අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

max4uall

Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    katha karanna deyak na banzz..aththatama dukai.. anthimata mehemath una.. me rate me wenakan marichcha minissu wasanawanthai.api mewa dakinna ithuru una...kiyanna thiyenne machcharai.. " ubalage aramunu ishta karaganna ahinsaka minissu nomara maranna epa"..
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    පහරදීමට එරෙහිව අදහස් දැක්වූ හිමි නමක් සහ එයට එරෙහිවූ අයෙක් අත්අඩංගුවට දේශීය 2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 17:30
    maharagamapm.jpg
    මහරගම පැවැත්වීමට සූදානම්වූ විරෝධතාවට පොලීසිය සහ මැරයින් එකතුවී පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසිය කටයුතු කර තිබේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පොලීසියට දුන් නියෝගයකට අනුව බව එහි සිටින අප වාර්තාකරු පවසයි.


    උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පුද්ගලයෙක් ඊට විරෝධය දක්වා ඇති අතර පොලීසිය ඔහුට ඉතා අමානුෂික ලෙස පහරදී තිබේ. එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ටද පොලීසිය ඉතා පහත් වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිබේ. අවසානයේ විරෝධය පළ කළ පුද්ගලයාද ස්වාමීන් වහන්සේ සමග අත්අඩංගුවට ගත් බව වාර්තාකරු වැඩිදුරටත් පවසයි.

    maharagama11.jpg


    maharagama10.jpg


     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මහරගම විරෝධතාවට පොලීසිය මැරයෝ සමඟ එකතුවී පහර දෙයි - මාධ්‍යවේදීන්ටත් පහරදීලා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 17:11
    maharagamap.jpg
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද මහරගම නගරයේපැවැත්වූ විරෝධතාව ආණ්ඩුවේ මැර පිරිසක් සහ පොලීසිය එක්ව ඉතා අමානුෂික ලෙස පහරදී විසුරුවා හැරියහ.


    අද පස්වරු 5.00ට පමණ මෙම විරෝධතාව ආරම්භ කිරීමට සැරසෙනවාත් සමගමආණ්ඩුවේ මැර කණ්ඩායමක් පැමිණ විරෝධතාකරුවන්ට පහරදුන් අතර ඒ සමග පොලීසියසහ කැරලි මර්ධන පොලීසියද ඔවුන් සමග එක්ව විරෝධතාකරුවන්ට කදුළු ගෑස් , අධිවේග ජල ප්‍රහාරසහ බැටන් ප්‍රහාර එල්ල කලහ. අනතුරුව එම ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීසුනිල් හදුන්නෙත්ති මහතා පැමිණ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටඋත්සාහ දැරූ අතර ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයා ඉලක්කකරගෙනද අධිවේග ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    පහරදීමට විරෝධය පළ කළ ස්වාමීන් වහන්සේ නමක්ද ඉතා නින්දිත ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය. එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළ උද්ඝෝෂකයකුටද පොලීසිය ඉතා අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගත්තේය.

    මේ සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකළේ සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ වීම විශේෂයකි. ඔවුන් දෙදෙනා උද්ඝෝෂකයින්ට පහර දෙන ආකාරයද අප කැමරා කාචයේ සටහන්ව තිබේ.

    මෙම අවස්ථාව ආවරණයකළ මාධ්‍යවේදීන්ටද පොලීසිය තර්ජනය කර ඇති අතර ලක්බිම පුවත්පතේ කැමරා ශිල්පියාට පොලිස් නිලධාරියකු පහරදෙන ආකාරය අප කැමරා කාචයේ සටහන්ව තිබේ.

    විරෝධතාවයට පැමිණි බියගම සූසීල ස්වාමීන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    maharagama02.jpg

    maharagama15.jpg

    01.jpg

    maharagama11.jpg

    maharagama10.jpg

    maharagama12.jpg

    maharagama13.jpg

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    topic eka nam machan hariyatama hari
    eka dan rate minissu hokkoma wage dannawa
    ekai me anduwa baya wela natanne
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මෙතුමා සුදනා, එතුමා දුදනා කියල හිතාගෙන මේව විග්‍රහ කරන්න යන්න බැහැ.

    සිවුරක් දමාගත් කෙනෙකුට මෙන්ම අනෙක් සිවිල් වැසියන්ද සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටියේනම්, වෙනත් කිසිවෙකුට හෝ මහමග යන වාහනවලට බාධා නොපැමිණවුයේනම් මෙලෙස පහර දීම වැරදියි.
    හාමුදුරුකෙනෙක්නම් ඇත්තටම ඔය පුද්ගලයා, තමුන් සිවුරු පෙරෙව්වේ කුමක් උදෙසාද කියල කල්පනා කරල, ඒ අරමුණ වෙනුවෙන් කැප වී සිටියානම් ඉවරයි. රටේ දේශපාලනයට ඔය තරමට මැදිහත් වීමට අවශ්‍යනම් සිවුරු හැර ගිහි විය යුතුයි. මේක හෙළ උරුමයේ භික්ෂූන්වහන්සේලාටත් දේශපාලන උණ ගැණුනු අනික් භික්ෂූන්වහන්සේලාටත් පොදුයි.
    අනික් අතින් කා වෙනුවෙන්ද මේ කෑ ගහන්නෙ? සරත් ෆොන්සේකා යුද්ධය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ බවට විවාදයක් නැහැ. නමුත් පහුගිය දිනවල ඔහු බීබීසියටත් කළ තිබුණු ප්‍රකාශය අරන් බැලුවම, මොකක්ද ඔහු ගැන හිතා ගන්න තියෙන්නෙ? ඔහුට ඕනෙ විදිහට නටන්න ඉඩ ඇරියනම් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු එතුමාගේ සේනාංකයට මොකද වෙන්නෙ? යුද ජයග්‍රහණයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කළ අයට වඩා ශවේන්ද්‍ර සිල්වා ඒ ජයග්‍රහණය සඳහා වෙහෙසුණා. අනික යුද හමුදාපති වෙලා හිටි පුද්ගලයා තමන්ට පහළින් හිටි නිලධාරීන් ගැන ජාත්‍යන්තර අධිකරණවලදී සාක්ෂි දීමට ඉදිරිපත් වෙනවා කියන එකේ තේරුම, එක්කෝ ඔහුට සිය හමුදාව පාලනය කර ගත නොහැකි වූ බව; නැත්නම් ඔහුත් මේවාට සම්බන්ධ බව. ඔහුත් ඊනියා යුධ අපරාධවලට සම්බන්ධ බව තමයි වඩාත් පිළිගත හැකි දෙය.
    ඔහොම සාක්ෂි දුන්නානම් රටේ ඉදිරිය කොහොමද? හමුදාව කියන්නෙ තනිකරම ඉහළ නිලධාරීන්ට කීකරු වීම මත දුවන ඒකකයක්. ඉහළ නිලධාරීන් කෙරෙහි පහළ පන්තිවල අයගෙ විශ්වාසය කඩ වුණොත් හමුදාවක් ලෙස ක්‍රියා කළ හැකිද? ඔවුන් අණ පිළිපදින එකක් නැහැ; මොකද, කොයි වෙලේ අණ දෙන නිලධාරිය අණ පිළි පැද්ද තමාව පාවල දෙයිද නොදන්න නිසා.
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්
    :lol::lol::lol::lol::lol::lol:
    Muta pissu q we Nikanda
    :lol::lol::lol::lol::lol::lol:
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    JVP karayo hamuduruwarunta karapuawath apita hodata mathakaaaaaaai
    UNP ekath issara hodata dane dunna
    dan wage nemi hoya hoya gihin dane dunne............
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    JVP karayo hamuduruwarunta karapuawath apita hodata mathakaaaaaaai
    UNP ekath issara hodata dane dunna
    dan wage nemi hoya hoya gihin dane dunne............

    ඔව්, 88-89 කාලෙ පුදුම ගෞරවයකින් සිවුරට සැලකුවෙ.