"අත්ලාන්තිසයෙන් නෙරපීම"
රොබට්. ඊ. හවර්ඩ් ගේ "Exile of Atlantis" නැමැති කෙටි කතාවේ පරිවර්තනයකි.
පරිවර්ථක: කසුන් ලියනගේ (Dark_Night_of_the_Soul)
-----------------
Book Cover
අත්ලාන්තිසයෙන් නෙරපීම
පලමු කොටස
හිරු බැසයමින් පැවතිනි. එහි කුණු ලේ පැහැති අවසන් දිස්නය භූමිය පුරා පැතිර තිබිනි. හිම විසිරුණු කදු මුදුන් මත, රුධිර ඔටුන්නක් තැබුවාක් මෙන් එහි ආලෝකය විසිරිලාය. දිනයේ අවසානය නරඹමින් සිටි මිනිසුන් තිදෙනා, සන්ධ්‍යාවේ මද සුළගෙහි ගැඹුරු සුගන්ධය ලය පුරා ආශ්වාශ කලෝය. එම සුළග පැන නැගුනේ ඈතින් තිබූ වානාන්තරයන් තුලිනි. මෙසේ උන් එම මිනිසුන් තිදෙනා, මද වේලාවකින් වඩාත් භෞතිකමය කටයුත්තක යෙදීමට සැරසුනෝය. එක් පුද්ගලයෙකු කුඩා ගිනිමැලයක් මත මුව මස් බදින්නට පටන්ගති. ඔහු දුම් දමන මාංශයට ඇගිල්ලක් තැබුයේ, අනතුරුව එය දිව ගා රස බැලූයේ කලාකරුවෙකු චිත්රයක රස බලන උරුවෙනි.
"කල්, කෑම ලෑස්තීයි -- ගෝර්-නා -- දැන් ඉතිං බුදිමු."
ඔහු යන්තමින් කොළු වසය පසු කල තරුණ මිනිසෙකු විය. උසැති වූ ඔහු සිහින් බදකින් යුතු වූ අතර, පුළුල් උරසකින් සමන්විත විය. හේ ගමන් කලේ දිවියෙකු චලනය වන්නාක් බදු ලාලිත්‍යයකිනි. ඔහුගේ සහචරයන්ගෙන් එකකු වඩාත් වැඩිමහළු අයෙකු වූයේය. මොහු බල සම්පන්න යෝධ සිරුරකින් යුතු, සිරුර පුරා මවිල් ඉහිරුනු මිනිසෙකු විය. ඔහුගේ මුහුන මත ප්රචණ්ඩ පෙනුමකි. අනෙකා මස් පිසූ තරුණයාට සමාන වසයකින් යුතු එකකු වූයේය. එකම වෙනස වූයේ ඔහු මුල් තැනැත්තාට වඩා මදකින් හැඩි දැඩි වීමත්, වඩාත් උසැති වීමත්ය. එමෙන්ම ඔහුගේ උරය වඩාත් ගැඹුරු වූ අතර, උරහිස් වඩාත් පලල් වූයේය. ඔහු අනෙක් තරුණයාට වඩා කඩවසම් සහ බල සම්පන්න සෛය්යාවකින් යුතු විය. ඔහුගේ දිගැති සහ සුමුදු මාංශ පේශීන් තුල, හදිසි ක්රියාකාරීත්වයකට අවැසි වේගයක් සැගවී ඇත්තක් මෙන් දිස්විනි.
"බොහොම හොදා," හේ කීයේය, "මට බඩගිනියි."
"උඹට බඩගිනි නැති වෙලාවක් තියේද?" අනෙක් තරුණය විසිළු කරමින් සිනාසුනි.
"හටන් කරනකොට මට බඩගිනි නෑ," කල් පිලිතුරු දුන්නේ බරපතල ලීලාවකිනි.
අනෙකා කල් දෙස බැලුවේ ඔහුගේ සිතුවිලි ගැඹුරෙහි සැගවී ඇති යමක් වටහා ගැනීමට මෙනි. ඔහුට තම මිතුරා පිලිබදව ස්ථීර වූ විශ්වාසයක් තිබුනේ නැත.
"එතකොට උඹට තියෙන්නෙ ලේ බඩගින්න වෙන්ඩැ," වැඩිමහළු මිනිසා හරස් කැපීය. "අම්-රා, උඹේ වල් පල් විහිළු නවත්තලා ඔය මස් ටික අපට කපලා දියන්"
රාත්‍රිය නැගී එන්නට විය. එහෙත් තාරකාවන් ඇසි පිය ගසා නොපෙනී යන්නට විය. සන්ධ්‍යා සුළග අන්ධකාර කදු ප්‍රාන්තය පිස දමිමින් හමා ගියේය. හදිසියේම ඉතා ඈතින් ව්යාග්රයකුගේ ගර්ජනාවක් පැන නැගිනි. ගොර්-නා තමා අසල වැතිර තිබූ ගිනි-ගල් තුඩක් සහිත හෙල්ලය දෙසට චලනය වූයේ සහජාසයානුගතවය. කල් තම හිස හැරවූ අතර, ඔහුගේ අළුවන් ශීතල දෑස් තුල කිසියම් අසාමාන්‍ය වූ අලෝකයක් නිවි නිවී දැල් වුනේය.
"අපේ ඉරි-සහෝදරවරු අද රෑට දඩයමට ලෑස්ති වෙනවා." හේ කීයේය.
"උන් අර පායන හදට වන්දනා කරනවා." අම්-රා පෙරදිග දිශාව පෙන්වූ අතර, එතැන අකාශයෙහි රතුවන් දිස්නයක් මතුවී එන බව සහතිකවම පෙනී ගියේය.
"ඒ මොක?" කල් විමසුවේය.
"හද උන්ට උන්ගේ ගොදුරු සහ උන්ගේ හතුරෝ පෙන්නුම් කරලා දෙනවා."
"එක පාරක්, අවුරුදු සිය ගානකට උඩදී," ගොර්-නා පැවසීය, "දඩයක්කාරයෝ වගයක් රජ කොටියෙකු පිටිපස්සේ එලෙවුවා. කොටියා හදේ ඉන්න ස්ත්‍රී පරානෙට කෑ ගහලා කථා කරා. එතකොට ඒ ගෑණු පරානේ, හදේ ඉදන් පහලට වැලක් වීසි කලා. ඌ ඒ වැල දිගේ කරදරයක් නැතුව හදට නැගලා, අවුරුදු ගානක් හදේ වාසේ කලා. එදා ඉදන් හැම ඉරි-මිනිහෙක්ම හදට වන්දනා කරනවා"
"මල විකාර" කල් එකවරම කියා දැම්මේය. "ඉරි-මිනිස්සු මොකද එච්චර කාලෙකට උඩදී තමන්ගේම එකෙක්ව මරන්ඩ උපකාර කරපු හදව වදින්නේ? හොගක් කොටියෝ මාරක ගල නැගලා දඩයක්කාරයින්ගෙන් බේරිලා ගිහිං තියෙනවා. ඒත් උං ඒ ගලට වදින් නෑ නෙව. උං කොහොමද ඕච්චර කාලෙකට කලිං සිද්ද වුනයි කියන ඔය හදේ හුටපටේ ඇත්තක්ද කියලා දන්නේ?"
------
මතු සම්බන්ධයි...

Last edited: