන ස්වභාවිකත්වය නොවේ. නිරර්ථක හේතු වල උච්ච භාවය හේතුවෙන් සිදුකර ගන්නා දිවිනසා ගැනීම විෂයාත්මකව විරුද්ධ විය නොහැකි අන්තරජාතික තහංචියක නෂ්ඨාවශේෂ වැනිය.
    වසර සිය ගණනක් තිස්සේ ජපානය විවාදයෙන් තොරව සියදිවි නසා ගැනීම් වැඩිම ප්‍රමාණයක් සිදුවන රටක් ලෙස හැඳින්විය හැක. ජනතාව විසින් පිළිගනු ලබන සිද්ධාන්ත අනුව ආත්මඝාතනය යනු යම් සිදුවීමක වගකීම දැරීමේ උපක්‍රමයකි. නමුත් එය අපරදිග චාරිත්‍ර-වාරිත්‍ර වැඩිදියුණු වීමත් සමගින් සම්භාවණීයවූ ක්‍රියාවකට පටහැනි වූ අදහසක් ලෙස හැඳින්විය හැක. පෞරාණික සමුරායි වරුන්ගේ ‘සෙපුක්කු’ එසේත් නොමැති නම් ‘හරාකිරි’ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන උදරය කපාගෙන මිය යාම ජපානයේ ප්‍රචලිත සංස්කෘතික ක්‍රියාවක් විය.


    මේ අනුව ‘ඔකිගහරා’ වනාන්තරය මාධ්‍යය මගින් කරන ලද තොරතුරු අනුව ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට සමත් වී ඇත. පූජි කන්ද පාදක කරගෙන වර්ග කිලෝ මීටර් 35ක ප්‍රමාණයක් ඈතට දිව යන රූක්ෂ ගස් වලින් ආවරණය වූ ඝන වනාන්තරය භයානක අබිරහස් හැගීමක් මවා පායි.


    ජනප්‍රවාදයේ පවතින ජපන් මිත්‍යා කතාවල විශ්වාසයක් වන්නේ ‘යූරී’ හෙවත් කුපිතවූ භුතයෙකුගේ ආත්මය ‘ඔකිහාරා’ වනයේ සැරිසරන බවයි. වසර සිය ගණනක් තිස්සේ උයන්පල්ලාගේ සිට පර්යේෂකයන් ගේ දැනුවත්වීම් සහ ඉදිරිපත් කල කරුණු මත හෙළිවී ඇත්තේ නොයෙකුත් හේතූන් කරණකොටගෙන අප්‍රකට විශාල සංඛ්‍යාවක් දිවිනසා ගෙන ඇති බවයි. ඒ අනුව වසර 2010 දිවිනසාගැනීම් ප්‍රමාණය 54 බව සොයා ගෙන ඇත.


    පරීක්ෂණ වලින් ලද සලකුණු සහ ප්‍රකාශන සැලකිල්ලට ගනිද්දී විශේෂයෙන් අවධානයට යොමු වූ කරුණක් නම් ආගන්තුක දිවිනසා ගැනීම් බොහොමයක් උපකාර ඉල්ලීම්, ආයාචනා කිරීම්, බලාපොරත්තු වූ ප්‍රතිපල නොලැබීම ආදී හේතුන් දිවිනසා ගැනීම් වලට මුල් වී ඇති බවයි. එමෙන්ම වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසල දිවිනසාගත්තවුන් විසින් තබන ලද සිය උද්වේගකර සිතුවිලි ප්‍රකාශ කරන ලද නොයෙකුත් සටහන් හා සලකුණු හමුවී ඇත.


    තවත් සටහනක ප්‍රකාශනයක් අනුව සෑම වසරකම විශාල ආගන්තුකයන් පිරිසක් කඳවුරු බැඳගෙන ‘ඔකිගහරා’ වනයේ දින ගණන් ගත කරන බවයි. තවද මග සලකුණු ලෙසින් ගස් වල බැඳ ඇති වර්ණවත් පීත්ත පටි කඳවුරු බඳින්නන් හට සහ නිලධාරීන්ට අතරමං නොවී වනාන්තරයේ සැරිසැරීම සඳහා බලවත් පිටුවහලක් සපයනු ලැබේ.


    ‘Vice’ ආයතනය විසින් නිපදවන ලද ‘2012 documentary‘ ඔකිගහරා වනාන්තරය පිලිබඳ වාර්තා වැඩසටහන මගින් පීත්ත පට වලින් කියන ලද මං සලකුණු ඔස්සේ ඇවිද යමින් අතිශය ඛේදජනක දර්ශන පථයකට පිවිස ඒ පිලිබඳ තොරතුරු ලෝකයට පෙන්වා දෙන ලදී.


    මේ වන තුරුත් ඔකිගහරා වනයේ තොරතුරු අපේක්ෂා කරන තරමින් ලොව වෙත හෙළිදරවු වී ඇති ප්‍රමාණය මද වුවද ටිකෙන් ටික මාධ්‍යය විසින් ඒ පිලිබඳව ලෝකයා තුල කුහුලක් ඇති කිරීමට සමත් වී ඇත.


    වනාන්තරයේ ශුන්‍ය නිහඬ ස්වභාවයේ ප්‍රතිපලයක් ලෙසින් ඒ ගැන ජනතාව කෙරෙහි ඇති වන්නාවූ සැලකිල්ල විනාශ කිරීමට සමත් වී ඇත. වාර්ෂිකව ආසන්න වශයෙන් දිවි නසා ගැනීම් 80 පමණ වනාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, කෙතරම් මළ සිරුරු ප්‍රමාණයක් ඇස නොගැසී පවතිනවාද යන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් ගණනය කිරීමේ නොහැකියාවක්ද පවතී. වනාන්තරයක සුන්දරත්වය මෙන්ම සත්‍යය වශයෙන්ම භයානක තර්ජනයක් හා තැති ගැනීමට පත්කරවන කෘරත්වය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැත.


    නමුත් වාසනාවකට මෙන් වර්තමානයේ ජපාන රජය විසින් ” සියදිවි හානි කරගැනීම අභිමානයකි’ යන විශ්වාසය මුලිනුපුටා දැමීමත් හා සමගම දිවි නසාගැනීම් ද ටිකෙන් ටික අඩුවී යන බව වාර්තා වී ඇත.


    ‘The Truth inside of you’ ඇසුරෙනි.
    TFS:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප්
    Hondamplg සහෝදරයාත් මේක ගැනලිපියක් දාලා තිබ්බා වගේ මතකයි
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Good post
    Thanks for the share
    7160033.gif

    +Rep ;)
     
    • Like
    Reactions: lgask

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Film about this forest

    The Forest (2016) with Sinhala Subtitles | මහ වනයක අතරමංව…


    ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. මේක තිරගත වීම ආරම්භ වුනේ මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා ඇමරිකාවේදී. IMDb අගයනම් 4.9 ක් වගේ සාමාන්‍ය අගයක් තමා ගන්නේ. අගය අඩුවුණාට මේ ෆිලුමනම් සුපිරි.

    එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමුකො..

    මේ කතාව දිගහැරෙන්නේ ජෙස් සහ සාරා කියන නිවුන් සහෝදරියන් දෙදෙනා ගැනයි. ජෙස් කියන ඇය ජපානයේ මහා වනයක අතරමන් වෙලා ඇය සියදිවි හානිකරගත් බවට අගේ අනිත් සහෝදරියට ආරංචි වෙනවා. ඒත් ඇයට මේක විශ්වාස කරන්න බැරිවෙනවා. ඇය මේ ගැන හොයන්න ජපානෙට යනවා.ජපානේ ගොඩක් ඇය කියන්නේ ඒ කැලයට යන ඇය ගොඩක් සියදිවි නසාගන්න බවයි මොකද ඒ කැලේ භයානක දේවල් සිද්දවෙන නිසා. එහෙට ගිහින් අතරමන් වුනොත් ඔහුට හෝ ඇයට කවදාවත් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒත් සාරා කියන ඇය නොබියව මේ කැලේට යන්න තීරණය කරනවා අගේ නිවුන් සහෝදරියව හොයන්න.මේ ගමනට යන්න තව ඔහුට එයිඩන් කියලා මිතුරෙකුත් හම්බවෙනවා. ඒවගේම තව මිචී කියලා කැලය ගැන හොදින් දන්නා කෙනෙකුත් මේ ගමනට සහභාගී වෙනවා ජෙස්ව හොයන්න.

    ඉතින් මොවුන් කැලේට යනවා.කැලේට ගියහම සාරාට අමුත්තක් දැනෙනවා.ඒත් ඇය දිගටම යනවා.කොහොම කොහොමහරි දිගටම යනකොට ඔවුන්ට ජේස්ගේ කුඩාරම හම්බෙනවා. ඉතින් ඇය ආපහු මෙතනට එයි කියලා හිතන් ඉන්න සාරා එතන නවතින්න හදනවා. ඒත් මිචී නවතින්නේ නැහැ. ඔහ්ජු යනවා. ඒවගේම එයිඩන් ඇය සමග නවතිනවා.එතන ඉදන් තමා මේ කැලේ සිද්දවෙන දේවල් ආරම්භ වෙන්නේ. අමුතු සද්ද භය හිතෙන දේවල් සිද්දවෙනවා. ඉතින් ඔය කිව්වා හොදටෝම ඇති කියලා මට හිතේ.ඉතුරු ටික ඔයාලට බාරයි… මේක හොදට රදවිදින්න කියලා මම කියනවා..
     
    Last edited: