මෙතුමා සුදනා, එතුමා දුදනා කියල හිතාගෙන මේව විග්‍රහ කරන්න යන්න බැහැ.
සිවුරක් දමාගත් කෙනෙකුට මෙන්ම අනෙක් සිවිල් වැසියන්ද සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටියේනම්, වෙනත් කිසිවෙකුට හෝ මහමග යන වාහනවලට බාධා නොපැමිණවුයේනම් මෙලෙස පහර දීම වැරදියි.
හාමුදුරුකෙනෙක්නම් ඇත්තටම ඔය පුද්ගලයා, තමුන් සිවුරු පෙරෙව්වේ කුමක් උදෙසාද කියල කල්පනා කරල, ඒ අරමුණ වෙනුවෙන් කැප වී සිටියානම් ඉවරයි. රටේ දේශපාලනයට ඔය තරමට මැදිහත් වීමට අවශ්‍යනම් සිවුරු හැර ගිහි විය යුතුයි. මේක හෙළ උරුමයේ භික්ෂූන්වහන්සේලාටත් දේශපාලන උණ ගැණුනු අනික් භික්ෂූන්වහන්සේලාටත් පොදුයි.
අනික් අතින් කා වෙනුවෙන්ද මේ කෑ ගහන්නෙ? සරත් ෆොන්සේකා යුද්ධය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ බවට විවාදයක් නැහැ. නමුත් පහුගිය දිනවල ඔහු බීබීසියටත් කළ තිබුණු ප්‍රකාශය අරන් බැලුවම, මොකක්ද ඔහු ගැන හිතා ගන්න තියෙන්නෙ? ඔහුට ඕනෙ විදිහට නටන්න ඉඩ ඇරියනම් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු එතුමාගේ සේනාංකයට මොකද වෙන්නෙ? යුද ජයග්‍රහණයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කළ අයට වඩා ශවේන්ද්‍ර සිල්වා ඒ ජයග්‍රහණය සඳහා වෙහෙසුණා. අනික යුද හමුදාපති වෙලා හිටි පුද්ගලයා තමන්ට පහළින් හිටි නිලධාරීන් ගැන ජාත්‍යන්තර අධිකරණවලදී සාක්ෂි දීමට ඉදිරිපත් වෙනවා කියන එකේ තේරුම, එක්කෝ ඔහුට සිය හමුදාව පාලනය කර ගත නොහැකි වූ බව; නැත්නම් ඔහුත් මේවාට සම්බන්ධ බව. ඔහුත් ඊනියා යුධ අපරාධවලට සම්බන්ධ බව තමයි වඩාත් පිළිගත හැකි දෙය.
ඔහොම සාක්ෂි දුන්නානම් රටේ ඉදිරිය කොහොමද? හමුදාව කියන්නෙ තනිකරම ඉහළ නිලධාරීන්ට කීකරු වීම මත දුවන ඒකකයක්. ඉහළ නිලධාරීන් කෙරෙහි පහළ පන්තිවල අයගෙ විශ්වාසය කඩ වුණොත් හමුදාවක් ලෙස ක්‍රියා කළ හැකිද? ඔවුන් අණ පිළිපදින එකක් නැහැ; මොකද, කොයි වෙලේ අණ දෙන නිලධාරිය අණ පිළි පැද්ද තමාව පාවල දෙයිද නොදන්න නිසා.